අක්මාව දුන්නයි කියන කෙනාට අසාධාරණයක් කළා යයි කියන කතාවට නාමල් සහ රන්ජන් අතර ගැටුමක්

නාමල් උඩුගම ගායන ශිල්පියා සහ ඔහු රෝගාතුරව සිටි සමයේ ඔහුට සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ ක්‍රිෂාන් සම්පත් ගැන පසුගිය දවස් ටිකේම ලොකු කතාබහක් ඇතිකළා.
ක්‍රිෂාන්ත සම්පත් සේවය අත්හිටවූ ග්‍රාම නිළධාරීවරයෙක් වන අතර ඔහු දෙදරු පියෙක්.
ඔහුගේ බිරිඳ සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටිනවා.
කෙසේ වෙතත් අදාල අක්මා කොටස පරිත්‍යාගයෙන් පසු ක්‍රිෂාන්ත අසනීප වූ බවත් , නාමල් උඩුගම පවුල විසින් ක්‍රිෂාන්තට නොසලකා හැරි බවත් සදහන් වනවා.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් ‍රාමනායක මහතා සිය මන්ත්‍රී නිල නිවාසයට ක්‍රිෂාන්ත ගෙන්වා ඔහුට උදව් කිරීමට පසුගිය දවසක කටයුතු කර තිබුණා.
එම අවස්ථාව ඔහුගේ ෆේස්බුක් පිටුව මගින් සජීවිව විකාශය කිරීමට කටයුතු කර තිබු අතර ,අපූරු අමුත්තෙක් සිදුවීම පිළිබඳව අදහස් දක්වා තිබුණා.
ඒ තමයි නාමල් උඩුගම.

එම සටහන පහතින්

මේ සම්බන්දයෙන් නාමල් උඩුගම  කල  ප්‍රකාශය පහතින් නරඹන්න

පුංචි පැටියා නිසා ප්‍රතිකාර නවත්වා ජීවිතයෙන් සමුගත් දියණිය කරු ජයසූරියට දීලා ගිය පුංචි වස්තුව

අපි හැමෝම දන්නා කරුණක් තමයි වත්මන් පාර්ලිමේන්තුවේ කතානායකතුමන් ලෙස කටයුතු කරන කරූ ජයසුරිය මහතාගේ දියණිය පිළිකාවක් නිසා හදිසියේ වියෝවූ පුවත. ඇය සිය කුස තුල සිටි දරුවාට පිලිකා ප්‍රතිකාර නිසා හානියක් වේ යැයි බියෙන් එම ප්‍රතිකාර නැවත දැමීම නිසා ඇය අසාධ්‍ය තත්වයට මෙලොවින් සමුගත්තේ මවකගේ ආදරය කෙතරම්ද යන්න මුළු ලොවටම පසක් කරමිනි.

ඒ පුංචි පැටියා දැන් ගොඩක් ලොකුයි නම තමයි ඩිලාන්/ ඔන්න ඉතින් මේ පුංචි පැටියාගේ ෆොටෝ ටිකක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා ඉතින් මෙන්න ඒ ෆොටෝස් ටික පහතින් බලන්න

පැත්තකින් බැලුවම නිකම්ම නිකන් ගලක් වගේ පෙනුනට අනෙක් පැත්තේ සැඟවී ඇති විශ්මිත දේ මෙන්න

Nabataean අධිරාජ්‍ය යනු දක්ෂිණ මධ්‍යධරණී ප්‍රදේශයේ සිට උතුරු අරාබිකරය දක්වා පැතිරී තිබුණු විශාල රාජධානියකි.ඔවුන් තනා ඇති ස්මාරක වලින් එදා ඔවුන් සතුව පැවති බලය හා ධනය පිලිබඳව සාක්ෂි සපයනවා.ඔවුන්ටම විශේෂ වූ ශිල්පීය ක්‍රම පිළිබඳව හොදින් නිරූපණය වන ස්ථානයක් ලෙසින් හුදකලා මාලිගය හෙවත් Qasr al-farid හදුන්වන්නට පුළුවන්.මෙය පිහිටා ඇත්තේ අරාබියේ උතුරට වන්නට පිහිටි Hegra වලය.

ඈතට මෙය ගලක් ලෙසින් පෙනෙන අතර සමීපයට ගිය විට පමණක් මෙය ගොඩනැගිල්ලක් බව පෙනෙනවා. 2008 වසරේදී UNESCO සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසින් නම් කර ඇත

අපේ ක්‍රීඩකයින්ට කරපු කොඩිවින ගැන වගේම අනාගතේ වන දේශපාලන පෙරලිය ගැන ගංගා මෑණියෝ ඉඟි පල කරයි

මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ කතාබහට ලක්වන චරිතයක් වී ඇත්තේ ගංඟා සුදර්ශනීයි. ඇය කියූ බවට පැවසෙන අනාවැකි විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරය වෙයි. ඇත්තටම ඇය කවුද? ඇය ඇත්තටම ගංඟා මෑණියෝ වශයෙන් හඳුන්වන කෙනාමද? ක්‍රීඩාවේ අනාගතය කොහොමද යන්න පිළිබඳව ඈ සමඟ සිදුකළ සාකච්ඡාවකි මෙය.

ඔබගේ සම්පූර්ණ නම?
අගම්පොඩි ගංඟා සුදර්ශනී ද සොයිසා.

ගම කොහේද?
අකුරල ග්‍රාමයේ

පවුලේ විස්තර?
මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. සහෝදරයන් සතරදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ඉන්න පවුලක හයවැනියා විදිහට උපත ලබපු කෙනෙක්. මම දරුවන් හතර දෙනකුගේ අම්මා කෙනෙක්.

පාසල් ගියේ?
මම අකුරල පාසලේ අධ්‍යාපනය හැදෑරුවා.

ඔබගේ රැකියාව මොකක්ද?
මම රැකියාවක් වශයෙන් කිසිම දෙයක් කළේ නෑ. කුඩා කාලයේ ඉඳලම වෙනස් විදිහට හැදිච්චි කෙනෙක්. මට සවසට වැඳුම් පිඳුම් කරන්න ඕන. එය අපේ ගෙදර හැමෝම කරන දෙයක්. හැබැයි මගේ විශේෂත්වයක් තිබ්බා. මම පොඩි කාලයේ ඉඳලම සමහර අනාවැකි කියලා තිබ්බා.

කවුද එතකොට මේ ගංඟා මෑණියෝ?
ගංඟා මෑණියෝ කියන්නේ මම නෙමෙයි. ඔය මුහුණු පොතේ මම වගේ හදාගෙන ගංඟා මෑණියෝ කියලා පෙනී ඉන්නවා. ඒක තුළින් අසත්‍ය අනාවැකි කියනවා. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම මුහුණු පොතේ ඉන්නේ ගංඟා සුදර්ශනී සොයිසා කියන නමින්. මේ ගැන මම කොස්වත්ත පොලීසියට පැමිණිලි කළා. ඉදිරියේදී කවුද කියලා හෙළිවෙයි. මේ වෙනකොට මම දන්නවා කරන කෙනා.

ඔබ ජ්‍යොතිෂ්‍යවේදිනියක් ද? අනාවැකි කියන්නියක් ද?
මම ජ්‍යොතිෂය හදාරපු කෙනෙක් නෙමෙයි. මම ඒ ගැන දන්නේ නෑ. ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒක දන්නේ නැති දෙයක්. මම අනාවැකි පළකරන්නියක්.

මේ අනාවැකි කියන්නේ හැමෝම කියන විදිහේ දේව වරමකින්ද?
නැහැ. වරමකින් නෙවෙයි. මම කුඩා අවධියේ ඉඳන්ම යම් යම් දේවල් කියලා තියෙනවා. ඒ කියපු දේවල් සත්‍ය වෙලා තියෙනවා. ඒත් ඒ දවස්වල අපේ අම්මා තාත්තා ඒවා සමාජ ගතකළේ නැහැ. ඒත් පසුකාලීනව මම වෘත්තිමය වශයෙන් අනාවැකි කියන්නියක් වුණා.

ඔබ අනාවැකි කියන්න අරගෙන කොච්චර කල් ද?
අවුරුදු 35කට එහා දිවයනවා. දැන් මගේ වයස 55ක්.

ඔබ කිව්ව අනාවැකි වැරදිලා නැද්ද?
එතෙක් මෙතෙක් කිව්ව කිසිදෙයක් වැරදිලා නෑ.

ඔබ කිව්ව ලොකුම අනාවැකිය මොකක්ද?
කුඩා අවදියේදී මම කියලා තියෙනවා ඔය සප්ත කන්‍යා ගුවන් අනතුර. කොහේදෝ රටක ඉඳලා එන අහස් යාත්‍රාවක් මහා කන්දක හැපිලා ඒ ඔක්කොම මැරෙනවා කියලා. ඒ වගේම මගේ සහෝදරයන්ට පවසලා තියෙනවා මේ මහා මුහුද විශාල වෙලා ගොඩ ගලලා ගොඩාක් දෙනෙක් මියයනවා කියලා.

ඔබට සමාජය ඇතුළේ විශාල කතා බහක් ඇති වෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ සිදුකරන අනාවැකිත් එක්ක. මොකක් ද මේ සම්බන්ධය?
එකපාරට නෙමෙයි. 2011 ඉඳලම කිව්වා. මගේ වෙබ් අඩවිය බැලුවොත් ඕන කෙනෙකුට දකින්න පුළුවන්. මම එදා ඉඳලා කිව්වා ලංකාවේ ක්‍රීඩාව බලාපොරොත්තු නැති විදිහට පහතට වැටෙනවා. ඒ වගේම ක්‍රීඩකයන් අතර ප්‍රශ්න ඇති වෙනවා. ක්‍රීඩාව අපහාසයට ලක්වෙනවා. ක්‍රීඩකයන්ට නින්දාවන් විඳින්න වෙනවා කියලා. මට 2011 ඉඳලම කිව්වා මෑතක ඉඳලා තමයි ඒත් අවධානය යොමු වුණේ.

එදා ඔබ කාටද කිව්වේ මේ අනතුරු?
මම මේක කිව්වා ජයන්ත ධර්මදාස මහත්තයට. මට පස්සේ කතා කරන්නම් කිව්වා. ඊට පස්සේ සංජීව රණතුංග කියලා කෙනෙක්ට කතා කරලා මම කිව්වා.

මොනවද කිව්වේ?
මම කිව්වා අපේ රට ක්‍රිකට්වලින් ඉහළට යන නිසා වෙනත් රටවලින් යම් යම් කොඩිවින වගේ දේවල් සිදුකරලා තියෙනවා කියලා අපේ ක්‍රීඩකයන්ට. ඒක මගේ විශ්ව ශක්තියට පේන බව තමයි මම ඒ කාලේ ඉඳලම කියන්න උත්සාහ කළේ. ඒත් ඒ ගැන අවධානය යොමු කළේ නෑ.

ඔබ කියන්නේ ක්‍රීඩකයන්ට අයහපතක් සිද්ධවෙන්න කියලා මොනවාහරි දෙයක් කරලා කියලද?
ඔව්. අනිවාර්යෙන්ම. හිටපු දක්ෂ ක්‍රීඩකයන් එකපාර පැකිළුණේ මේ දේවල් නිසා. එහෙම නැතුව ඒ අයගේ දක්ෂකම් අඩුවීමක් නෙමෙයි. පුහුණුවේ අඩුවීමකුත් නෙවෙයි. නොසැලිකිලිමත් බවකුත් නෙමෙයි. අර කරපු දේවල් නිසයි එහෙම වුණේ. අදටත් ඒ දේ එහෙමයි.

ඒ කියන්නේ මේක කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක් ද?
2011 ඉඳලම පෙනුණා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අපලයි. පහතට හෙළනවා කියලා. තව කාරණයකුත් තියෙනවා. රටට වාසනාව ගේන්න නායකයන්ගේ වාසනාවත් බලපානවා. හිතන්න ක්‍රීඩා ඇමැතිගේ අපල තියෙනවා නම් ක්‍රීඩකයන්ගේ අපල තියෙනවා නම් ඒ දේවලුත් ක්‍රීඩාවට බලපානවා.

මේ මෑතක ඉඳලා ක්‍රීඩා බලධාරීන් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ මේක දැනගෙන ද?
ඔව් ඒක නෑ කියන්න බෑ. මම බොරු කියන කෙනෙක් නෙමෙයි. එහෙම සහසම්බන්ධයක් ඇති වුණා. ඒක කියන්න පුළුවන්.

ඔවුන් සම්බන්ධ වුණේ මොකටද?
මම ඒ අයට කිව්වා, මේ ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්නවලට උදව් කරන්න පුළුවන් කියලා. අවම කරන්න හරි පුළුවන් කිව්වා. දිනන්න බැරි නම් සම තත්ත්වයට හරි ගේන්න පුළුවන් කිව්වා.

මේ ගැන දැනුම් දුන්න අය නම් වශයෙන් කියන්න?
මම කලින් හිටිය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කිව්වා. හැබැයි මම කියන දේ ගැන පොඩි හරි අවධානයක් යොමු කළේ වර්තමාන ක්‍රීඩා ඇමති දයාසිරි ඇමැතිතුමා විතරයි.

දයාසිරි අමාත්‍යවරයා ඔබව හම්බවෙන්න ආවාද?
ඔව් ඉතින් ආවා. මගේ පැලවත්තේ නිවසට.

ඔබ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල හම්බවුණාද?
නෑ… නෑ… හම්බවුණේ නෑ… එක්තරා ආගමික උත්සවයකදී හම්බවුණා. ඊට පස්සේ හම්බවුණේ නෑ.

ඇත්තද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා පත්කර ගන්නේ ඔබගේ උපදෙස් මත කියන්නේ?
නෑ… ඒක බොරු කතාවක්.

ක්‍රීඩා ඇමැතිවරයා කිව්වා මේ ක්‍රීඩකයන්ගේ බඩ වැඩියි. ෆිට්නස් අඩුයි කියලා ඔබ කියන්නේ ඒවා නෙමෙයි මේ කඩා වැටීමට ප්‍රශ්න?
නෑ… ඒවා නෙමෙයි. මට මෑතකදී දැක්කා අනුර කුමාර දිසානායක මහත්තය කියලා තිබ්බා මේ හැමෝම ගංඟා මෑණියෝ ළඟට යනවා. ඊට පස්සෙයි ක්‍රීඩකයෝ පුහුණුකරු වෙත යන්නේ කියලා. මම කියනවා මෙච්චර කල් පුහුණුකරුවෝ පුහුණු කළා නේද? එහෙමනම් දිනන්න එපැයි. මගේ ආශිර්වාදය ගත්තේ පාකිස්ථාන මැච් එකට කලින්.

ඔබව හම්බෙන්න ආපු ක්‍රිකට් ක්‍රීඩකයෝ කවුද?
බෑ එහෙම කියන්න බෑ.

වර්තමාන ක්‍රීඩකයෝ විතරද එන්නේ?
අනේ අම්මේ ඉස්සර හිටිය ක්‍රීඩකයෝ තමයි වැඩියෙන්ම ආවේ.

ඔබට හිතෙන්නේ නැද්ද අවිනිශ්චිත ක්‍රීඩාවක් ගැන අනාවැකි කියන්න ගිහින් සමාජයෙන් ගැරහුම් ලබන්නට වෙයි කියලා?
නෑ… ඉතින් හිතන්න දෙයක් නෑ. දැනටම පේනවනේ ගොඩාක් අය අපේ ක්‍රීඩකයන්ට ඊර්ෂ්‍යයි. දරාගන්න බෑ. ඒ නිසා මට චෝදනා කරනවා. කරන්න දෙයක් නෑ මට පේනදේ මම කියන්නේ. බුදුහාමුදුරුවන්ට, ජේසුස් වහන්සේටත් අපහාස කළානේ. ඒ නිසා මම සැලෙන්නේ නෑ.

ඔබ යෝජනා කළාද දිනේෂ් චන්දිමාල් නායකයා හැටියට ටීම් එකට පත්කරන්න?
අනිවාර්යයෙන්ම කරොත් හොඳයි කියලා මට පෙන්නුම් කරනවා.

දිනේෂ්ට වාසනාව තියෙනවාද?
නෑ මෙහෙමයි. ක්‍රීඩකයෙන් තමන් කරන ක්‍රීඩාවට ආදරේ කරන්න ඕන. වෘත්තියට නෙමෙයි රටට ආදරේ කරන්න ඕන. ඒ නිසා මට හම්බවුණ ක්‍රීඩකයන් එක්ක බලද්දී දිනේෂ් චන්දිමාල් ඒකට සුදුසුයි. මගේ පුතාගේ යාළුවෙක්. තමන්ගේ වාසියට නෙමෙයි ඔහු ක්‍රීඩා කරන්නේ.

කවදා ගොඩ යයිද මේ ක්‍රිකට්?
කවදා ගොඩයයිද කියලා බලන් ඉන්න බෑනේ. අපි කොහොම හරි ගොඩවෙන්න ඕන. හැබැයි දැන් නම් ගොඩඑන්න ඕන කාලය හරි.

ඒ කියන්නේ ඔබ මොනවා හරි දෙයක් කළාද?
නෑ… නෑ… මට කරපු දෙයක් නෙමෙයි. හොඳ පුහුණුකරුවෙක් ආවා. ඔහුට වාසනා ගුණය තියෙනවා. ඔතන නුසුදුසු කීපදෙනෙක් ඉන්නවා ඒ අය ඉදිරියේදී යයි. ඒ අයගේ නම් කියන්න බෑ.

ඔය නුසුදුසු අය ක්‍රීඩකයෝ ද? බලධාරින් ද?
දෙගොල්ලොම ඉන්නවා.

පසුගිය කාලයේ වැඩිම චෝදනාව එල්ල වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයට. එතන නුසුදුසු අය ඉන්නවා කියලා පෙන්නේ නැද්ද?
අනිවාර්යෙන්ම මම කියන්නේ ඔය මණ්ඩලවලින් අයින් කරලා ක්‍රීඩකයන් තේරීම ක්‍රිකට් නායකයාට ලබාදෙන්න ඕන.

දැන් ඔය කරලා තියෙනවා කියන බන්ධනවලින් ක්‍රීඩකයෝ බේරගන්න මොනවාද කරන්න ඕන?

මේ මිත්‍යාවක් නෙමෙයි. බන්ධන තියෙනවා බුදුන්ගේ කාලයේ ඉඳලා. ඉන්දියාව වගේ රටවල්වල විශාල වශයෙන් තියෙනවා. කෝලිලා ක්‍රීඩා කරන්න කලින් ආශිර්වාද කරනවා පූජකවරු ගෙන්නවලා.

ක්‍රිකට් අතඇරලා දේශපාලනයට ආවොත් කොහොමද දේශපාලනඥයන් අතර සම්බන්ධය?
මෙහෙමයි හරි දෙයක් කරනකොට කටින් කට යනවා. මම ලංකාවේ විතරක් නෙමෙයි දෙස් විදෙස්වල පවා ජනප්‍රිය කෙනෙක්. ඒ නිසා දේශපාලනඥයෝ එනවා. පක්ෂ විපක්ෂයෙන් තොරව එනවා.

රාජ්‍ය නායකයොත් සම්බන්ධ වුණාද?
බොහෝ නායකයන්ට ආශිර්වාද කරලා තියෙනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?
එතුමා බොහෝම හිතවත්. මට ගොඩාක් හිතවත් වුණේ පරාජයෙන් පස්සේ. හැබැයි ඒ පරාජයත් 2013දී මම කිව්වා.

ඔබ මීට කලින් දැක්ක ද වර්තමාන ජනාධිපති ජනාධිපතිවරයෙක් වෙනවා කියලා?
අනිවාර්යෙන්ම මම කිව්වා. මතකද පිළියන්දල පැත්තේ බෝම්බයක් තියලා එතුමා බේරුණා. ඒ වෙලාවේදි මම කිව්වා එතුමා කවදා හරි නායකයා වෙනවා කියලා.

මෛත්‍රීපාල මහත්තයට දැනුම් දුන්නාද?
නෑ… නෑ… මම පස්සෙන් යන කෙනෙක් නෙමෙයි.

වර්තමාන ජනාධිපතිව හම්බවුණේ නැද්ද?
එතුමාව හම්බවෙන්න මම ගිහින් තියෙනවා එක දවසක්.

ඔබට හිතන හැටියට මේ ආණ්ඩුවේ අනාගතය කොහොමද?
ඒකට දැන් උත්තර දෙන්න බෑ.

රටට මොන වගේද?
දැන් තියෙන්නේ අර්බුදකාරී තත්ත්වයක් ඉදිරියේදී මට කියන්න බැරි තරම් දේවල් සිද්ධ වෙනවා. මම මේ අවස්ථාවේදී දෙයක් කියන්න නරකයි.

2018 වසරේදී යම් දේශපාලන පෙරළියක් වෙනවලු. ඇත්තද ඒක?
ඔව් පෙරළිකාර තත්ත්වයක් වෙන්න පුළුවන්.

ඔය දේශපාලන අනාවැකි කියන්න ගිහින් ගොඩාක් දෙනෙක් නම් කැත කරගත්තා. ඔබට හිතෙන්නේ නැද්ද එහෙම වෙයි කියලා?
අනාවැකි වාසියට කියන අය වැඩියි. සමහර අය තවත් කෙනෙක්ට වාසි වෙන්න කියනවා. තවත් අය මුදලට කියනවා.

2020 කවුද මේ අය අතරින් නායකයා වෙන්නේ?
2020 දී මේ ඔක්කොම ගැන ජනතාව කලකිරෙනවා. ඔය ඉන්නම කෙනෙක් බලාපොරොත්තු නැති ආකාරයෙන් ඉස්මතු වෙනවා.

උපුටා ගැනීමකි

2018 දි ලයිසන් ගන්න බලාගෙන හිටපු අයට මෙන්න ලයිසන් දෙන්න අලුත් ක්‍රමයක්

ලබන වසරේ සිට රියැදුරු බලපත්‍ර ලබාගන්නා පුද්ගලයින්ට දිනක වැඩමුළුවකට සහභාගිවීම අනිවාර්ය කිරීමට මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාව සූදානම් වනවා. දිනෙන් දින සිදුවන අනතුරු ප‍්‍රමාණය ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසා සිටියා.

මේ වර්ෂයේ අනතුරුවලින් මියගිය දෙවන වැඩිම පිරිස වාර්තා වන්නේ පදිකයින් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඔවුන් වෙනුවෙන් වැඩසටහන් රාශියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වන බවයි මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මෙම වසරේදීත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ යතුරුපැදි අනතුරුවලින් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මෙම වසරේ මේ දක්වා කාලය තුළ යතුරු පැදි අනතුරුවලින් මියගිය ගණන 1,145 ක්. එය ඉකුත් වසරට සාපේක්‍ෂව මරණ 22 ක වැඩිවීමක් වනවා

ෆේස්බුක් ගිණුමක් සමඟ පෙම් බැඳී 17 හැවිරිදි සුරූපී තරුණියට අත්වුණු අවාසනාවන්ත සිද්දිය මෙන්න

දැන් මුහුණු පොත නිසා රටේ සිදුවන අපරාධ එන්න එන්නම ඉහල යන තත්වයකට ලක් වි ඇත. මේ කියන්න යන්නේ තවත් එවැනි සාපරාදී ක්‍රියාවක් ගැනයි. එනම් මුහුණු පොත හරහා පෙම් කරන්නට ගොස් තම වටිනා ජීවිතය විනාශ කරගත් තරුණියක් ගැනයි. මල්වන් ජිවිත විනාශ වන්නට ගත වන්නේ සුළු මොහොතකි.  වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න.

විශේෂ නිවේදනයක්.. ශ්‍රී ලංකාව වටා මුහුද හදිසියේ වෙනස් වෙයි – රට පුරාම අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

මේ දිනවල ලංකාව අවට කාලගුණය තිබෙන්නේ හිටි හැටියේම වෙනස්වන තත්වයකයි. අද තියන කාලගුණය හෙට වෙනකොට කණපිට පෙරළෙනවා. ඉතින් ඔන්න අද උදැසනම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් විශේෂ නිවේදනයක් සිදු කළා එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බවයි.

වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් මෙන්න ඔයාලත් වෙරළබඩ ආශ්‍රිතව නම් ජිවත් වෙන්නේ දැන්ම දැනුවත් වෙන්න ඒ පැතිවල ට්‍රිප් ගිහිල්ලනම් ඉන්නේ කට්ටියම ප්‍රවේශමෙන්. ඔයාලගේ යාළුවන්ටත් දැනුවත් වෙන්න Share කරන්න

ලංකාවේ කිසිම ක‍්‍රීඩකයෙක් මට ආරාධනා කරලා නෑ ලංකාවේ අයට උණ ගැනෙන්න ගයාන් කියපු කතාව මෙන්න

ජාත්‍යන්තර මාද්‍ය විසින් වසරේ විවාහය ලෙස නම් කර තිබු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ විවාහය හින්දු චාරිත්‍ර වලට අනුව ඉතාලියේදී පැවති අතර ඒ සඳහා ආරාධනා කර තිබුනේ පවුලේ හිතවතුන් සහ නෑදෑයන් කිහිප දෙනෙකුට පමණක් බව විදෙස් මාද්‍ය වාර්තා කර තිබෙන අකාරය දැකගත හැකි විය.

ඉන් පසුව යුවල ඉන්දියාවට පැමිණි පසුව පැවති ප්‍රිය සම්භාෂණයට ද ආරාධනා කර තිබුනේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නළු නිලියන් වැනි ලෝකයේම අවධානය දිනාගෙන සිටින සුවිශේෂී පිරිසකට වන අතර මෙම අවස්ථාවට සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් සුවිශේෂ පුද්ගලයෙකු ට අවසතාව ලැබිණි.ඒ ගයාන් සේනානායක හටයි

මේ පිළිබදව ශ්‍රී ලංකාවේ සමාජජාලා මාධ්‍ය වල පවා අතිශය කතාබහට ලක්වු අතර , සිය අත්දැකීම පිළිබදව ගයාන් සේනානායක මුද්‍රිත මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින් හෙළිකර තිබුණා, එම අදහස් පහතින්,

“මම 2007 වසරේ ඉඳලයි කෝලිව හඳුනන්නේ. ඒ හැඳුනුම්කම එන්න එන්නම වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ඉන්දියාව ලංකාවට එන අවස්ථාවේදීත් ලංකාව ඉන්දියාවට යන හැම අවස්ථාවකම ඉන්දියානු ටීම් එක මාත් එක්ක කතා කරනවා. ඒ අයගෙන් රෝහිත් ෂර්මා, විරාත් කෝලි, අජින්ක්‍යා රහනේ, පාන්ඩේ වගේ අය මාත් එක්ක සමීපයි. ඔවුන් සමඟ දිවා ආහාරය හෝ රාත්‍රි ආහාරය ගන්න කියලා හැම වේලෙම මට ආරාධනා කරනවා. ඉතින් පසුගිය ටෙස්ට් තරගාවලියේදී කෝලි මට හම්බවෙලා කිව්වා

“ගයාන්, මගේ වෙඩින් පාටි එකක ඔයාට ආරාධනා කරනවා. ඔයා එනවද” කියලා. කෝලිගේ ඉතාලි සංචාරයේදීත් මම ඔහුට සුබ පතලා කතා කළාම කෝලි මගෙන් ඇහුවා

“ඔයා අන්තිම වන්ඩේ (එක්දින තරගයට) එක වෙනකම් ඉන්නවද කියලා. මම කිව්වා ඉන්නවා කියලා. ඊට පස්සේ ඔහු මට මැසේජ් කරලා තිබුණා. බොහෝම හොඳයි මම ඔයාට මගේ වෙඩින් එකට ආරාධනා කරනවා. ඔයා ඉන්දියන් ටීම් එකත් එක්ක එන්න කියලා. ඊට පස්සේ කෝලි ඔහුගේ ටීම් එකේ මැනේජර් මට සම්බන්ධ කරලා පාටි එකට එන විදිය මට කිව්වා. මම මැනේජර්ට කෝල් කළාම එයා කිව්වා එයාල ඉන්න හෝටලයට එන්න කියලා. මම එතැනට ගියාම ඉන්දියානු ටීම් එකත් එක්ක කාර් හතරක අපි පාටි එකට ගියා. අයි.පී.එල්. ගහපු ක්‍රීඩකයන් දෙන්නකුයි, කුල්දීප් යාදව්, මනිෂ් පාන්ඩේ හා මමයි එක කාරෙකක ගියා. අනිත් ඉන්දියානු ක්‍රීඩකයන් අනෙක් කාර් තුනේ ගියා.

කොහොම හරි පාටි එකේදී කෝලි මම දැක්කම “ඒයි ගයාන් කොහොමද” කියලා මම ළඟට ඇවිල්ලා අනුෂ්කටත් මාව හඳුන්වලා දුන්නා. එහෙම හඳුන්වලා දීලා මගේ ෆෝන් එක ඉල්ලගෙන මම එක්ක සෙල්ෆියකුත් ගත්තා. එතැන තහනමක් තිබුණා ජංගම දුරකතනවලින් ෆොටෝස් ගහන්න බැහැ කියලා. එහෙම තියෙද්දිත් අපි තුන් දෙනා සෙල්ෆියක් අරන් කිසිම ලොකුකමක් නැතිව කෝලි මාත් එක්ක ගොඩක් වෙලා ඩාන්ස් කළා.

ලංකාවෙන් ගිය එකම කෙනා ඔබ විතරද?

“ඔව්. ඒ විතරක් නොවෙයි ඒ පාටි එකට ගියේ විදේශිකයන් දෙන්නයි. එක්කෙනෙක් දැනට ඉන්දීය කණ්ඩායමේ භෞතික චිකිත්සක විදියට ඉන්න පැටි්‍රක්. අනිත් කෙනා මම. එතැන නළු නිළියෝ, හිටපු හා දැන් ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ, දේශපාලනඥයෝ ගොඩක් දෙනෙක් හිටියා.”

“කෝලි මට වෙඩින් එකට ආරාධනා කරන බව මම මුලදිම දැනගෙන හිටියා. ඒක නිසා ඉන්දියාවෙන් කුලියට ඇඳුමක් ගන්න මම හිතුවත්, මගේ ඉන්දියානු යාළුවෙක් මේක අහලා මට බැන්නා. “ගයාන් ඔයා කුලියට ඇඳුමක් ගන්න එපා. මම ඔයාට ඇඳුමක් මහලා දෙන්නම් කියලා” එයා එයාගේ වියදමෙන් මට ඇඳුමක් මහලා දුන්නා. ඒ ඇඳුම දැකලා ඉන්දීය කණ්ඩායමේ ගොඩක් දෙනෙක් මගේ ළඟට ඇවිල්ලා “ඕ… ගයාන් යූ ආ ලුකින් ස්මාට්” කියලා කිව්වා. දැනට කණ්ඩායමේ නැති විරේන්ද්‍ර ෂේවාග්, සුරේෂ් රයිනා පවා මගෙත් එක්ක ෆෝන් එකෙන් කතා කරලා විස්තර අහලා එයාලගේ ගෙදර එන්න කියනවා. ඒ අයට කිසිම විදියක කරදරයක් නොවෙන විදියට ඉන්න නිසා වෙන්න ඇති ඉන්දීය ක්‍රීඩකයන් මට මෙච්චර ආදරේ. කොහොම වුණත් ලංකාවේ බොහෝ අයට කෝලි පේන්නෙ සතුරෙක් විදියට වුණත් සියලුම ඉන්දීය ක්‍රීඩකයන් හරි නිහතමානියි. ඔවුන් සෙල්ලම් කරද්දී දැඩි බවක් පෙන්නුවත් ක්‍රිකට් පිටියෙන් එහාට ගියාම ඔවුන් හරි හොඳ මහත්වරු. ඔවුන් අපි හොඳට සෙල්ලම් කළොත් අපේ ක්‍රීඩකයන්ට සුබ පතනවා. ඒ ඔවුන්ගේ හැටි. ඔය කාරණය ගැන මම කෝලිට කිව්වහම ඔහු අහිංසක විදියට හිනා වුණා.”

එක දවසක් රෝහිත් ෂර්මා අපිට දිවා ආහාරයක් සඳහා ආරාධනා කරලා තිබුණු වෙලාවක නිලාම්ගේ ගෙදරින් පණිවුඩයක් ආවා. තාත්තාට අසනීපයි පුළුවන් නම් එන්න කියලා. ඒක ඇහුණා විතරයි රෝහිත් ෂර්මා කිව්වා “ඔයා මාර එක්කෙනෙක්නෙ තාත්තා ලෙඩ වෙලත් මෙහෙ ඉන්නවද, ලංකාවට යන්න කියලා. මුම්බායි ඉඳන් ලංකාවට යන්න ටිකට් එකේ තියෙන්නේ 26 කියලා නිලාම් කිව්වහම රෝහිත් කිව්වා “ඒ ගැන හිතන්න එපා. මම ටිකට් එකක් බුක් කරලා දෙන්නම්” කියලා. ඊට පස්සේ රෝහිත් මට කිව්වා “ගයාන් ඔයා මෙයාගේ පාස්පෝට් ඩීටේල්ස් (විස්තර) ටික මගේ ෆෝන් එකට එවන්න කියලා. පස්සෙ රෝහිත් මගේ දුරකතනයට නිලාම්ගේ ටිකට් එක එවලා තිබුණා”

ලංකාවෙන් ගිය විශේෂිතම කෙනෙක් ඔයා. ඉන්දියානු ක්‍රීඩකයන් මෙහෙම ආරාධනා කළාට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් කවුරුවත් ඔබට විවාහ උත්සවයක් වෙනුවෙන් ආරාධනා කරලා නැද්ද?

“නැහැ. මේ දක්වා ලංකාවේ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයකු මට වෙඩින් එකකට ආරාධනා කරලා නැහැ. ඒත් මම කෑගහන්නේ රට වෙනුවෙන් මිසක් ඒ අයගෙන් යමක් බලාගෙන නොවෙයි. කිසිමදාක මම එහෙම බලාපොරොත්තු වෙලත් නැහැ. වෙන්නෙත් නැහැ. ඉදිරියේදීත් මැරෙනකල් මම රට වෙනුවෙන් උපරිම දේ කරනවා”

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් දෙන මෙම පුද්ගලයා සමඟ ඇතැම් ක්‍රීඩකයන් සිනාසීමවත් නොකරන බව පසුගිය දිනවල සමාජ මාද්‍ය වල පලවී තිබු අතර සිද්දිය එසේ වෙද්දී ක්‍රීඩා පිටියේ දත් සියල්ල පෙනෙන්නට සිනා නොවුනද විරාත් කෝලි වැනි ක්‍රීඩකයන් අපගේ ඇතැම් ක්‍රීඩකයන්ට මෙන්ම මුල අමතක කරන බොහෝ දෙනාට හොඳ ආදර්ශයකි

ගමේ එකෙක්ගේ අක්මාව මහත්තයට හරි යයිද දන්නේ නෑ.. රුවන්ති මංගලා කියූ ආන්දෝලනාත්මක කතාව මෙන්න

නාමල් උඩුගම කලාකරුවා වෙනුවෙන් තමුන්ගේ අක්මාවෙන් 65%කට වැඩි කොටසක් පරිත්‍යාග කළ පුද්ගලයාට පිහිට වීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉදිරිපත්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුව හමුවූ අවස්ථාවේදී වැදගත් කරුණු රැසක් අනාවරණය වුණා.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මේ අවස්ථාවේදී නාමල් උඩුගම කලාකරුවාගේ බිරිඳට ද දුරකථන ඇමතුමක් ලබා දෙනු ලැබුවා.

එම වීඩියෝව පහතින් නරඹන්න

නාමල් උඩුගම සිද්දිය සම්බන්දයෙන් කල ප්‍රකාශය පහතින් නරඹන්න

ඒ කාලේ මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුණා

ඒ කාලේ මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුණා

මම ඉපදුණු දවසෙම මගේ අම්මා මට නැතිවුණා

පවුලේ අය මාව කොන් කළා

සුසිලා කෝට්ටගේ කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිණියක්. තම රංගන දක්ෂතාවයෙන් වේදිකාව පුංචි තිරය මෙන්ම පුංචි තිරය ස්පර්ශ කරන ඇයගේ ළමා කාලය දුක්බර බව ඇය පවසනවා. මේ ඇය ගැන පුවත්පතක සඳහන් වූ ලිපියක්.

කියමුකෝ ගම්පළාත සහ ඒ ළමා කාලය ගැන මුලින්ම…
මගේ ගම දකුණේ. මම ඉපදුණේ මාතර. මම ඉපදුණු දවසෙම මගේ අම්මා මට නැතිවුණා. ඒ නිසා අම්මා කෙනෙක්ගේ ආදරය මට කවදාවත් ලැබුණේ නැහැ. පුංචි කාලය ගැන මතක් කරනවා නම් මගේ පුංචි කාලය සුන්දර නැහැ. මගේ පුංචි කාලය බොහොම දුකයි. පවුලේ එකම දරුවා වුණාට මගේ අම්මා නැති වුණත් එක්කම මගේ සතුට කොහේ ගියාද දන්නේ නැහැ. මගේ පවුලේ නෑදෑ හිතවතුන්ගෙන් ආදරය වෙනුවට මට ලැබුණේ හිත් රිදීම් විතරයි. ඒ අය මට මූසලයි. පවුලකට හරියන්නේ නෑ කියලා තමයි හැමවෙලේම කිව්වේ. ඒ දේවල් එක්ක පවුලේ අය මාව කොන් කළා.

ඉගෙනගත්තේ මොන පාසලේද…?
මම ඉගෙන ගත්තේ මාතර සුජාතා බාලිකා මහා විද්‍යාලයේ. ඉස්කෝලේ තමයි මගේ එකම පිහිට වුණේ. ගෙදරින් නොලැබුණ සතුට මම හොයා ගත්තේ පාසලෙන්. පාසැලට යනවා කියන්නේ හරියට දිව්‍ය ලෝකෙට යනවා වගේ තමයි. පාසලේ දී මම හරිම කාර්යශීලී චරිතයක්. ඉගෙනීමට ඒ තරම්ම දක්ෂතාවයක් නම් පාසලේදී මම පෙන්නුවේ නෑ. හැබැයි පාසලේ දී මම හරි දඟයි. අයුක්තියට ආසාධාරණයට කතා කරලා කොයි වෙලෙත් මම හිටියේ ප්‍රින්සිපල්ගේ කාමරයේ. ඉගෙන ගන්නවට වඩා සමහරදාට මම පාසල් පුස්තකාලය අස්පස් කළා.

පාසල් ගුරුවරියන්ගෙන් සුසිලා අක්කට ලැබුණු ආදරය සෙනෙහස එහෙම කොහොම ද?
මෙහෙමයි.. මම කළේම දඟ වැඩ. ඉතින් මාව හදන්නට බෑ. ගුරුවරියන්ට හදන්න බැරිම නිසා මාව ප්‍රින්සිපල් ළඟට යවනවා. බුද්ධාගමේ ටීචර් ඇවිත් බුදු දහම කියලා දෙද්දී මට පාඩම එපා වෙනවා. ඉතින්… චෝක් කෑල්ලක් අරගෙන කාටහරි ගහනවා. ඒක යන්නේ ගුරුතුමියගේ ඔළුව උඩින්. ඉතින් එහෙම ගැහුවේ කවුද කියලා හොයද්දී පන්තියේ ඉඳලා හිටලා පාවා දෙන්නෙක් ඉඳලා මගේ නම කිව්වා කියමුකෝ. ඉතින් ප්‍රින්සිපල්ගේ කාමරයට ගිහින් දඬුවමක් විඳලා පන්තියට එන්නේ දෙන්නම් උඹට කියලා කකුල් මාට්ටුවක් හරි දාලා පහුවදාට ඒ කෙල්ලව වට්ටනවා. ඒ වගේ ඉවරයක් නැති දඬුවම් පාසලේ දී මම වින්දා. හැබැයි පාසලේ දී කිසි කෙනෙක් මාත් එක්ක තරහ වුණේ නෑ.

ඊට පස්සේ සුසිලා අක්කගේ තරුණ කාලය ගෙවුණේ කොහොමද?
ම්…. කෑමෙන් බීමෙන් අඩුවක් ලොකුවට නැති වුණාට මානසික සුවය එහෙමම තිබ්බේ නෑ. ජීවිතේ එහෙම මානසික සුවය තරුණ කාලයේ දී මට ලැබුණේ හරිම අඩුවෙන්. ඒ කාලේ ජීවිතේ ප්‍රශ්න වැඩියි. හැලහැප්පිලි වැඩියි. මුලින්ම මම ළදරු පාසැලක ගුරුවරියක් විදිහට රැකියාව කළා. ඒ කාලේ ආදරය කරන්න පුළුවන් වටපිටාවක් නෙමේ අපේ කාලයේ දී තිබුණේ. ඒ කාලේ මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුණා. හැබැයි එහෙම ලොකු සම්බන්ධතාවයක් ඇති කර ගන්න ඉඩ ලැබුණේ නෑ. ඒ ළමයා මට දීපු ලියුමක් මම මගේ පොතේ පිටකවරයක් අස්සේ හංගගෙන ඉඳලා මගේ කුඩම්මට අහු වුණා. ඊට පස්සේ මගේ පොත්වල පිටකවර අලවන්න තහනම්. ඉඳලා හිටලා කුඩම්මා පොත්වල පිටකරවය දිග අරලා බැලුවා. ඉතින්.. ඒ කාලේ ගෙවුණේ එහෙමයි.

කලාවට සම්බන්ධ වුණේ කොහොමද?
පාසලේදීත් මම කලා කටයුතුවලට දායක වුණා. ඒ කාලේ මම හරි කෙට්ටුයි. කොණ්ඩේ ගොඩක් දිගයි. ඉතින් පාසලේ දී මන්ත්‍රීදේවිටත් මම රඟපාලා තියෙනවා. නෙට් බෝල් ටීම් එකෙත් හිටියා. පාසලේ දී නාට්‍යකින් මම පළවෙනියාටම තෑග්ගක් ගත්තේ පිස්සියෙකුට රඟපාලා. ගෙදර තියෙන දණ්කුඩ බත් ඇතිලිය අරගෙන ගිහින් ඇතිලියේ තිබුණ දැලි ටික මූණේ ගාගෙන දණ්කුඩ ටික ආරාධිත අමුත්තන්ට දිගු කරමින් මම කරපු නිර්මාණයකින් එදා මම ජයග්‍රහණය කළා. එදා මට පැන්සල් පෙට්ටියකුයි, කෑම පෙට්ටියකුයි ලැබුණා. එහෙම පිස්සියකගෙන් අරඹපු ගමන තමයි තාමත් මේ ගෙවන්නේ.

කොහොමද රහල් අයියගේ මුණ ගැසීම… හැම දුකක්ම රහල් අයියගේ හමුවීමෙන් අවසන් වුණා නේද?
ඔව්… ඒක ඇත්ත. රහල් කලාවට සම්බන්ධ වුණේ මට වඩා ගොඩාක් කාලයකට උඩදීයි. අපි රහල්ලා දිහා බලාගෙන වේදිකාවේ දී බොහෝ දේවල් ඉගෙන ගත්තා. රහල් මට නංගී.. නංගී කියලා කතාබහ කර කර හිටියා. එයත් දකුණේ. මගේ ජීවිතය ගැන එයා හැමදෙයක්ම දැනගෙන හිටියා. ටික කාලයකට පස්සේ රහල් මම ගැන ගොඩක් හොයන බලන කෙනෙක් වුණා. කෑවද බිව්වද.. යන්නේ කොහොමද කියලා. මම ගැන හොයන්න බලන්න පටන් ගත්තා. ඒක මට සුවිශේෂ වුණා. හැබැයි මම මුල දී බය වුණා. රහල් ටික දවසකට පස්සේ මගෙන් ඇහුවා එයාට කැමතිද කියලා. ඒ වෙනකොට ජීවිතේ මම තනිවෙච්චි කෙනෙක්. මට මතකයි ඉස්සර මම බඩගින්නට වතුර ටිකක් බීලා ඇඳේ තිබුණ මගේ කොට්ටේ බඩට තියාගෙන බඩගින්නේ නිදාගත්තු දවස් තිබුණා. රහල් මුණගැහෙන හැමදාකම එයා මට කන්න අරගෙන දුන්නා. කොහොම හරි රහල්ගේ ගෙදරට හොරා තමයි අපි දෙන්නා විවාහ වුණේ. රුපියල් 25ක මුද්දරයක් උඩ අත්සන් කරලා අපි දෙන්නා විවාහ වුණා.

දෙන්නගේ පවුල් ජීවිතේ මුලින්ම පටන් ගන්නේ කොහොන්ද?
අපි දෙන්නාගේ ජීවිත අපි පටන් ගත්තේ බොහෝම හෙමීට. පුටු හතරකුයි අල්මාරියකුයි, ඇඳකුයි, පොඩි ළිපකුයි, වලං ටිකකුයි විතරයි අපේ පුංචි ගේ කෑල්ලේ මුලින්ම තිබුණේ. මුලින්ම අපි දෙන්නා පොඩි කාමරයක් කුලියට අරන් හිටියා. ඊට පස්සේ ඇනෙක්ස්වල හිටියා. පොඩි ගෙවල්වල හිටියා. කොහොමහරි අපි කුලියට ගෙවල් 08ක ජීවත් වුණා. ඊට පස්සේ මට ප්‍රේමදාස මහත්තයා සොයිසා ෆ්ලැට් එකෙන් ගෙයක් දුන්නා. අවුරුදු එකොළහක් අපි දෙන්නා ඒ පුංචි ගෙදර ජීවත් වුණා. ඒක හරි වාසනාවන්ත ගෙයක්. ඒ ගෙදර ඉඳිද්දී මේ ඉඩම අපි අරගෙන මේ ගෙදර අවුරුදු හයක් හතක් තිස්සේ හෙමීට අපි අපේ ගේ ගොඩනගාගත්තා. බොහොම දුක් මහන්සිවෙලා තමයි මේ ගේ හැදුවේ. මේ ගේ හදන්න පටන් ගනිද්දී මගෙයි රහල්ගෙයි අතේ තිබුණේ රුපියල් එක්දාස් පන්සීයයි. සුනිල් ටී මහත්තයාගේ පිස්සු ඩබල් චිත්‍රපටයේ වැඩේ ඉවර වුණු ගමන් ඒ මහත්තයා මට පොරොන්දු වුණ මුදල චෙක් එකකින් දුන්නා. ඒ මුදලින් තමයි මුලින්ම ගෙට හදන්න බඩු ගෙනාවේ. ඊට පස්සේ ඉඳන් මායි රහලුයි දුක් මහන්සියෙන් හොයාගත්තු සල්ලිවලින් අපි හෙමීට මේ ගෙදර වැඩ ඉවර කළා.

සුසිලා අක්කා… දෛවය විශ්වාස කරනවාද?
ඔව්……අනිවාර්යෙන්ම. මම දෛවය, ඉරණම සහ වාසනාව විශ්වාස කරනවා. ගිය ආත්මයේ කරපු දේවල් එක්ක තියෙන අඩුපාඩු එක්ක තමයි මේ ආත්මේ ලැබෙන්නේ. ගිය ආත්මේ මොකද්දෝ පවකින් මට අම්මගේ, තාත්තාගේ ආදරය ලැබුණේ නෑ. ඒ අඩුපාඩුව මම රහල්ගේ අම්මට හොඳට සලකලා ඒ ආශිර්වාදයෙන් ඒ ආදරයෙන් දුරු කර ගත්තා. ඇයගේ පණ ටික ගියෙත් මගේ අත් දෙක උඩයි. මගේ ජීවිතයේ ලොකු ලොකු බලාපොරොත්තු නෑ. මවාපෑම් නෑ. මායි රහලුයි ජීවිතේ හරිම සතුටින් මේ ගේ ඇතුළේ ජීවත් වෙනවා. තියෙන දෙයින් අපිට සතුටින් ජීවත්වෙන්න පුළුවන්. අපි දෙන්නගේ ජීවිතේ ලොකු බරක් නෑ