චාමරගේ සින්දුවක් දෑස් නොපෙනෙන අදීප ගයනා කරනවා දැක්ක චාමර ෆේස්බුක් එකේ දැම්ම සංවේදී සටහන

ඉතාමත් නිහතමානී වැඩිම රසික පිරිසක් ආදරය කරන චරිතයක් තමයි චාමර වීරසිංහ කියන්නේ. ඒ වගේම මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන සිරස ජුනියර් සුපර් ස්ටාර් වැඩසටහනේ කාගේත් අවධානය දිනාගත්ත චරිතයක් තමයි දෘශ්‍යබාධිත අදීප ඉන්ද්‍රජිත් කියන්නේ

ඉතින් පසුගියදා මේ පුංචි දක්ෂයා චාමරගේ සින්දුවක් කියනවා දැකල චාමර එම පුංචි හපන ගැන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුනා මෙන්න ඒ පිලිබඳ වැඩි විස්තර සහිත වීඩියෝව

තිසර නායකත්වයේ ඔටුනු පළදයි..ප‍්‍රබල ක‍්‍රීඩකයින් රැසක් එක්දින සංචිතයට

මේ වසරේ සහභාගි වූ එක්‌දින තරග 26 න් තරග 21 ක්‌ම පරාජය වූ අතර ජයගෙන ඇත්තේ තරග හතරක්‌ පමණි. අදාළ එක්‌දින තරග 26 ඇන්ජලෝ මැතිව්ස්‌, උපුල් තරංග, ලසිත් මාලිංග සහ චාමර කපුගෙදර යන නායකයන් සිවුදෙනකු යටතේ මෙහෙයවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවට සිදුවිය. මේ වසරේදී පමණක්‌ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරග මෙහෙයවන පස්‌වැනි නායකයා වන්නේ ද තිසර පෙරේරායි.

පාකිස්‌තානය සමඟ පැවැති විස්‌සයි විස්‌ස තරගාවලියේදී පළමු වරට නායකත්වයේ ඔටුන්න දමාගත් තිසර පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින තරගයක්‌ මෙහෙයවන 22 වැන්නා ද වේ. නාරංගොඩ ලියනආරච්චිගේ තිසර චිරන්ත පෙරේරා හෙවත් තිසර පෙරේරා මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි සිසුවෙකි. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ද ශාන්ත ජෝශප් විදුහලේ ආදි සිසුවෙකි.

එක්දින තරග 125 කට ක්‍රීඩාකර ඇති තිසර පෙරේරා ලකුණු 1441 ක් රැස්කර ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 17.57 කි. මෙතෙක් කඩුලු 133 ක් දවාගෙන ඇති තිසර පෙරේරාගේ හොඳම පන්දු යැවීම වන්නේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී ලකුණු 44 කට කඩුලු 6 ක් දවාගැනීමයි.

උපුල් තරංග මෙහෙය වූ එක්‌දින තරග 22 කින් 16 ක්‌ම පරාජය වී තිබීම හේතුවෙන් තේරීම් කමිටුවට නව නායකයකු සොයා ගැනීමට සිදුවිය.

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්‌දින තරගාවලිය සහ විස්‌සයි විස්‌ස තරගාවලිය සඳහා අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්‌, කුසල් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක එක්‌ කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා ඇති අතර අවසන් සංයුතිය ප්‍රකාශ කිරීම අද (30 දා) සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පවසයි.

චන්දික හතුරුසිංහ වැනි පුහුණුකරුවකු යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම සතුටක්‌ බවත් තිසර පෙරේරා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ වනවිට ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ වැඩි විස්තර මෙන්න

මේ වනවිට ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ වැඩි විස්තර මෙන්න බලන්නකෝ එහෙනම් පහල තිබෙන ලින්ක් එක ක්ලික් කරලා මේ වන විට කොහොමද අපිට ඇති කාලග්නික වෙනස්වීම ඉහල අහසේ සිට ලැබේනම චන්ද්‍රිකා තාක්ෂනා ඔස්සේ එහෙමනම්

https://earth.nullschool.net/#current/wind/surface/level/overlay=precip_3hr/orthographic=-278.64,9.21,990/loc=80.721,7.648

සුක්ෂම සාක්ෂිය නිසා උසාවියේදී දුෂකයාට කට උත්තර නැතිවෙයි මෙන්න විස්තරේ

ලොවපුරා නිතර දෙවේලේ අහන්නට ලැබෙන පුවතක් තමයි ස්ත්‍රී දුෂණ . සමහර තරුණියක් තරුණ වයසේදීම මෙයට ගොදුරුවීම නිසා ලජ්ජාවට පත්ව මෙය හංගගෙන සිටින අතර තවත් සමහරු දුෂකයන් නීතියේ රැහැනට කොටුකර දීමට මහත් වෙහෙසක් දරනවා. අපි මේ කියන්න යන කතාවත් ඒ වගේ එකක්.

තමන්ව දුෂණය කරන මොහොතේ ඇය විසින් ලබාගත් අති සුක්ෂම සාක්ෂිය නිසා උසාවියේදී “මම එහම කලේ නැහැ” කියමින් සාක්ෂි දුන දුෂකයාට කටඋත්තර නැතිවුණු පුවතක් අපිට අහන්නට ලැබුනා මෙන්න ඒ පිලිබඳ වැඩි විස්තර  ඔබත් දැනගන්න

කෙන්යාව දිවා රෑ නොබලා ලොව එකම පිරිමි සුදු රයිනෝ රකින අතර ලංකාව දළ ඇතෙකු මරා සිරුර සොයයි

ආඩම්බරයක් වූ විශාල සංචාරක ආකර්ශනයක් දිනාගත් ගල්ගමුවේ දළ පුට්ටුවා මේ වනවිට ඇත් දළ හොරුගේ ගොදුරක් වී හමාරයි. මේ වනවිට ඔහුගේ සිරුර සොයාගත් බව අපිට දැනගන්නට ලැබුනා. ඔබේ දන්නවා කෙන්නියාව තමන්ගේ රටේ සම්පතක් වූ සුදු රයිනෝසිරස් බලාගන්න පැය 24 නවීන තාක්ෂනය උපයෝගී කරගනිමින් සොයා බලන ත්යර විශේෂ භට කණ්ඩායම්ද ඒ සඳහා යොදා තිබෙනවා.

මෙච්චර වටිනා සම්පතක් රටට අහිමිවනතුරු ලංකාවේ වනජීවී එක නිදි. විලි ලජ්ජා වියයුතුයි ඇත් දල පොලිසියට අහුවුනේ නැත්තම් අදටත් දළ පුට්ටුවාට වුන දෙයක්වන්ත් වනජීවී එකේ අයියලා දන්නේ නෑ

බලන්නකෝ එහෙනම් මොකක්ද මේ විස්තරේ කියලා

ෆේස්බුක් එකෙන් හමුවූ පෙම්වතිය ඇස් දෙකට දැකගන්න නුවර ගිය තරුණයා මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

අද කාලේ කොල්ලෙක්ට කෙල්ලෙක් මුණගැහෙන්න ඕන තරම් ක්‍රම තියනවා. ජංගම දුරකථන , ෆේස්බුක් වගේ දේවල් ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. අද කාලයේ ෆේස්බුක් ආදර සම්බන්ධතා නිසා ඇතිවූ ප්‍රශ්න සහ විපාක පිළිබඳත් අපිට නිතර නිතර අසන්නට දකින්නට ලැබෙනවා. අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැනයි.

පූගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු ෆේස්බුක් එකෙන් හමුවූ නුවර ප්‍රදේශයේ පෙම්වතිය සිය ඇස් දෙකෙන් දැකගන්න නුවරට එන්න ගිහින් මුහුණදුන් අවාසනාවන්ත ඉරණමක් ගැනයි අපි මේ කියන්න යන්නේ. එහෙනම් මෙන්න වීඩියෝව පහතින් නරඹන්න

ලංකාව වටේම මුහුද ක්ෂිතිජය දක්වාම අඳුරු හා කළු පැහැයකින් යුක්ත වෙයි සුනාමියක පෙර නිමිතිද?

ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පුවතක් වුනේ ඉන්දියාවේ ලෝකප්‍රසිද්ධ අනාවැකි කරුවකුන් විසින් ලංකාවට සහ ඒ අවට රවටවල සුනාමියක් පැමිණෙන බවට පැවසු අනාවැකිය. ඒ නිසා බොහෝ දෙනෙක් ඉතාමත් කලබලයට පත්වුනා. පසුව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් එවැනි දෙයක් සිදුනොවන බවට තවමත් පුරවා ලක්ෂණ පහලවී නොමැති බවට ප්‍රක්ෂයක්ද නිකුත් කළා

අපිට මේ වනවිට දැනගන්නට ලැබුනා දිවයින වටා මුහුදු තීරයේ දැඩි රළු ස්වභාවයක් ගෙන ඇති බව සහ මේ වනවිට අවධානම් නිවෙදනද නිකුත් කර ඇති බව මෙන්න වැඩිදුර තොරතුරු සහිත වීඩියෝව පහතින්

රටම උණුසුම් කළ එක්දින පිළේ නායකත්වය ගැන අන්තිම තින්දුව මෙන්න දැනගන්න

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග එළඹෙන ඉන්දීය සංචාරයේ සිට නායකත්වයෙන් ඉවත් කිරීමට නියමිතව ඇති අතර උපුල් තරංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 22ක් සඳහා සහභාගි වී ඇතිමුත් ඉන් තරග 16ක්ම පරාජය වී ඇති අතර ජයග්‍රහණය ලබා ගෙන ඇත්තේ තරග 4ක් පමණි.

ගතවූ මාස 11 තුල දී ශ්‍රී ලංකාව සහභාගි වූ එක්දින තරග 26ක දී පරාජයන් 21ක් ලබා ඇති අතර ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණි. සිම්බාබ්වේට එරෙහිව තරග 2ක් සහ බංග්ලාදේශය හා ඉන්දියාවට එරෙහිව එක් තරගයක් ජය ගෙන ඇති අතරම ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරග 12ක්ම පිට පිටම පරාජය වී ඇත.

කෙසේ වෙතත් ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරග තුන සහ විස්‌සයි විස්‌ස තරග තුන සඳහා නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්‌ට හෝ තිසර පෙරේරාට ලබාදෙන ලෙස යෝජනා කිහිපයක්‌ තේරීම් කමිටුවට ලැබී ඇතැයි වාර්තා වේ. නව එක්‌දින නායකයා හෙට (30 දා) නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්‌ නායකත්වය යළිත් භාර ගැනීමට මැළිකමක්‌ දක්‌වන බව වාර්තා වන අතර එම හේතුවෙන් තිසර පෙරේරාට කණ්‌ඩායමේ නායකත්වය ලබාදීමට යෝජනා වී තිබේ. මීට කලින් එක්‌දින කණ්‌ඩායමේ නායකත්වයට ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්‌වැල්ල යෝජනා වී තිබුණද ඔවුන්ගේ වත්මන් දක්‍ෂතා සැලකිල්ලට ගනිමින් ඒ සියල්ලටම වඩා තිසර පෙරේරා මේ වන විට අදාළ තනතුරට සඳහා ඉස්‌මතු වී ඇතැයි ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමට නියමිත චන්දික හතුරුසිංහ සමගද මීළඟ එක්‌දින නායකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වන අතර එහිදී ඔහු ඇන්ජලෝ මැතිව්ස්‌ව යෝජනා කර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ක්‍රිකට්‌ ප්‍රධානියකුගෙන් විමසන ලදුව, හතුරු මෙයාවම ඕනි කියල බල කරලා නැහැ. ඔහු දෙන ඕන නායකයකු සමග කණ්‌ඩායම ඉදිරියට ඇදගෙන යයි. අපි ගොඩක්‌ කට්‌ටිය කියන්නෙ මේ වෙලාවෙ තිසර පෙරේරාට දීල බලමු කියලා.’ යනුවෙන් අදාළ බලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පාකිස්‌තානය සමඟ පැවැති විස්‌සයි විස්‌ස තරගාවලියේදී තිසර පෙරේරා පළමු වරට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වයට පත්වූ අතර එහිදී ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් කණ්‌ඩායමේ ක්‍රීඩකයන් වඩාත් පැහැදීමකින් කටයුතු කර ඇති බව ක්‍රිකට්‌ බලධාරීන්ට අනාවරණය වී තිබීම හේතුවෙන් තිසර පෙරේරාට නායකත්වය ලබාදීමේ අදහස ඉස්‌මතුව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්‌ ශ්‍රී ලංකාවේ සාර්ථකම එක්‌දින නායකයන්ගෙන් එක්‌ අයකි. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රාහී ප්‍රතිශතය 51.07% ක්‌ ලෙස වාර්තා වේ. ජයග්‍රාහී ප්‍රතිශතකයක්‌ 50% කට වැඩියෙන් රදවා ගත් එක්‌දින නායකයන් අතර මැතිව්ස්‌ පසු පසින් සිටින්නේ කුමාර් සංගක්‌කාර (65.85%), සනත් ජයසූරිය (58.26), මහේල ජයවර්ධන (58.05) සහ මාවන් අතපත්තුට (51.07) පමණි. නමුත් මැතිව්ස්‌ නායකත්වය දැරූ බොහෝ තරගවල මහේල සහ සංගක්‌කාර ක්‍රීඩා කර තිබේ.

28 හැවිරිදි තිසර පෙරේරා එක්‌දින තරග 125 කදී අර්ධ ශතක හතක්‌ සමග මුළු ලකුණු 1441 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 17.57 කි. එහිදී ඔහු ලබා ඇති කඩුලූ සංඛ්‍යාව 133 කි. යම් හෙයකින් ඔහුට නායකත්වය හිමි වුවහොත් ශ්‍රී ලංකාවේ 22 වැනි එක්‌දින නායකයා වශයෙන් සටහන් වනු ඇත. කෙසේ වෙතත් නව නායකයා පත්කිරීම හෝ නොකිරීම හෙට තීන්දු වන අතර යම් හෙයකින් නව නායකයකු පත්කර ගැනීමට නොහැකි වුවහොත් උපුල් තරංගටම ඉන්දියානු සංචාරය භාරදීමට නියමිතව තිබේ. තරංග මෙහෙයවූ එක්‌දින තරග 22 කින් 16 ක්‌ම පරාජය වී තිබීම හේතුවෙන් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රොයි නව නායකයකු සෙවීමට හේතුව බව වාර්තා වෙයි.

ක්‍රිකට් පිටිය ලස්සන කරන ලෝකේ ලස්සනම සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකාවන් මෙන්න

ක්‍රිකට් පිටියක් උනත් හැඩ කරන්න කෙල්ලෙක් ඉන්නම ඕනේ කාන්තා ක්‍රිකට් තරග පිළිබඳවත් මේ වෙද්දි ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවෙලා. ඒ කාන්තාවන්ගේ ක්‍රිකට් තරගවලද ඇති තරගකාරී බව එන්න එන්නම වැඩි වීම නිසා. ඒ වගේම සුරූපී තරුණියන් ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය නරඹන්නත් ලොව පුරා බොහෝ ක්‍රිකට් ලෝලීන් බොහොම කැමත්තෙන් ඉන්නවා

අනේ මෙහෙමත් දෙමව්පියෝ.පිටිපස්සෙන් ආපු මිනිසුන් දැඩි කම්පනයට පත්වුණු අනතුර

අනතුරු බොහොමයක් සිදුවන්නේ අපි හැමෝගෙම නොසැලකිලිමත්කම නිසයි. අපි අද මේ පෙන්න යන වීඩියෝවත් එම වහනය පිටුපසින් පැමිණි වාහනයේ පටිගතවූ දර්ශන පෙළක් බලන්නකෝ ක්ෂණිකව වෙනදේ හිතාගන්න තරම්වත් කාලයක් නැහැ මොකද මේ වුනේ කියලා.

මේ අනතුර බලන අපිට මේ තරම් කම්පනයක් ඇති වුනානම් ඒ මිනිස්සුන්ට කොහොම කම්පනයක් ඇති වෙන්න ඇද්ද ඒ වෙලාවේ දෙමාපියන්ගෙ නොසැලකිලිමත් කම තමා ඉතින් වෙන මොනාද මෙන්න එම අනතුරේ දර්ශන පහතින්