ප්‍රේක්ෂකාගාරයම සිනා සාගරයක ගිල්ලූ පොඩිත්තාගේ අපූරු නර්තනය මෙන්න

ප්‍රේක්ෂකාගාරයම සිනා සාගරයක ගිල්ලූ පොඩිත්තාගේ අපූරු නර්තනය මෙන්න ඔයාලත් බලන්නකෝ ඇත්තටම හිනා යනවා දාන ඩාන්ස් දැක්කම

උපාසක උන්දලා වගේ හිටියට මිනිසුන් පවා මරා දැමිය හැකි ලොව සිටින භයානක සතුන් මෙන්න

ඔබ මේ වීඩියෝව නරබන්නේ කොයි තරම් කුතුහලයකින්ද කියා අප දන්නවා.මන්දයත් මතුපිටින් අහිංසක යයි පෙනුනත් එහි සැබෑ ස්වරුපය කුමක්දැයි කියා දැන ගැනීමට ඔබ නොඉවසිල්ලෙනුයි සිටින්නේ.

එම නිසාම වැඩි විස්තර පසුවට තබාගෙන මේ ඔබට කියන්නට යන්නේ බැලූ බැල්මට අහිංසක ලෙස පෙනුනත් ඔබට මරු කැඳවීමට තරම් භයානක සතුන් 10 දෙනෙකු ගැනයි. ඔයාලත් බලන්නකෝ එහෙමනම් පහත විදියෝවෙන් මොකක්ද මේ  සත්ත් මෙච්චර දරුණු කියලා

වෙඩි ප‍්‍රහාරයේ ලෝහ කැබලි තවමත් කකුලේ MRI පරික්ෂණ නෑ ක‍්‍රිකට් වෙනුවෙන් සැත්කම කල්දාලා

ධරම්සාලා නුවර හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ තරගයක් අහිමි කර ගැනීමට කැමති වන්නේ කවුද? මෙහි පුහුණු සැසියක් හෝ මග හරින්නට කැමති ක්‍රීඩකයකු සොයා ගත නොහැක. හිමාල කඳු වැටියට මායිම්ව පිහිට ඇති මෙම මනරම් ක්‍රීඩාංගණයට පැමිනෙන්නේ ක්‍රීඩාලෝලීන් පමණක් නොවේ. ක්‍රීඩාංගණයේ සුන්දරත්වය දැක ගැනීමට පමණක් සංචාරකයන් මෙහි පැමිණෙන අතර හිමාල කඳු වැටියේ පියගැටි ඔස්සේ ඉදි කර තිබෙන එහි පුහුණු තණතීරු පවා ඇසට රසඳුනකි.

දූෂණයෙන් අගතැන්පත් දිල්ලි නගරයේ දින ගණනාවක් පුරා ආඝ්‍රාණය කළ විෂ මුසු වාතයේ බලපෑම සුරංග ලක්මාල්ගේ සිරුර තුල ක්‍රියාත්මක වීම හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ නැවුම් වාතයෙන් පවා පහව ගොස් තිබුණේ නැත. සිකුරාදා දිනය පුරාවට වමනය කරමින් අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහුට සෙනසුරාදා පුහුණු සැසිය පවා මග හරින්නට සිදු විය. කෙසේ වෙතත් තරගය දින උදෑසන වන විට යන්තමින් ශරීර සෞඛ්‍ය යහපත් අතට පත්වීමත් සමඟ කණ්ඩායමට ඇතුළත් වූ සුරංග පස්ස බැලුවේ සිහිනයක් බඳු පන්දු වාර 10ක් ක්‍රියාත්මක කිරීමෙන් පසුවයි.

ඉන්දියාව සමඟ පළමු එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසුණේ නොකඩවා ලද එක්දින පරාජයන් 12ක අමිහිරි මතකයත් සමඟයි. එබැවින් සීමිත පන්දු වාර පිටියේ අපලය ගෙවා දැමීමට නම් විශිෂ්ට ඝනයේ පන්දු යැවීමක් අවශ්‍යව තිබූ අතර ගැටලුවට පිළිතුරු දෙන්නට අත එසවූයේ අන් කවරෙකුත් නොව සුරංග ලක්මාල් නම් සටන්කාමියායි.

හිමාලයා අන්තයෙන් තරගයේ පළමු පන්දුව යැවීමට නව යෞවනයෙක් මෙන් දිව ආ මේ 30 හැවිරිදි ක්‍රීඩකයා තම පන්දු වාර 10 විවේකයකින් තොරව ක්‍රියාත්මක කරන්නට සමත් වූ අතර අවසන් වරට විනිසුරුගෙන් තම හිස්වැසුම ලබා ගන්නා විට සුරංග තම හොඳම එක්දින පන්දු යැවීමේ වාර්තාව අලුත් කර ගෙන සිටියේ ලකුණු 13කට කඩුලු 4ක් ලෙසයි. ඉන් පන්දු වාර 4ක් ම නොඉඳුල් පන්දු වාර ලෙස සටහන් වී තිබුණි.

අනෙක් අන්තයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ නුවන් ප්‍රදීප් සුරංගට අනගි සහයක් ලබා දුන් අතර, වරෙක ඉන්දීය ලකුණු පුවරුව සටහන් වුනේ ලකුණු 29ට කඩුල් 7ක් ලෙසයි.

”පසුගිය වසර දෙකක කාලය තුල මම ඉතා මහන්සි වුනා. පුහුණු කාර්ය මණ්ඩලයත් මා වෙනුවෙන් ලොකු උත්සාහයක් දැරුවා. පසුගිය දින කිහිපය තුල මගේ සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාව හොඳ මට්ටමක තිබුණා.” තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමෙන් පසු සුරංග ලක්මාල් පැවසීය.

කාලයත් සමඟ ලක්මාල්ගේ පන්දුවේ වේගය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. ඔහුට මේ වන විට පැයට කිලෝ මීටර් 135ක වේගයක් පවත්වා ගෙන යාමට ද අපහසුය. නමුත් ඔහු පන්දුව දෝලනය කරනා ශාස්ත්‍රය මනාව ප්‍රගුණ කර ඇති අතර වේගය වෙනස් වන තණ තීරු වල දී ලක්මාල් අතිශයින් සාර්ථක අවියකි. ඉරිදා දිනයේ දී ඔහුගෙන් යොමු වූ දුර්වල පන්දුවක් සොයා ගැනීම ඉතා අපහසු වූ අතර එමගින් පිතිකරුවන් හට පහර තෝරා බේරා ගැනීමට නොහැකි තරමේ දෙගිඩියාවක් ඇති කරන්නට ඔහු සමත් විය. සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ උන් හිටි තැන් අමතක වූ 22,000ක් පමණ ක්‍රීඩාලෝලීන් හට ඔවුන් සිටින්නේ ඉන්දියාව ක්‍රීඩා කරන ක්‍රිකට් තරගයක් පැවැත්වෙන ක්‍රීඩාංගණයක බව සිහිපත් කරන්නට සමත් වුනේ පසු පෙළ පිතිකරුවන් සමඟ අගනා පිතිහරඹයක නිරත වූ මහේන්ද්‍ර සිං දෝනි පමණකි.

වසර අටක ක්‍රිකට් අත්දැකීම් සමග පරිණත වෙමින් සිටින සුරංග ලක්මාල්, පිතිකරණ පාරාදීස තුළ ටොන් ගණනින් ලකුණු රැස් කරන පිතිකරුවන් හට පන්දුවේ බලය පෙන්වීමට සමත් විය. කගීසෝ රබාඩා, ඩේල් ස්ටෙයින් සහ ඩුආන් ඔලිවියර් සුරංග ලක්මාල්ගේ පන්දු යැවීම දෙස නෙත් යොමා සිටියා නම්, ඔවුන් මේ වන විටත් ඉන්දියානුවන්ගේ පැමිණීම තෙක් ඇඟිලි ගනිමින් පසුවනු නොඅනුමානය. ධරම්සාලා තණ තීරුව වේගපන්දු යවන්නන් හට දෝලනය සඳහා උපකාරී වුවද එහි පන්දුවේ ඉපිලීම දක්නට ලැබුණේ නැත. නමුත් දකුණු අප්‍රිකාව දුර්වල හදවත් ඇත්තන් සඳහා කෙලි බිමක් නොවන්නේ නිවුලන්ඩ්ස්, සෙන්චූරියන් සහ වොන්ඩරස් යන ක්‍රීඩාංගණ ඉපිලීම සහ දෝලනය නොඅඩුව ලබා දීමට සමත් හෙයිනි.

මුහුදු මට්ටමෙන් අඩි 4000කට වැඩි උසකින්, කඳු වළල්ලකින් වට වූ ස්ථානයක පිහිටා ඇති ධරම්සාලා ක්‍රීඩාංගණය දැකුම්කළු වන්නේ කෙසේ ද, එලෙසම සුරංග ලක්මාල්ගේ පන්දු යැවීම ද නෙතට රසඳුනක් මෙන් විය. චමින්ද වාස්ගෙන් පසු මෙතරම් පාලනයකින් පන්දු යවන ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණිය තුල දකින්න ලැබුණේ නැත.

ලක්මාල් ඉනිමක දී කඩුලු 4ක් දවා ගත් 3 වන අවස්ථාව මෙය වන අතර කඩුලු 5 කඩ ඉම ඔහුට මග හැරීම අවාසනාවක් විය. එමෙන්ම අතලොස්සක් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සම්පූර්ණ කළ එක්දින කඩුලු 100 සන්ධිස්ථානය සඳහා ඔහුට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 6ක් පමණි.

2009 වසරේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟ සිදු කළ දකුණු අප්‍රිකා සංචාරයේ දී ඉස්මතු වූ තරුණ දක්ෂයෙකු වන සුරංග ලක්මාල්, එවක එම කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් ඉහළින්ම වර්ගීකරණය කළ ක්‍රීඩකයෙකි. නිල නොවන ටෙස්ට් තරගාවලිය යන්තමින් පරාජය වී, එක්දින තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගැනීමෙන් පසු හතුරුසිංහගේ පැසසුමට ලක් වූ ලක්මාල්, මැතිව්ස් සහ තරංග පරණවිතාන ජාතික කණ්ඩායමට පැමිණීම වේගවත් වූ අතර ඔවුන් අඩු වැඩි වශයෙන් එම තෝරා ගැනීම් සාධාරණීකරණය කිරීමට සමත් විය.

ලක්මාල් පසු පස අවාසනාව හඹා ආවේ ද වරක් දෙවරක් නොවේ. 2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් වැඩිම බලපෑමකට ලක්වූ ක්‍රීඩකයන් අතර ලක්මාල් ද සිටියි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමත් සමඟ කළ පළමු සංචාරයේ මුහුණ දුන් එම සිදුවීමේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයේ ලෝහ කැබලි තවමත් ඔහුගේ පාදය තුළ තිබේ. ඒවා ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදු කළ යුතු වුවත්, ලක්මාල් එය තම ක්‍රීඩාවෙන් සමු ගැනීම තෙක් කල් දමා තිබෙන්නේ සැත්කමකින් පසු විශාල කාලයක් ක්‍රිකට් අහිමි වීම හේතුවෙනුයි.

නමුත් එමගින් ද ඔහුට මුහුණ දීමට සිදුව ඇති ගැටලු රැසකි. සෑම ගුවන් තොටුපොලක දී ම ආරක්ෂක අංශ විසින් ඔහුව නවත්වනු ලබන්නේ ලෝහ හඳුනා ගැනීමේ යන්ත්‍ර සුරංග ලක්මාල් ඒ තුලින් ගමන් කිරීමේ දී අනතුරු ඇඟවීම් නිකුත් කිරීම හේතුවෙනි. එමනිසා සෑමවිටම කණ්ඩායම් කළමනාකරු හට ලක්මාල්ගේ වෛද්‍ය සත්කාර ද සමඟ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කිරීමට සිදු වේ. එමෙන්ම කිසිදු අවස්ථාවක ඔහුට MRI ස්කෑන් පරීක්ෂාවක් කර ගත නොහැක්කේ සිරුර තුළ ලෝහ කැබලි පවතින විට දැවැන්ත කාන්දම් බලයකින් ක්‍රියාත්මක වන එම ස්කෑන් යන්ත්‍රයෙන් නිසි ප්‍රතිඵල නොලැබීම නිසාවෙනි.

ලක්මාල් මේ වසර තුළ සියලු ආකාරයේ තරගවල පෙරළිකාරයෙක් වූ නමුත් ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා පිටත්ව ගියේ තම ටෙස්ට් සමු ගැනීම පිළිබඳවත් සිතා බැලීමට සිදු වූ පරිසරයකයි. කෙසේ වෙතත් ඔහුගේ කඩුලු නියඟයට හේතුව ඔහුගේ දක්ෂතා හිඟකම පමණක් නොවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ලක්මාල්ට කඩුලු මෙන්ම කඩුලු 5ක් ලබා ගැනීම වැනි කඩඉම් ද අහිමි කළ බව කිව මනා ය.

මේ වසර තුළ විශිෂ්ට ඝනයේ පන්දු යැවීම් කිහිපයක්ම ප්‍රදර්ශනය කළ ලක්මාල්, කේප් ටවුන්, කල්කටා, ඩුබායි හෝ ධරම්සාලා වැනි විවිධාකාරයේ ක්‍රීඩාංගණ රැසක් තුළ තම සටන්කාමීත්වය නොවෙනස්ව ප්‍රදර්ශනය කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ වෙත යා හැකි මාර්ග වෙත ද ප්‍රවිෂ්ට කරවමිනි.

නිසි ශාරීරික යෝග්‍යතාව පවත්වා ගෙන යාමට ඔහුට හැකි වුවහොත්, සුරංග ලක්මාල්ගේ දක්ෂතාවල කූටප්‍රාප්තිය ඉදිරියේ දී දැක ගැනීමට ලබෙන බව සක් සුදක් සේ පැහැදිලිය.

”තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ සුරංග ලක්මාල්. ”සීමිත පන්දු වාර තරගවල දී කණ්ඩායම ඉතා ගැටලුකාරී ස්ථානයක පසු වුනා. අපි තරග 12ක් නොකඩවා පරාජය වෙද්දී වරෙක අපේ ලෝක කුසලාන සහභාගීත්වය පවා අවිනිශ්චිත තැනක තිබුණේ. මෙම තරගාවලියේ ඉදිරියට පැමිණීම ඉතා සතුටුදායක දස්කමක්. අපි හොඳින් පුහුණුවීම් කළා. අපේ සැලසුම් ඉතාම හොඳ මට්ටමේ තිබුණු අතර ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කරන්නටත් හැකි වුනා.”

ලක්මාල් පළමු එක්දින තරගය සඳහා සහභාගී වීම ද අවිනිශ්චිත වී තිබු අතර දිල්ලි නගරයේ අපිරිසිදු වාතය ඔහුගේ සිරුර දුර්වල කර තිබුණි. අතිශයින් සංවාදයට බඳුන් වූ එම මාතෘකාව පිළිබඳ ලක්මාල් මෙලෙස අදහස් පල කරන ලදි. ”දිල්ලි තරගයෙන් පස්සේ මම අසනීප තත්ත්වයෙන් පසු වුනේ අදත් මට කිහිප වතාවක්ම වමනය කිරීමට සිදු වුනා. එවැනි තත්ත්වයක් යටතේ මම කිසි දිනෙක ක්‍රීඩා කර නැහැ,. මම වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටත් මුහුණ දුන්නා, නමුත් මම හිටියේ 100% යහපත් සෞඛ්‍ය තත්ත්වයක නෙවෙයි. කණ්ඩායමේ සියලු දෙනා මාව උනන්දු කළා තරගය ක්‍රීඩා කරන්න, මටත් උවමනාව තිබුණේ ක්‍රීඩා කිරීමටයි. මම සතුටු වෙනවා අවසානයේ ලැබුණු ප්‍රතිඵලය ගැන.”

”ඉන්දියාව ඉතා ප්‍රබල කණ්ඩායමක්. ඔවුන් එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන ස්ථානයේ පසුවන්නේ. අද මාත් සමඟ නව පන්දුව භාර ගත් මැතිව්ස් සමඟ මම කතා වුනේ, නිසි ඉලක්කයට පන්දු යවමු කියලයි. අපි දැනගෙන හිටියා තණතීරුව අපිට සහය වන බව. සැලසුම් කළ ලෙසටම අපිට කඩුලු කිහිපයක් ලැබුණා. අනෙක් පන්දු යවන්නන් සියලු දෙනා ද අපිට සහය වූ නිසා අපිට හැකි වුනා ඉන්දීය කණ්ඩායම ලකුණු 112කට සීමා කරන්නට.” ජයග්‍රහණ ඉඩෝරයකින් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ තොල් වියලුණු පිපාසයට දිය පොදක් වූ සුරංග ලක්මාල් අවසන් වශයෙන් පැවසීය.

ද පපරේ ඇසුරෙනි

මම මුලින්ම මහපාරෙ ඇන්ටනා විකුණුවා කූඹියෝ හදපු වැඩකාරයාගේ මතක ආවර්ජනය ඔබත් දැනගන්න

ලක්මාල්… කියමුකෝ… ඔයාගේ ගම්පළාත සහ ළමාකාලය කොහොමද… ගෙවුනේ…?

මම අද කොළඹ ජීවත් වුණාට කොළඹ ඉඳන් කිලෝමීටර් 260 ක් දුරින් තියෙන ගල්ගමුව මීගලෑව කියන ප්‍රදේශයේ තමයි මුලින්ම ජීවත්වුණේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. තාත්තා විදුහල්පතිවරයෙක් විදිහට ජීවිතේ අවසන් කාලයේදීත් සේවය කළා. මට ඉන්නේ මල්ලියි, නංගියි විතරයි. මම A/L පන්තියේදි මගේ තාත්තා ජීවිතේ ඇතිවුණු යම් යම් හේතුන් නිසා සියදිවි හානි කරගත්තා.

* තාත්තා නැතිවුණාම ජීවිතේ බර ලක්මාල්ට වැඩිමලා හැටියට නිතැතින්ම ලැබුණා…? එහෙමනේද?

ඔව්… මම A/L වලට කළේ විද්‍යාව. පුංචිකාලයේ ඉඳන් මගේ ලොකුම ආසාව වුණේ දොස්තර කෙනෙක් වෙන්නයි. ඒත් මට මගේ හීනයට යන්න බැරිවුණා. විශ්ව විද්‍යාලයට යන්න මට දශම ගාණක් මදිවුණා. මගේ අම්මත් ගුරුවරියක්. ඒත් පවුලේ බර මට යම් දුරකට පැටවුණා. ඒ නිසා මම ටියුෂන් කළා. පාරවල්වල ගිහින් ඇන්ටනා වික්කා. ඒ හැමදේකින්ම මගේ ලොකුම ආසාව වුණේ මගේ මල්ලිවයි, නංගිවයි මම නොදැකපු හීනයට යවන්නයි. ඒ දෙන්නට හොඳට උගන්වන්න මට ලොකු හීනයක් තිබුණා. පුංචි කාලෙ ඉඳන් මගේ මහ ගොන් උද්දච්චකමක් තිබුණා.

* පුංචි කාලේ ඉඳන් ලක්මාල් කලාවට කැමැත්තක් තිබුණාද…?

ඔව්… ඒකට ලොකුම හේතුව වුනේ මගේ තාත්තා… මගේ තාත්තා රජරට සේවයට කවි, ගීත ලිව්වා. තාත්තා හොඳ නිවේදකයෙක්. අපේ තාත්තට තඩි පුස්තකාලයක් තිබුණා. ඒකේ නැති පොතක් නැති තරම්. තාත්තා හරි ලස්සනට නිසදැස් ලිව්වා, උදේ පාන්දරම නැගිටලා තාත්තා පත්තරේ හැම අකුරක්ම කියෙව්වා. මම හිතන්නේ ඒ දැක්ම තමයි පසුකාලීනව මට බලපෑවේ. තාත්තා නැතිවෙනවාත් එක්කම සමහර දේවල් නැතිවෙලා ගියා. තාත්තා දේශපාලනය කරපු නිසා තාත්තා දේශපාලන පලිගැනීම්වලට ලක්වුණා. ඒනිසා මගේ ලෝකයේ වීරයා වුණේ මගේ තාත්තා.

* පාරේ ඇන්ටනා විකුණපු ලක්මාල් ටික කාලයකින් හොඳ රස්සාවකුත් කළා නේද…?

ඔව්… ඒ ලංකාවේ ඉතා දක්ෂ ඉන්ෂුවරන්ස් සමාගමක හොඳ තනතුරක් ලැබුවා. ඒකාලේ ටයි එක දාලා හොඳ රැකියාවක් කළේ. හැබැයි ඒක මට වදයක් වුණා. ටයි දාගෙන කැරකෙන පුටුවක ජොබ් එකක් කරන්නට මට හිත වද දුන්නා. සමහර වෙලාවට මම ටයි එක බාගෙට ගලවගෙන, ෂර්ට් එකේ අත් නවාගෙන ඔෆිස් එකේ හිටියා. මේ නිසා සමහරු මා ගැන ඉහළ නිලධාරීන්ට වාර්තා කළා. මේක මට වදයක් වුණා.

* ඊළඟට ලක්මාල් මොනවද කළේ…?

මෙහෙම රැකියාව කරන අතරතුරේදී වාසල බණ්ඩාර මුණගැහුණා. ඒ කාලේ මට ලොකු උණක් තිබුණා කලාවේ ඉන්න කෙනෙක්ගේ යාළුවෙක් වෙන්න. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. ඒ කාලේ වාසල උදයකාන්ත මහතා එක්ක වැඩකර කර හිටියේ. ඉතින් මට වාසල හොඳ චාන්ස් එකක් අරගෙන දුන්නා.

* ඒ කියන්නේ ලක්මාල් අර හොඳට මුදල් ලැබුණ රැකියාවෙන් ඉවත් වුණාද…?

ඔව්… ඒකෙන් මම හොඳ සැලරි එකක් ලැබුණා. ඒත්… කලාව නිසා මම ඒ සේවාවෙන් අයින් වුණා. මම මුලින්ම තුන්වන සහාය අධ්‍යක්ෂක විදිහට රුපියල් දෙසිය පනහට වැඩකළා. දවසට ලැබුණේ රුපියල් දෙසිය පනහයි. ඒකත් වැඩ කරපු දවස් වලට විතරයි. මාස ගාණක් වැඩකරලා ලැබෙන්නේ රුපියල් දහදාහක් වගේ ගාණක්. හැබැයි ඉන්ෂුවරන්ස් සමාගමෙන් එක මාසෙකට මම ඊට වඩා ගත්තා. හැබැයි එතන මගේ සතුට තිබුණේ නෑ. පුංචි කාලයේ ඉඳන් මට පොඩි උද්දච්චකමක් තිබුණා. ඒ කාලයේ Short Film කළා. හැබැයි ඒක මම තරගයකටවත් දැම්මේ නෑ. ඒක ගොන් උද්දච්චකමක් කියලා අදටත් මම දන්නවා. මම තරග කරන්න ආස නෑ. ඒ නිසා මම ඒ දේවල් මම පුළුවන් විදිහට තනියම ඉගෙනගත්තා. ඒ වැඩකරලා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. මම දැනගෙන හිටියා මම හොඳට ලියන්න පුළුවන් කියලා. මගේ තියන උනන්දුව නිසාම මම සහභාගී වුණ හැම නිර්මාණයකින්ම මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගැනීමත් එක්ක මම ඉක්මනටම සහය අධ්‍යක්ෂවරයෙක් වුණා. ඒ කාලය තුළ මම ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම වැනි ප්‍රවීණයන් යටතේ සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩකළා. ඒ රස්තියාදුවා මට ලෝකය ගැනම කියලා දුන්නා

* ජීවිතය වෙනස් කළ යාළුවෝ ඔයාටත් හිටියද ?

ඔහොම කාලයක් ගෙවෙද්දී මට දමිත චන්ද්‍රසිරිව මුණගැහුණා. ඒ මූණගැහීමත් හරි අපූරුයි. දමිත එංගලන්තයේ කාලයක් හිටියා. මම රුපියල් පන්සීයක් වියදම් කරලා Short Film එකක් කළා. ඒක EDIT කරගන්න එකෙක් හිටියේ නෑ. කට්ටිය හිටියට වියදම් කරන්න මගේ අතේ සල්ලි තිබුණේ නෑ. ඒ අතරේ මගේ යාළුවෙක් දමිතව මට හඳුන්වලා දුන්නා. හැබැයි දමිතව මුණගැහෙන්න කලින් මම දමිතට කෝල් කළා. මම ඒ කාලයේ පට්ට උද්දච්ච කෙනෙක්. ඒ නිසා මචං Short Film එකක් EDIT කරගන්න උඹ කීයක් ගන්නවාද කියලා ඇහුවා. ඌත් ඒ වර්ග‍ෙය්ම එකෙක්. උඹේ Short Film එකේ බජට් එක කීයද…? මගේ උත්තරය රුපියල් පන්සීයයි ඊළඟට ඌ එක කුණුහරුපයකුත් කියලා… ඕකත් අරන් වරෙන් කිව්වා. එහෙම තමයි දමිතව මට හම්බ වුණේ.

* රුපියල් පන්සීයේ Short Film එක ඊට පස්සේ කළාද…?

නැහැනේ. ඒ මුණගැහිමෙන් පස්සේ දමිතයි මායි බොහෝ දේවල් කතා කළා. දමිතගෙන් මම මේ මුළු ලෝකයම දැක්කා. ඒ කාලයේ මම රටවල්වලට ගිහින් තිබුණේ නෑ. දමිත රටවල්වල රස්තියාදු ගහලයි තිබුණේ. ඒ රස්තියාදුවා අපිට හරිම ප්‍රයෝජනවත් වුණා. දමිතගෙන් මම ලෝක සිනමාව ඉගෙන ගත්තා. දමිත තමයි මට මගේ කලා පාසල වුණේ. දමිත හරහා මම බොහෝ පොත්පත් කියෙව්වා. ඒ හැමදෙයක්ම කරද්දි මම සහාය අධ්‍යක්ෂවරයකු විදිහටත් එක් එක්කෙනා ළඟ වැඩකළා. ඒ අතරේ මල්ලි නීතිඥ කෙනෙක් වුණා. මගේ නංගි ගුරුවරියක් වුණා. ඉතින් ඒ ගැනත් මට සතුටුයි.

* ලක්මාල්ගෙයි, දමිතගෙයි ආසාවවෙලා තිබුණේ සිනමා නිර්මාණයක් නේද…?

ඔව්… ඇත්තටම ඔව්. මායි දමිතයි අපි දෙන්නගේ අතේ තිබුණ අන්තිම රුපියල් තුන්දාස් පන්සිය වියදම් කරලා එකෙකුට බොන්න අරන් දුන්නා. ඌ ලවා නිෂ්පාදකවරයෙක් හොයා ගන්න අපිට ඕන වුණා. අන්තිමට ඒ උත්සාහයත් අපෙන් අතහැරුණා. ඊට පස්සේ මම වෙළඳ දැන්වීම් කලාවට එකතු වුණා. ඒකෙන් මට සල්ලි හම්බ වුණා. හොඳ වෙළඳ දැන්වීම් ආයතනයක හොඳ වැටුපක රස්සාව කර කර ඉඳිද්දී තව නිෂ්පාදකවරයෙක් අපේ වැඩේට කැමති වුණා. ආයෙත් මම රස්සාවෙන් අයින්වෙලා වැඩේ කරන්න හදද්දී අර නිෂ්පාදකවරයා අපිට පොල්ල තිබ්බා. අන්තිමට මට රස්සාවක් නෑ. ඒ කාලේ මට වියදම් කළේ ගෙදරට වියදම් කළේ මගේ මල්ලී. ආයෙමත් මාව නරකම තැනට වැටුණා. අතේ සතේ නෑ. ඒත් මම දැනගත්තා කවදාහරි මට නැගිටින්න පුළුවන් වේවි කියලා. මේක මැරතන් එකක්. මම දැනගෙන හිටියා මැරතන් එන අවසන් කරන්න අමාරු වුණාට මම ඒක අතරමඟ නවතින්නේ නෑ කියලා. ඒ කාලේ අපිව කවුරුත් ගණන් ගන්නේ නෑ. හැබැයි අපිට ඉලක්කයක් තිබුණා.

* කූඹියෝ චරිත තෝරාගත්තේ කොහොමද… ?

ලියද්දීම මගේ හිතේ තුමිඳුව මැව්නා. මම තුමිඳු රඟපාපු අරුන්දතී වේදිකා නාට්‍යය බලලා තිබුණා. අනික තුමිඳුගේ පෙනුමට මෙන්ම ඔහුගේ රඟපෑමට මම කැමති වුණා. ඊළඟට ප්‍රියන්තගේ චරිතයට වෙනත් නළුවෙක් මගේ ඔළුවේ හිටියා. හැබැයි දමිත් ඇයි අපි කළණයා ගැන හිතන්නේ නැත්තේ කියලා ඇහුවා. ඒ කාලේ කළණ මගේ ළඟ යාළුවෙක් නෙමේ. හැබැයි කළණ ඉතා දක්ෂ නළුවෙක් කියලා මම දන්නවා. දවසක් මම කළණට මේ කතාව කියද්දී ඒ පොඩි කතාව ඇතුළේදීම කළණට කතාවම තේරුණා. ඒක මට ලොකු හයියක් වුණා

* කූඹියෝ ඇතුළේ ඔබ මවන්නේ සම්ප්‍රදායික ගැහැනියක් නොවේ…?

ඔව්… ඒක ඇත්ත… මම කොහොමටත් සම්ප්‍රදායික ගැහැනියට කැමති නෑ. කොණ්ඩෙ දිග, චීත්ත ගවුම අඳින ගැහැනියට පෞද්ගලිකව මම කැමති නෑ. ගැහැනියකුගෙයි, මිනිසෙකුගෙයි ලිංගික වෙනසක් මිසක් වෙනත් වෙනසක් නෑ. ගැහැනියකුටත් පුළුවන් මිනිහෙක්ගේ බෙල්ල මිරිකලා මරන්න. මම හැමවෙලේම උත්සාහ කළේ ඒ සම්ප්‍රදායික රාමුව බිඳින්න. මේ හිරැනිගේ චරිතය මම ලිව්වේ පස්සේ. ඒ හිරුණිගේ චරිතයට ලියන්නේ කවුද කියලා මම බැලුවා. මට ඕනවුණා හැමවෙලේම චැලේන්ජ් කරන චරිතයක්. ඒ විදිහට තමයි මගේ හිතට හිරුණි වෙනුවෙන් යුරේනිව මැව්නේ. මම දැනගෙන හිටියා යුරේනි කියන්නේ ඉතා දක්ෂ නිළියක් කියලා.

* සම්ප්‍රදායික ගැහැනියකට අකමැති ලක්මාල් අද දෙදරු පියෙක්. ?

ඔව්… ඒක ඇත්ත… චමරි වෙළඳ දැන්වීම් කලාවට සම්බන්ධ කෙනෙක්. ඉස්සර චමරි මගේ හොඳම යාළුවෙක්. ඒ කාලේ මගේ ආදර සම්බන්ධතාවලට මම සල්ලි ඉල්ලගත්තේ චමරිගෙන්. හැබැයි ඒ හැම කෙල්ලෙක්ම මාව දාලා ගියා. සමහරු ගියේ මගේ අතේ සල්ලි නැතිකමින්. හැබැයි ඒ හැම වෙලේම චමරි මාව යාළුවෙක් වගේ බලාගත්තා. මට වියදම් කළා. මාව පරිස්සම් කළා. දවසක් මට තේරුණා ඇයි මම චමරි ගැන හිතන්නේ නැත්තේ කියලා එහෙම හිතලා මම දවසක් චමරිව මුණගැහිලා අපි බඳිමුද කියලා ඇහුවා. එදා චමරි උඩ ගිහින් බිම වැටුණා. ඇත්තටම චමරි කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. මාව තේරුම් ගත්තු හොඳම කෙනා එයායි. අද මම දරුවන් දෙන්නෙක්ගේ පියෙක්.

උපුටා ගැනීම: දේශය පුවත්පත

ඊයේ මැච් එකේ බුම්රා නෝ බෝල් යවා ලංකාවේ ජය පහසු කරද්දී සීයා සිය ජිවිතයෙන් සිය දිවි නසාගෙන සමු දෙයි

ඊයේ ඉන්දියාවේ සමග පවතී ක්‍රිකට් තරඟයේදී ලංකාව විශිෂ්ට ජයක් ලබාගැනීම ගැන හැමෝම වගේ මහත් සතුටින් කතා කාලා නොසිතු මොහොතක ලබාගත් මෙම ජයග්‍රහණය නිසා ඉන්දියාවේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් රසිකයින් මහත් සේ පුදුම වුනා ඒ වගේම බොහෝ දෙන කණගාටුවට පත්වුනා. ඊයේ ථරංගය්දෙඉ අසාර්ථක පන්දු යැවීමක නිරතවූ ජස්ප්‍රිත් බුම්රා යැවූ නිපන්දු ගැන බොහෝ දෙන කතාබහ වුනා ඔහු යවපු පන්දුවාර 7 දී ලකුණු 32 ක් උදුර ගන්න ලංකාවේ පිතිකරුවන් සමත්වුණා

ඉතින් ඔන්න තරඟ පරාජයේ දුක වගේ ඔහුට ඊයේ තවත් අවාසනාවන්ත සි9දුවිමකත මුහුණ දෙන්නට සිදුවුනා ඒ ඔහුගේ සියා සියදිවි නසාගැනීම නිසා මෙන්න ඒ පිලිබඳ වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව නරඹන්න

ප්‍රේමවන්තිය වෙන්වුණු දුකට නාගයකු ලවා දෂ්ට කරගනිමින් මරණය දක්වා වීඩියෝවද සජීවීව විකාශය කරගනිමින් සියදිවි නසාගත් තරුණයා

අපි හැමෝම කවදා හෝ කාටහරි ආදරය කරනවා. ඒ ලස්සන ආදරය අවසානයේ විවාහයක් දක්වා යනවා නමුත් විවාහයෙන් පසු තමන් ආදරය කෙනා නැවත වෙන්වුනොත් ඇත්තටම ගොඩක් දෙනෙක්ට මේක දරාගන්න හරි අමාරුයි අපි අද මේ කියන්න යන්නේ එහෙම දරාගෙන ඉන්න බැරිම තැන තරුණයෙක් කල අමානුෂික ක්‍රියාවක් ගැනයි.

ඔහු සුරතලයට විවිධ සතින් ඇතිකළ පුද්ගලයෙක් සිය බිරිඳ දික්කසාද වීමෙන් පසු එය දරාගත නොහැකිව නාගයකු ලවා දෂ්ට කරගනිමින් තප්පරයෙන් තප්පරය පනයන ආකාරයද සජීවීව වික්ෂය කරගනිමින් ඔහු මෙලෙස දිවි නසාගෙන තිබෙනවා. වැඩි විස්තර සහ ඡායරූප පහතින් නරඹන්න

මෙන්න මේ දේවල් වලට තමයි පිරිමින් කාන්තාවන්ගේ වැඩියෙන්ම ආස කරන්නේ මොනවාද කියලා බලන්නකෝ

ගොඩක් කාන්තාවන්  හිතන්නේ පිරිමින් තමන්ට ආකර්ෂණය වෙන්නේ තමන්ගේ තිබෙන රූප ස්වභාවය නිසා කියලයි. ඒ නිසා ඔවුන් දාස් ගණන් වියදම් කරමින් සැලුන් වලට ගිහින් නානාප්‍රකාර වැඩ කරගන්නවා. ඉතින් අපි මේ කියන්න යන්නේ පිරිමින් ගොඩක් ආස කරන කාන්තාවගේ දේවල් ටිකක් ගැනයි.

මෙය ඇමරිකාවේ පරීක්ෂණයකින් ඔප්පු වූ සාධක කිහිපයකි අනතර්ජලයෙන් උපුටාගන් ලිපියකින් සැකසු වීඩියෝවකි මෙන්න එහෙනම් බලන්නකෝ

දිවයින පුරා සැරි සරණ අත්භූත රෝස එළදෙන ඔබත් දුටුවාද මෙන්න රෝස එළදෙනගේ පරමාර්ථය කුමක්ද?

දිවයින පුරා සැරි සරණ අත්භූත රෝස එළදෙන ඔබත් දුටුවාද මෙන්න රෝස එළදෙනගේ පරමාර්ථය කුමක්ද? මෙන්න ඒ පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝව පහතින් නරඹන්න

පසුගිය සතියේ වැඩිම පිරිසක් බලපු හොඳම නිව්ස් ටික මෙන්න එක පොකුරට නරඹන්න

පසුගිය සතියම විවිධ ප්‍රවෘත්ති වලින් පිරුණු සතියක් වුන සුනාමි අවධානම බන්ධනාගාර විවාහය ආදී විවිධ පුවත් වලින් මුළු සතියම හැඩවුනා ඔන්න ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ පසුගිය සතියේ ලංකාවේ වැඩිම පිරිසක් නැරඹු ප්‍රවෘත්ති කිහිපයයි සමහර විට ඔබට පසුගොයා සතියේ මේ පුවත් වලින් සමහරක් මගහැරෙන්නට ඇති

මෙන්න එහෙනම් වීඩියෝව හැම පුවතකම එකම වීඩියෝවකින් එහෙනම් බලලම ඉන්නකෝ  එහෙමනම්

දෝනි නැත්තම් ඉන්දියාවට ඇපත් නෑ ඉන්දියානු පිතිකරුවන් බිම දැමු සුරංග කියන කතාව මෙන්න

සුරංග ලක්මාල් ගේ විශිෂ්ට පන්දුයැවීමට හේතුවෙන් ධරම්ශාලා හිදී පැවැති එක්දින තරගයෙන් උඩ ගොස්‌ සිටි ඉන්දියානු පිතිකරුවන්ව බිමටම ඇද දමමින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුයේ ඉන්දියාවට දරුණු පරාජයක් හිමිකර දෙමින්.

2017 වසරේ එක්‌දින තරග 26 ක්‌ අතුරින් ශ්‍රී ලංකාව ලද පස්‌වැනි ජයද මෙය වේ. පිට පිටම තරග 12 ක්‌ පරාජය වී දැඩි මානසික අගාධයකට තල්ලුවී සිටි ශ්‍රී ලංකා පිලට ප්‍රබල ඉන්දියානුවන්ව ඔවුන්ගේ පාරාදීසයකදීම මට්‌ටුකර දමමින් යළි නැඟීසිටීමට මෙම ජය පිටිවහලක්‌ විය. ඉන්දියානුවන්ගේ පළමු කඩුලු පහ දවා ගැනීම සඳහා සුරංග ලක්‌මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වැය කළේ පන්දු 80 ක්‌ පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා වඩාත් කැපීපෙනෙන පන්දු යැවීමක නිරත වෙමින් ඉන්දීය මුල්පෙළ කඩුලු 4ක් ලකුණු 13ක් පමණක් ලබාදෙමින් බිඳ දැමු සුරංග ලක්මාල් තම දක්ෂතාව සහ තරඟයේ ජය පිළිබඳව ඉන්දීය වෙබ් අඩවියක් වන ක්‍රික්බස් වෙබ් අඩවිය සමඟ එකතු වෙමින් අදහස් දක්වා ඇත.

තරඟයේ දෝණි නොසිටින්නට ඉන්දියාවට වෙනම ඉරණමකට මුහුණ දීමට සිදු වන බවද මෙම වේගපන්දු යවන්නා පවසා ඇත.වසර 17 කට පෙර ඉන්දියාව ලකුණු 55ක ට දවා ගනිමින් ශ්‍රී ලංකාව තබා තිබෙන වාර්තාව අලුත් කිරීමේ අවස්ථාව තම කණ්ඩායමට ඊයේ තිබුන බවද ලක්මාල් මෙහිදී වැඩි දුරටත් පවසා ඇත.

“මම හිතන්නේ ඉන්දියාව එක අවසථාවක 29/7 තිබුනා ඒ වෙලාවේ දෝණි දවා ගන්න පුළුවන් වුනානම් අපිට ඉන්දියාව ලකුණු 40 කට අඩුවෙන් තියන්න තිබුනා,අවාසනාවට දෝණි ඒ වෙලාවේ හොඳට සෙල්ලම් කලා,එක්දින තරඟ 300 කට වඩා ක්‍රීඩා කල අත්දැකීම් එක්ක ඒ වෙලාවේ ඔහුගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්,කොහොමත් අපි වාර්තා ගැන වැඩිය හිතන්නේ නෑ ,අපිට අවශ්‍ය ජයග්‍රහණය ලැබුන එක ලොකු දෙයක්.”

එකදිගට එක්දින තරඟ 12ක් පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ජය මහත් අස්වැසිල්ලක් බව ලක්මාල් මෙහිදී පවසා ඇත.

“ඇත්තටම පහුගිය එක්දින තරඟාවලි අපි හොඳට කලේ නෑ.අපි එකදිගට තරඟ 12 ක් පරාද වෙලා හිටියේ,පහුගිය කාලේ ලොකු මහන්සියකින් පුහුණුවීම් කළා,මේ එක්දින තරඟාවලිය මේ විදියට ආරම්භ කරන්න ලැබෙන එක ගැන ලොකු සතුටත් තියෙන්නේ.”

තම පන්දුවාර 10 එක දිගට යවමින් ඉන්දීය පිතිකරුවන් දැඩි පාලනයක තබාගත් ලක්මාල් එම අත්දැකීම ගැනද මෙම හමුවේදී අදහස් දක්වා තිබිණි.

“අපිට ඕන වුනා ඉන්දියාව දිගටම පීඩනයට ලක් කරන්න,ඒ තණතිල්ල මට හොඳට උදව් කළා.නායකයා මගෙන් ඇහුවා දැන් නවත්තන්නද කියල,ඒත් මම දිගටම පන්දු යවන්න කැමති වුනා,ඒක අලුත් අත්දැකීමක්.”

ඊයේ තරඟයේ තමන්ට අනෙකුත් පන්දු යවන්නන්ගෙන් ලැබුන සහය ගැනද ලක්මාල් ඉහලින් කතා කර තිබිණි.

“ඉන්දියාව කියන්න එක්දින තරඟ වල අංක දෙකේ කණ්ඩායම ඒ වගේම ලෝකයේ හොඳම පිතිකරණ බලකාය ඉන්නේ ඔවුන්ට ,අපි තරඟයට කලින් කතා කරගත්ත අපෙන් වැරදි නොවෙන්න පන්දු යවනවා කියල,මැතිව්ස්,මුලදීම ලොකු පීඩනයක් එල්ල කලා,නුවන් හොඳටම පන්දු යැව්වා ,කොහොමත් නුවන්ගෙන් නරක පන්දු වැටෙන්නේ ගොඩක් කලාතුරකින් ,ඔහුත් අපිට අවශ්‍යම කඩුලු දෙකක් ගත්ත,ඒකත් එක්ක අපිට පුළුවන් වුනා ඉන්දියාවට පීඩනය එල්ල කරන්න.”

පළමු එක්දින තරඟයේ තම පන්දු යැවීම අවසන් කල ලක්මාල් අපහසුවෙන් වමනය දමන අකාරයක් දැකගත හැකි වූ අතර එම තත්වය දිල්ලි තරඟයේ සිට තමාට තවම තිබෙන බව ලක්මාල් මෙම හමුවේදී පවසා තිබිණි.

“ඇත්තටම දිල්ලි වල ඇතිවුන තත්වය එක්ක මම සම්පුර්ණ සුවයකින් නෙවෙයි ඉන්නේ.දවස් කීපයක්ම වමනය ගියා,දිල්ලි වල මුහුණ දුන්න වගේ සිදුවීමක් මීට කලින් වෙලා නෑ.කොහොම වුනත් පොඩි අපහසුවක් තිබුනත් දිගටම කණ්ඩායම එක්ක සෙල්ලම් කරන එක තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ