එදා නම් ලොකු බයක් දැනුණා දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ කියන අමුතු කතාව

දෙවෙනි ඉනිමේ ඇය නිරූපණය කරන චරිතයේ හැටියට නම් ඇය ඉතා අහිංසක චරිතයක්. ලිහිණි ලෙසින් ඔබේ ආලින්දයට එන ශලිනි ප්‍රනාන්දු නම්වන ඇය සත්‍ය ජීවිතයේ දී නම් එතරම් අහිංසක චරිතයක් හෝ නිහඬ චරිතයක් නොවන බව තමයි දැන ගන්න ලැබෙන්නේ. ඉතිං ඇය පසුගිය දිනෙක මාධ්‍ය වෙත සිය අලුත් තොරතුරු කියලා තිබුණා. ඒ මෙන්න මේ විදිහට…..

සම්පූර්ණ නම
ශලිනි සෙව්මි‚ ප්‍රනාන්දු

භාවිතා කරන්නේ
ශලිනි ප්‍රනාන්දු, මොකද මේ නම තමා මට වාසනාව ගෙනාවේ

පවුලේ විස්තර
අම්මා සහ අයියා, තාත්තා දැන් ජීවතුන් අතර නැහැ, හැබැයි මම දන්නවා තාත්තාගේ ආශීර්වාදය මට හැමදාම ලැඛෙනවා කියල.

පදිංචිය
මීගමුව

ආගම
කිස්ත්‍රියානි

උපන් දිනය
1999 සැප්තැම්බර් 11

උසස් පෙළ ලියන්නේ
2018 වසරේ මගේ ලන්ඩන් ඒ ලෙවෙල්

මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල ඉතින් දෙවෙනි ඉනිමේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ ලෙවෙල් විභාගයට ලෑස්ති වෙනවා.

කොහොමද ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැඛෙන්නේ
ඇත්තටම මගේ පුංචි නිසා තමා මම මේ ක්ෂේත්‍රයට එන්නේ. මොකද මම 2017 දෙරණ අවුරුදු කුමරිය තරගයට අයැදුම් කරන්නේ මගේ පුංචිගේ කැමැත්තට අනුව. ඊට පස්සේ 2017 දෙරණ අවුරුදු කුමරිය වුණේ මම, ඉතින් ඒකෙන් පස්සේ තමා මට මේ අවස්ථාව ලැබෙන්නේ,

අපි ඒගැන ටිකක් කියමු
ඔව්, මම දෙරණ අවුරුදු කුමරිය වුණාට පස්සේ ඒ තරගයට සහභාගී වුණ හය දෙනෙක්ට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා. මමත් ඒකට සහභාගී වුණා. ඒ ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් සති දෙකකට පස්සේ දෙවෙනි ඉනිම විධායක නිෂ්පාදක චරිත් කොතලාව මහත්මයා මට කතා කරලා කිව්වා මාව දෙවෙනි ඉනිම සඳහා තෝරා ගත්තා කියලා. එහෙම තමයි මම දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නේ.

මුලින්ම කැමරාව ඉදිරියට ගියාම මොකද හිතුනේ?
එදා නම් ලොකු බයක් දැනුණා, හැබැයි එතැන හිටපු හැමෝම මාව දිරිමත් කළා. ඒ ලැබුණු දිරිමත් කිරීම එක්ක තමා අද මම මෙතන ඉන්නේ

කොහොමද ලැබෙන ප්‍රතිචාර
ඉතාම හොඳ ප්‍රතිචාර ලැඛෙනවා, මම හිතුවේ නැහැ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියල. ඉතින් ඒ නිසා හිතා ගන්න බැරි තරම් සතුටක් තියෙනවා.

දැන් මොකද හිතෙන්නේ
මම කොහොමත් දෙවැනි ඉනිමට එන්න කලින් ඉඳලා මේ නාට්‍යයේ හොඳ රසිකාවියක්, එක කොටසක් මග නොහැර බලපු කෙනෙක්, ඒ වගේම සමහර කොටස් YouTube එක හරහාත් බලලා තියෙනවා. ඒ අයත් එක්ක අද එකට වැඩ කරද්දී, පුදුම සතුටක් තියෙන්නේ

ගෙදරින් කැමති වුණාද ?
අම්මගේ නම් අකමැත්තක් තිබ්බේ නැහැ, නමුත් අයියා නම් මුලදී කැමති වුණේ නැ. ඒත් දැන් නම් මුකුත් කියන්නේ නැහැ. දැන් නම් අයියා සතුටුයි මං ගැන, කොහොමත් මගේ හැම වැඩකදීම අම්මා එනවා මා එක්ක.

රංගනයට එන්න බලාපොරොත්තුවක් තිබ්බ ද ?
අනේ නැහැ. හීනෙන් වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි රංගනයට යොමුවීම.

කව්රු වෙන්න ද බලාපොරොත්තුවක් තිබ්බේ
ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න

පාසලේදී කලා කටයුතු කරලා තියෙනවා ද ?
රංගන කටයුතු නම් කරලා නැහැ, නර්තන සහ ක්‍රීඩාවට තමා මම වැඩියෙන්ම සහභාගී වුණේ.

රංගනය ගැන හදාරලා තියෙනවා ද ?
මම තවම උසස් පෙළ කරන නිසා මට තවම ඒ ගැන හදාරන්න මට අවස්ථාවක් ලැබුනේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම මම ඉදිරියේ දී රංගනය ගැන හැදෑරීමට බලාපොරොත්තු වෙනවා.

උසස් පෙළින් පස්සේ දිගටම රංගනයේ යෙදෙන්න ද බලාපොරොත්තුව?
රංගනය පැත්තෙන් ඉදිරියට යන්න කැමති ඇත්තටම. ඒත් එක්කම අර මම කිව්ව ෆැෂන් ඩිසයිනින්ග් පැත්තෙනුත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කැමති මේ දෙකම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න.

ශලනි ආස මොන වගේ චරිත කරන්න ද?
මම ආසයි මම නොවෙන චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්න ඒ චරිතේ ජීවත් වෙන්නයි මම කැමති.

දැන් තව නිර්මාණවලට ආරාධනා ලැබිල ද තියෙන්නේ?
මෙහෙමයි, ආරධනා නම් ලැඛෙනවා. ඒත් මම තාමත් මේ චූටි මැණිකේ කියන චරිතය අධ්‍යනය කරමින් ඉන්නේ. ඒ වගේම තමා මම කැමති කාලයක් මේ චරිතය තුළ ඉන්න.

ශලිනි, සිනමාව ගැන තියෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක් ද ?
ඇත්තටම මම හරි ආසයි සිනමාවට. හැබැයි ඒ තුළත් මම අර කලින් කිව්වා වගේ මම ආසයි වෙනස් දේවල් කරන්න. ඒ කිව්වේ මගේ සැබෑ ජීවිතයට පොඩ්ඩක්වත් සමීප නැති චරිත කරන්න.

ශලනි, ඇත්ත ජීවිතේ කොහොම කෙනෙක් ද
ඇත්ත ජීවිතේ මම චූටි මැණිකේ තරම් අහිංසක නැහැ, හරිම කටකාරයි, ඒ වගේම තමා පොඩි දේටත් මගේ හිත රිදෙනවා, ඊට අමතරව සතුටින් සැහැල්ලූවෙන් ඉන්න චරිතයක්.

යුරේනි නොෂිකා උපන් දිනය ජයටම සමරයි මෙන්න ඡායාරුප

නිරූපණ ශිල්පිණියක්, නිවේදිකාවක්, ගායන ශිල්පිණියක් වගේම ජනප්‍රිය නිළියක්වන යුරේනි නොෂිකා උපන්දිනය ඊයේ (29) දිනයට යෙදි තිබුණා.

ඉතිං යුරේනි උපන්දිනය වෙනුවෙන් ඇයගේ යහළු යෙහළියන් කිහිප දෙනෙක් එකතුවෙලා පොඩි Surprise party එකක් දීලා තිබෙනවා.

එහි දී ලබාගත් ඡායාරූප පහතින්…

 

නයනතාරා කඩවසම් තරුණයෙකු සමග කරළියට ඔහු පෙම්වතාද?

මේ දිනවල ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටින ඇය රංගනයෙන් දායක වූ “සිනේමා” සිනමා නිර්මාණය නුදුරේදීම තිරගතවීමට නියමිතයි.

පසුගිය දිනක පැති එහි මාධ්‍ය දර්ශනයට ජනප්‍රිය තරු රැසක් සහභාගී වෙලා සිටියා. ඒ වෙනුවෙන් නයනතාරා හැඩවැඩ වෙලා ඇවිත් තිබුණේ මෙන්න මේ විදිහට

තරග 03යි..කඩුලු 20යි වසර හතරකට පසුව කණ්ඩායමට කැදවූ ක‍්‍රීඩකයා මෙන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක් කණ්ඩායමට කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.

මේ වනවිට ආබාධයකට ලක්ව සිටින ශකිබ් අල් හසන් වෙනුවෙන් මෙම කැඳවීම සිදු කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති අවසන් එක්දින තරගයේදී ටෙස්ට් නායක සකීබ් අල් හසන් අබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහු අවසන් තරගයේදි පිතිකරණය සදහා ද පැමිණයේ නැත.

අබ්දුර් රසාක් අවසන්වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2014 වසරේදී කොදෙව් කණ්ඩායමට එරෙහිවය.බංග්ලාදේශය වෙනුවෙන් එක්දින කඩුලු 200කට වඩා රැස්කර ඇති ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක් ක්‍රීඩකයෙකු වන රසාක් ටෙස්ට් තරග 12කට ක්‍රීඩා කර කඩුලු 23ක් දවාගෙන ගැනීමට සමත්ව ඇත.

මේ වන විට බංග්ලාදේශයේ පැවැත්වන පළමු පෙළ තරගාවලියේදී දක්ෂතා දක්වමින් සිටින ඔහු පළමු පෙළ කඩුලු 500ක් දවාගත් පළමු බංග්ලදේශ පන්දු යවන්නා බවටද පත්වූ අතර මේ දිනවල පැවැත්වෙන පළමු පෙළ දේශීය තරගවලදී තරග තුනකදී කඩුලු 20ක් ලබාගැනීමටද සමත්ව ඇත

‘සකීබ් වෙනුවට ක‍්‍රීඩකයෙක් හොයාගන්න එක ලේසි නෑ..අපිට අවශ්‍යයි අත්දැකීම් තියන ක‍්‍රිඩකයෙක් සකීබ් වෙනුවට..සන්සමුල් තවමත් ටෙස්ට් තරගයක් ක‍්‍රීඩා කරල නෑ..ඒකයි අපි රසාක්ව නැවතත් කැදෙව්වෙ’ යැයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තේරීම් කමිටුවේ ප‍්‍රධාන නිලධාරීයා පැවැසීය

කෙසේ වෙතත් සකීබ් අබාධයට පත්වීමත් සමග බංගලාදේශ තේරීම් කමිටුව සන්සමුල් ඉස්ලාම් හා තන්බීර් හෙයිදර් ටෙස්ට් සංචිතයට කැදවා තිබුණි

උපුටා ගැනීමකි

ගලක් උඩට වෙලා හිටපු තල්මසාගේ සංවේදී කතාව මෙන්න බලන්නකෝ වෙලා තියෙන්නේ මොකක්ද කියලා

සත්ව ලෝකයේ සාමාජිකයින් ඔවුනොවුන් ආරක්ෂා කර ගැනීමට මහත් වෙහෙසක් දරනා බව සැබෑවය.ඔවුන්ගේ ජීවන රටාවට මිනිසුන් මැදිහත් වනු දැකීමට ඔවුන් බොහෝ අකමැතිය.එම නිසා බොහෝ සතුන් තම නිවහන සාදා ගන්නේ මිනිස් වාසස්ථාන වලට බොහෝ ඈතිනි.නමුත් සමහරක් අවස්ථා වලදී ඔවුන්ට මිනිස් ර්වගයාගේ උදව් අවශ්‍ය වන තැන් නැතුවාමත් නොවේ.ඔවුන්ට කරදරයක් වූ විට මිනිසුන් ගේ සහය ඇතිව එයින් මිදුණු අවස්ථා බොහෝ ඇත.අද අප ඔබට පවසන්නට යන්නේ සිරවී සිටි තල්මස් පැටවෙකු බේරා ගත් අවස්තාවක් ගැනයි.

කොලොම්බියාවේ ඔරලෝසු වල උදෑසන 7.30 සටහන් වුනා පමණි.වෙරල ආශ්‍රිතව සිටිනා දිවි ගලවා ගැනීමේ කණ්ඩායමකට දුරකථන ඇමතුමක් ලැබුනේ අනතුරක් පිළිබඳව පවසමිනි.ඒ මුහුදු රලත් සමග ගොඩබිමට ගසා ගෙන පැමිණි තල්මස් පැටවෙකු ගල් අතර සිරවී සිටිනා බවයි

මාලිංග ට වැඩි ගෞරව සමග ශෙහාන් ගේ මංගල වික‍්‍රමයෙන් සිංහ පිළ සියලු රටවල් පරදා අංක එකට එයි මෙන්න විස්තරේ

පෙරේදා පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයේදී යොවුන් ක‍්‍රීඩක ශෙහාන් මධුශංක ලබා ගත් කඩුලු ත‍්‍රිත්වය සමගින් ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක්දින ජාත්‍යන්තර කඩුලු ත‍්‍රිත්ව 09ක් ලබාගෙන ඇත

පාකිස්තානු කණ්ඩායම එක්දින කඩුලු ත‍්‍රිත්ව 08ක් ලබාගනිමින් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර ඔස්ටේ‍්‍රලියානු කන්ඩායම කඩුලු ත‍්‍රිත්ව හයක් හිමිකරගෙන තෙවැනි ස්ථානයේ පසුවෙයි.

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර කඩුලු ත‍්‍රිත්ව තුනකට හිමිකම් කියන අතර චමින්ද වාස් කඩුලු ත‍්‍රිත්ව දෙකක් ලබාගෙන ඇත.ෆර්විස් මහරුෆ්,තිසර පෙරේරා, වනිදු හසරංග හා ශෙහාන් මධුශංක එක් කඩුලු ත‍්‍රිත්වය බැගින් හිමිකරගෙන ඇත.

පළමු කඩුලු ත්‍රිත්වය

ශ්‍රී ලාංකීය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු වැන්නා වන්නේ චමින්ද වාස් ය. එක්දින තරග පිටියේ කඩුලු 400ක් ලබා ගනිමින් ක්‍රිකට් දිවියට සමු දී තිබෙන වාස්ගේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා වන්නේ 2001 වසරේ දෙසැම්බර් මාසයේ ය. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ය.

සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එස්. එස්. සී. තණතිල්ලට පිවිසෙන්නේ එල්. ජී. අබාන්ස් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමිනි. මෙම තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද සහභාගී විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 38කට සීමා වන්නේ ය. එම ඉනිමේ දී ය වාස් පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් වෙන්නේ. ඔවුන්ගේ අවාසනාව වන්නේ මේ කඩුලු ත්‍රිත්වයේ මුල පුරන්නා සිම්බාබ්වේ කණ්ඩයමේ නායක ස්ටුවට් චාල්ස් වීමයි. දැවී ගිය ක්‍රීඩකයන් තිදෙනා ම දකුණත් පිතිකරුවෝ වීම ද විශේෂ වේ.

සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයේ දී වැය කරනුයේ පන්දු වාර 15.4ක් පමණි. එක් අන්තයකින් දිගටම ක්‍රියාත්මක වූ වාස් එම තරගයේ දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 8කි. ඉනිම අවසානයේ වාස්ගේ පන්දු යැවීම සටහන් වූයේ 8-3-18-8ක් ලෙසිනි. එය අදටත් එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් තරගයක දී දැක්වූ හොඳම දක්ෂතාවය වන්නේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 4.2ක දී අදාළ ඉලක්කය සපුරා ගනිති. ඒ අනුව ඉතාම ඉක්මනින් අවසන් වූ එක්දින ජාත්‍යන්තර තරගය ලෙසින් ද මෙම තරගය වාර්තා පොත් අතරට එක්ව ඇත. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද වාස් ය.

දෙවැනි කඩුලු ත්‍රිත්වය

ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ දෙවැනියා බවට පත් වෙන්නේ ද චමින්ද වාස් ය. 2003 වසරේ පෙබරවාරි මස පැවති 10 වැනි ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය ලෙසින් පැවතියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයයි. මෙම තරගයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඉසිලුවේ සනත් ජයසූරිය ය.

පීටර්මරිට්ස්බර්ග් පිටියේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයන්ට සිදු වූයේ අදහා ගත නොහැකි සිදුවීමකි. චමින්ද වාස් විසින් යැවුණ පළමු පන්දු වාරයේ පළමු පන්දු ත්‍රිත්වයේ දී කඩුලු ත්‍රිත්වයක් කඩා වැටුණේ ය. දැවී ගිය ක්‍රීඩකයන් තිදෙනාම දකුණත් පිතිකරුවෝ ය.

වාස් එම පන්දු වාරය අවසන් කළේ 5 වැනි පන්දුවේ දී ද තවත් කඩුල්ලක් දවා ගනිමිනි. වාස්ගේ එම පන්දු යැවීම ද ශ්‍රී ලාංකීය තරග ඉතිහාසයේ එවැන්නක් කළ පළමුවැන්නා ලෙසින් ලියැවුණි.

එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමි වූ අතර තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ ද වාස් ය.

වාස්ගේ මෙම කඩුලු ත්‍රිත්වයන් වඩාත් වැදගත් වනුයේ ශ්‍රී ලාංකීය කඩුලු ත්‍රිත්වයන් හී පුරෝගාමියා වීම පමණක් නොව වමත් පන්දු යවන්නන්ගෙන් මෙම දක්ෂතාවන් දැක්වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ද ඔහුම බැවිනි.

එමෙන්ම මෙරට දී සේ ම අන් රටක දී සේ කඩුලු ත්‍රිත්වයන් වාර්තා කිරීම වර්ග කෙරෙන්නේ නම් එහි දී ද කඩුලු ත්‍රිත්වයන් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ වාස් වීම සුවිශේෂී ය. එමෙන්ම එක් නායකයෙක් යටතේ කඩුලු ත්‍රිත්වයන් දෙකක් වාර්තා කළ පළමුවැන්නා ද වාස් ය.

තෙවැනි කඩුලු ත්‍රිත්වය

2007 වසරේ පැවති අයි. සී. සී. 11 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුක්තව ය. තරගාවලියේ සුපිරි අට වටය නියෝජනය කිරීමට වරම් ලැබූ අප ක්‍රීඩකයෝ ප්‍රොවිඩන්ස් හි දී දකුණු අප්‍රිකාව සමඟ තරග වැදුණේ තරගාවලියේ 26 වැනි තරගයටයි.

තරගයෙන් අප ක්‍රීඩකයෝ කඩුල්ලකින් පරාජය ලැබූව ද දකුණතින් වේගපන්දු යවන ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවය දිනා දුන්නේ ය. නැවතත් සුපුරුදු ලෙසින්ම දැවී යන්නේ දකුණත් පිතිකරුවෝ ම ය.

මෙම කඩුලු ත්‍රිත්වයට පසුව යැවුණ 46.2 වැනි පන්දුවේ දී පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් මකායා නිට්නි ද දවා ගැනීමට මාලිංග සමත් වෙන්නේ ය. පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා සේ ම එතෙක් මෙතෙක් එම වාර්තාවේ හිමිකාරිත්වය මාලිංග සතු වෙන්නේ ය.

එම තරගයේ සම තරගයේ වීරයා සම්මානයෙන් මාලිංග පිදුම් ලැබූ අතර දෙවැනියට පන්දුවට පහර දුන් පිළක කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු දකුණත් වේගපන්දු යවන්නා වෙන්නට ද මාලිංග ය. එමෙන්ම පන්දු වාර දෙකක දී පිට පිට පන්දු 3ක දී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා වූයේ ද මාලිංග ය.

ශ්‍රී ලංකා තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා වෙමින් පරාජිත එකම තරගය වෙන්නේ ද මෙම තරගයයි.

සිව්වැනි කඩුලු ත්‍රිත්වය

2010 වසරේ ජුනි මාසයේ මෙරට පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුක්තව ය. තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් දඹුල්ලේ දී ඉන්දියාව සමඟ පැවති තරගයේ මෙරට ඉතිහාසයේ සිව්වැනි කඩුලු ත්‍රිත්වය වාර්තා වෙන්නේ ය. එහි හිමිකරුවා වන්නේ දකුණතින් වේගපන්දු යැවූ ෆර්වීස් මහරූෆ් ය.

මෙම තරගයේ දී ය පළමු වරට වමත් පිතිකරුවෙක් මෙරට ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයකට ගොදුරු වෙන්නේ. ඒ රවින්ද්‍ර ජඩේජා ය. මෙම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක ජයක් ලබා ගන්නා අතර තරගයේ වීරයා ලෙසින් මහරූෆ් නම් කෙරුණි.

පස්වැනි කඩුලු ත්‍රිත්වය

නැවත වරක් කඩුලු ත්‍රිත්ව කරළියට පිවිසෙන්නේ ලසිත් මාලිංග ය. ඒ අනුව චමින්ද වාස් විසින් කඩුලු ත්‍රිත්ව දෙකක් ලබා සිටි වාර්තාව මාලිංග සම කරන්නේ ය. තරගාවලිය 2010 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. ප්‍රතිවාදීන් වූයේ කෙන්යාව ය. මෙවර මාලිංගගේ නායකයා වන්නේ කුමාර සංගක්කාර ය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9කින් ජයග්‍රහණය ලබන අතර මාලිංග තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන්නේ ය. කෙසේ නමුත් නැවත වතාවක් මාලිංගට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට පන්දු වාර දෙකක පිට පිට පන්දු 3ක් වැය වන්නේ ය. එම කඩුලු ත්‍රිත්වය සහෝදර ක්‍රීඩකයන්ගේ දායකත්වයක් ලබා නොගනිමින් වාර්තා කළ පළමු කඩුලු ත්‍රිත්වය ද වන්නේ ය.

හයවැනි කඩුලු ත්‍රිත්වය

ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයන් ත්‍රිත්වයක් වාර්තා කළ පළමුවැන්නා බවට පත්වෙමින් ලසිත් මාලිංග හය වැනි කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නේ ය. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව 2011 වසරේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ය. මාලිංග මෙම තරගයේ දී ද පිටියට පිවිසෙන්නේ කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේ ය.

වමත් පිතිකරුවන් දෙදෙනෙක් ගොදුරු වූ පළමු කඩුලු ත්‍රිත්වය ලෙසින් මෙය ඉතිහාස ගත වෙන්නේ ය. ඒ මිචෙල් ජොන්සන් සහ සේවියර් ඩෝර්ටි ය. ඔවුන් දෙදෙනා ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමෙන් දවා ගැනීමට සුවිශේෂී වේ. ඒඅනුව එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය පන්දු යවන්නන්ගේ කඩුලු ත්‍රිත්වයන්වලට ගොදුරු වූ වමත් පිතිකරුවන් තිදෙනෙක් පමණක් වන අතර ඔවුන් තිදෙනාම දැවී යන්නේ කඩුල්ල කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් වීම ද සුවිශේෂී වේ.

එතෙක් පන්දු වාර දෙකක දී පිට පිට පන්දු තුනක දී කඩුලු ත්‍රිත්වයන් වාර්තා කළ මාලිංග මෙම තරගයේ දී එක් පන්දු වාරයක දී පිට පිට පන්දු ත්‍රිත්වයක දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වීම විශේෂ සැමරුමකි. එමෙන් ම නායකයන් දෙදෙනෙක් යටතේ කඩුලු ත්‍රිත්වයන් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකිකයා වෙනනේ ද මාලිංග ය.

හත්වැනි කඩුලු ත්‍රිත්වය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තෙවැනි වරටත් කඩුලු ත්‍රිත්වයකට පාර සකසමින් දකුණතින් වේගපන්දු යවන තිසර පෙරේරා හත් වැනි කඩුලු ත්‍රිත්වයේ හිමිකාරිත්වය ලබා ගන්නේ ය. ඒ 2012 වසරේ දී මෙරට සංචාරයක යෙදුණ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ය.

නැවත වරක් නායකත්වයේ කිරුළ කුමාර් සංගක්කාර සතු වෙන්නේ ය. ඒ අනුව කඩුලු ත්‍රිත්වයන් හතරක් වෙනුවෙන් කණ්ඩායම මෙහෙය වූ එකම නායකයා බවට සංගක්කාර පත් වෙන්නේ ය. ඉන් කඩුලු ත්‍රිත්වයන් ත්‍රිත්වයක්ම වාර්තා වී ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

දෙවැනියට පන්දුවට පහර දෙන ඉනිමේ දී වාර්තා වූ මෙම කඩුලු ත්‍රිත්වය හේතුවෙන් තරගයේ වීරයා සම්මානය තිසරට හිමි වෙන්නේ ය.

අටවැනි කඩුලු ත්‍රිත්වය

කෝඩුකාර ක්‍රීඩකයෙක් ලෙසින් පිටියට පිවිසි මංගල තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකිකයා වෙමින් වනිඳු හසරංග මෙම ලැයිස්තුවේ අට වැනි කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නේ ය. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය. මෙම කඩුලු ත්‍රිත්වය එක්දින තරග පිටියේ ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නෙක් ලැබූ පළමු කඩුලු ත්‍රිත්වය ලෙසින් ද ඉතිහාස ගත වන්නේ ය.

2017 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පැවති දෙවැනි තරගයේ දී මෙම දක්ෂතාව කිරීමට වනිඳු සමත් වන්නේ ය. එවර නායකත්වය උසුලන්නේ ඇන්ජලෝ මැතිව්ස් ය. තරගයෙන් කඩුලු 7ක ජයක් ශ්‍රී ලාංකිකයෝ ලැබූ අතර තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 4ක් ලකුණු 52කට ලබා ගත් ලක්ෂාන් සඳකැන් ය. ඒ අනුව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය අහිමි පළමු වැනි ශ්‍රී ලාංකීය පන්දු යවන්නා ලෙසින් ද වනිඳු ඉතිහාස ගත වන්නේ ය.

එමෙන්ම අඩුම වයසින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ශ්‍රී ලාංකිකයා ලෙසින් ද වනිඳුගේ නම සටහන් වන්නේ වයස අවුරුදු 20 දී එකී දක්ෂතාව කිරීම හේතුවෙනි.

නවවැනි කඩුලු ත්‍රිත්වය

නැවත වතාවක් කෝඩුකාරයෙක්ටම කඩුලු ත්‍රිත්වය ලියැවෙන්නේ ය. ඒ දකුණත් වේගපන්දු යවන්නෙක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වරම් හිමි කර ගන්නා ෂෙහාන් මධුශංක ය. ෂෙහාන් ද තම කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට පන්දු වාර දෙකක පිට පිට පන්දු තුනක් උපයෝගී කර ගන්නේ ය.

බංග්ලාදේශයේ දී නිමා වූ තුන්කොන් එක්දින තරගාවලියේ අවසාන මහා තරගයේ දී ෂෙහාන් මෙම දක්ෂතාව කිරීමට සමත් වෙන්නේ ය. ඒ අනුව අවසන් මහා තරගයක කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා වෙන්නේ ෂෙහාන් ය. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතුව පැවති මෙම තරගයේ දී ද තරගයේ වීරයා සම්මානය අහිමි වූ දෙවැනි කඩුලු ත්‍රිත්ව ලාභියා ලෙසින් ෂෙහාන් ඉතිහාසයට එකතු විය.

එක්දින ජාත්‍යන්තර තරගවල කඩුලු ත‍්‍රිත්ව ලබාගත් රටවල්..

9 – Sri Lanka
8 – Pakistan
6 – Australia
5 – Bangladesh
4 – England
3 – South Africa
3 – India
2 – Zimbabwe
2 – West Indies
2 – New Zealand

බැඳපු ගමන් දරුවෙක් හදන්න හීන මවන උපේඛා පවුල් ජීවිතය ගැන කතා කරයි

ළමයි ලොකු කරලා එයාලා කරන්න ඕන දේවල් පවා මම හිතලා ඉවරයි

”විවාහ වෙන්නේ නෑ කියලා තීරණයක් අරගෙන හිටියේ”
”හැබැයි එයා මාව ටෙන්ෂන් කළා”
උපේඛා නිර්මාණි කියන්නේ කට හඬ නිසා ප්‍රේක්ෂක හදවත්හි දැවැන්ත ලෙස ලැගුම්ගත් ආදරණීය ගායන ශිල්පිණියක්. කවදාවත් විවාහ වෙන්නේ නෑ කියලා හිතාගන හිටපු ඇය පසුගිය දිනෙක අති උත්කර්ෂවත් අයුරින් විවාහ දිවියට ඇතුළත් වුණා. ඉතිං උපේඛාගේ එම සිතිවිල්ල වෙනස් කරමින් ඇයගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලූ තිලිණ ගැන උපේඛා මාධ්‍යට කියලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.

උපේඛා තනිකඩ ජීවිතයට තිත තිබ්බා නේද?
මම විවාහ වුණා. ඇත්තටම ඒ වෙනස පුදුම විදියට ජීවිතයට දැනෙනවා. ඉතින් මම හරිම සතුටින් ඉන්නේ.

ඔච්චරටම ජීවිතයට වෙනසක් ගෙනාපු වාසනාවන්තයා කවුද කියමු නේද?
එයාගේ නම තිළිණ අකලංක. වෘත්තියෙන් මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක්. කාටවත් නැති තරම් ගොඩක් හොඳ ගතිගුණ තියෙන චූටි කොල්ලෙක් එයා.

උපේඛාගෙයි තිළිණගෙයි ආදර කතාවට කපුකම් කළේ හොඳම යාළුවා කියන්නේ ඇත්තද?
ඔව්. මගේ යාළුවා තමයි ගයාශානි. එයාගෙ හොඳම යාළුවෙක් තමයි තිළිණ. ඉතින් මම තිළිණ ගැන අහලා තිබ්බට කවදාවත් එයාව දැකලා තිබ්බේ නෑ. ඉතින් දවසක් මගේ යාළුවා කිව්වා තිළිණට ට්‍රීට් එකක් දෙන්න ඕන, තනියම යන්න බැරි නිසා මටත් එන්න කියලා. ඉතින් අපි එදා පැය 06ක් 07ක් කාලා බීලා කතා කර කර හිටියා.

පළමුවැනි හමුවීමම ආදර කතාවට මුල පිරුව ද?
එයාව දැක්ක දවසේ ඉඳන් මම එයාට හරිම කැමැතියි. මම විවාහ වෙන්නේ නෑ කියලා තීරණයක් අරගෙන හිටියේ. හැබැයි තිළිණව මුණ ගැහුණම මගේ හිත මාර විදියට වෙනස් වුණා.

එතකොට ආදරය ප්‍රකාශ කළේ උපේඛා ද? තිළිණ ද?
එයා තමයි මට මුලින් ම කැමති කියලා කිව්වේ. මමත් එයාට කැමැතියි කියලා අඟවලා තිබ්බා. එයා මට ආදරෙයි කිව්ව විදියත් හරිම සුන්දරයි. එයා මාව බීච් එකට එක්ක ගියා. එයා හරි කැමැතියි ගවුමක් ඇඳලා කොණ්ඩේ ගොතනවාට. එදා මම ගියේ ගවුමක් ඇඳලා කොණ්ඩේ පැත්තට ගොතලා. එයා මගේ අත් දෙකෙන් අල්ලගෙන ඇස් දෙක දිහා බලාගෙන I Love You කියද්දි මගේ කකුල් පණ නැතුව වගේ ගිහින් එතැන තිබ්බ ගලක් උඩටත් වැටුණා.

තිළිණ ආදරය ප්‍රකාශ කරනකල් උපේඛා බලන් ඉන්නත් ඇතිනේ?
ඇත්තටම මම හිතුවා එයා මගෙන් කැමැත්ත අහයි කියලා. හැබැයි එයා මාව ටෙන්ෂන් කළා. එයා මගෙන් අහන්නේ නැති වෙයිද කියලා මම ටෙන්ෂන් වෙලා හිටියේ. ඒත් මට එයාගේ ආදරේ කිව්වම මට ඉන්න තැනත් අමතක වුණා. ඇත්තටම එයා වගේ කෙනෙක් ලබන්න තරම් මම වාසනාවන්තයි.

ඔය ආදර කතාවට කොච්චර කල්ද?
අපි ආදරය කරන්න පටන් අරන් මාස 10ක් වගේ වෙන්නේ.

දෙන්නගේ ආදර කතාවට මවුපියන්ගේ කැමැත්ත ගන්න අපහසු වුණේ නැද්ද?
නැහැ. ඇත්තටම මම විවාහ වෙන්නේ නෑ කියන තීරණයේ හිටපු නිසා මට කවුරුවත් හොයන්න එපා කියලා මම ගෙදරට කියලා තිබ්බේ. ඉතින් අම්මයි තාත්තයි බයේ හිටියේ මම නොබැඳ ඉදීවි කියලා. මම කැමැති කෙනෙක් ඉන්නවා කිව්වම එයාලට මුණ ගස්වන්න කිව්වා. ඉතින් අපි දෙන්නගෙම පවුල්වලින් ආශීර්වාදය ලැබුණා.

හිතපු පතපු ආදරය ලැබුණු නිසා උපේඛා ගොඩක් සතුටින් ඇත්තේ?
ඔව්. ඇත්තටම ගොඩක් අය කිව්වා මම හරි වාසනාවන්තයි කියලා. ඒත් මම හිතුවා මට දේවල් ලැබෙන්නේ අහම්බෙන් කියලා. ඒත් තිළිණව මට ලැබුණට පස්සේ තමයි මම හිතුවේ ඇත්තටම මම වාසනාවන්තයි කියලා.

උපේඛා විවාහ වුණ දවසෙම උපේඛාගේ අක්කත් විවාහ වුණා. ඒකත් විශේෂත්වයක් නේද?
ඔව්. අක්කගේ වෙඩින් එක මේ කාලේ ගන්න සැලසුම් කරගෙන හිටියේ. මගේ පොඩි අක්කා චමත්කා විවාහ වුණේ ඉමල්ක අයියා එක්ක. අපේ තාත්තා කිය කියා හිටියේ අපි දෙන්නගෙම වෙඩින් එක එකට ගන්නවා කියලා. ඉතින් එකම දවසේ පෝරු දෙකක් හදලා අක්කගෙයි මගෙයි විවාහය කළා.

තිළිණගේ ගෙදර අයත් උපේඛාගේ පවුලේ අය තරම්ම ඔයාට ළෙංගතුද?
ඔව්. තිළිණගේ පවුල හරිම අහිංසක පවුලක්. එයාලා හරිම හොඳයි. අම්මා, තාත්තා, මල්ලි මට ගොඩක් ආදරෙයි. මල්ලි ඉන්නේ ජපානයේ. එයාට වෙඩින් එකට එන්න බැරි වුණා. වෙඩින් එක ඉවර වෙනකල්ම එයා වීඩියෝ කෝල්වලින් අපිත් එක්ක එකතු වෙලා හිටියේ.

තනිකඩව හිටියා වගේ නෙමෙයි දැන් වගකීම් ගොඩක් උර දරන්න වෙනවා. ඒ වගකීම්වලට උපේඛා ලැහැස්තිද?
මම ගොඩක් ආසයි ලස්සන පවුල් ජීවිතයකට. මම පවුල ගැන ගොඩක් හිතනවා. බිරියක් වුණා වගේම අම්මා කෙනෙක් වෙන්න ඕන. ළමයි ලොකු කරලා එයාලා කරන්න ඕන දේවල් පවා මම හිතලා ඉවරයි. මම ඒ වගකීම්වලට ආසයි.

ඒ කියන්නේ උපේඛා මවක් වෙන හීනය කල්දාන එකක් නැහැ?
මවක් වෙන්න මම කැමැතියි. ඒක මට ප්‍රශ්නයක් නැහැ.

විවාහ වුණු නිසා උපේඛා කියන ගායිකාවට මොනවා වෙයිද?
ඇත්තටම මගේ ගායන වැඩවලටත් එයාගෙන් ලොකු සහායක් ලැබෙනවා. මම මියුසිකල් ෂෝවලට යද්දි මට නින්ද යන නිසා එයත් මාත් එක්ක යනවා. කොච්චර වැඩ තිබ්බත් එයා මං ගැන හිතනවා. ඉතින් එයා සංගීත කටයුතුවලට මාව ගොඩක් උනන්දු කරනවා. කළාට වඩා වැඩ ඉදිරියට මම කරයි.

ජීවිතයේ ඉදිරිය ගැන තව සැලසුම් ඇති?
අපි අපේම කියලා ගෙයක් හදාගෙන යනවා. එතකල් අපි ඉන්නේ තිළිණගේ අම්මයි තාත්තයි එක්ක. අපි ජීවිතේ හීන ටිකෙන් ටික හැබෑ කර ගන්නවා.

සංගීත් මාධ්‍යට නොකියූ සියල්ල උදාරි එකින් එක මාධ්‍යට කියයි මෙන්න ඇත්ත

පවුල් ප්‍රශ්න කියන දේවල් හැම පවුලකම තියෙනවා

නව පරපුරේ ජනප්‍රිය නළුවෙක්වන සංගීත් සතරසිංහ සහ ජනප්‍රිය නිළියක්වන උදාරි කෞෂල්‍යා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූවේ ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය නිසාවෙනි. මන්ද විශාල පිරිසකට ආරාධනා කර ලොකුවට ම විවාහ මංගල උත්සවය පැවැත් වූ බැවිණි.

ඒ කෙසේ වුව ද පසුගිය දිනවල නම් වාර්තා වුණේ ඔවුන් දෙදෙනා විරසක වී ඇති බවක් ය. එහෙත් මේ වනතෙක් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ඒ සම්බන්ධයෙන් සෘජු අදහසක් දක්වා නොමැත. නමුත් පසුගිය දිනෙක උදරි පුවත්පතකට දැක් වූ අදහස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් හිමි වී තිබෙනවා. එම පුවත්පත් මාධ්‍ය සාකච්ඡාව පහතින්….

උදාරි කාලයක් නිහඬ වෙලා හිටියා. ඇයි ඒ?
මම අධ්‍යාපන කටයුතුවලට අමෙරිකාවට ගිහින් හිටියේ. ලංකාවට ඇවිත් පොඩි කාලයක් කල් ගත්තා. හැබැයි අලුත් ආරම්භයකට තමයි දැන් ලෑස්ති වෙන්නේ.

ඔය ආරම්භය තියන්න හදන්නේ කොයි විදියට ද?
මම මගේම සැලෝන් එකක් පටන් ගන්න ඉන්නේ. ඒක කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ හීනයක්. ඒ වැඩ කටයුතු ළඟදීම ආරම්භ කරනවා.

ව්‍යාපාරිකාවක් වෙන්න හිතුවේ රංගනය එපා වෙලාවත් ද?
රංගනය කියන දේ වෘත්තියක් විදියට කරන්න පුළුවන් කාලයක් විතරයි. ඉතින් අපි අද ගැන වගේම අනාගතය ගැනත් හිතන්න ඕන. ඒකයි මම මගේම ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවේ. මගේ තාත්තත් ව්‍යාපාරිකයෙක්. ඒ නිසා ඒ ආභාසය මටත් තියෙනවා.

එතකොට රංගන කටයුතු පටන්ගන්න අදහසක් නැද්ද?
මට රංගනයට ආරාධනා කිහිපයක්ම ලැබුණා. මම තමයි ඒ වැඩවලට සම්බන්ධ නොවුණේ. කොහොම වුණත් මේ අවුරුද්දේ හොඳ ආරම්භයක් තියනවා.

ලැබිච්ච ආරාධනා මඟ හැරියේ?
පෞද්ගලික හේතුවක් මත ඒ දේවල් අත හරින්න සිදු වුණා.

විවාහයෙන් පස්සෙත් රඟපෑම් කටයුතුවලට, නිවේදන කටයුතුවලට සම්බන්ධ වුණ උදාරි හිටි හැටියේ විදේශ ගත වුණා. මොකක්ද ඒ ගත්ත තීරණය?
මීට අවුරුදු තුනකට කලින් තමයි මම විවාහ ගිවිස ගත්තේ. අමෙරිකාවට යනකල්ම අපි දෙන්නම රංගන කටයුතුවලට සම්බන්ධ වුණා. නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වුණා. අධ්‍යාපන කටයුතුවලට අමෙරිකාවට යන්න හිතපු නිසා තමයි වැඩ නතර කළේ. විවාහ වුණා කියලා වැඩ නතර කළේ නෑ.

ඒත් ලොකු කාලයක් අමෙරිකාවේ හිටියේ නෑ නේද?
ඔව්. අවුරුද්දකටත් අඩු කාලයක් තමයි අපි අමෙරිකාවේ හිටියේ. ඊට පස්සේ ලංකාවට ආවා.

උදාරිගේ විවාහ ජීවිතය දෙදරලා කියලා හරි හරියට කතා පැතිරුණා. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත?
හැමෝම දන්නවා ආදරය කරන්න. හැබැයි එකම ආදරයක් එක්ක ජීවිත කාලය පුරාම ජීවත් වෙන්න පුළුවන් සුළු පිරිසකට විතරයි. පවුල් ප්‍රශ්න කියන දේවල් හැම පවුලකම තියෙනවා. මගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න මේ වෙලාවේ කතා කරන්න මම කැමැති නැහැ.

ඇත්තටම උදාරිගේ ජීවිතේ ප්‍රශ්නයක් ඇති වුණේ නැද්ද? උදාරිගේ ජීවිතයට අසාධාරණයක් වුණ තැනක් තියෙනව ද?
මම නිවැරැදි නම් මාව අතහැර ගිය අය ගැන මම දුක්වෙන්නේ නෑ. මගේ හෘදසාක්ෂිය දන්නවා නම් මම නිවැරැදියි කියලා මට එච්චරයි වටින්නේ. වැරැදි කරන අයට කර්මය විසින් වෙලාවට දඬුවම් ලබාදෙයි. ඒකෙන් පැනලා යන්න කාටවත් බෑ.

උදාරි දැන් දික්කසාද වෙලා ද?
නැහැ. ඒ ගැන තාම හිතලා නැහැ. ඒ දේවල් කොහොම සිද්ධ වෙයිද කියලා කියන්න බෑ.

ජීවිතේ මුහුණ දුන්න දේවල් එක්ක ඉදිරියට ශක්තිමත්ව මුහුණ දෙන්න උදාරිට පුළුවන් ද?
ජීවිතයට ලැබුණු අත්දැකීම ඉදිරි ජිවිතයට පන්නරයක්. මට මාව විශ්වාසයි. ජීවිතයේ වැටිච්ච වැටිල්ල ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි.

ඉදිරියේදී රංගනයට හෝ නිවේදනයට අලුත් ආරම්භයක් තියයි ද?
නාළිකා දෙක තුනකින් නිවේදන කටයුතුවලට ආරාධනා කරලා තිබෙනවා. ඒවා සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. හොඳ වැඩක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

ජීවිතයේ ඉදිරිය සැලසුම් කරනවාද?
ඉදිරි අනාගතය මෙහෙම වෙන්න ඕන කියලා දෙයක් නෑ. හුස්ම වුණත් ළඟ ඉන්නේ මැරෙනකල් විතරයිනේ. හැමෝටම උදවු කරගෙන හොඳින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.

මම ඉක්මනට සාය ගලවලා දාන්න හැදුවා නිළියෝ නොකරන දෙයක් කරපු අනූෂා දමයන්ති

”සාය කපලා තමයි අයින් කළේ”
ජනප්‍රිය නිළියක් සේම දක්ෂ නර්තන ශිල්පිණියක්වන අනූෂා දමයන්ති මෙතෙක් කිසිවෙකුට නොකී විශේෂ රහසක් සම්බන්ධයෙන් පුවත්පතකට කියා තිබෙනවා. ඒ ඇය සතු ව පවතින සුවිශේෂී සහ නිර්මාණශීලි හැකියාවක් සම්බන්ධයෙන් ය. ඇය ඒ සම්බන්ධයෙන් කියලා තිබෙන්නේ මෙන්න මේ විදිහට…..

කාටවත් නොකී රහසක්
කාටවත් නොකී රහසක් ගැන විමසද්දී මට කියන්න තියෙන්නේ ටිකක් දිග කතාවක්. ඒ කතාව පටන් ගන්නේ මගේ පුංචි සන්දියෙන්. මට මතක හැටියට එතකොට මගේ වයස 09ක් 10ක් විතර ඇති. අපිට හිතවත් අක්කා කෙනෙකුට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇතිවෙලා ඇයගේ මහන මැෂිම විකුණන්න සූදානම් වුණා. අපේ ගෙදරට ඇවිල්ලත් එයා ඒ ගැන පැවැසුවා. ඒ වෙද්දී අපේ අම්මාටවත් ගෙදර වෙනත් කිසිම කෙනෙකුට මහන්න බැහැ. ඒත් ඒ අක්කට උදව්වක් විදියට තාත්තා ඒ මැෂිම මිල දී ගත්තා.

මැෂිම දැකපු වෙලාවේ ඉඳන් මට ඒ ගැන ලොකු ආශාවක් ඇති වුණා. ඒ වෙලාවේ ඉඳන් මම මැෂිමත් එක්කමයි වැඩ. ඒක ක්‍රියා කරවන විදිය ගැන හොයලා බලලා ඉක්මනින් මහන්න තමයි මට ඕනෑ වුණේ. මම මුලින්ම සීයාගේ පරණ සරමක් කපලා කලිසමක් මැහුවා. ඒත් ඒක කාටවත් අඳින්න බැහැ. හැබැයි මම මගේ උත්සාහය අතහැරියේ නැහැ. පස්සේ මම අහුවෙන අහුවෙන රෙදි කපලා ඇඳුම් මහන්න පටන් ගත්තා. දවසක් සීයාගේ අලුත් සරමක් කපලා හොඳටම බැණුම් අහන්නත් සිද්ධ වුණා. ඒ බැණුම්වලින් මගේ වැඩේ නම් නැවතුනේ නැහැ. අම්මගේ සාරි කපලත් මම ගවුම් මහලා තියෙනවා. හැබැයි අම්මා මට කවදාවත් තහංචි පනවලා නැහැ.

අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා රෙදි මහන අක්කා කෙනෙක්. මම ඒ කාලේ එයාව මුණ ගැහෙන්න ගිහින් එයා රෙදි කපන දිහා බලාගෙන ඉන්නවා. එයා තමයි මට රෙදි කපන්න පුරුදු කළේ.

ඔහොම ටික කාලයක් ගතවෙද්දී මට රෙදි මහන්න පුළුවන්. වතාවක් මම ඩෙනිම් රෙද්දකින් සායක් මැහුවා. ඊට පස්සේ මමම ඒ සාය ඇන්දා. හැබැයි ඒක ඇන්දාට පස්සේ මට හුස්ම ගන්නත් බැහැ. මම ඉක්මනට සාය ගලවලා දාන්න හැදුවා. හැබැයි සාය ඇඟට හිර වෙලා ගලවන්න බැහැ. පස්සේ අම්මා ඇවිත් සාය කපලා තමයි අයින් කළේ.

කොහොම කොහොම හරි මම ඇඳුම් මහන්න පුරුදු වුණා. සාප්පුවලට ගිහින් රෙදි වර්ග ගැන දැන ගත්තා. බොහොම ඉක්මනට ඇඳුම් මහන්න විතරක් නෙවෙයි ඩිසයින් කරන්නත් මට පුළුවන් වුණා.

මම ලස්සනට ඇඳුම් මහනවා දැකලා අම්මටත් ඇඳුම් මහන්න ආසාවක් ඇති වුණා. දවසක් අම්මත් මැෂිම ළඟ වාඩි වෙලා මම බාගෙට මහපු ඇඳුමක් මහන්න පටන් ගත්තා. ඒත් ඉතින් නුපුරුදු දෙයක් කරන එක අමාරුයිනේ. ඉදිකට්ට අම්මගේ ඇඟිල්ලක් පසාරු කරගෙන එහා පැත්තෙන් මතු වුණා. අම්මා බයවෙලා කෑ ගැහුවා. අම්මව රෝහලට රැගෙන යන්නත් සිද්ධ වුණා. එදායින් පස්සේ අම්මා මැෂිමක් ළඟ වාඩි වෙන්නෙවත් නැහැ. කොහොමින් කොහොම හරි අද අම්මගේ ඇඳුම් මහන්නෙත් මම.

පස්සේ මම නිළියක් වුණා. නර්තන ශිල්පිනියක් වුණා. නමුත් ඊට පස්සෙත් මගේ හැම ඇඳුමක්ම මහගන්නෙත්, ඩිසයින් කරගන්නෙත් මමමයි. උත්සවවලට, ප්‍රසංගවලට මම අඳින්නේ මගේම අතින් මහපු ඇඳුම්. ගොඩක් අය අහනවා ඒවා මිල දී ගත්තේ කොහෙන්ද කියලා. මමම නිර්මාණය කළා කිව්වාම සමහරු විශ්වාස කරන්නේ නැහැ. අද වෙද්දී මට ලස්සන ඇඳුමක් පැය 1 1/2 කින් මහන්න පුළුවන්. උදේ ඇඳුම මහලා හවස උත්සවයට ඇඳගෙන ගිය අවස්ථාත් මගේ ජීවිතයේ තියෙනවා.

පුංචි කාලේ මම අම්මාගේ සාරි කපනකොට අම්මා දඬුවම් කළා නම් මට මේ හැකියාව ලැබෙන්නේ නැහැ. උපතින් මම අරගෙන ආපු හැකියාව මතු වුණේ අම්මා නිසයි. මගේම ඇඳුම් නිර්මාණ ඇතුළත් ව්‍යාපාරයක් පටන් ගන්න කියලත් මගේ යාළුවෝ අද මට යෝජනා කරනවා. සමහරවිට මේ රහස කවුරුත් දැන ගත්තාට පස්සේ ඒ විදියේ යෝජනා මට තව තවත් ඉදිරිපත් වෙයි.

මාලිංගත් එක්ක අලුත්ම IPL කණ්ඩායමක් හදයි සුපිරි 11 දෙනා මෙන්න

ලෝක පුරා ක‍්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගත් අයි.පී.එල් වෙන්දේසිය 27හා 28 දෙදින තුළ ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වූ අතර වෙනදා මෙන් මෙවරද එය ඉතා උණුසුම් අයුරින් පැවැත්විණි.එහිදී ඇතැම් ක්‍රීඩකයන් අඩු මුදලකට වෙන්දේසියට ඉදිරිපත් කර අදහාගත නොහැකි තරමට ඉහල මිලකට අලවි වන ආකාරය දැකගත හැකිවූ අතර,තවත් ක්‍රීඩකයන්ගේ පසුගිය වසර වලට සාපේක්ෂව මිල ඉතා ඉහළ ගොස් තිබෙන අකාරය දැකගත හැකි විය.

මේ සියල්ල මැද IPL තරඟාවලි වල සුපිරි වැඩ පෙන්වූ ක්‍රීඩකයන් ගණනාවක්ම මෙවර වෙන්දේසියේදී කණ්ඩායම් විසින් මිලදී ගැනීමට සුදානම් නොවීම ද දැකගත හැකි විය.මෙම ක්‍රීඩකයන් අතරින් ක්‍රීඩකයන් 11 ක් එකතු කර සුපිරි කණ්ඩායමක් ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර ඇති අතර මේ එම කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ය.

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස නම් කර ඇත්තේ නවසීලන්තයේ මාටින් ගප්ටිල් සහ කොදෙව් ක්‍රීඩක ලින්ඩ් සිමන්ය.මෙම ක්‍රීඩකයන් දෙදෙනාම මෙවර කිසිම කණ්ඩායමක් මිලදී ගෙන නැත.

ගප්ටිල් කිංස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මීට පෙර නියෝජනය කර ඇති අතර නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වන ගප්ටිල් මිලදී ගැනීමට මෙවර කිසිවකු ඉදිරිපත්වී නැත.

ලින්ඩ් සිමන්ස් කොදෙව් කණ්ඩායමට ලෝක කුසලානය දිනාගන්නට මහත් සේවයක් කල ක්‍රීඩකයෙක් වන අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඉතා ඉහල සේවයක් කල පිතිකරුවෙක් වුවද මෙවර IPL තරඟාවලියේ ඔහු නොසලකා හැර ඇත.

අංක තුන ක්‍රීඩකයා ලෙස හෂීම් අම්ලා නම් කර ඇති අතර පසුගිය IPL තරඟාවලියේ ශතක දෙකක් පිට පිට ලබාගනිමින් වැඩිම ලකුණු ලාභීන් අතර සිටි අම්ලා කින්ස් ඉලවන් පන්ජාබ් කන්ඩායම වෙනුවෙන් ඉහල සේවයක් කලද මෙවර කිසිම කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත්වී නැත.

කිංස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කල දක්ෂ වමත් පිතිකරුවකු වන ෂෝන් මාෂ්ද මෙවර IPL වෙන්දේසියට ඉදිරිපත් වුවද කිසිවකු ම්ලදී ගෙන නොමැති අතර ඔහු IPL තරඟාවලි කිහිපයකම සාර්ථකම කිංස් ඉලවන් ක්‍රීඩකයා වී තිබුනද මෙවර කිසිවකුගේ අවධානය යොමු නොවීම පුදුමයට කරුණකි.

සීමිත පන්දුවාර තරඟවල එංගලන්තය මෙහෙයවන ඉයන් මොර්ගන්ද මෙවර වෙන්දේසියේ අලවි වී නැති අතර ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්,කිංස් ඉලවන්,කල්කටා නයිට් රයිඩර් සහ පසුගිය වසරේ සන්රයිසස් කණ්ඩායම් නියෝජනය කලද මෙවර කිසිවකු මිලදීගෙන නැත.

ඉන්දියා කණ්ඩායම කලක් නියෝජනය කල දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉර්ෆාන් පතාන්ටද මෙවර කිසිම මිලක් නියමවී නැති අතර ඔහු මේ දක්වා,IPL තරඟාවලි වලදී චෙන්නයි සුපර්කින්ග්ස් .දිල්ලි ඩෙයාර් දිවල්ස්,කින්ස් ඉලවන්,රයිසින් පුනේ සහ සංරයිසස් කණ්ඩායම් නියෝජනය කර ඇති පළපුරුදු ක්‍රීඩකයෙකි.

IPL තරඟාවලිය නිසාම ප්‍රේක්ෂකයන් හඳුනාගත් තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන රජාට් බාතියා ටද මෙවර මිලක් නියම වී නැති අතර ඔහු පසුගිය IPL තරඟාවලි වල දිල්ලි දෙයාර්දිවල්ස්,කොල්කටා නයිට් රයිඩර්ස් ,රාජස්ථාන් රෝයල්ස්,සහ රයිසින් පුනේ කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇත.

නවසීලන්තයේ දක්ෂ වමත් වේගපන්දු යවන්නෙකු වන මිචෙල් මක්ලරගන් ටද මෙවර මිලක් නියමවී නැති අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ඉහල සේවයක් කල ඔහු නිරන්තර කඩුලු අත‍ර සිටින ක්‍රීඩකයෙකු ලෙස පසුගිය තරඟාවලි වල දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි.

ඕස්ට්‍රේලියාවේ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන ඇඩම් සම්පාට ද මෙවර මිලක් නියමවී නැති අතර ඔහු ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙන්ම බිග් බෑෂ් තරඟාවලිය තුලද ඉහල දක්ෂතා පෙන්වූ අතර පසුගිය වර රයිසින් පුනේ කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ ඔහුට මෙවර කිසිවකුගේ අවධානය යොමුවී නැත.

ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ශර්මාටද මෙවර IPL තරඟාවලියේ මිලක් නියමවී නැති අතර ඔහු පසුගිය තරඟාවලි වල ඩෙකෑන් චාජර්ස් ,කිංස් ඉලවන් පන්ජාබ් ,කල්කටා නයිට් රයිඩර්,රයිසින් පුනේ,සහ සංරයිසස් කණ්ඩායම් නියෝජනය කර නැති අතර මෙවර හිමිවී ඇත්තේ අලවි නොවූ ක්‍රීඩකයන්ගේ කණ්ඩායමේ තැනක් පමණය.

එමෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවස්ථා ගණනාවක ශුරතාව දිනාගැනීමට දායක වුන IPL ඉතිහාසයේ සාර්ථකම පන්දු යවන්නා මෙන්ම වැඩිම කඩුලු ලාභියාද වන ලසිත් මාලිංග කෙරෙහි මෙවර කිසිම කණ්ඩායමක් අවධානය යොමු කර නැති වීම පුදුමයට කරුණකි.

මෙම අලවි නොවූ කණ්ඩායමේ ක්‍රීඩකයන් එකතුව IPL තරඟ 613 කට ක්‍රීඩා කර ඇති අතර මොවුන් මෙම තරඟාවලියට මහත් වටිනාකමක් එකතු කලද මෙවර කණ්ඩායම් හිමිකරුවන් මෙම ක්‍රීඩකයන්ට වටිනාකමක් එකතු නොකිරීම පුදුමයට කරුණකි.