ක්‍රිකට් ක්‍රීඩක රොෂේන් සිල්වා බිරිඳ ගැන කිව්ව දේ මෙන්න “ ක්‍රිකට් ගැන දන්නේ නැති තරමටම හොදයි”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණතින් පිතිකරණයේ යෙදෙන රොෂේන් සිල්වා කියන්නේ පසුගිය දවස්වල වැඩිපුරම කතා කළ දක්ෂ ක්‍රීඩකයෙක්. රොෂේන් පසුගියදා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පත් වුනේ කෝඩුකාරයෙක් විදියට. පාසල් පිටියෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ ඔහු පිළිබඳව විස්තර මේ.

රොෂේන් ක්‍රිකට්වලට කෝඩුකාරයෙක් නොවුණත් ජාතික කණ්ඩායමට කෝඩුකාරයෙක් ?

ජාතික කණ්ඩායමට නම් මම කෝඩුකාරයෙක්. නමුත් මගේ ක්‍රීඩා ජිවිතේ පටන් ගන්නේ පාසල් කාලෙන්. මම ක්‍රිකට් නිසාමයි මරදාන ශාන්ත තෝමස් විද්‍යාලයට එන්නේ. පාසල් කාලෙන් පසුව මම අවුරුදු නමයක් පළමු පෙළ ක්‍රීඩා කළා. ඒ වගේම ඒ කණ්ඩායමටත් ක්‍රීඩා කළා. නමුත් ජාතික කණ්ඩායමට නම් එකතු වෙන්නේ මම බලාපොරොත්තු නොවුණු මොහොතක. ඒ නිසා මට ලොකු සතුටක් තියෙනවා.

මේ අවස්ථාව හිමිවෙනතුරු අවුරුදු කීයක් බලාගෙන හිටියද ?

මම 2013 වර්ෂයේ හොදින් ක්‍රීඩා කළා. ලකුණු අතරේ හිටියා. ඒ නිසා මේ අවස්ථාව මම බලාපොරොත්තු වුණේ 2013 වර්ෂයේ කිව්වොත් හරි. නමුත් වාසනාව හා ජාතික කණ්ඩායමේ අවශ්‍යතාවය තියෙන්නත් ඕන.

ජාතික ක්‍රිකට් කණ්ඩායමට අලුත් ක්‍රීඩකයින් නිරන්තරයෙන්ම එකතු වෙනවා. නමුත් කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙක් වෙන්න අවස්ථාව හිමි කරගන්නේ සුළු පිරිසයි. ඔබත් ආවා ගියා ක්‍රීඩකයෙක් වෙයිද ?

එන්න ලෙසෙයි. රැදෙන්න අමාරුයි. හේතුව දක්ෂතා දක්වන ක්‍රීඩකයින් නිතරම බිහි වීමයි. ඒ වගේ අවස්ථාවකදී අපි අපේ දක්ෂතා වැඩිදියුණු කරගන්න ඕන. එහෙම වුණොත් රැදෙන්න පුළුවන්. මගේ ඊළඟ එකම බලාපොරොත්තුවත් දක්ෂතා අතරේ ඉන්න ක්‍රීඩකයෙක් වීමයි.

ක්‍රීඩකයෙක් වෙන හීනය හිතට එන්නේ කවුරු නිසාද ?

එහෙම විශේෂ හේතුවක් නැහැ. මම පොඩි කාලේ ඉදලා අයියලා අක්කලා එක්ක වත්තේ ක්‍රිකට් සෙල්ලම් කරන එකමයි කළේ. හැමදාම ඉස්කෝලේ ඇරිලා ඇවිත් අපි සෙල්ලම් කරන්න යනවා. නිවාඩු එනකල් ඉන්නේ ක්‍රිකට් ගහන්න. ඒ ආශාව වෙන්න ඇති මාව ක්‍රීඩකයෙක් කළේ. නමුත් මම කවදා හරි ජාතික කණ්ඩායමට යනවා කියලා ඒ කාලේ හිතුවේ නැහැ. පාසල් ක්‍රිකට්වලින් පසුව තමයි මම හිතුවේ එක තරඟයක් හරි ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරනවා කියලා. ඒ හීනය ඉටු වුණා.

දක්ෂතා අතරේ හිටපු ක්‍රීඩකයෙක් නිසා ජාතික කණ්ඩායමට ඔබට අවස්ථාව හිමි නොවී තිබියදී ක්‍රිකට් අතහැරලා දාන්න හිතිලා නැද්ද ?

එහෙම හිතිලා තියෙනවා. මට එංගලන්ත හා ඕස්ට්‍රේලියා ක්ලබ්වලට කතා කරලා තියෙනවා එහෙ ක්‍රීඩා කරන්න. ඒ අවස්ථා ලබා ගන්නත් හිතුණා. නමුත් මම හිතුවා එකවතාවක් හරි අපේ රටට ක්‍රීඩා කරන්න. ඒ නිසා අවස්ථාව ලැබෙනකල් ඉවසිල්ලෙන් හිටියා. පසුතැවීම් ඇති වෙලා තියෙනවා. දුක හිතිලා තියෙනවා. නමුත් කොහොම හරි අවස්ථාව ලැබුණා.

ක්‍රිකට්වලට බිරිඳගෙන් බලපෑමක් තිබුනේ නැද්ද ?

මගේ බිරිඳ අරෝෂි සිල්වා. එයා දැන් නීති විද්‍යාලයේ අවසන් වසරේ ඉන්නේ. එයාව මුණගැහෙද්දීත් මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. නමුත් අදටත් ක්‍රිකට් ගැන කොහොමද ක්‍රීඩා කරන්නේ කියන එක ගැන එයා දන්නේ නැහැ. මගෙන් නිතරම ඇහුවේ ඇයි බෝලයක් පස්සෙන් මෙචචර මහන්සියෙන් දුවන්නේ කියලයි. ලැබෙන දෙයක් තියෙනවද අහලා තියෙනවා. ඒත් කවදාවත් ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න කියලා නැහැ. මම මානසිකව වැටුණු අවස්ථාවලදී පවා ඉවසන්න ඔයාට කොහොම හරි අවස්ථාව ලැබෙයි කියලා මට කියලා තියෙනවා. එයා ක්‍රිකට් ගැන දන්නේ නැති තරමටම හොදයි.

ඔබ ක්‍රිකට් ක්‍රීඩා කළාට ඇය නැතිව විදෙස් සංචාරවලට සහභාගී වෙනවට කැමති නැහැ කියන්නේ ඇත්තද ?

ඔව්. එයා ටිකක්වත් කැමති නැහැ මම නැතුව ඉන්න. මම ක්‍රිකට් ක්‍රීඩා කරන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ටුවර් එකක් යනවා කිව්වොත් ඉවරයි. හරිම අකමැතියි ඒදේට නම්. ඒත් ඒදේ මට කරන්න වෙනවා.

ඔබේ සහකාරිය වෙන ඇයව ඔබට මුණගැහෙන්නේ අහම්බෙන් ?

ළහිරු ගමගේ කියන ක්‍රීඩකයාගේ මංගල්‍යට මම දෙවැනි මනමාලයාට හිටියේ. එයා දෙවැනි මනමාලි. අපි දෙන්නා මුලින්ම දකින්නේ එහෙම. පස්සේ හිතවත්කමක් ඇති වෙනවා. ඒ හිතවත්කම දුරදිග ගිහින් තමයි ආදරේ කරන්නේ. අවුරුදු හතරක් විතර ආශ්‍රය කරලා 2015 වර්ෂයේ අපි විවාහ වෙනවා. ඒ වෙනකොටත් එයා දන්නේ නැහැ මම ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා. දැන් අපිට අවුරුදු එකහමාරක පුතෙක් ඉන්නවා. එයා අශේර් සිල්වා.

ජාතික කණ්ඩායමත් එක්ක එකතු වුණාට පස්සේ ඔබට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර එක්ක බිරිදගේ ප්‍රතිචාර කොහොමද ?

මම නම් හිතන්නේ නැහැ මම ජනප්‍රිය තරුවක් කියලා. කොහොම නමුත් ලැබෙන ප්‍රතිචාර ගැන බිරිදටත් සතුටක් තියෙනවා. අපි දෙන්නා අතර කිසිම රහසක් නැහැ. මම කරන කියන දේ රහසිගතව කරන්නේ නැහැ. මගේ ෆෝන් එක වුණත් එයාට ඕනෑම වෙලාවක බලන්න පුළුවන් විදිහටයි තියෙන්නේ. ඒ නිසා කොයි විදිහට ප්‍රතිචාර ලැබුණත් එයාට මාව විශ්වාසයි.

බිරිද ප්‍රථම ආදරේ ප්‍රථිපලයක්ද ?

නැහැ. ඊට කලින් මට පෙම්වතියෝ ඉදලා තියෙනවා.

දැන් ඔබව බොහෝ දෙනා දන්න චරිතයක් නිසා කලින් පෙම්වතියෝ කතා කරලා සුබ පැතුවේ නැද්ද ?

එහෙම කතා කරේ නම් නැහැ. මම කොහොමත් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මොකද ඒ ආදරේ අතීතයට අයිති දෙයක් නිසා. දැන් මම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.

තරඟ දිනනකොට සුබපතන ක්‍රීඩා ලෝලීන් වගේම තරඟ පරාජය වෙනකොට දොස් කියන විවේචන කරන ක්‍රීඩා ලෝලීන් ඉන්නවා ?

ඒක නම් ඇත්ත මුල් කාලේ මට හරියට බැනුම් අහන්න ලැබුණා. නමුත් හොදට සෙල්ලම් කරද්දී ඒක වෙනස්. හොද කියනවා. මම නම් ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ

බිමල් ජයකොඩි දෙවැනි ඉනිමෙන් ඉවත් වෙයි මෙන්න හේතුව

බිමල් ජයකොඩි කියන්නේ ලංකාවේ සිටින දක්ෂ නළුවෙක්. මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ පොවන බිමල් දෙවෙනි ඉනිම නාට්‍යයෙන් ඉවත් වීමට තීරණය කරලා තියෙනවා කියලා ආරංචියක් සමාජ මාධ්‍ය තුලට වාර්තා වෙලා තියෙනවා.

දෙවෙනි ඉනිම නාට්‍ය තුල බිමල් රංගනයෙන් දායක වෙන්නේ රවී ප්‍රනාන්දුගේ චරිතයටයි.

මේ වනවිට රවී ප්‍රනාන්දු ක්‍රිකට් පුහුණු කරුවෙකු ලෙස විදෙස් රටක වසර දෙකක කොන්ත‍්‍රාත්තුවක් සඳහා පිටත් කරලීමේ පසුබිම සකසා තිබෙන බවයි අපිට ආරංචි වුණේ.

බිමල් ඉවත් වීමට තීරණය කර ඇත්තේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය කොටස් 2000කන් දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙන නිසා කියලයි සමාජ මාධ්‍ය තුල කතා වෙන්නේ

රටම හිනැස්සු ජනාගේ තත්වය බරපතලයි මෙන්න එම අසුභ ආරංචිය

රටම හිනැස්සු ජනාගේ තත්වය බරපතලයි මෙන්න එම අසුභ ආරංචිය පහතින් ඔබත් නරඹා වැඩි විස්තර දැනගන්න

ශ්‍රී දේවිගේ මරණය අදෘෂ්‍යමාන බලවේගයක්? මවිතයට පත් කළ කතාවක් එලියට මෙන්න විස්තරේ

බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ මරණයත් සමග හැමතැනම විවිධ කතා පැතිරෙමින් පවතිනවා.

ඇයගේ මරණය සම්බන්ධයෙන් විවිධ හේතු අණාවරණය වෙමින් පවතින අතර ෆේස්බක් හී පළ තිබූ තරමක වෙනස් කතාවක් පහතින්…

ශ්‍රී දේවි ට දිව්‍යා භාරතී එන්න කීවාද??

බොලිවුඩයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම නිළියක් වූ ශ්‍රී දේවි පසුගිය 24 වනදා ඩුබායි හිදි සිදුවූ හදිසි අනතුරකින් මිය යාම මුලු මහත් බොලිවුඩය මෙන්ම දෙස් විදෙස් බොලිවුඩ් රසික රසිකාවියන්ද මහත් කැළඹීමකට පත් කරවන්නක් විය. ඩුබායි හි මංගල උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව තම හෝටල් නාන කාමරයේ සිදුවූ අනතුරකින් ඈ මිය යන විට වයස අවුරුදු 54 ඉකුත් වූවා පමණි. මෙම ඡායාරූපයෙන් ඔබ දකින්නෙ ශ්‍රී දේවි පමණක්ම නොවේ. ඇයගේ රුවට බෙහෙවින්ම සමාන රුවක් තිබූ කළක් ජනප්‍රියම නිළියක් වූ , අදට වසර 25 කට පෙර මිය ගිය දිව්‍යා භාරතී අනෙක් සුරූපිනියයි.

ශ්‍රී දේවි මියගියේ පසුගිය 24 මැදියම් රැයේදී වූ අතර දිව්‍යා ගේ 44වන ජන්ම සංවත්සරය යෙදී තිබුණේ පෙබරවාරි 25 දාය. 1974 දී උපන් දිව්‍යාගේ මරණයද ශ්‍රී දේවි ගේ මරණයද බොලිවුඩය මෙන්ම ජාත්‍යන්තරවද දැඩි කතා බහට ලක් විය. මේ දෙදෙනාම ළමා කාලයේදිම චිත්‍රපට වලට අවතීර්ණ වූහ. දකුණු ඉන්දීය සිනමාවට ශ්‍රී දේවි පය තබන විට යන්තම්ම වයස අවුරුදු හතර ලැබුවා පමණි. දිව්‍යා සිනමාවට එද්දී ඇගේ වයස අවුරුදු දහ හතරක් වූවාය. සුවිශේෂ කාරණය වූයේ මේ දෙදෙනාගෙ රුව බෙහෙවින්ම සමාන වීමයි. වරක් දිව්‍යා ඒ පිළිබඳව පවසා තිබුණේ ශ්‍රී දේවි තමාට වඩා බෙහෙවින්ම සුන්දර බවත්,ඊට හේතුව තමාගෙ මෙන් ඇගේ මුහුණේ කුරුළෑ දක්නට ලැනෙන්නේ නැති බවත්ය. විශේෂයෙන්ම දිව්‍යාගේ උපන්දිනය යෙදී ඇති දිනට පැය කිහිපයක් පෙරාතුව ශ්‍රි දේවි මිය යාමත් දෛවෝපගත සිදුවීමකි. දිව්‍යා ගේ මරණය ද අතිශයින් ආන්දෝලනයකට තුඩු දුන් සිදිවීමක් විය. වයස අවුරුදු 19දී දිව්‍යා මිය ගියේ ඇය ජීවත් වූ නිවාස සංකීර්ණයේ පස් වන මහලින් බිමට වැටීමෙනි. ඒ වන විට ඇය බීමත්ව සිටි බවට ද පසුව අණාවරණය විය.

මියයන විටත් දිව්‍යා බොලිවුඩයේ අතිශයින් ජනප්‍රිය වී සිටියාය. ඒ වන විට ඇය ලාඩ්ලා චිත්‍රපටියේ රූ ගත වලට සහභාගි වී චිත්‍රපටියේ අඩක් වැඩ නිමකර තිබුණි. එහෙත් ඇගේ අනපේක්ෂිත මරණයෙන් පසුව වෙනත් නිළියක් යොදා යලි රෑ ගත කිරීම නිශ්පාදයාට අවශ්‍ය වූයෙන් ඒ සඳහා අවස්ථාව ලැබුණේ ශ්‍රී දේවිටය. අනිල් කපූර් හා රවීනා තණ්ඩන් අනෙකුන් ප්‍රදාන චරිත නිරූපණය කළහ. ශ්‍රී දේවිගෙ මෙම අනපේක්ෂිත මරණයෙන් පසුව රවීනා මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉතා සංවේදී කරුණු රැසක් අනාවරණය කර තිබුණි. ඒ වන විටත් දිව්‍යා යෝදා රූගත කිරීම් රැසක් අවසන් කොට තිබුණි.
” එක්තරා සිදුවීමක් රූ ගත කරන අවස්තාවේ දී දිව්‍යා ට වචන උච්ඡාරණයේ වැරදි රැසක් සිදුවුණා. අවස්ථා කිහිපයක් රූ ගත කළත් දිව්‍යා එතන දී හිරවුණා. අපි හය හත් පාරක් රූ ගත කිරීම් සිදුකළා. දිව්‍යා ගේ මරණයෙන් මාස කිහිපයකට පසුව ශ්‍රී දේවි යොදා මේ ස්ථානයෙම එම දෙබස් සමග යලි රූ ගත කරමින් සිටින විට දිව්‍යාට මෙන්ම ශ්‍රී ටත් එම දෙබස් හිරවුණා. අපි සියල්ලන්ටම මෙය අදහාගත නොහැකි වුණා. අපේ ඇඟේ හිරිගඩු පිපුණා. ශ්‍රී කෙතරම් බය උනාද කිව්වොත් මගේ දෑත් තදින් අල්ලා ගත්තා. අධ්‍යක්ෂ ශක්ති කපූර් සමග අපි ගයාත්‍රී මන්ත්‍ර ගායනා කලා. පසුවයි රූ ගත කිරීම් සිදුවූයේ.” රවීනා පවසා තිබේ.

බොහෝ විට ඉහත සිදුවීම් අහම්බයක්ම පමණක් විය හැකිය. දැන් දිව්‍යා මෙන්ම ශ්‍රී දේවිය ද අප අතර නැත. ඔවුහු රුවින් සිනහවෙන් නර්තනයෙන් දිව්‍ය ලෝකය තුටු කරනවා ඇත

ශ්‍රි දේවිගේ වියෝව දරා ගත නොහැකි රසිකයන් හඬා වැටෙන හැටි මෙන්න වීඩියෝව

ලොවපුරා සිටින රසික හදවත් කම්පාවට පත්කරමින් හසිදියේම දිවියෙන් සමුගත් ශ්‍රී දේවිට ආදරය කළ රසිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා රැස්ව සිටින බව ඉන්දීය පුවත් වාර්තා කර තිබේ.

ඒ අතර ඇය මිය ගිය පුවතත් සමග වේදනාවට පත් පිරිස් අැයගේ ඡායාරූප අතැතිව හඬාවැටන අයුරු ඉන්තිදීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

එවැනි අවස්ථා කිහිපයක් පහතින්

චන්දිකගේ සහයට සිටි වෝල්ෂ්ට චන්දිකගේ තැන දෙද්දී චම්පිකට ලැබුණු තනතුර මෙන්න

බංගලාදේශ කණ්ඩායම අද පත්වී තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ පත්ව සිටි තත්වයට සමාන තත්වයකටය.තරඟාවලියෙන් තරඟාවලියට පුහුණුකරුවන් වෙනස්වීම නායකයන් වරින්වර වෙනස්වීම,කණ්ඩායමේ සංයුතිය වෙනස් වීම කණ්ඩායමේ අභ්‍යන්තර ගැටළු ආදිය සමඟ ලබන පරාජයන් අපිට පසුගිය වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැකගත හැකි වූ අතර ඊට බොහෝ සමාන තැනකට බංගලාදේශය අද පත්වී ඇත.

ඒ සියල්ල මැද බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නිදහස් කුසලානය ජය ගැනීමේ අරමුණ සහිතවය.මෙලෙස ශ්‍රී ලංකාවට එන බංගලාදේශ කණ්ඩායමට නව පුහුණුකරු ලෙස නම් කර ඇත්තේ කර්ට්නි වොල්ෂ් වන අතර චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස සිටියදී වොල්ෂ් සිටියේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසය.හතුරුසිංහ සමු ගැනීමෙන් පසුව මෙම තනතුර හිස්ව පැවති අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අවසාන වූ තරඟාවලියේ සහය පුහුණුකරුවන් සහ ජෙෂ්ට ක්‍රීඩකයන් පුහුණුකාර ධුරයේ කාර්යයන් බෙදා ගත්තද මෙලෙස පුහුණුකාර ධුරය එක පුද්ගලයෙකුට පැවරුනේ නැත.

බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකාර ධුරය ලැබීමෙන් අනතුරුව වොල්ෂ් පවසා ඇත්තේ කණ්ඩායම මානසිකව යම් පසු බැසීමක සිටින බවය.”කණ්ඩායමේ විශ්වාසය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ,ක්‍රීඩකයන්ගේ හැකියාව ගැනනම් කිසිම ප්‍රශ්නයක් නෑ,විශ්වාසය තමයි හදාගන්න ඕන,මේ හැකියාව එක්ක ක්‍රීඩකයන්ගේ විශ්වාසය හැදුනොත් අපිට පුළුවන් ලොකු අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න.”

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝකයට බිහිකළ මේ සුපිරි පන්දු යවන්නා පවසන්නේ කණ්ඩායමේ පුහුණුකාර ධුරයට එහාගිය කාර්යයක් තමාට පැවරී ඇති බවය.

“ඇත්තටම මට කරන්න වෙලා තියෙන්නේ නැති වෙලා ගිය විශ්වාසය හදන එක,ඒක පුහුණුකරුවෙක් කරන දෙයකට වඩා ටිකක් එහාට ගිය දෙයක්.ඒක හරියට තාත්ත කෙනෙකුගේ වැඩක් වගේ.මම ඒ දේ කරන්න සුදානම්,ඒ වගේම මම කියන්න ඕන අපි සාර්ථක වෙන්න නම් අපිට පුළුවන් ප්‍රමාණයට වැඩිය කණ්ඩායමට දෙන්න ඕන.ඒ විදියේ දෙයක් කණ්ඩායමට කරන්න පුළුවන් වුනොත් අපිට පුළුවන් වෙයි සාර්ථකව නිදහස් කුසලාන අභියෝගයට මුහුණ දෙන්න.’

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පන්දු යැවීමේ අංශය භාර ප්‍රධාන පුහුණුකරු වූ චම්පික රාමනායක බංග්ලාදේශ කණ්ඩායමේ තාවකාලික පන්දු යැවීම අංශය භාර පුහුණුකරු ලෙස පත් කර ඇත.

නිදහස් කුසලාන තරගාවලිය අරමුණු කරගනිමින් චම්පක රාමනායක බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය භාර පුහුණුකරු ලෙස පත්කර ඇති අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක නිළධාරී නිසාමුඩීන් චෞදරි මහතා ඊයේ දිනයෙදී මේ බව සනාථ කරනු ලැබූවේය

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පන්දු යැවීමේ අංශය භාර පුහුණුකරු වූ කට්නි වොල්ශ් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමෙන් පසු ඒ හේතුවෙන් පුරප්පාඩු වූ තණතුර සදහා චම්පක රාමනායක පත් කර ඇත.

පරණ අය පැත්තකට දාලා නිදහස් කුසලානයට නම් කළ ලංකාවේ අලුත්ම සංචිතය මෙන්න

එළඹෙන හය වැනිදා නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.මේ සඳහා ශ්‍රී ලංකාව – ඉන්දියාව හා බංගලාදේශය යන රටවල් තුන සහභාගී වනවා.ඒ සඳහා වූ විසි දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති බව වාර්තා වනවා.

මෙම සංචිතට ඇන්ජිලෝ මැතිව්ස්ගේ නම ඇතුලත් නොවුයේ ඔහුගේ අබාධ තත්වය තවමත් සුව වී නොමැති හේතුවෙන්.තවද ලසිත් මාලිංගගේ නමද ඇතුලත් නොවීම කාගේත් කතාබහට ලක්ව තිබෙනවා..තවද අසේල ගුණරත්නද අබාධ තත්වයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

මීට අමතරව අද දිනයේදී මෙම විසි දෙනෙකුගෙන් යුත් සංචිතයේ හොඳම 15 තෝරා, නිදහස් කුසලානය සඳහා ක්‍රීඩා කරන අවසන් 15 දෙනා නම් කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

20 දෙනෙකුගෙන් සමන්විත විස්සයි විස්ස සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක)
උපුල් තරංග
දනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දසුන් ශානක
කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
ජීවන් මෙන්ඩිස්
සුරංග ලක්මාල්
නිරෝෂන් දික්වැල්ල
සදිර සමරවික්‍රම
ඉසුරු උදාන
ජෙෆ්රි වැන්ඩස්න්
අකිල ධනංජය
අමිල අපොන්සු
අසිත් ප්‍රනාන්දු
ළහිරු කුමාර
නුවන් ප්‍රදීප්
දුෂ්මන්ත චමීර
ධනංජය ද සිල්වා

මං ගාණක්‌ කිව්වොත් අම්මෝ ඒ ගාණට නම් කරන්න අමාරුයි කියනවා – නිරෝෂා තලගල

නිරෝෂා තලගලව බොහෝ අය හඳුනා ගත්තේ නර්තන ශිල්පිණියක් හැටියටයි. නමුත් ඇය වඩාත් කතාබහට ලක් වුණේ ජනප්‍රිය වුණේ රංගන ශිල්පිණියක් හැටියටයි.

දක්ෂ රංගන ශිල්පිණියක් ලෙස වගේම නර්තන ශිල්පිණියක ලෙස නිරෝෂා තලගල කා අතරත් සිත් දිනාගෙන සිටින්නියක්.

පහුගිය කාලේ පුංචි තිරයේ වගේම රිදී තිරයේත් නිතර නිතර දක්නට ලැබුණු නිරෝෂා මේ දවස් වල නර්තන කණ්‌ඩායමත් සමග කාර්යබහුල වෙලාලු. ඒ වගේම පවුල් ජීවිතය ගැනත් ඉදිරි වැඩසටහන් ගැණත් සති අන්ත පුවත්පතකට එක්වෙමින් තොරතුරු සඳහන් කර තිබුණා. මේ ඇය ගැනයි.

ෂූටින්ග් නැද්ද?
අලුත් නාට්‍ය දෙකකත් වැඩ පටන්ගත්තා. අර්ජුන කමලනාත්ගේ කුසල් චිත්‍රපටය මං හිතන්නේ ඉක්‌මනටම දකින්න ලැබේවි. ටෙලි නාට්‍ය නං හුඟක්‌ එන්න තියෙනවා ඉස්‌සරහට.

වැඩිපුර නර්තනයට වෙහෙසෙන්නේ ඇයි?
මේ ටිකේ ෂෝස්‌ වැඩියිනේ. ඒ නිසා නර්තන කණ්‌ඩායමට සහ එහි පුහුණුවීම් වලට වැඩි ඉඩක්‌ දෙන්න සිද්ධ වුණා.

ටෙලි නාට්‍ය තරමට ආර්ථිකයට ජනප්‍රියත්වයට ඉඩක්‌ නෑ කියලා හිතල ද වේදිකා නාට්‍ය වලින් දුරස්‌ වුණේ?
මගේ මුල් කාලේ වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. ඊට පස්‌සේ ඉතිං කරන්නත් ආසයි හොඳ පිටපත්, ආරාධනා ලැබෙනවා. නමුත් මගේ නර්තන කණ්‌ඩායමේ පුහුණුවීම් සහ වැඩකටයුතු හුඟක්‌ වෙලාවට සතිඅන්තයේ යෙදෙන නිසා කාලය වෙන් කරගන්නයි අමාරු. මොකද මං වැඩියෙන් කැමති නර්තනයට නිසා ඒක මඟහැර ගන්න මං කැමති නෑ.

කවදාහරි වැඩ නැති වුණොත් කියල ද දැන්මම වෙන දෙයක්‌ ගැන හිතුවේ?
අනේ නෑ…මම ඩාන්සින් හරහා තමයි නිළියක්‌ වුණේ. අනික හස්‌බන්ඩ්ගේ ආසාව නිසයි නිළියක්‌ වුණේ. රඟපාන්න මුල ඉඳන් ඔලුවේ තියන් හිටපු කෙනෙක්‌ නෙමෙයි මම. මම ඩාන්සර් කෙනෙක්‌. මගේ මුල එතන නිසා ඒක කවදාවත් මගේ ජීවිතෙන් ඈත්වෙන දෙයක්‌ නෙමෙයි.

දැන් හුඟක්‌ නිළියන් රඟපානවට කැමති සැමියන්. ඇයි මේ? ඔවුන්ට නැති ජනප්‍රියත්වයක්‌ බිරිඳගෙන් ලබා ගන්නද?
මම දන්නේ නැහැ අනිත් අය කොහොම හිතනවද කියලා. මගේ හස්‌බන්ඩ් කලාවට බොහොම ලැදි කෙනෙක්‌. ඇත්තටම මට කලින් රංගනයට ක්‌ෂේත්‍රයට ආවේ එයා. අද මම නිළියක්‌ විදිහට මෙහෙම තැනක හිටියත් මට දකින්න බැරි වුණා එයා තව අය එක්‌ක රඟපාන එක. ක්‌ෂේත්‍රය ගැන රංගනය ගැන එදාට වඩා අද මම දන්නවා වුණත් එයා රඟපානවා බලන්න මම අදටත් කැමති නෑ. ඒක මට දකින්න බැහැ. ඒ නිසා ඔහු මගේ කැමැත්තට ඉඩ දීලා රංගනයෙන් ඈත් වුණා. හැබැයි මටත් ඒ දක්‌ෂතාව තියෙනවා කියලා ඔහු තමයි රංගනය ගැන වුවමනාවක්‌ නැතුව හිටපු මාව උනන්දු කරලා ක්‌ෂේත්‍රයට යොමු කළේ.

 

මේ වෘත්තියෙන් ආර්ථිකය යහපත් මට්‌ටමක පවත්වාගෙන යන්න බැහැ කිව්වොත්?
ඔව් ඒක ඇත්ත. මම ක්‌ෂේත්‍ර දෙකක කටයුතු කරලත් ඒක එහෙම තමයි. මට පුළුවන් නං තව දෙයක්‌ කරන්න ඒකට කාලය තියෙනවා නං මං ඒ දේ කරනවා.

ඇයි එහෙම වෙලා තියෙන්නේ?
අද හැමදේම ගණන් යනවා. හැබැයි ඩාන්සින් ටීම් එකක්‌ විදිහට මං ගාණක්‌ කිව්වොත් අම්මෝ ඒ ගාණට නං කරන්න අමාරුයි කියනවා. ටීම් එකටම බෙදන්න ඕන, අනිත් වියදම් ඇරියම මොකක්‌ද මේ දේ ලාභය කියලා හිතන්නේ නැහැ. අනික දැන් නර්තන කණ්‌ඩායම් වැහි වැහැලා. හුඟක්‌ අය හිතන්නේ රෙදි කෑල්ලක්‌ පටලාගෙන අතපය ඔහේ හෙළෙව්වම ඒක තමයි ඩාන්සින් කියලා. එවැනි අය දෙන ඕන ගාණකට ඔහේ නටනවා. ඉතිං වටිනාකමක්‌ නැහැ. ෂූටින්ග් වලදීත් එහෙමයි. නාළිකා වලින් නිෂ්පාදකට පුංචි ගාණක්‌ ගෙව්වම කොහොමද නළු නිළියන්ට ඔවුන්ගේ වටිනකම ලබාදෙන්නේ. පොඩි පොඩි ගණන් වලට ඔහේ රඟපාන අයත් ඉන්නවා. ඉතිං කර්මාන්තයක්‌ විදිහට පවත්වාගෙන යන්නේ කොහොමද. ඕවා කතාකරන්න ගියාම ඉතිං ඉහළටම යනවා වගකීම.

මුදල අඩුවූ පමණට ටෙලි නාට්‍යවල රඟපාන්න ගන්නව ද දක්‌ෂතාවක්‌ නැත්නම්?
එහෙම දේවල් හැමෝම අපි දැකලා තියෙනවනේ නේද? එහෙම දේවල් වෙනවා. සමහර වෙලාවට දක්‌ෂතාව තියේද කියලා බලන්නෙත් නෑ, රූපය ටිකක්‌ තියේනං ගාණ අඩු නං ගන්නවානේ. සමහර නිෂ්පාදකවරු, අධ්‍යක්‌ෂවරු එහෙම නෑ. නිර්මාණයට සාධාරණයක්‌ කළ හැකි අයව සම්බන්ධ කරගන්නවා. සීයට පනහ පනහ ඔය ප්‍රශ්නේ තියෙනවා ඉතිං.

 

ඔබ මේ දිනවල බොහෝ නිර්මාණවල දකින්න ලැබෙනවා. ඔබ කියන්නේ ඒ නිර්මාණ හැමෙකක්‌ම ප්‍රමිතිගතයි කියලද?
නෑ… මං එහෙම කියන්නේ නැහැ. මම රංගනයට එන්නේ මෙගා නාට්‍ය කලාවේ ආරම්භයත් එක්‌ක. ඉතිං ඉන් පස්‌සේ බිහිවුණ නිර්මාණ අපට ලැබෙන්නේ. අපි පුංචි කාලේ දැකපු දඬුබස්‌නාමානය වගේ නිර්මාණ අපිට ලැබෙන්න ඇත්තේ නැහැ. හැබැයි මෑත කාලේ නං මට එවැනි නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්‌ථාව් ලැබුණා.

ඇයි තෝරා බේරාගෙන රඟපාන්න බැරි?
යම් තෝරා බේරා ගැනීමක්‌ කළත් මෙවැනි චරිතම පමණයි කරන්නේ කියලා ඉන්න පුළුවන්කමක්‌ නැහැ. මොකද අපේ වෘත්තීය රඟපෑමනේ. එහෙම නැති වුණොත් අපිට කරන්න වැඩ නෑ. ඉතිං ඒ වගේ කාරණා එක්‌ක නිර්මාණයක්‌ තෝරා ගනිද්දී චරිතය තුළ යමක්‌ කළ හැකි නං මිසක්‌ ප්‍රධාන චරිතය ද කොටස්‌ කීය ද වැනි දේවල් ගැන මං හුඟක්‌ හිතන්නේ නැහැ. හැබැයි මගේ වටිනාකම මට ලැබිය යුතුයි.

 

විදෙස්‌ නිර්මාණ විකාශය සඳහා අය කරන බදු මුදල වැඩි කළා නේද?
අපේ ටෙලි නාට්‍ය කලාව නඟා සිටුවන්න රංගන ශිල්පීන් සහ මේ කර්මාන්තය යහ මට්‌ටමින් පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් වෙන්න ඕන තමයි. හැබැයි හඬකැවීම් ශිල්පීනුත් අපේ රටේ ඉන්නවා. ඔවුනුත් ජීවත් වෙන්න ඕන. එක පැත්තක්‌ නඟා සිටුවන්න තව පැත්තක්‌ අකර්මන්‍ය විය යුතු නැහැ. මං කියන්නේ හැමදේටම සාධාරණව සමබරව දේවල් වෙන්න ඕන කියලා.

ඔබට කැපිලි කෙටිලි බලපෑවේ නැද්ද?
අනේ එහෙම වුණා ද කියන්නවත් මම දන්නේ නෑ

සිඳූ ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතයෙන් ආලින්දයට එන කාවින්ද්‍යා දුල්ෂානි කියන අමුතු කතාව

“සිඳූ” ටෙලි නාට්‍යය කියලා කියන්නේ ලංකාවේ හුග දෙනෙක් නරඹන ලස්සන කතාවක්. ඉතින් මේකේ රගපාන සුන්දර කලාකරුවන්ටත් ඔවුන්ගේ හැකියාවන්ටත් හුග දෙනෙක් ආදරය කරනවා. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ “අංජනා” චරිතයට පණ පොවන කාවින්ද්‍යා දුල්ෂානි පිළිබඳව අවුරුදු කුමාරි තරඟයකින් ක්ෂේත්‍රයට පිවිසි ඇය මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳව මාධ්‍යයට කියලා තිබුණේ මේ වගේ දෙයක්…

කොහොමද ඔබට “අංජනා” එහෙමත් නැත්නම් “උපාසක අක්කා” වෙන්න අවස්ථාව ලැබුණේ ?

මාව උපාසක අම්මා කළේ “සිඳූ” ටෙලි නාට්‍යයේ අපේ ‍පොඩි හාමුදුරුවෝ. මොකද මට උපාසක අක්කා කියන්නේ ‍පොඩි සාදුනේ. ඒත් “සිඳූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය මට ලැබෙන්නේ සහය අධ්‍යක්ෂ ප්‍රදීප් මානවඩු අයියා කළ ආරාධනාවකට අනුවයි.

අංජනාගේ චරිතය ඔබට දැනෙන්නේ මොන විදිහටද ?

අංජනා කියන්නේ නගරයේ හැදුණු වැඩුණු අභියෝගවලට මුහුණ දෙන්න කැමති ‍පොෂ් කෙල්ලෙක්.
ඒ වගේම දිලුම්ට දැන් ඉන්න හොඳම යාළුවා විදිහට දිලුම්ගේ දෙමව්පියන්ට හුඟාක් සමීප වෙන්න හදන යුවතියක්. දිලුම් සහ තෙරණිගේ අතරමැදට ඇවිත් ඉන්න යුවතියක් විදිහට අංජනාට නම් මේ දවස්වල වැඩිපුරම අහන්න වෙන්නෙ බැණුම් තමයි.

එතකොට අංජනාගේ චරිතය වෙනුවෙන් කාවින්ද්‍යාට ප්‍රේක්ෂකයන්ගෙන් අහන්න ලැබෙන්නේ බැණුම් විතරමද ?

වැඩිපුරම නම් ඉතින් බැණුම් තමයි අහන්න වෙන්නේ. සමහරු කියනවා අයියෝ මොකද අප්පා දෙන්නෙක්ගේ ආදරේට අකුල් හෙලන්නේ… පැත්තකට වෙලා ඉන්නකෝ කියලා. ඒත් දිලුම්ව ඉස්සරහට කාට අයිති වෙයිද කියලා මමවත් තවම දන්නේ නැහැ. ඒ වගේම ‍පොඩි හාමුදුරුවෝ මට උපාසක අක්කා කියලා කතා කරන හින්දම, මඟතොටේදී මාව දන්න ‍පොඩි ළමයි “ආ මේ උපාසක අක්කනේ” කියලා ළඟට ඇවිත් කතා කරනවා.

එතකොට කාවින්ද්‍යා කැමරාවකට මුලින්ම මුහුණ දුන්නෙත් අංජනාගේ චරිතය වෙනුවෙන්ද ?

නැහැ. මම කැමරාවක් ඉස්සරහට මුලින්ම ගියේ 2015 ඒ අවුරුදු කුමාරි තරඟයේදී. මම අවුරුදු කුමාරි කිරුළ නම් දිනාගත්තේ නැහැ. ඒත් අවසන් දොළොස් දෙනා අතරට තේරුණා. දැන් මම රංගන ශිල්පිනියක් වෙලා අවුරුදු දෙකකට වැඩි කාලයක් වෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න මට වාසනාව උදා කරලා දුන්නේත් අවුරුදු කුමාරි තරඟාවලිය බව කියන්නම ඕනේ. ගොඩාක් දෙනා හිතන්නේ අංජනා කියන්නේ මගේ පළවෙනිම රඟපෑම කියලයි. ඒත් ඊට කලින් ටෙලි නාට්‍යය කිහිපයකම මං රඟපාලා තියෙනවා. ඒත් මාව රටම දන්නා රංගන ශිල්පිනියක් කළේ “සිඳු”හි අංජනාගේ චරිතය කියලා කිව්වාට නම් වරදක් නැහැ.

අංජනා සැබෑ ජීවිතයේදී කාවින්ද්‍යාට සමාන වෙන අවස්ථා තියෙනවාද ?

අංජනා මට සමාන වෙන්නේ කිසිම දෙයක් හිතේ තියාගන්නේ නැතුව එක පාරටම අවශ්‍යය දේ කියලා දාන තැන්වලදී විතරයි. ඒත් අංජනා වගේ කාවින්ද්‍යා නම් දෙන්නෙක්ගේ ආදරයක් මැද්දට කවදාවත් හරස් නොවුණු, ඒ වගේම ඉදිරියේදීත් හරස් වෙන්නේ නැති කෙනෙක් බව නම් කියන්නම ඕනේ.

ඔබේ පෞද්ගලික තොරතුරු ගැන දැන ගන්නත් ඔබට ආදරය කරන හැමෝම බලාගෙන ඉන්නවා ?

මම තමයි ගෙදර ලොකුම අක්කා, අම්මයි තාත්තයි නංගිලා තුන්දෙනයි ඇතුළුව පවු‍ලේ හය දෙනෙක් ඉන්නවා. මට වයස 21යි. මම කළමනාකරණය පැත්තෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. මගේ තාත්තා නම් මම මේ ෆීල්ඩ් එකට යනවට ‍පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒත් මගේ රඟපෑම් දැකලා හුඟක් අය මා ගැන කතා කරන්න පටන් ගත්ත නිසා තාත්තගේ විරෝධය දැන් නැහැ. දැන් තාත්තා තමයි මගේ රඟපෑම් කටයුතුවලට වැඩිපුරම උදව් කරන්නේ.

මට පද හදන අයම ක්ලබ් එකේදී මාත් එක්ක හොදට ඉන්නවා – මේනකා මධුවන්ති

මේනකා මධුවන්ති කියන්නෙ කලින් කලට කලා ක්ෂේස්ත්‍රයේ පුවත් මවන රංගන ශිල්පිනියක්. හැංගිලා හිටියත් හොයාගෙන මඩගහන චරිතයක් බවට තමන් පත්වෙලා කියලා මෙනකා අද පුවත්පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියලා තිබුණා. ඒ ගැන මේනකා කියපු සම්පූර්ණ කතාව පහතින්.

මේනකා මේ දවස්වල වැඩද? නැත්නම් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවද?

පසුගිය දවස්වල හර්ෂ උඩකන්දගේ කොළඹ සන්නිය රිටන්ස් චිත්‍රපටයේ වැඩ අවසන් කළා. ඒ වැඩෙත් එක්ක තමයි කාර්යබහුල වෙලා හිටියේ. මම සම්බන්ධ වුණ චිත්‍රපට හතරක්ම තිරගත වෙන්න තියෙනවා.

සම්භාව්‍ය මට්ටමේ නිර්මාණයකට මේනකාට ආරාධනාවක් ලැබුණොත් ඕන කැප කිරීමක් ඒ වෙනුවෙන් කරන්න කැමැතිද?

නිළියක් වුණාම සීමා දාගෙන ඉන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ සමාජයේ එවැනි කලා නිර්මාණ, ඒවට සම්බන්ධ වෙන ශිල්පීන් පිළිගැනීමට ලක්වෙද්දී ප්‍රශ්නයක් තියෙනවා. අතීතයේදී නම් ඒ වගේ නිර්මාණවල හිටපු ශිල්පිනියන්ට ගැටලුවක් වුණේ නෑ. ඒත් අද තත්ත්වය ඊට වෙනස්. අපි දෙයක් කළොත් ඒවායින් ගොසිප් දාන්න ගොඩක් අය ඉන්නවා. මම ප්‍රශ්න දාගන්න කැමැති නැහැ. ඒ නිසා සාමාන්‍ය විදියට නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

ඔය තීරණ ඔයාගෙම තීරණද? නැත්නම් ඒ තීරණවලට කවුරු හරි බලපෑම් කරනවාද?

කවුරුවත් මට බලපෑම් කරන්නේ නැහැ. මම ඉස්සර ඉඳන් හිතපු දෙයක් තමයි අපි මඩවලට බය වෙලා හිටියොත් මඩ වදිනවා වැඩියි. මම පැත්තකට වෙලා හිටියත් පරණ දෙයක් හරි හොයලා මඩ ගහනවා.

නිතර මඩ වදින නිළියන්ගේ ගොඩට මේනකාවත් අහුවෙනවා නේද?

ඔව්. අනේ මන්දා මාව ඒ පැත්තට තමයි වැටිලා තියෙන්නේ. සමහර වෙලාවට අද ඊයේ වුණ දේවල් නෙවෙයි, මොකක් හරි ගැළපෙන්නේ නැති දෙයක් හරි එළියට අරගෙන මඩ ගහනවා. ගොසිප් ගැහුවම ගොඩක් අය පෙනෙන දේ විශ්වාස කරනවා. ඇත්ත දේ ගොඩක් අය හොයලා බලන්නේ නැහැ.

ඉතින් ඔහොම හොය හොයා මේනකාට මඩ ගහද්දී ගැටලුවක් නැද්ද?

ගැටලුක් වුණත් ඉතින් මම නිවැරැදියි කිය කිය නම් යන්නේ නෑ. කැමැති දෙයක් හිතාගන්න කියලා මම ඉන්නවා. මම කවුද කියලා මම දන්නවානේ.

මේනකා දෙසැම්බර් 31 රාත්‍රියට එහෙම විශේෂ සැමරුම් කරන කෙනෙක්ද? අඩු ගානේ විශේෂ අවස්ථා සමරලා විනෝද වෙන කෙනෙක්ද?

මම අඩුම තරමේ උපන් දින සාදයක්වත් ගන්න කැමැති කෙනෙක් නෙවෙයි. දෙසැම්බර් 31 රාත්‍රිය නම් මම ගත කරන්නේ මගේ පවුලේ අයත් එක්ක පන්සලේදී. මම එදාට පාටි දාලා විනෝද වෙන්නේ නැහැ. හැබැයි මම විශේෂ අවස්ථා වෙනුවෙන් වෙන අයගේ පාටිවලට සහභාගි වෙලා තියෙනවා.

සමහරු විනෝද වෙන්න ක්ලබ් යනවා. මේනකාත් එහෙම කෙනෙක්ද?

ක්ලබ් ගිහින් නැහැ කියලා මම කියන්නේ නැහැ. මම ක්ලබ් ගිහින් තියෙනවා. අපි ක්ලබ් යනවා කියලා මඩ ගහන අයත් ක්ලබ් යනවා. මම ක්ලබ් ගියත් ඒක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්නවත් ඒවා අවුස්සලා ගොසිප් සයිට්වල ගොසිප් ගහන්නවත් අවශ්‍ය නැහැ. ක්ලබ් යනවා කියලා ගොසිප් ගහන අය හරියට ඒවා නොකරපු අය විදියට පෙන්නන්න හදන්නේ. මම ඉතින් කියන්නේ මට මඩ ගහලා කාගේ හරි බඩ කට පිරෙනවා නම් ඒක මට පිනක්.

දැන් නිළියෝ හැසිරෙන විදිය හරි නැහැ කියලා ගොඩක් අය කියනවා. මේනකාටත් ඔය චෝදනාව ඇවිත් ඇතිද?

මට දැනුවත්ව එහෙම චෝදනා නැහැ. අපිට ඇඟිල්ල දික් කරන්නෙ අපේ ක්‍ෂේත්‍රයේ අය නොවෙයි. පිට අය. මම මගේ පාඩුවේ ඉන්නේ. අපි කළොත් තමයි හැමදේම වැරැදි. මොකද අපි ජනප්‍රිය නිසා ඉස්මතු කරලා පෙන්නනවා. වෙන ක්‍ෂේත්‍රයක කෙනෙක් අපි කරන දේම කළොත් ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි ඉතින් හැරුණත් වැරැදියිනේ. මම ඉතින් කාටවත් වැරැදි කරලා නැහැ. අපේ පෞද්ගලික දේවල්වලට මඩගහලා සතුටු වෙන අය සතුටු වෙයි.

දැන් මේනකා වැඩවලත් වැඩිපුර පේන්න නැත්තේ හැම දෙයින්ම මිදිලා පාඩුවේ ඉන්න උත්සාහ කරන නිසාද?

ඇත්තටම මම දැන් හැමදේම තේරුම් අරගෙන ඉන්නේ. ඒකයි පැත්තකට වෙලා ජීවත් වෙන්නේ.

එහෙනම් කලින් ආශ්‍රය කළ යාළු මිත්‍රයොත් දැන් ආශ්‍රය කරන්නේ නැද්ද?

අම්මෝ දැන් මට යාළුවෝ නැති තරම්. වෙච්ච ප්‍රශ්නත් එක්ක අෑත්වෙලා පාඩුවේ ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් අපි පේන්න නොහිටියත් අපිට මඩ ගහනවා.

දැන් මේනකා පෙම්වතියක්. ජීවිතේ ඉන්න විශේෂ කෙනා ගැන කියමුද?

ඔව්. මම පෙම්වතියක්. එයා ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි.

කවද්ද එකලාසයක් වෙන්නේ?

ඒකත් ඉදිරියේදී වෙයි. බලමුකෝ.