මෙම සතිය ඇතුලත ටොන් 8ක් බර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් පොලවට කඩාගෙන වැටීමට නියමිතයි

මෙම සතිය ඇතුලත ටොන් 8ක් බර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් පොලවට කඩාගෙන වැටීමට නියමිතයි මේ පිළිබඳව මීට මාස ගණනකට පෙර අපි ඔබව දැනුවත් කරා ඔබට මතක් ඇති. දැන් එය සිදුවීමට තිබෙන්නේ දවස් 2ක් වැනි කාලයක් පමණයි වැඩි විස්තර සදහා පහත වීඩියෝව බලන්න

අභ්‍යන්තර සිහිපතක් නිසා ෆේ්ස්බුක් යළිත් අවදානමක මෙන්න විස්තරේ

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය ලෙස හැදින්වෙන ෆේස්බුක් හි ප්‍රචාරක සහ අලෙවි ප්‍රධානියා යැවූ මෙමෝ හෙවත් සිහිපතක් මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් ෆේස්බුක් ආයතනය යළි අර්බුදයකට ලක්වී තිබෙනවා.

ෆේස්බුක් හි ව්‍යාපාරික ප්‍රචාරක කටයුතු මෙහෙයවූ ඇන්ඩෲ බොස්වර්ත් එම සිහිපත යවා ඇත්තේ 2016 වසරේදීයි.

ෆේ්ස්බුක් උපයෝගි කරගෙන යම් පුද්ගලයෙකු මානසික හිරිහැරයකට ලක් කළ හැකි බව ඔහු එහිදී පිළිගෙන තිබෙනවා.

එමෙන්ම, සිය මාධ්‍ය ජාලය උපයෝගි කරගෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් වුවත් ක්‍රියාත්මක විය හැකි බවයි බොස්වර්ත් පවසා ඇත්තේ.

ඒ කවර අයුරකින් හෝ ෆේස්බුක් ආයතනය ජනයා සම්බන්ධ කරන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ෆේස්බුක් පරිශීලකයන්ගේ තොරතුරු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් ද එම ආයතනයට පසුගියදා ප්‍රබල චෝදනාවක් එල්ල වුණා.

රිටිගල ජයසේන හෙවත් මහසෝනා පිළිබද කියවෙන අපේ ඉතිහාස කතාවේ අප්‍රකට තොරතුරු

හම්බවුනා පරණ කතාවක්. මොකක්ද දන්නවාද ඒ? මහසෝන් යක්ෂයා එහෙමත් නැතිනම් අපි දන්න මහසෝනා බිහිවුනේ කෝහෝමද කියාලයි. නම ඇහුවත් බයයි වගේ !
ඇත්ත නැත්ත කෙසේ වුනත් කතාව නම් නියමයි !
මෙහේම තමා කතාව පටන් ගන්නේ!

ගැමුණු රජ්ජුරුවෝ එලාර රජුව පරදලා ජයගත්තට පස්සේ ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කරලා ගොඩාක් අයට මේ උත්සවයට ආරාධනා කලා.

සාදයේ මුලදීම ගෝඨයිම්බර මත්පැන් නිසා මත් වීම නිසා ඔහුගේ බිරිද සෝනා කුමරිය පැමිණි අය පිලිගන්න රාජකාරිය කලේ.

ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින් තොරව එකවිටම මැදිවිය ඉක්මවු කලු ඇගපත මනාව වැඩුනු පුද්ගලයකු සාදය‍ට පැමිණි අතර කුමරිය මේ හැඩරුව පවසමින් ඒ බව ගෝඨයිම්බරයා පැවසු අතර කියු හැඩරුව අනුව එකවිටම ඔහු හදුනා ගත් ගෝඨයිම්බරයා ඔහුව පිලිගෙන සංග්‍රහ කරන ලෙස සෝනා කුමරියට අණ කලා.

ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසු පමණින් බොහෝ දෙනා බිය සලිත වන රිටිගල ජයසේනය.රිටිගල ජයසේන යනු ගැමුණු කුමරුන්ට ජය පතා යක්ෂ සේනාව මෙහෙය වු ඇතුන් 10 ශක්තිය ඇති සේනාධිපති තුමායි.‍‍

ගෝඨයිම්බර ‍සෙනවිත් මේ ජයසේනට සාදයේ හොද හැටි කෑම බීම දී සැලකු අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වු විටම සියල්ල අමතක වු ජයසේන එකවිටම සිතට ආ අදහසකට සෝනා කුමරිය වැලද ගත්තේය. එකවරම මෙය දුටු ‍ගෝඨයිම්බර සෙනවියාට තරු විසිවුනු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින් තම නිවසින් යන ලෙස තර්ජනය කරන ලදි.

රිටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වුනු අතර තරහත් සමඟම ගෝඨයිම්බරයා තමාට කිසිම අභියෝගයක් නැති බවත් සතියකින් තම්මැන්නා සුසාන භුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන ලෙසත් උත්සව සභාවේදීම ඉතා සැරවැරයෙන් කියා සිටි අතර ‍ ගෝඨයිම්බර ‍සෙනවිත් බිමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැගිල්ලෙන් ජයසේනගේ හිස ගසා දමන බවත් මහ හඩින් උත්සව සභාව මධ්‍යයේ බහින් බස් විය.

මේ ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන ලෙස අණ කලත් තම අභිමානය තමන්ට සිදුවු ලජ්ජාව මකා ගැනීමට අනිවාර්යයෙන් මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම පවසා ඇත.

සටනට දිනය පැමිණි අතර සටනට පෙර දා හොදින් මත්පැන් බී සටන දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨයිම්බරයාට එකපාරම තම අභියෝග කල සටන මතක් වු අතර කෑම බීමද අමතකව ඇද සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැදගෙන සොහොන් බිමට දිව යන්නට විය.

ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලද සිටිමින් මනාව සටනට සුදානම් වී සිට අතර ඔහු හතර රියන් උස පුද්ගලයකු වු අතර ගෝඨායිම්බරයා ඉන් හරියටම අඩක් උස විය.

ගෝඨයිම්බරයාගේ සහායට සටන නැරඹීමට පැමිණි අය මෙය දුටු සැනින් ම බෝහෝම දුකට පත්වුයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන හැගීම බොහෝම දෙනාගේ සිතට ආ නිසාය.

තම මිතුරාට ආචාර කල ගෝඨයිම්බර සටනට පිවිසිය. ආචාර කිරීමත් සමඟම හිස ඔසවා සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලු ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කලේය.

එක විටම අන්ද මන්ද වු ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කදින් වෙන්වී රිටිගල පැත්තේ කරඔ ගසක රැදී ඇත.

(අද එම ස්ථානය ඔළුකරදන නම් වේ)

මෙය එක විටම දුටු, දැනුන සෙනසුරු දෙවියන් කලබල විම නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා පැමිණ එවේලෙහි සොයා ගත් වලසකුගේ හිසක් ගෙනවිත් ජයසේනයාගේ හිස නැති සිරුරට දිවි බේරා ගැනීම සඳහා සවි කරන ලදි.

(එම වලසා සොයා ගත්තායයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය අසල පිහිටි සෙනසුරු කෝවිල් භුමියෙන් ලු)

හැම විටම සිතා මතා වැඩකරන සෙනසුරු දෙවියන්ට කලබලයට ජයසේනයාට වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය.

(පහතරට මහසෝන් නැටුමේදී ද හිස පලදිනු ලබන්නේ පිටුපසටය)

එලෙස නැවත පන ලැබු ජයසේන එදා සිට රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය. මොහුට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ.

එනම්,
එළුවකු වාහනයක් කරගත් “ලේ සොහෝන් යක්ෂයා”
මුවකු වාහනයක් කරගත් “අමු සොහොන් යක්ෂයා”
අශ්වයා වාහනය කරගත් “ජය සොහොන් යක්ෂයා”
බැටළු වාහනය සහිත “මරු සොහොන් යක්ෂයාද”
අලියකු පිට යන “ගොළු සොහොන් යක්ෂයාද”

මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.

වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට දෙගාත ( මිනිස් හා කුකුළු ) බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත. සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත් බුදු අණටද යටත් නොවේ යයි පවසන මහ සෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ.
(ඒ ගැන නම් විශ්වාස කරන්න අමාරුයි නේද? මොකද බුදු අණට සියල්ලන්ම යටත් වන බැවින් කියලා මට හිතෙනවා)

රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රය නැත්නම් අපි අහලා පුරුදු සුදලිය අංගම් පොර පරම්පරාවේ ද උරුමක්කාරයා එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ රිටිගල ජයසේන සේනාධිපතියායි. එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි.

ලොව සුන්දරම හා සරාගීම කාන්තාවන් 10 දෙනා – Photos

01-Selena Gomez
ලොව සුරූපීම කාන්තාව ලෙස හැදින්වෙන සෙලීනා ගෝමෙස් ලොව සිටින සුරූපීම ගායිකාවක් ලෙසද හැදින්වේ

 

02- Liza Soberano
ලොව සුරූපිනියන් අතරින දෙවන තැනට පත්ව සිටින ලීසා පිලිපීන-ඇමරිකානු රංගන ශිල්පිනියක් හා නිරූපිකාවකි. ඇය 2017’s most popular endorser of the year ලෙස නම් විය.

 

03- Nana Im Jin-Ah
Independent Critics List of the 100 Most Beautiful Faces of 2014 හි පළමු ස්ථානය හිමි මැන චීන ජාතික රංගන ශිල්පිනියකි.

 

04- Deepika Padukon
වැඩිම මිලක් අය කරන බොලිවුඩ් නිලිය ලෙස හැදින්වෙන දීපිකා පදුකෝන් ඉන්දියානු සරාගී සලකුන ලෙසද හැදින්වේ.

 

05- Pixie Lott
සුප්‍රසිද්ධ පොප් ගායිකාවක් වන ඇයට 2014 වසරේ දී FHM’s 100 Sexiest Women List හි 7 වන ස්ථානයට හිමි විය.

 

06- Amber Heard
ළාබාල ඇමරිකානු රංගන ශිල්පිණියකි.

 

07- Priyanka Chopra
ආසියාතික සරාගීම කාන්තාව (Sexiest Asian woman) ලෙස 2017 වසර සදහා නම් වූ ඇය අපි කවුරුත් දන්නා සුරූපී බොලිවුඩ් නිලියකි.

 

08- Adriana Lima
Forbe සගරාවට අනුව ලොව වැඩිම මිලක් අයකරන නිරූපිකාවන්ගෙන් දෙවැනි තැනට සිටිනා මැයගේ ආදායම ඩොලර් මිලියන 11 කි. ඒ වගේම, සරාගීම බ්‍රසීල ජාතික කාන්තවන් 10 දෙනා අතරේ ද ලිමා සිටී.

 

09- Emilia Clarke
සුප්‍රසිද්ධ Game Of Thrones කතා මාලාවේ තරුවක් වන මැය මේ වන විට 31 වන වියේ පසුවේ.

 

10-Pia Wurtzbach
2015 Miss Universe ලෙස අභිශේක ලද, නිරූපිකාවක් හා රංගන ශිල්පිනියක් වන මැය පිලිපීන ජාතිකයෙකි.

 

තායිලන්තයේ සිට වැඩමකළ භික්ෂුන් වහන්සේලා පිරිසක් මහා දවල්ල ගිනි කාෂ්ටක අව්වේ මහියංගනයට පා ගමනින් වැඩමකරන විට මග රැස් වූ ජනතාව කළ දේ

ඇසට දකින්නට ප්‍රිය සුන්දර දසුනක් ගැන පුවතක් අපිට මුහුනුපොතේ උඩට පහලට යනවිට අපිට දැකගන්නට ලැබුණා. මෙය මුහුනුපොතට එක්කර තිබුනේ රංග රුවන්පුර නම් තරුණයෙක් විසිනුයි.

මෙි දවස් වල මහියංගනයට ගිනි කාෂ්ඨක අව්ව..මෙි අවුවෙි මහ දවල් මීටර් 10ක් පයින් යනවා කියන එකත් විස්මිත වැඩක්…
මෙ මහා අව්වෙි නිමක් නැති මිනිසුන්ගේ සද්ධාවත් ස්වාමින්වහන්සේලාගේ නිමක් නැති වීර්්‍යයත් ඇස් 2න් දැක ගත්තා…
තායිලන්තයෙන් වැඩම කල ස්වාමින් වහන්සේලා අද මහයංගන බතලයාය අසපුවෙි සිට කිලෝමීටර් 15ක් පමණ මහයංගන සෑය වෙත පයින්ම වැඩම කලා…උන්වහන්සේලාගේ මුහුනේ තියෙන සිරියාවට මහ අව්වත් පරදිනවා..තමන් ලගට වතුර බෝතලයක් අරන් එන හැමදෙනාටම හිනා වෙලා සෙත් පතන්න උන්වහන්සේලා අමතක කලේ නෑ…

“බඳින දවස අහන්න එපා, දැන් ඒ තීරණය මම දෛවයට තමයි බාරදීලා තියෙන්නේ..” – අනුෂා දමයන්ති

අනුෂ දනයන්ති කියන්නේ නිලියක් වගේම නර්තන ශිල්පිනියක්. ඇයගේ නර්තනයට බොහෝ දෙනෙක් ඇලුම් කරනවා. ඒ වගේම ඇය නිරන්තරයෙන්ම විලාසිතා මවන්නියක්. ඇයගේ සියලුම ඇදුම් විලාසිතා නිර්මාණය කරගන්නේ ඇයම නිසා විලාසිතාවෙදී ඇයව කැපී පෙනෙනවා. මේ ඇය ගැන පුවත්පතක සදහන් කළ ලිපියක්.

අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවනේ…. මොනවද මේ අලුත් අවුරුද්ද තියෙන විශේෂ වැඩ….?

අලුත් අවුරුද්ද එද්දිම ඉතින් වැඩ රාජකාරි නම් බොහොමයක් තියෙනවා. ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තියෙනවා. අප්‍රේල් මාසේ අලුත් අවුරුද්ද ලැබෙන දවස වෙනකම්ම ප්‍රසංග සහ රූගත කිරීම් යෙදිලා තියෙනවා. මැයි මාසේම විදෙස් ප්‍රසංගයක් යෙදිලා තියෙනවා. දැනට මම විදෙස් සංචාර තුනක වැඩබාර අරගෙන තියෙනවා.

සීතල යුද්ධය සිනමා නිර්මාණය හරහා බව දේශපාලන කාන්තාවකගේ භූමිකාව රඟපෑවා. මෙවැනි චරිතයක් අනූෂාට ආගන්තුක නැහැ නේද…?

දේශපාලන විෂය ඇත්තටම මම බලාපොරොත්තු වුණ විෂයක්වත්, එන්න හිටිය විෂයක්වත් නෙමේ. මගේ මතය වුණේ කලාකරුවා ඉතා ස්වාධීන කෙනෙක්. ඉතින් මේ චරිතය කතා කරද්දී ඇය මේ රට නියෝජනය කරපු චරිතයක්. ඒ නිසා රටට පණිවුඩයක් දෙන්න මම ඒ චරිතය බාරගත්ත.

කවදා හරි දේශපාලනයට අනූෂා දමයන්ති එකතුවෙයිද?

බොහෝ දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි ඔයා දේශපාලනයට එනවද කියලා. හැබැයි දේශපාලනයට එන්න කිසිම දවසක මගේ හැඟීමක් තිබුණේ නැහැ. මම අදටත් සිනමාවටයි, නර්තනයටයි තමයි කැමති. ලස්සනට ඇඳුම් හදලා ලස්සනට අඳින්න තමයි මම අදත් කැමති. ඒවත් එක්ක මම ඉන්නේ වෙනමම ලෝකෙක. ඒකටයි මම ආස. හැබැයි අපි කරන දේ රසවිඳින්න නිදහස්, නිවහල් රටක් තිබිය යුතුයි. ඒ පණිවිඩය නිර්මාණය කරන්න ඕනේ. ඒ පරිසරය නිර්මාණය වෙච්චි තැන අපිට වේදිකාවක් හදන්න පුළුවන්.

අනූෂාට ඇඳුම් මහන්න පුළුවන්නේ… කොහෙන්ද ඕවා ඉගෙන ගත්තේ?

පවුලේ කිසිකෙනෙක් ඇඳුමක් හරියට මහන්න දන්නේ නැහැ. අපේ පැත්තේ හිටපු අක්කා කෙනෙක් රට ගිහින් එද්දි ගෙනාපු අලුත් මැෂිමක් අපිට වික්කා. එතකොට ඒ නම්බර් එක ලංකාවට ඇවිල්ලත් නැහැ. ඉතින්… තාත්තාට කිව්වම තාත්තා ඒ මැෂිම සල්ලිවලට අරගත්තා. හැබැයි ඒකෙන් මහන්න අපි කාටවත් කිසිම ඕනකමක් තිබ්බේ නැහැ. එතකොට මගේ වයස අවුරුදු එකොළහක් විතර ඇති. ඉතින්, ගෙදර මැෂිම තියෙන නිසා මම ඒකට ආස කළා. මම අපේ ගෙදර තියෙන සීයාගේ සරම් කැපුවා. බෙඩ්ෂීට් කැපුවා. අම්මගේ සාරි කැපුවා. හැබැයි ඒ හැමදෙයක්ම මුලදී ගොඩක් නාස්ති වුණා. ඒ මහපු එකක්වත් අඳින්න බැහැ. හැබැයි මගේ අම්මා කවදාවත් මට බැන්නේ නැහැ. අම්මා ඉස්සර ගොඩක් සාරි ඇන්ද කෙනෙක්. ඒ ගොඩක් සාරි අම්මා කපන්න දුන්නා. ඒ කැපිල්ලෙන්ම මට අත හුරුවුණා. ඊට පස්සේ මම කපනවා. මම ඇඳුම් නිර්මාණය කරනවා. අද මගේ සිනමා වෘත්තිය පුරාම වෙනස් විදිහේ ඇඳුම් අඳින්න හුරුවුණේත් ඒකමයි. මම හැමවෙලේම වෙනස් දේවල් කරන්න උත්සාහ කළා. කවදාවත් ෂොප් එකේ ඇඳුමක් අරගෙන අඳිනවට වඩා ඒ ඇඳුමට හරි අලුත් වෙනසක් කරන්න මම උත්සාහ කළා.

අනූෂා ගැන කතා කළොත් අනූෂාගේ අම්මා ගැනත් කතා කරන්නම වෙනවා. ඇය ඔබේ ජීවිතයට වගේම ඔබේ කලා ජීවිතයටත් ලොකු හයියක්?

ඔව්… අම්මා ගැන මට වචනවලට පෙරළලා කියන්න බැරි තරම්. අම්මා ඉස්සර නර්තන ශිල්පිනියක්. වේදිකා නිළියක්. එයා කලා පවුලක හැදී වැඩුණ කෙනෙක්. නමුත් අම්මා අවුරුදු දහ අටේදී විවාහ වෙද්දී ඒ සියලුම කලා කටයුතු නතර වුණා. අම්මට දකින්න බැරිවුණු හීනය අම්මා හැමවෙලේම මගෙන් දැක්කා. අම්මා කියන වචනයට හොඳම අර්ථකථනය දෙන්න පුළුවන් කෙනෙක් තමයි මේ. අනූෂා දමයන්ති කියන නම හැදුනා නම් අනූෂා දමයන්ති කියන කෙනා යම් ජයග්‍රහණයක්, සම්මානයක් ලැබුවා නම් ඒ සියල්ලම අයිති මගේ අම්මාටමයි. ජීවිතේ මම වැටෙද්දී මාව ශක්තිමත් කරන්නේත්. එකපාරක් වැටෙද්දී ඊට දහපාරක් වේගෙන් නැගිටින්න මට කියාදුන්නේත් ඇයයි.

අනූෂා දමයන්ති ක්ෂේත්‍රයේ ළඟින්ම ආශ්‍රය කරන්නේ කවුද? ක්ෂේත්‍රෙය්දී අනූෂාට කැපිලි කෙටිලි එහෙම නැද්ද…?

ක්ෂේත්‍රෙය් හැමෝම එක්ක මම සුහදයි. හැබැයි මගේ හොඳම යාළුවා තමයි මගේ අම්මා. කැපිලි කෙටිලිනම් ඕනෑතරම් තියෙනවා. ඒක මගේ වෘත්තියේ එදා ඉඳන්ම තිබුණු දෙයක්. කලා ක්ෂේත්‍රයේදී ඉරිසියාව කියන දේ තියෙනවා. මම ඒ කාත් එක්කවත් තරහ නැහැ. එකට කාලා එකට වැඩකරපු සමහරු යන යන තැන්වල මම ගැන වැරදි කතා පතුරනවා. සමහරුන්ට මගේ ජනප්‍රියත්වය, දරාගන්න බැරිවුණා. ගහකොළට, ස්වභාව දහමට, දෙවියන්, බුදුන්ට වැඳගෙන සතුන්ට මිනිස්සුන්ට ආදරේ කරන කෙනෙක් මම. ඒ නිසා මම දන්නවා මම කවුද කියලා. ඇත්තටම ඒ වගේ අය පව්. කර්මය මේ සියල්ලටම වඩා ප්‍රබලයි.

අනූෂා… හැමදාමත් කියන්නේ… මේ අවුරුද්දේ විවාහ වෙනවා කියලනේ… ඇත්තටම අනූෂාගේ විවාහය කවද්ද?

අයියෝ… ඔය ප්‍රශ්නයට විතරක් මගෙන් උත්තරයක් නැහැ. ඒක දැන් දෛවය තීරණය කරාවි. දැන් ඒ තීරණය මම දෛවයට තමයි බාරදීලා තියෙන්නේ.

මේ දවස්වල අනූෂා අල්ලපු ගෙදර වැඩ වගේ..?

ඔව්… අල්ලපු ගෙදර චිත්‍රපටයේ Remake එකක් රූගත කිරීම් කරනවා. අල්ලපු ගෙදර 1965 අවුරුද්දේ තිරගත වුණ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක්. ඒකේ සේපාලිකාගේ චරිතය මෙවර මට කරන්න ලැබුණා. ඒ කතාව අදට ගැලපෙන විදිහට කීර්ති බණ්ඩාර අධ්‍යක්ෂණය කරනවා. ඉතින් ඒකට සම්බන්ධ වීමත් ඇත්තටම ලොකු සතුටක්. ඒ වගේම ඉතාලියේ මංගල දර්ශනය පෙන්නපු අයියයි නංගියි කියන චිත්‍රපටය ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක තිරගත වෙන්නත් නියමිතයි. ඊට අමතරව තව චිත්‍රපට හතක් විතර ඉදිරියේදී තිරගත වේවි. ඒවා සියල්ලම චිත්‍රපට පෝලිමේ තමයි තියෙන්නේ.

තමන්ම එස්.එම්.එස්. කරගෙන ගන්න සම්මානවල වටිනාකමක් නෑ. බලෙන් සම්මාන ගන්න එකේ කිසිම තේරුමක් නැහැ

පසුගිය රයිගම් ටෙලි සම්මාන උළේලේ හොදම නිළිය සම්මානය හිමිකර ගත්තේ දෙවෙනි ඉනිමේ දෙව්මිගේ චරිතයට පණ පොවන නයනතාරා වික්‍රමආරච්චි. ඉතින් ඇය ඒ ගැන ඒ සම්මානයෙන් පසුව පුවත්පතක් සමග කතාකරලා තිබුණේ මේ විදියට.

ලැබුණු සම්මානය ගැන කතා කරමු?

2017 රයිගම් ටෙලීස් ජනප්‍රියම ටෙලි නාට්‍යය නිළියට හිමි සම්මානය තමයි මට ලැබුණේ. මේ එම සම්මානය මට ලැබුණු දෙවැනි අවස්ථාව.

මේ වෙනකොට ඔබ ඇගයීම් කිහිපයක්ම ලබලා තියෙනවා නේද?

ඔව්, රයිගම් සම්මානය මේ ලැබුවේ දෙවැනි වතාවට. ඊට අමතරව සුමති සහ ස්ලිම් නෙල්සන් සම්මානයත් ලබලා තියෙනවා.

මොකද හිතෙන්නේ සම්මානය ලැබිම ගැන?

ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද ප්‍රේක්ෂකයෝ කොච්චර සමීපද කියලා දැනෙනවා මේ විදිහට ඇගයීම් ලැබෙනකොට.

කෙටි කාලයයි ඔබ ක්ෂේත්‍රයට ඇවිත්. මේ ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

මම ක්ෂේත්‍රය ගැන අධ්‍යයනයක් පටන්ගෙන දැනට අවුරුදු තුනකට කිට්ටුයි. ක්ෂේත්‍රයට පිවිසිලා දැනට අවුරුදු දෙක හමාරක් විතර වෙනවා. මම ඉගෙන ගත්ත දේවලුත් ප්‍රවීණයන්ගෙන් ලැබුණ උපදෙසුත් එක්ක ඒ කෙටි කාලයට මේ ආපු ගමන ගැන ඇත්තටම මම නිහතමානීව සතුටු වෙනවා. මොකද මේ හැමදේම ලැබෙන්නේ මට ආශීර්වාදයක් හැටියට.

දෙව්මි මේ තරම් ජනප්‍රිය නිසා ඔබ නැවතත් සම්මාන ලබනවා. ඒ කියන්නේ අනිත් චරිතවලදි ඔබ සාර්ථක නෑ කියන එකද?

මම මට පුළුවන් උපරිමය හැම නිර්මාණයක් වෙනුවෙන්ම කරනවා. හැම තැනදීම අලුත් චරිතයක් කරනකොට මට හිතෙන දෙයක් තමයි මම සාර්ථක මදියි කියන කාරණය. එහෙම හිතන්න හිතන්න අපිට වඩාත් සාර්ථක වෙන්න පුළුවන්. හැම චරිතයක්ම පළවැනිම චරිතය කියලා හිතාගෙන හරි පරිස්සමට, අවධානයෙන් කරනවා නම් හැම තැනදීම අපි සාර්ථකයි. හැමදේම පුළුවන් කියන මානසිකත්වයෙන් මිදිලා ඉන්න තරමට අපිට සෑහෙන ගමනක් යන්න පුළුවන්කම තියෙනවා.

හැමදාම ජනප්‍රියම නිළිය වෙන්නද බලා‍පොරොත්තුව? හොඳම නිළිය වෙන්න බලා‍පොරොත්තුවක් නැද්ද?

මම කවදාවත් සම්මාන අරමුණෙන් නිර්මාණ භාරගෙන නැහැ. මගේ අදහස නම් සම්මාන බලාගෙන අපි නිර්මාණ කළ යුතු නෑ කියන එක. සම්මාන ලැබෙයි අපි සාර්ථක නම්. නමුත් සම්මාන ලැබුණා හෝ නොලැබුණා අපි අපේ චරිතය උපරිම කැපවීමෙන් ආදරයෙන් කරනවා නම් සම්මානයකට වඩා වැඩි තෘප්තියක් අපිට ලබන්න පුළුවන්කම තියෙනවා.

සම්මානය සඳහා සෑහෙන තරගයක් තිබුණා නේද?

ක්ෂේත්‍රය තුළ අපිට අපි තරගයක් ‍නෙවෙයි. එහෙම තරගයක් තිබිය යුතුත් නෑ මම හිතන විදිහට. අපි හැමෝම හොඳ යාළුවෝ. මම හිතන්නේ ඒ තරගය තිබුණේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව අතර.

සම්මානය ලැබුණාම ප්‍රවීණයන්ගේ උපදෙස් එහෙමත් ලැබෙන්න ඇති නේද?

අනිවාර්යයෙන්ම. ඒ ලැබෙන උපදෙස් මට ගොඩක් වටිනවා. හැමෝම මට ගොඩක් ආදරෙයි. මට නම් රංගන පාසලකින් ලබන අත්දැකීමට වැඩිය ප්‍රවීණයන්ගෙන් ලැබෙන උපදෙස් හරි ඉහළයි සහ වටිනවා. ඔවුන්ගේ අත්දැකීම් තුළින් ජීවිතේට ගන්න තියෙන දේවල් ‍පොතපතින් ගන්න දැනුමට වඩා හරි වටිනවා. ඔවුන්ට මම හැමදාම ගරු කරනවා මට හයියක් වෙනවාට.

රූපය නිසාද ඔබ මේ තරම් ජනප්‍රිය?

රූපය ප්‍රමාණවත් නෑ රංගනයට. රූපය කියන්නේ හොඳ දෙයක්. මම දෙවියන්ට වගේම මගේ ආදරණීය අම්මටයි තාත්තටයි ස්තුතිවන්ත වෙනවා මට මේ විදිහේ රූපයක් ලබාදුන්නාට. නමුත් ඒක විතරක් සුදුසුකමක් ‍නෙවෙයි රඟපාන්න. එහෙම වුණොත් එතැන තියෙන්නේ හිස්බවක්. රූපයත් එක්ක හැකියාව, දක්ෂතාව, දැනීම මිශ්‍රවෙලා සාර්ථක වෙන චරිතවලට තමයි මිනිස්සු ආදරය කරන්නේ.

ඔබටත් එස්.එම්.එස්. සඳහා සෑහෙන වියදමක් යන්න ඇති නේද?

මම නම් මම වෙනුවෙන් කිසිම එස්.එම්.එස්. එකක් දැම්මේ නැහැ. මම චරිතයට උපරිම සාධාරණය කරනවා. එහෙම තමන්ම එස්.එම්.එස්. කරගෙන ගන්න සම්මානවල වටිනාකමක් නෑ. මගේ අම්මයි, අප්පච්චියි කියන්නේ කරන දේ හරියට කරලා ගෞරවාන්විත විදිහට ඇගයීම් ලබන්න කියලා. එහෙම නැතුව බලෙන් සම්මාන ගන්න එකේ කිසිම තේරුමක් නැහැ.

හැමදාම බොලඳ චරිත කරලා ජනප්‍රියම නිළිය වෙන්නද බලා‍පොරොත්තුව?

මම එහෙම චරිත වර්ග කරලා රඟපාන කෙනෙක් ‍නෙවෙයි. මම විවිධ චරිත කරලා තියෙනවා. එක දවසක අපි චිත්‍රපටයෙන් මම වෙනස් චරිතයක් කරන්නේ. තාම මම ඇවිත් ටික කාලයයි. ඉතින් ඉදිරියේදිත් විවිධ වූ චරිත කරන්න බලා‍පොරොත්තු වෙනවා.

වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න බලා‍පොරොත්තුවක් නැද්ද?

මම ආසයි වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න. නමුත් තවම මම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. දැනට නම් ඒවා ටිකක් මගහැරිලා තියෙන්නේ මේ වැඩත් එක්ක. කාර්යබහුල බව ටිකක් අඩු කරගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවෙන්න ඕනේ.

ඉදිරි නිර්මාණ මොනවාද?

දැනට චිත්‍රපට තව දෙකක් කරලා තියෙනවා. ඒ වගේම භවාත්මා නමින් නව ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණා. ඊට අමතරව තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.

උපුටා ගැනීමකි.

”වැරදි පැත්තෙන් ආවනම් ආව පැත්තෙන්ම පල” wrong side ආපු කාර් එකකට පොලිසියේ රාළහාමි දුන්න අපුරු දඬුවම

වැරදි පැත්තෙන් වාහන ඉස්සර කරගෙන ආපු කාර් එකකට් පොලිස් නිලධාරියක් දුන්න පට්ට දඬුවම මෙන්න ආපු පැත්තෙන්ම ආපහු යන්න වෙලා බලන්නකෝ හරියටම මොකද වුනේ කියලා මෙන්න වීඩියෝව

‘බුදුරුවට ගරු කරන්න’ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කැළඹූ ප්‍රචාරක පුවරුව

ස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අධිවේගී මාර්ගයක් ඉහළින් ඉදිකර ඇති දැන්වීම් පුවරුවක, බුදුරජාණන් වහන්සේගේ පිළිරුවට ගරු කරන ලෙස දක්වමින් පළ කර ඇති දැන්වීමක් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.

බුදුරුව ගෘහ අලංකරණ ප්‍රතිමාවන් ලෙස යොදාගැනීම සහ වෙනත් වෙළඳ භාන්ඩ සඳහා යොදා ගැනීමට එරෙහිව කටයුතු කර knowing buddha නම් ආයතනය විසින් මෙය පළකර තිබේ.

බණ අහන්න ආපු වයසක උන්දැ කෙනෙක්ට කෝල් එකක් ඇවිත් උන්දැට කිව්ව කතාව

කැකිරාව ගල්කිරියාගම ශ්‍රී සමාධි උපදේශණ මද්‍යස්ථානාධිපති ත්‍රිවිධ හමුදාවේ දේශක පාඨශාලාචාර්ය විචිත්‍ර කාලීන ධර්ම දේශක ගෞරව ශාස්ත්‍රපති කාගම සිරිනන්ද හිමියන් බණ අහන්න ආපු වයසක උන්දැ කෙනෙක්ට කෝල් එකක් ඇවිත් උන්දැට කිව්ව කතාව