ලහිරුගේ වෙඩින එකට ආ සුපිරි නලු ගිහාන් සැවොම පුදුම කරවමින් කියපු අමුතු රැප් එක මෙන්න

ලහිරු පෙරේදා යුග දිවියට එළැඹුන අතර ඔවුන් දෙදෙනාගේ දෙවැනි දවසේ උත්සවය ඊයේ බත්තරමුල්ල ඊයේ වෝටස් එජ් පරිශ්‍රයේදී පැවැත්වුනා.මේ සඳහා කලා ක්ෂේත්‍රයේ මෙන්ම මාධ්ය ක්ෂේත්‍රයේ බොහෝ හිතවතුන් පිරිසක් එක්ව සිටි අතර එහිදී කාගෙත් අවධානය දිනා ගැනීමට සමත් වූයේ සුපිරි නලුවෙකු වන ගිහාන් ප්‍රනාන්දුගේ හාස්‍යෝත්පාදකය ගායනය මෙන්න පහතින් ඔබත් නරඹන්න

තායිලන්තයේ සුපිරි කික් බොක්සිං ක්‍රීඩකයා සියල්ල අතහැර පැවිදි දිවියට පිවිසෙයි

ලෝක kickboxing ක්‍රීඩාවට සමුදී බුදු දහමේ අවබෝධය ලැබ පැවිදි වූ තායිලන්ත kickboxing ශූරයා ගැන හැමෝම කතා වෙනවා.ඔහුගේ ජයාරූප සමාජජාල ඔස්සේ මේදිනවල පැතිරෙමින් තිබෙනවා.ගොඩක් දෙනෙකු කියන්නේ මෙවැනි දරුණු ක්‍රීඩාවක නියැළුන පුද්ගලයෙක් පැවිදි දිවියට යාම විශේෂ වන බවයි.ඉතින් ඔහු පැවිදි දිවියට එළඹුණු ජයාරූප පහතින් ඔබත් නරඹන්න

පාඩම් කලාට මතක තියෙන්නේ නැද්ද මෙන්න රහස් කෙමක් සති 2ක් කරන්න ඉබේම මතක හිටිනවා ෂුවර්

පාඩම් කරන්න කියල පොත අතට ගත්තට හිත පොතට යන්නෙ නැද්ද? පාඩම් කරන්න කම්මැලිද? නැත්නම් කොච්චර පාඩම් කළත් කිසිම දෙයක් මතකේ රැඳෙන්නෙ නැද්ද? විභාගේ ඇණගන්න වෙයි කියල බයයිද? මොකක්ද මේකට කරන්න ඕනෙ? ගුරුකමක්ද? අපොයි නෑ. ඒකට තමයි අනිවා අපි ඉන්නෙ ඔයාලගෙ උදවුවට…

ගොඩක් ඉගෙන ගන්න ළමයිට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් මතකේ හිටින්නේ නැති කම..ඉතින් අපි ඔබට කියලා දෙන්න යන්නේ පොඩි කෙම් ක්‍රමයක් ගැනයි. මේක කරලා බලන්න ඔබටත් ඔබේ මතක ශක්තිය හොදට වර්දනය වෙයි…පහත video එක බලලා මේ ගැන දැනුවත් වෙන්න අනිත් අයටත් දැනගන්න share කරන්න

සනත් ජයසූරිය නම් වූ සුපිරි ක්‍රීඩකයාගේ ජීවිතය ගැන බොහෝ දෙනා නොදන්නා සංවේදී කාරනා මෙන්න

ආදරයේ විරහ වේදනාවක් දැනුනහම ගීතයක් අහලා පොඩ්ඩක් හිත නිවා ගන්නවා

ඔහු ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට ගෙනයාමට උරදුන් විශිෂ්ට ගණයේ පිතිකරුවෙකි. විශිෂ්ට ගණයේ නායකයෙකි. බොහෝ රටවල් ලංකාව ගැන දන්නේ නැති වුවද, ඔහු ගැන දනී. ඒ තරමට ක්‍රිකට් ක්‍රීඩාව නිසා ඔහු ලෝක පූජිත තරුවක් බවට පත්වී හමාරය. ඔහුගේ වේගවත් පිති හරඹය මුළු ලෝකයේම ඇස් ඇරවන්නක් විය. ‘මාස්ටර් බ්ලාස්ටර්’ ලෙස විරුදාවලිය ලත් ඔහු රොමේෂ් කළුවිතාරණ සමඟ එක්වී එක්දින ක්‍රිකට් පිටිය නව මාවතකට ගෙන යෑමට සමත් විය. ඒ නිසාම ඔහු ලෝක වාර්තා අතරට ද එක්විණි. ඔහුගේ වේගවත් පිති හරඹය හා පන්දු යැවීමෙන් වාර්තා ගණනක් තැබීමට සමත්වීම නිසා ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ජගත් තලයේ ඉහළින්ම වැජඹෙන්නට විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වෙමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දුනි. පසු කාලීනව දේශපාලන ක්ෂේත්‍රයට ද එක්වූ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අමාත්‍යවරයකු ලෙසින්ද කටයුතු කිරීමේ භාග්‍ය්‍ය උදාකර ගත්තේය. මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය ද ඉසිලූ මේ ලෝක පූජිත ක්‍රිකට් තරුව නමින් සනත් ටෙරාන් ජයසූරිය වේ. සනත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැහැරව ආදරය, ප්‍රේමය හා විවාහය ගැන කතා කිරීමට ප්‍රථමවරට එක් වුණේ අප කෙරෙහි පැවැති විශ්වාසය නිසාය. මා හිතවත් ක්‍රීඩා මාධ්‍යවේදී යොහාන් භාසුර මිතුරා මෙහිදී ලබාදුන් සහය අමතක කළ නොහැකිය. තමන්ගේ විවාහ සම්බන්ධතා පිළිබඳව සනත් කතා කිරීමෙන් වැළකී සිටියේ ඔහුට සමාජ වෙබ් අඩවි මගින් මඩ ප්‍රහාර එල්ල කරන බැවිනි.

සනත් අපගෙන් ඒ පිළිබඳව නොවිමසන ලෙස කාරුණිකව ඉල්ලා සිටියේ, එයින් ඔහුගේ ජීවිත රටාවට, චරිතයට හානියක් වන නිසා බව අපට වැටහුණි. ඔහුගේ ඒ ඉල්ලීමට ඇහුම්කම් දෙමින් ‘ආදරය, ප්‍රේමය සහ විවාහය’ ගැන අප කතා බහ කළේ සී.සී.සී. ක්‍රීඩා පිටියේදීය. ඉතින් ඒ කතාබහ මේ​ෙස් සටහන් කරන්නේ, කොතරම් කාර්ය බහුල වුවද ඔහු මා වෙනුවෙන් විශ්වාසය තබා කාලයක් දීම නිසාය. අසනීප තත්වයෙන් සිටියද ඔහු මා සමඟ කතා බහ කිරීමට එකඟවීම ගැන මුලින්ම තුති පුදමින් මේ සටහන තබන්නෙමි.

ඔබ ජීවිතය දකින්නේ කොයි ආකාරයටද?

ජිවිතය අපි එක එක විදිහට දකිනවා. පොඩි කාලයේ එක විදිහක්, ළමා කාලයේදී එක විදිහක්, අවු. 14-18ක් වන විට තවත් විදියක්, අවුරුදු 20,30,40 යනවිට තවත් විදිහක්. එක එක කාලවල ජීවිතය අපි එක එක විදිහට ගත කරනවා. ඕනෑම මනුෂ්‍යයෙක් එහෙම තමයි. මාත් දකින්නේ ඒ විදිහට තමයි.

ඔබ ජීවිතය විඳින අයෙක්ද? නැත්නම් විඳවන කෙනෙක්ද?

අපි මනුෂ්‍යයෝ හැටියට මේ දෙ​ෙක්ම ඉන්නවා. එකක ජීවත් වෙන්නේ නෑ. මමත් ජීවිතය විඳින කෙනෙක් වෙලාවකට. තවත් වෙලාවක ජීවිතය විඳවන කෙනෙක් මේ දෙකෙහිම මාත් ඉන්නවා.

ආදරය ප්‍රේමය ඔබ කොයි විඳිහට ද හඳුනාගෙන තිබෙන්​ෙන්?

එ්කත් එක එක්කෙනාට පෞද්ගලිකව බලපාන හැටි තමයි. මට වෙන විදිහක් වෙන්න පුළුවන්. ඒක තවත් කෙනෙකුට තව විදිහක් වෙන්න පුළුවන්. අාදරය, ප්‍රේමය සුන්දර දෙයක්. ඒක හොඳ දෙයක් හැටියට මම හඳුනාගෙන තිබෙනවා. අපි බෞද්ධයෝ හැටියට පෙර කළ පින් පව් අනුව තමයි ඒ දේත් අපට ලැබෙන්නේ. කුසල් අකුසල් දෙකම අපට බෞද්ධයෝ හැටියට මෙයට බලපානවා.

විරුද්ධ ලිංගික ආකර්ෂණයක් මුලින්ම ඔබට ඇති වුණේ කොයි කාලයේ විතරද?

පාසල් අවධියේ ඇතිවූ අවස්ථා තිබෙනවා. ඒවා අැති වුණාට සාර්ථක වෙන්න අවස්ථාවක් මට තිබුණේ නෑ. මොකද හේතුව ක්‍රීඩාවට මම මුල්තැන දීලා තිබුණු නිසා. මගේ පාසල් කාලය ඉවර වෙනවාත් එක්කම මම අවුරුදු 18-19 වන විටම කොළඹට එනවා. ඒ හින්දා මම හිතන්නේ නෑ, මට එහෙම ආදරයක් තිබුණා කියලා

ඒ කියන්නේ ඔබට ආදර හැඟීමක් මුලින්ම ඇති වුණේ පාසල් කාලයේ. එහෙම නේද?

ඔව්. අවුරුදු 17-18 කාලයේ, එතකොට යම් විරුද්ධ ලිංගික හැඟීම් ඇතිවෙන කාලයක්. මම එතකොට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. අපි මනුෂ්‍යයෝ හැටියට, කොල්ලෝ හැටියට ආදර හැඟීම් ඇතිවෙන එක ස්වාභාවිකයි. මම මුලින්ම කිව්වානේ, අපට යම් කිසි කාලවලදී එක් එක් විදිහට කටයුතු කරන බව. ඉතිං ඒ වගේ ආදර හැඟීම් යොවුන් වියේදී මටත් ඇති වුණා.

ඒ ආදර සබඳතාවලට මොකද වුණේ දිගටම ගෙනියන්න බැරිවුණාද?

ඔව්. මාතර මට තිබුණු ඒ සබඳතා කොළඹට පැමිණීමත් එක්ක නැතිවෙලා ගියා. මගේ ලොකුම බලාපොරොත්තුව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නයි. ඉතිං ඒ හින්දා මට ඒ අාදර සබඳතා ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ. ඒවා ඉතිං කාලයත් එක්ක මතකයෙන් ඈත්වෙලා ගියා.

ඔබ ක්‍රිකට් ක්‍රීඩකයකු වෙලා යම් ජනප්‍රියත්වයක් ලබන විටදී කාන්තාවන්ගේ ඇල්ම බැල්ම වැටෙන්න ඇති නේද?

එහෙම ආදර යෝජනා ඇවිත් නෑ. මමත් පාඩුවේ හිටියා. මාතර හින්දා යම් යම් පැටලිලිවලට යන්නත් බයක් තිබුණ. ඇල්ම බැල්ම වැටුණත්, මම මගේ පාඩුවේ හිටියා. මොකද මගේ අරමුණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාම හින්දා.

ඔබට අප්‍රකාශිත ආදරයක් එහෙම තිබුණාද?

එහෙම අය ඉන්න ඇති. මමත් ඕනෑ තරම් එහෙම අය ගැන හිතලා ඇති. පාසල් අවධියේදී හරි කොළඹට ආවාට පස්සේ හරි එහෙම තිබුණු අවස්ථා තිබෙනවා. අපි මනුෂ්‍යයෝ හැටියට එහෙම නොදැනුම්වත්ව අවස්ථා ඇති වෙන්න පුළුවන් නේද? ඒවා එහෙම කාලයත් එක්ක නැතිවෙලා යනවා.

ඔබට ගැහැනියකගේ ආදරය ඇති වන්නේ කුමන විදිහේ ගතිගුණවලටද?

ඒවා කියන්න අමාරුයි. කිරලා මැනලා ගන්න බැහැනේ. ඒකත් අර මම මුලින් කිව්වා වගේ බෞද්ධ දර්ශනයත් එක්ක කිට්ටු දෙයක්. කරන පින් පව්වල හැටියට තමයි, කුසල් අකුසල්වල හැටියට තමයි ඒ දේවල් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ.

ඔබ විවාහ වීමත් සමඟ, ඔබේ ජීවිතය වෙනස් වුණා කියලා හිතනවාද?

ඔව්. දරුවන් ලැබීමත් එක්ක මා හිතනවා ඇත්තටම වෙනසක් වුණා කියලා. දරුවෝ තමයි අපේ ජීවිතය වෙනස් කරන්නේ. ඔවුන් තමයි අපේ හදවතේ රැඳෙන්නේ. ඒක ගොඩක් බලපානවා. අපේ ජීවිතය වෙනස් කරන්න. ඒ හින්දා තමයි විවාහ වීමත් සමඟ අපි එදාට වඩා සිටි ආකාරයටත් වෙනස් වෙන්න ගන්නේ. ඒ දරුවන් අප වෙනස් කරන හින්දා.

ඔබ දරුවන් ගැන හරිම උනන්දුවෙන් කථා කරනවා. ඔවුන් ඔබේ ජීවිතයට ලොකු බලපෑමක් එල්ල කළා නේද?

ඇත්තෙන්ම ඔව්. අපි හැමෝගෙම බලාපොරොත්තුවක් තමයි දරුවෙක්ගේ සුරතල් බැලීම. ඉතිං ඒ සතුට මම විඳිනවා. අපි පුළුවන් තරම් ඔවුන්ට උගන්වන්න බලන්න ඕනේ, ලොකු මහත් කරනවා වගේම. අපි යම් කිසි අධ්‍යාපනයක් ලැබුවාද, ඊටත් වඩා අධ්‍යාපනයක් දීලා ඉදිරියට ගෙන යන්න තමයි මම බලන්නේ. ඔවුන් සමාජයට යහපත් පුරවැසියන් කිරීම මගේ එකම බලාපොරොත්තුවයි.

ඔබ විවාහ වුණත්, ලෝක පූජිත ක්‍රිකට් තරුවක් ලෙස කාන්තා පාර්ශ්වයේ ආකර්ෂණයට ලක්වෙනවා වැඩියි එහෙම ආදරය බලාපොරොත්තුවෙන් එන්න ඇති නේද?

එහෙම වෙලා නෑ. ඔවුන් තුළ එහෙම බලාපොරොත්තු තිබෙන්න ඇති. ඒක ඉතිං මනුෂ්‍ය ස්වභාවයයි. නමුත් මට එහෙම දෙයක් වෙලා නෑ.

ඔබ එක්වරක් ඉන්දියාවේදී නර්තන රියැලිටි තරගයකදී බොලිවුඩ් නිළියක් සමඟ නර්තනයේ යෙදුණා. ඒ ගැන මොකද සිතෙන්​නේ?

ඒක අලුත් දෙයක්, රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ වෙලාවේ ලැබුණු අවස්ථාවක්. මම සිංහල සින්දුවක් පොඩ්ඩක් කියලා නර්තනයක් ඉදිරිපත් කළා. මට වැඩි දේවල් කරන්න බැහැනේ. මම ඒ වැඩසටහන කළා. මම හිතන්නේ නෑ, ඒක හොඳට කළා කියලා.
ඒමුත් ඒක ලෝකයේ ඉතාම ජනප්‍රියත්වයට පත්වුණා. එහෙම නේද?

ඔව්. මොකද ඒ වැඩසටහන කළේ නර්තනය කරන්න බැරි අය ගෙනල්ලා. නර්තනය ඉදිරිපත් කරන දෙයක් හින්දා. එය ජනප්‍රිය වුණා.

බොලිවුඩ් නිළියන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලොකු කැමැත්තක් දක්වනවා. විවාහ වූ අයත් ඉන්නවා. ඉතිං ඔබටත් නිළියන්ගේ ඇල්ම බැල්ම වැටුණා නේද?

එහෙම නම් වෙලා නෑ. මම දන්නේ නෑ ඔවුන්ගේ හිත්වල මොනවාද තිබුණේ කියලා. ඒත් මට නම් එහෙම කියලත් නෑ. ඇල්ම බැල්ම වැටුණාද කියලා මම නම් දන්නෙත් නෑ.

ආදරය හා ලිංගිකත්වය අපේ ජීවිතවලට කොයි තරම් බලපානවාද කියලා ඔබ හිතන්නේ?

මම හිතන්නේ ඒක හැම කෙ​ෙනකුටම ජීවිතේ බලපාන කරුණු දෙකක්. ඒක හැම කෙනෙකුටම තියෙන්නත් ඕනේ. ලැබෙන්නත් ඕනේ. අපි පොඩි කාලයේ ඉඳලම ඒ ආදරය, කරුණාව ලබා දෙන්න ඕනේ. ඉතිං එය මටත් පොදු දෙයක්.

ඔබටත් ආදරයේ විරහ වේදනවා දැනෙන්න ඇති. ඒ වෙලාවට ඔබ මොකද කරන්නේ?

එහෙම දැනුණු අවස්ථා තිබෙනවා. ඒ වෙලාවට ගීතයක් අහලා පොඩ්ඩක් හිත නිවා ගන්නවා. මානසිකව වැටුණු අවස්ථා තිබෙනවා. බෞද්ධ දර්ශනය තමයි මට ඒ වෙලාවේ පිහිටට හිටියේ. එහි තිබෙනවා, එවැනි අවස්ථාවලදී අපි හැසිරෙන්න ඕන ආකාරය. හොඳින් විග්‍රහ කරලා. ඉතිං ඒ හින්දා මම ඒ විරහ වේදනාව මානසික සුවයක් බවට පත් කර ගන්නවා.

ඔබ නිතරම බෞද්ධ දර්ශනය ගැන කතා කරන අයෙක්. එවැනි නැඹුරුවකට ඔබ පත් වුණේ කුඩා කාලයේ ඉඳලමද?

මම පොඩි කාලේ ඉඳලම බෞද්ධයෙක් ඒ හින්දා ඒ දර්ශනය අනුව කටයුතු කරන්න නිතරම උත්සාහ ගත්තා. එයින් අපගේ ජීවිතයට ලබාගත හැකි දේ බොහොමයි. ඕනෑම කෙනකුට ඒ බෞද්ධ දර්ශනය අනුව කටයුතු කරන්න පුළුවන් නම්, ජීවිතයේ නියම සතුට ලබාගන්න පුළුවන්. ඒ නිසයි මම නිතරම බෞද්ධ දර්ශනය එක්ක ජීවත්වෙන්නේ.
ඔබ බලාපොරොත්තු වූ ආදරය, කරුණාව තවම ඔබට ලැබී නැද්ද?

එහෙම කියන්න අමාරුයි. එහෙම කොහොමද කියන්නේ? ලැබිලා නෑ කියන්නත් බැහැ. සීමාවක් නෑ එයට. මට බොරුවට කියන්න බැහැ. මට ලැබිලා නෑ. අදරය නෑ මේක නෑ කියලා. මනුෂ්‍යයෝ හැටියට අපි අර මධ්‍යම තැන ඉන්නවා නම්, හැම දෙයක්ම සමසේ විඳගන්න පුළුවන්.

අපහු ජිවිතය දෙස හැරී බැලීමේදී ඔබට ඇතිවෙන්නේ දුකක්ද? සතුටක්ද?

ආපහු හැරී බලද්දී අපි බොරළු, වළවල් තිබෙන පාරවල්වල ආවා, සාමාන්‍යයෙන් නිකම් තාර පාරෙත් ඇවිත් කාපට් පාරෙත් ගිහින් තිබෙනවා. හැම එකකම ජීවිතයෙ මෙතරම් කාලයක් මම ගිහින් තිබෙනවා.

ඔබ සිතනවාද ආදරය විවාහයකින්ම කෙළවර විය යුතුයි කියලා?

අපි පොඩි කාලයේ එහෙම නේද සිතන්නේ. සාමාන්‍යයෙන් යොවුන් වියේදීත් එහෙම තමයි සිතන්නේ. හැබැයි ඉතිං දැන් ඒක තේරුම් අරගෙන ඉන්නේ. සමහරු ඉතිං ඒ විදිහටම කරනවා. සමහරු ඒක ඒ විදිහට නොකරන්නත් පුළුවන්. එක එක්කෙනාගේ කැමැත්ත අනුව සිදුවන දේවල්.

අදටත් ඔබට කාන්තා පාර්ශවවලින් ආකර්ෂණය ලැබෙනවා නේද? එහෙම වෙලාවට ඔබ මොකද කරන්නේ?

මම දැන් ඒ ගැන තැකීමක් නෑ. මට දැන් අවුරුදු 48ක් වෙනවා. අපි දැන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න කල්පනා කරන්න ඕනේ.

ක්‍රිකට් ක්‍රීඩාව ඔබගේ ජීවිතය වගේ නේද? එයින් ලැබුණු දේ ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඒ ගැන නම් ගොඩාක් සන්තෝෂයි. අපි කැපවෙලා කළ දෙයට ඒ අගය කිරීම උපරිමයෙන්ම තිබෙනවා. ඉතිං ඒකට අදටත් සත්තෝෂ වෙනවා. ආඩම්බරයි. අපේ ප්‍රේක්ෂකයන්ගේ, ජනතාවගේ ආදරය ලැබීම ගැන මම හැමදාමත් සන්තෝෂ වෙනවා. හිත උඩින්, හිත යටින් හැමදාවත් ඒ සන්​ෙතා්ෂය තිබෙනවා.

කාන්තාවන්ගේ, ආදරය, ආකර්ෂණය ක්‍රිකට් ක්‍රීඩාව හින්දා ඔබට වැඩියෙන්ම ලැබෙන්න ඇති. ඒක කරදරයක් වුණාද?

නෑ එහෙම වෙන්නේ නෑ. ලංකාව ඒ අතින් හරිම හොඳයි. ක්‍රීඩාවට දෙන්න ඕනේ වෙලාවට උපරිම සහයෝගය දෙනවා. ඒ අයට දෙන්න ඕනේ තැන අපි දෙනවා. ඒ අය දුරින් ඒක බලන් ඉන්නවා. ජාත්‍යන්තරයට ගියාම ඒ අයට ක්‍රීඩකයන් ළඟට එන්න අමාරුයි. අපිව බලන්න ආසාවෙන් ඉන්න බව ඇත්ත. ඒක මැච් එකකදී විතරයි, රටින් පිට යාම බලන්න පුළුවන් වෙන්නේ. අපේ රට තුළ ඕනෑම වෙලාවක දකින්න පුළුවන්, කතා කරන්න පුළුවන්. අපි අපේ ගරුත්වය තබාගෙන, ඔවුන්ටත් ඒ ගරුත්වය ලබාදීලා කටයුතු කළොත් ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.’

සනත් ජීවිතය පිළිබඳව බොහෝ දේ අද වන විට වටහාගෙන තිබෙන බව කතා බහේදී මට වැටහුණි. ඔහුට වදින ගල් මෙන්ම මල්ද එකසේ දරා ගැනීමේ ශක්තියක් තිබේ. කොතරම් හැල හැප්පීම්වලට ජීවිතයේ ලක්වූවද, ඔහු ඒ සියල්ල දෙස අද උපේක්ෂාවෙන් බලන්නේ බෞද්ධ දර්ශනය තුළ කටයුතු කරන නිසාය. ඉතින් අපේ කතා බහට විරාමය තබන්නට කාලය පැමිණ තිබේ. ඔහු ඊළඟ පරම්පාරවට තම දැනුම දෙන්න මම ඉඩහසර සපයමින් සී.සී.සී. ක්‍රීඩාපිටි​ෙයන් එළියට පැමිණියේ ඔහු කොතරම් නිරහංකාර, අව්‍යාජ ගැමි ගති තවමත් අති උතුම් මනුෂ්‍යයෙක්ද නේද යන්න සිතෙහි තබා ගනිමිනි.
සටහන් කළේ
සමන්ත යහම්පත්

උපුටා ගැනීම:ලංකාදීප.

රටම බලාසිටි අසල්වැසි ඉන්දියාවට එරෙහි සටනට යන ශ‍්‍රි ලංකා සංචිතය මෙන්න

ශ‍්‍රි ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සදහා බොහෝදුරට එක්විය හැකි බවට අනුමාන කෙරෙන ශ‍්‍රී ලංකා සංචිතය පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම සංචිතය සදහා පසුගිය තරගාවලි වලදී අබාධ හේතුවෙන් ක‍්‍රිඩා නොකල ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයින් වන අසේල ගුණරත්න (ශාරීරික යෝග්‍යතාවයෙන් පසු) ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, ධම්මික ප‍්‍රසාද් ඇතුළත් කර ඇති අතර පාකිස්තානු සංචාරයේදි අසාර්ථ වු ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ත් ඇතුළත් කර ඇත.

අසේල නිමා වූ ඉන්දීය ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය තුළ වමතේ මහපට ඇඟිල්ලේ අස්ථි බිදීමක් නිසා ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි අතර, කුසල් ජනිත් නිමා වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර කළව ආශ්‍රිතව ආබාධයකට ලක්වීම නිසා පසුව පැවැත්වූ තරගවල දී ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළේ නැත. එසේම මැතිව්ස් පකිස්තානු සංචාරය ආරම්භ වීමට සතියකට පමණ පෙර මස් පිඩු ඇදීමකට ලක්වීම නිසා ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළේ නැත.

එම සංචිතය පහතින්;

කෞෂාල් සිල්වා
දිමුත් කරුණාරත්න
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල් (නායක)
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් ජනිත් පෙරේරා
නිරෝෂන් දික්වැල්ල
අසේල ගුණරත්න
රංගන හේරත්
ඩිල්රුවන් පෙරේරා
ලක්ෂාන් සදකැන්
ධම්මික ප‍්‍රසාද්
නුවන් ප‍්‍රදීප්
සුරංග ලක්මාල්
මාලින්ද පුෂ්පකුමාර

අතිරේක;
ධනංජයද සිල්වා
සදීර සමරවික‍්‍රම
ළහිරු කුමාර

මේ අතර එම සංචාරය සදහා සහභාගී වන ඉන්දීය කණ්ඩායමේ සංචිතයද පසුගියදා ප‍්‍රකාශයට පත්කෙරුණා

මුරලි විජය
ලෝකේෂ් රාහුල්
ශිකර් ධවාන්
චිතේෂ්වර් පුජාරා
විරාත් කෝලි (නායක)
අජින්ක්‍යා රහානේ
හර්දික් පාන්ඩ්‍යා
රෝහිත් ෂර්මා
රිද්දිමාන් සාහා
රවිචන්ද‍්‍රන් අශ්වින්
රවීන්ද‍්‍ර ජඩේජා
කුල්දීප් යාදව්
මොහොමඩ් සාමි
උමේෂ් යාදව්
බුවනේෂ්වර් කුමාර්
ඉෂාන්ත් ශර්මා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගාවලිය ටෙස්ට් තරග 3 කින්ද, එක්දින තරග 3 කින්ද, විස්සයි20 තරග 3 කින්ද සමන්විත වන අතර නොවැම්බර් මස 16 වැනිදා කොල්කටාහිදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත.

විස්සයි විස්ස රජ කල ශ‍්‍රි ලංකාව අගාධයටම වැටෙයි..නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම

පසුගියදා නිමාවුණු දකුණු අප‍්‍රිකා – බංගලාදේශ හා ශ‍්‍රී ලංකා පාකිස්තානු විස්සයි විස්ස තරගාවලි වලින් පසුව අයි.සී.සී ක‍්‍රිකට් ආයතනය නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් නිකුත් කොට තිබෙනවා..

ඒ අනුව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකරගැනීමට ප‍්‍රසාද ලකුණු 125ක් හිමිකර ගත් නවසීලන්ත කණ්ඩායම සමත් වී ඇත අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම එහි 08වන ස්ථානය හිමිවී ඇත

එහි පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ සිටි පාකිස්තානු ක‍්‍රිඩක ඉමාඩ් වසීම් දෙවැනි ස්ථානයට පත්වීම හේතුවෙන් එම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගැනීමට හිමිකරගැනීමට ඉන්දියාවේ වේගපන්දු යවන ක‍්‍රිඩක ජස්ප‍්‍රිත් බුම්රා සමත් වී ඇත.

මීට අමතරව දකුණු අප‍්‍රිකානු දග පන්දු යවන ක‍්‍රීඩක ඇරොන් පන්ගීසෝ ස්ථානය 19ක් ඉදිරියට පැමිණෙිමින් 47වන ස්ථානයටත්, පාකිස්තානයේ ශඩාබ් ඛාන් ස්ථාන 21ක් ඉදිරියට පැමිණෙමින් 40වන ස්ථානයටත්,මොහොමඩ් අමීර් ස්ථාන 21ක් ඉදිරියට පැමිණෙමින් 49වන ස්ථානයටත්, හසන් අලී ස්ථාන 10ක් ඉදිරියට පැමිණෙමින් 63වන ස්ථානයත් හිමිකරගෙන සිටි.

එහි පිතිකරු ශ්‍රේණිගත කිරීමි ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි සමත් ව ඇත.

බංගලාදේශ කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරගවල වේගවත්ම ශතකය ලබාගත් ඩේවඩ් මිලර් ස්ථාන 16ක් ඉදිරියට පැමිණෙමින් 22 වන ස්ථානයටත්,හෂීම් අම්ලා ස්ථාන 05ක් ඉදිරියට පැමිණෙමින් 07වන ස්ථානයටත්, බංගලාදේශ කණ්ඩායමේ සෞම්‍ය සර්කාර් ස්ථාන 19ක් ඉදිරියට පැමිණෙමින් 28වන ස්ථානයටත්, ශ‍්‍රී ලංකා සමග පැවැති තරගාවලියේ තරගාවලියේ වීරයා වු ශහීබ් මලික් ස්ථාන 03ක් ඉදිරියට පැමිණෙමින් 26වන ස්ථානය හිමිකරගෙන සිටී.

විස්සයි විස්ස තුන්ඉරියව් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි බංගලාදේශ කණ්ඩායමේ සකීබ් අල් හසන් පෙරමුණ ගෙන සිටී.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවකු හෝ පන්දුයවන්නකු ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 10ට පැමිණිමට අසමත් වී ඇත.

තිබහට දිව ගිලුනත් කවදාවත් වාහන ඇතුලේ තියන බෝතල් වලින් වතුර බොන්න එපා

සාමාන්‍යයෙන් එදිනෙදා ගමනක් බිමනක් යනකොට වාහනය ඇතුලෙදි වතුර තිබහක් ආවොත් වාහනය ඇතුලේ තියන වතුර බෝතලයකින් අපේ තිබහ නිවාගන්න උත්සහ කරනවා. නමුත් ඔබ දැනගෙන සිටියද වාහන ඇතුලේ තියන වතුර බෝතල් වලින් වතුර බොන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා

අපි සුලභව කරන මේ වැරැද්දේ තියන භයානක කම මෙන්න අදවත් බලාගන්න යාලුවන්ටත් බලන්න අනිවා Share කරන්න

උපුල් තරංග තුන්ඉරියව් ක‍්‍රීඩක ‘අසේල’ ගැන සුබ ආරංචියක් රටටම කියයි

ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරඟයකදී ඇඟිල්ලේ පන්දුවක් වැදීම හේතුවෙන් අබාධයකට ලක් වුණු තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න නොවැම්බර් මස 16 වනදා කොල්කටාහිදී ආරම්භ වීමට නියමිත ඉන්දියානු සංචාරය සඳහා එක්වීමට බොහෝදුරට ඉඩකඩ ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංග පවසනවා.

ඔහු පවසා සිටියේ ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා එම සංචිතය සඳහා කැඳවීමට වැඩි අවස්ථාවක් ඇති බවයි.ඔහු මේ බව සදහන් කළේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම තරඟාවලියට ටෙස්ට් තරඟ 03ක් එක්දින තරඟ 03ක් සහ පන්දුවාර විස්ස තරඟ 03ක් ඇතුළත්.

තරඟාවලි කාල සටහන පහතින්.

Test

Nov. 16-20 – First Test, Kolkata

Nov. 24-28 – Second Test, Nagpur

Dec. 2-6 – Third Test, Delhi

ODI

Dec. 10 – First ODI, Dharamsala

Dec. 13 – Second ODI, Mohali

Dec. 17 – Third ODI, Visakhapatnam

T 20

Dec. 20 – First T20, Cuttack

Dec. 22 – Second T20, Indore

Dec. 24 – Third T20, Mumbai

මව සමඟ විවාහ වී දියණියට මංගල මුදුව පැළඳු හැමෝගේම ඇස් කඳුලින් තෙත්කළ සිදුවීම මෙන්න

මේ සංවේදී සිදුවීම අපට අහන්නට ලැබෙන්නේ බ්‍රසීලයෙන් බ්‍රසීලයේ විවාහ උත්සවයම කඳුලින් තෙත් කල සිදුවීමක් ගැන විදෙස් මාධ්‍ය මෙසේ වාර්තාකර තිබුනා. බ්‍රසීලයේ පුද්ගලයකු විසින් සිය දෙවැනි විවාහය දවසේ තම පළමු විවාහයේ අවුරුදු 6ක් වන දියණියට මගුල් මුදුව පැළඳු සිදුවීමක් තමයි අපිට දැනගන්නට ලැබුනේ

එසේ කල හේතුව ඔයාලම බලන්නකෝ කොහොමහරි ඒ වෙලාවේ හැමෝගෙම මේ සිදුවීම ඇස් වලට කඳුලක් එක්කරන්න තරම් සංවේදී වෙලා තියනවා එම අවස්ථාවේ ඡායාරුප සහ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් ඔබත් නරඹන්න

ඉදිරියේදී ලංකාවට අයර්ලන්ත, ඇෆ්ගනිස්ථාන, බංග්ලාදේශ, සිම්බාවේ තරග සංචාර පමණයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තිබෙන බවත්, හැකි ඉක්මනින් ඒ සඳහා පිළියම් ලබානොදුනහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරි වන්නේ බංග්ලාදේශය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කර සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ මෙන්ම ශ්‍රී ලංකා රජයේද අවධානය හැකි ඉක්මනින් යොමුවිය යුතු බවයි.

“ජාත්‍යන්තර ක්‍රිකට් දිහා බලපුවාම අපි හිටපු හොඳම කණ්ඩායමක්. අපි පාලනය කරපු කාලේ අංශ තුනෙන්ම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන තුනේ ශ්‍රී ලංකා කණ්ඩායම හිටියා. එක්දින තරග රටාවේ අපි දෙවැනි ස්ථානයේ හිටියා, ටෙස්ට් තරග රටාවේ අපි දෙවැනි සහ තුන්වැනි ස්ථානවල හිටියා, පන්දුවාර විස්සයි20 තරග රටාවේ අපි පළමු ස්ථානයේ රැඳී සිටියා අවුරුදු තුනක් පමණ. එහෙම හිටපු රටක් තමයි අපි.

එවැනි ශ්‍රේණිගත කිරීම්වල උඩින්ම ඉන්නකොට අපේ රටේ ක්‍රිකට්වලට තියෙන ඉල්ලුම වැඩියි. රූපවාහිනි ආයතනවලින් මෙන්ම අනිකුත් ක්‍රිකට් පාලක මණ්ඩලවලින් අපට ලොකු පිළිගැනීමක් තිබුණා. නමුත් දැන් මේ යන විදිහට ඒ පිළිගැනීම, ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා ඉදිරියේදී අපට ජාත්‍යන්තර තරග ලැබේවිදෝ කියලා සැකයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තියෙනවා කියලා.

මම ලේකම්වරයා ලෙස සිටි කාලයේදී, 2012 සිට 2020 දක්වා අනාගත තරග සංචාර (ෆියුචර් ටුවර් ප්‍රෝග්‍රෑම් (එෆ්.ටී.පී)) අත්සන් කළා. අවුරුදු 8කට තමයි සාමාන්‍යයෙන් එෆ්.ටී.පී. එකක් අත්සන් කරන්නේ. ඒ කාලේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, ද.අප්‍රිකාව සහ පාකිස්තානය වැනි ගොඩක් රටවල් අපට තරග සංචාර දුන්නා. නමුත් අපේ දක්ෂතා අඩුවෙනකොට ඊළඟ එෆ්.ටී.පී. එකේදී (2020 සිට 2024 හෝ 2028 දක්වා) අපට ලැබෙන තරග සංචාර අඩු වෙන්න පුළුවන්.

අපේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ටිකෙන් ටික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙමින් ඉන්නවා. විදෙස් රටවල ප්‍රේක්ෂකයන් දැන් අපේ රටේ ක්‍රිකට්වලට ආදරේ නැහැ. අපේ දක්ෂතා හොඳ නැති නිසා විදෙස් ක්‍රිකට් පාලක මණ්ඩල (විදෙස් ප්‍රේක්ෂකයන් අඩු නිසා) තරග සංචාර ලබාදෙන්න වැඩි කැමැත්තක් නැහැ. මේ හේතු නිසා ඉදිරියේදී අපට හොඳ රටවලින් තරග සංචාර නොලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ක්‍රිකට්වල වටිනාකම අඩුවෙනවා. ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් අපට අපේ ක්‍රිකට් දියුණු කරගන්න තව තවත් අපහසු වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර තරග සඳහා ඇවිත් තියෙනවා. ජාත්‍යන්තර පන්දුවාර විස්සයි20 තරග තියෙනවා, අයි.පී.එල්. තරගාවලිය තියෙනවා, ඒ ඒ රටවල් සංවිධානය කරන ක්‍රීඩා සමාජ තරගාවලි තියෙනවා. නමුත් කැලැන්ඩර් එකේ තියෙන්නේ දින 365යි. ඒ නිසා ඉස්සර ක්‍රීඩා කළාට වඩා තරග ප්‍රමාණයක් අඩුවෙනවා. ඉතින් මේ සියල්ලම සලකා බලා, අපේ දක්ෂතා අඩුවුණාම, අපේ ජනප්‍රියත්වය අඩුවුණාම අපට ලැබෙන තරග සංචාර අඩු වෙනවා. ඉතින් මට කියන්නේ තියෙන්නේ මේ විදිහට ගියොත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් අගාධයට ගමන් කරනවා කියලයි.

මේක ක්‍රීඩා ඇමතිතුමාගේ අවධානය යොමුවිය යුතු කරුණක්, ඒ වගේම රජයේ අවධානය යොමුවිය යුතු කරුණක්. යම් විදිහකින් විදෙස් රටවලින් අපට ලැබෙන තරග සංචාර අඩු වුණොත් ඉදිරියේදී අපට ක්‍රිකට් ගහන්න වෙන්නේ සිම්බාබ්වේ, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වගේ රටවල් එක්ක විතරයි. එහෙම වුණොත් අපට තරග විකාශන අයිතිය ලබාදීම තුළින් ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා, අනුග්‍රාහකයන් අඩු වෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියාරුවී යනවා. එවැනි බරපතළ තත්ත්වයක් තියෙනවා.” යැයි හිටපු ක්‍රිකට් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

– ada.lk