සංගීත් සතරසිංහ අනියම් ඇසුරක…?උදාරි හෙළි කරපු දේ නිසා බුකිය රත්වේ

සංගීත් සතරසිංහ සහ උදාරිගේ වෙන්වීමත් සමග ඒ දෙදෙනා විසින් සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරන සටහන් සහ ඡායාරූප නිසා විවිධ කතා හැමතැනම පැතිරෙන්න අරන් තියෙනවා.මේ එම අදහසුයි..ඡායාරුප සියල්ල පහතින් බලන්න

”නිදියහන කැළඹෙයි චිත්‍රපටයේ තමයි මුලින්ම රගපෑවේ. තවම ඒක තිරගත වුණේ නැහැ.ඒ කාලේ මට හැමෝම කිව්වේ රස තාරකාවිය කියලා”

අනූෂා සොනාලි සිනමා නිළියක් විදිහට බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් චරිතයක්. ඇය මීට කලකට පෙර රඟපෑ චරිත බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණා. කලක් රඟපෑමෙන් ඉවත්ව නිහඬ දිවියක් ගත ඇය මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවුණත් නුදුරේදීම ටෙලිනාට්‍යයකට සිය රංගන දායකත්වය ලබා දීමට සූදානමින් ඉන්නවා. ජීවිතයට කොතෙකුත් බාධක, කම්කටොළු පැමිණියත් ඒ සියල්ලට ධෛර්යයෙන් යුතුව මුහුණ දුන් ඇය පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් තම ජීවන තොරතුරු හෙළිකර තිබුණේ මෙලෙසින්.

ඉගෙන ගන්න කාලේ සිහින මැව්වේ කවුරු වෙන්නද?
ඒ කාලේ ඉඳන්ම නිළියක් වෙන්න තමයි සිහින මැව්වේ.

එතකොට රඟපාන්න අවස්ථාව උදාවුණේ?
සාමාන්‍ය පෙළ විභාගය කරන කොට රස පත්තරේ මංගල කලාපය ජීවන් කුමාරතුංග මහතාගේ සහ ගීතා කුමාරසිංහගේ කවරයක් පළවුණා. ඒ කාලේ ඉඳන්ම මං ජීවන් අයියට ආසයි. ජීවන් අයියා මුල් කවරයේ ඉන්න හින්දාම තමයි පත්තරේ ගත්තේ. ඒ පත්තරේ දාලා තිබුණා සුමිත්‍රා පීරිස් මහත්මිය ගැහැණු ළමයි ටෙලි නාට්‍යයට නවක ගැහැණු ළමයි තෝරනවා කියලා.

එතකොට ඔබ අවුරුදු කුමාරිය වෙලා හිටියා. එහෙමනේ?
ඔව්. කළුතර ප්‍රාදේශිය සභාවෙන් පවත්වපු අවුරුදු උත්සවයේ කළුතර දිස්ත්‍රික් අවුරුදු කුමාරිය වෙලයි හිටියේ. රස පත්තරේ තිබුණ දැන්වීමට මගේ අයදුම්පත්‍රයකුත් පුරවලා ඡායාරූපයකුත් සමඟ යොමුකළා.

ඊට පස්සේ?
මට සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා ආරාධනා ආවා. අන්තිමේ මම සම්මුඛ පරීක්ෂණ විස්සකට විතර සහභාගි වුණා.

සුමිත්‍රා පීරිස් ඔබට දැකපු ගමන් මොකද කිව්වේ?
ගෙදර ඉස්සරහා කාමරේ තමයි ඇය වාඩිවෙලා හිටියේ කැමරාවක් තිබුණා. තව තුන් හතර දෙනෙක් හිටියා. මගේ විස්තර අහලා නැගිටින්න කිව්වා. ආපහු වාඩිවෙන්න කිව්වා.

ගෙදර ගියාට පස්සෙ මොකද වුණේ?
අපේ ගෙදර අය තමයි සුමිත්‍රා පීරිස් මහත්මිය ගැන දන්නේ. ඒ කාලේ ලෙස්ටර් සර් අපේ අම්මාගේ පින්තූරයක් පත්තරයකින් දැකලා ගම්පෙරළිය චිත්‍රපටයට කතා කරලත් තිබුණා. අන්තිමේ අම්මා සහභාගි වෙලා තිබුණේ නැහැ.

ඒ අවස්ථාව ලැබීම ගැන මොකද හිතුණේ?
අදටත් ඒ ගැන සතුටුයි. ගෙදර කැමැත්ත පවා අරගෙන තමයි රඟපාන්න ගියේ.

අන්තිමේ නිර්මාණ රැසකට ආරාධනා ලැබෙනවා?
ගැහැණු ළමයි චිත්‍රපටය යන අතරේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ලොකු දුව චිත්‍රපටයේ රඟපාන්නත් අවස්ථාව උදාවනවා. ඒකේ ෂූටින් ඉවරවෙනවාත් එක්කම තවත් චිත්‍රපටයක් හම්බවෙනවා. මගේ පළමු චිත්‍රපටය තමයි ලොකුදුව.

ඔබේ මුල්ම චිත්‍රපටය අදටත් තිරගත වුණේ නැහැනේද?
නිදියහන කැළඹෙයි චිත්‍රපටයේ තමයි මුලින්ම රගපෑවේ. තවම ඒක තිරගත වුණේ නැහැ.

ඒ කාලේ ලැබුණ ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?
ඒ කාලේ මට හැමෝම කිව්වේ රස තාරකාවිය කියලා. ඒ වගේම තවත් පත්තරවල මගේ මොනවාහරි ප්‍රවෘත්ති පළවුණාම ඒකෙන් ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. මං රඟපෑ ටෙලිනාට්‍ය එන්න කලින් මාව ජනප්‍රිය වුණා. මගේ ජීවිතයේ අමතක කරන්නම බැරි චරිතයක් තමයි අර්නස්ට් වඩුගේ කියන්නේ. මොකද එයා තමයි ඇත්තටම මාව ජනප්‍රිය කළේ.

ලොකු දුව චිත්‍රපටයේ දී ඔබට සිනමාවේ දැවැන්ත චරිත කිහිපයක් මුණගැහුණා නේද?
ගීතා කුමාරසිංහ, ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, කමල් අද්දරආරච්චි, ජැක්සන් ඇන්තනි වැනි දැවැන්තයෝ ටික මට මුණගැහුණා.

කාලයක් ඔබ නිහඬව හිටියා නේද?
ඒ කාලේ දාන දාන චැනල් එකේ ඉන්න ඕනෑ කියන මතයේ මම හිටියේ නැහැ. අනික ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගත්තෙත් නැහැ. එක නිර්මාණයක් අවසන් වුණාට පස්සේ තමයි අනෙක භාරගත්තේ. දැන් ආපහු ආරාධනාවක් ලැබුණා. රෝද පුටුවේ ඉඳන් තමයි රඟපාන්න තියෙන්නේ.

අවුරුදු දහයකට පසුව තමයි ආපහු රඟපෑමට එන්නේ?
ඔව්. අවුරුදු දහයකට පස්සේ තමයි මම ටෙලිනාට්‍යයක් භාර ගත්තේ. නාලක විතානගේ තමයි අධ්‍යක්ෂවරයා. එලඹෙන 28 වැනිදා ඉඳන් තමයි රූගත කිරීම් ආරම්භ කළේ.

මොනවගේ චරිතයක් ද ලැබුණේ.
ප්‍රධාන චරිතය කරන ගැහුණු ළමයාගේ මවගේ චරිතය තමයි මට ලැබුණේ.

අසනීප තත්ත්වයේ ඉදන් රඟපාන්න පුළුවන්ද?
ඇත්තටම මම හිතන්නේ නාලක සමඟ මීට කලින් වැඩ කරලා තියෙනවා. හවසට මම ඇවිදින්න එළියට යනවා. එයා ඉන්නෙත් අපේ ගෙවල් කිට්ටුව. ඔහු මාව නිතරම දකිනවා. ඒ නිසා තමයි මේ ආරාධනාව සිදුකළේ. මේ වගේ තත්ත්වයක හිටපු මට ආරාධනා කරපු එක ගැන පවා සන්තෝස වෙනවා. මට අවස්ථාව දෙන්න ඕන නිසා තමයි මවගේ චරිතය ඒ විදිහට හරවලා තියෙන්නේ.

අසනීප වූ කාලයේ ආපු ප්‍රශ්න ගැන මොකද හිතෙන්නේ?
ප්‍රශ්න නම් එමටයි. මට තිබිලා තියෙන්නේ ප්‍රශ්නවලින් පිරුණු ජීවිතයක්. මම ඒවායින් සැලුණේ නැහැ. අදටත් මම ගලක් වගේ ඉන්නවා. මගේ හිත හයියයි.

ඒ කාලේ ඔබට හරියට චෝදනා පවා එල්ල වුණා නේද?
මම ඒවා අදටත් ගණන් ගන්නේ නැහැ.

ක්ෂේත්‍රයේ තරහාකාරයෝ ඉඳලා තියෙනවාද?
ක්ෂේත්‍රයේ තරහාකාරයෝ නැහැ. අසනීප වුණාට පසුව තමයි හරියටම යාළුවෝ කවුද කියලා දැනගත්තේ. මට පුළුවන් කාලේ තියෙන කාලේ මගේ වටේ ගොඩක් යාළුවෝ හිටියා. කොළඹ ඉන්න කාලේ අපේ ගෙදර පාටියක් දැම්මොත් අපේ ගෙදර කට්ටිය පිරිලා. දුර හිටපු අය ඔක්කොම වගේ හිටියේ මගේ ගෙදර.

අසනීප වෙන්න කලින් හිටපු යාළුවෝ අද නෑ නේද?
අපොයි ඔව්. අද ඉන්නේ ඒ යාළුවොන්ගෙන් තුන් හතර දෙනයි.

මේ හින්දා ජීවිතය ගැන පසුතැවීම් තියෙනවාද?
නැහැ. මිනිස්සු කවුද කියලා හොඳටම තේරුම් අරන් තියෙනවා.

අතීතයේ මාධ්‍යවලින් ඔබට මොනවගේ සහයෝගයක් ද ලැබුණේ?
මං කවදාවත් පත්තර වාර්තාකාරයෝ පස්සෙන් ගිය චරිතයක් නෙමෙයි. මගේ ළඟම මිත්‍රයෝ නිර්මාණයක් කරද්දී චරිතයක් දෙන්න කියලා නැහැ. පත්තරවල ආටිකල් දාලා දෙන්න, කවරයක් දාලා දෙන්න කියලා කවදාවත් කියලා නැහැ. ලැබෙන දෙයක් තියෙනවා නම් ඒ දේ ලැබෙයි. එ‍හෙම ගියෙ නෑ කියලා අදටත් මගේ චරිතයට හානියක් වෙලා නැහැනේ.

ඔබ ගැන කතා කරද්දී විසිදැල ගැන කතා නොකරම බැහැ?
සුමිත්‍රා පීරිස් කියන්නේ ලංකාවේ අග්‍රගණ්‍ය අධ්‍යක්ෂිකාවක්. ඒ වගේම එච්.ඩී. ප්‍රේමරත්න මහත්මයාත්. ඉතිං මම හරි වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන.

ජීවිතයේ ගත්තු තීන්දු ගැන පසුතැවීම් ඇති නේද?
මට දෙයක් කරන්න ඕනි කියලා හිතුණොත් අනිවාර්යයෙන්ම කරනවා. මම හැමතිස්සෙම තනි තීරණ ගත්තු චරිතයක්. ඉදිරියටත් එහෙමයි. අදටත් එහෙමයි.

තනි තීරණ හින්දා වැරදුණ අවස්ථා එමටයි. එහෙම නේ?
එහෙම වෙලාත් තියෙනවා. නැතිවත් තියෙනවා. ඒක ලොකුවට ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ.

රසික හදවත් දිනාගත් අහිංසක චූටි මැණිකේගේ සුන්දර ඡයාරූප එකතුවක් මෙන්න බලන්නකෝ

අවුරුදු කුමරියක් ලෙසින් කිරුළු පැළඳි ඇය මේ වනවිට නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ශලිනි ප්‍රනාන්දු නමින් ඇය නොදන්නා බොහෝ දෙනෙක් ‘චූටි මැණිකේ’ හෙවත් ‘ලිහිණි’ කීවිට හොඳින් දනී.ඇය රංගනයෙන් දායකවන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘චූටි මැණිකේ’ චරිතය නිසා සහ ඇයගේ එම චරිතයේ ස්වභාවය නිසා බොහෝ දෙනෙක් ඇයට ආදරේ කරයි.ඇයගේ පෙනුමේ පවතින අහිංසක ස්වභාවයට බොහෝ දෙනෙක් ආදරේ කරන නිසා ම ඒ බව දැක්වෙන ඡායාරූප පෙළක් අපි ඔබට ඉදිරිපත් කරන්න තීරණය කළා.

චාමර වීරසිංහගේ උපන් දිනේට හැමෝටම කලින් ඉදුනිල් live ඇවිත් සුභ පතපු ආකාරය

චාමර වීරසිංහ කියන්නේ අපි කවුරුත් ආදරය කරන නිහතමානී දක්ෂ ගායකයෙක් අද ඔහුගේ ජන්ම දිනය තිබුනා. චාමර වීරසිංහගේ හොදම යාලුවෙක් වෙන ඉදුනිල් අන්ද්‍රමාන ඔහුට සුභ පතලා තිබුනා ඉදුනිල් කියන්නෙත් චාමර වීරසිංහ වගේම දක්ෂ නිහතමානී අපි කවුරුත් ආදරය කරන කලාකරුවෙක්

චාමර වීරසිංහ මගේ මචෝ "සුභ උපන්දිනක් වේවා"

Posted by Indunil Andaramana on Friday, April 20, 2018

”සින්දු කියලා වේදිකාවෙන් බහින්න හදද්දී තමයි මට වේදනාව ලොකුවට දැනුණේ. එදානම් ඇත්තටම මට රිදුණා වගේම මම ගොඩාක් බය වුණා”

සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින ගායිකාවක් විදිහට නදිනි ප්‍රේමදාසව හදුන්වන්න පුළුවන්.
නදිනි දැන් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක්.
මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක පලවූ ලිපියක්.

කොහොමද නදිනි සිංහල අලුත් අවුරුද්ද හොඳට සැමරුවාද…?

ඔව්… ඔව්… මේ සිංහල අලුත් අවුරුද්ද අපි හොඳට සැමරුවා. පුතායි දුවයි ඉන්න නිසා ඒ දෙන්නත් එක්ක තමයි ඒ අවුරුද්ද සැමරැවේ.
කොහොමටත් මට ඉස්සර ඉඳන්ම අවුරුද්දේ ආසම කාලය තමයි සිංහල අලුත් අවුරුදු කාලය.
අපි ඒකට සූදානම් වෙන්නේ මාසයකට විතර කලින්නේ. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දෙත් එහෙම තමයි.

සිංහල අලුත් අවුරුදු කාලෙට අපේ රටේ ඉන්න කලාකරුවන්ට කලාකාරියන්ට හරිම කාර්යබහුල කාලයක්. විශේෂයෙන් ගායක ගායිකාවන්ට. නදිනිටත් ඒ කාර්යබහුල කමේ අඩුවක් නම් නැහැ වගේ…?

ඔව් අනේ… මේ කාලේම එකදිගට ප්‍රසංග වේදිකා තියෙනවා. අවුරුදු කාලේත් අපි ගොඩාක් කාර්යබහුල වෙනවා.
ප්‍රසංගවලට ගොඩාක් ඇරයුම් ලැබෙනවා. ඉතින් අප්‍රේල් මාසය කියන්නේ ගොඩාක් වෙලාවට අපි නිදි නැති මාසයක්.
මේ අවුරුද්දෙත් එහෙමම තමයි. එකදිගට ප්‍රසංගවලට සහභාගි වෙනවා.

විදෙස් ප්‍රසංගවලට සහභාගී වුණේ නැද්ද…?

කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒත්… ලංකාවේ බාරගත්තු ප්‍රසංග නිසා ඒ කිහිපයක්ම අතහැරලා දමන්න සිද්ධ වුණා.
හැබැයි එක ප්‍රසංගයකට මම සහභාගී වෙනවා. එදා දවසේ උදේ අබුඩාබි ගිහින් ඒ ප්‍රසංගයට සහභාගී වෙලා පසුවදා උදේන්ම ආයෙත් ලංකාවට එන්න ඕනේ. ඒකටත් හේතුව තමයි ලංකාවේ බාරගත්තු ප්‍රසංග තියෙන නිසා.

කාලයක් නදිනි නැති ප්‍රසංග වේදිකාවක් නැති තරම්. දැන් ඉස්සර තරම් නදිනි ප්‍රසංගවලට සහභාගී වෙන්නේ නැහැ නේද…?

ඉස්සර වගේ නෙමේ ප්‍රසංග බාරගද්දී මම දැන් මගේ චූටි දෙන්නා ගැන හිතන්න ඕනේ.
ඒ නිසා එක දවසට ප්‍රසංග තුන හතර බාර ගන්නේ නැහැ. ඉස්සර නම් සමහර අලුත් අවුරුදු කාලවලට මම ප්‍රසංග පහ හහක පවා සින්දු කියලා තියෙනවා.
දැන් එහෙම ගොඩාක් බාරගන්නේ නම් නැහැ.
හැබැයි මගේ වැඩවලට මගේ සැමියා වගේම මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
මගේ අම්මා හැමවෙලේම මගේ බබාලා දෙන්නව බලනවා. මම ප්‍රසංගවලට ගියාම අම්මා තමයි ඒ දෙන්නව බලන්නේ. ඉතින් වැඩ බාර ගනිද්දී දැන් ඒ දෙන්නා ගැනත් හිතනවා.

දැන් නදිනි දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් කොහොමද ඒ ජීවිතේ…?

ඒ ජීවිතේ ඇත්තටම හරිම සුන්දරයි. ඒ දෙන්නා එක්ක කාලය ගෙවෙද්දී අපිත් අපේ ළමා කාලයට යනවා වගේයි මට නම් හිතෙන්නේ. මගේ ලොකු පුතාට දැන් වයස අවුරුදු හතරයි. එයාගේ නම ආර්යන්. දෙවැන්නා චූටි දුවෙක්. එයාගේ වයස අවුරුද්දයි මාස තුනයි.
එයාගේ නම ආර්යානා. ඉතින්… වැඩිපුරම මගේ දැන් දවස ගෙවෙන්නේ ඒ දෙන්නත් එක්කම තමයි.

නදිනි ප්‍රසංග වේදිකාවේ දී දවසක් ඇද වැටුණා… කියලා ආරංචියි…?

අනේ ඔව්… අනේ… ප්‍රසංග වේදිකාවේදී නම් අමතක නොවන සිදුවීම් ගොඩාක් වෙලා තියෙනවා.
ඒ අතරින් සිද්ධ වෙච්චි දෙයක් තමයි ඔය. එක දවසක් මම ප්‍රසංගයකට ගිහින් මගේ නම කියලා කතා කරද්දී මාත් ප්‍රසංග වේදිකාවට නගින්න යද්දීම මාව ප්‍රසංග වේදිකාවෙන් බිමටම වැටුණා.
ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම ඊට පස්සේ නැගිටලා කොහොම හරි ගිහින් සින්දු කිව්වා.
හැබැයි සින්දු කියලා වේදිකාවෙන් බහින්න හදද්දී තමයි මට වේදනාව ලොකුවට දැනුණේ. එදානම් ඇත්තටම මට රිදුණා වගේම මම ගොඩාක් බය වුණා.
හැබැයි කොහොම හරි සින්දුත් කිව්වා.

පසුගිය දවස්වල අලුත් අවුරුදු උත්සවවල ආරාධිත අමුත්තිය විදිහටත් සහභාගී වෙන්න නදිනිට හැකි වුණා නේද…?

ඔව්… ආරාධනා නම් ගොඩාක් ලැබෙනවා. අවුරුදු උත්සවවලට වගේම ආයතනවල තියෙන උත්සවවලටත් ආරාධනා ලැබුණා.
හැබැයි ඒ ගොඩාක් උත්සව බාරගන්න බැරි වුණා. පුළු පුළුවන් විදිහට නම් මම ඒවාටත් සහභාගී වුණා.

ප්‍රසංගවලදී වැඩිපුරම ගායනා කරන්නේ ඔයාගෙම ගීතද එහෙමත් නැත්නම් ප්‍රවීණ ගායිකාවන්ගේ වෙනත් ගීතද…?

නැහැ… මම ප්‍රසංග වේදිකාවේ නම් දැන් ගායනා කරන්නෙම මගේ ගීතම තමයි. වෙන අයගේ ගීත ගායනා කරන්න කියලත් මට බොහෝ ඉල්ලීම් තියෙනවා. මම ඒවා නම් ගායනා කරන්නේ නැහැ. හැබැයි ප්‍රසංග වේදිකාවේදී සමහරු මගෙන් NONSTOP ගීත එකතුවකුත් ඉල්ලීම් කරනවා. ඒ වෙලාවට කිව්වට මම ප්‍රසංග වේදිකාවේ ගීත විදිහට ගායනා කරන්නේ මගේ ගීතම තමයි.

කොහොමද ගෙවුණු සිංහල අලුත් අවුරුද්ද…?

සිංහල අලුත් අවුරුද්ද හොඳයි. ආසාවෙන් ඒක සැමරැවා. මොන දේ තිබුණත් ඒ චාරිත්‍ර වාරිත්‍ර ගෙදර කළා. කෑම බීම කිහිපයක්ම ගෙදරදීත් අපි හැදුවා. ඒ දවස් දෙකේ අපි ගෙදරම තමයි වැඩිපුර හිටියේ. හැබැයි ඉතින් ඊට පස්සේ දිගටම කාර්යබහුලයි.

සංගීත් උදාරිගෙන් වෙන්වුණේ දෙවෙනි ඉණිමේ ඉන්න මල්කි නිසාද? – සංගීත් උදාරිගෙන් වෙන් වූ හේතුව හෙළිවෙයි

සංගීත් සතරසිංහ සහ විදුෂි උත්තරා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් යුවළක්.

ඉතින් මේ දෙන්නාගේ ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරලා තියෙන නිසා මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට හැමතැනම රාවයක් පැතිරෙනවා.

කොහොමවුනත් මේ දෙන්නානම් එහෙම දෙයක් ගැන කියලා නෑ… හැබැයි ගොඩක් අය මේ දෙන්නාගේ මේ ඡායාරූපවලට සුබපතලා තිබ්බා.

 

මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. මට හමුවෙච්ච ලොකුම මැණික මමයි.

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

ඒ වුණාට ඔයාගේ සැබෑ නම මැණික් නෙවෙයි නේද ?

අපේ තාත්තා ගෙදරට මට ආදරේට කිව්වෙ මැණිකේ කියලයි. ඒ නම හැමෝම කියන්න පටන් ගත්තා. ඒත් උප්පැන්නයේ මගේ නම සදහන් වන්නෙ තිලකා විජේවර්ධන කියලයි.

මැණික් කැමති මැණික් වර්ගය මොකක්ද ?

බ්ලු සැෆායර්.

මැණික්ටත් මැණික හම්බ වෙලා තියෙනවාද 

මට හමුවෙච්ච ලොකුම මැණික මමයි.

ජීවිතේ වෙනසක් වෙන්න යනවා කියලත් ආරංචියි.

ඉස්සරහට ඒ විස්තර කියන්නම්.

අලුත් අවුරුද්දට මොනවද කරන්නෙ ?

මේ පාර සිංහල අවුරුද්දට පිටරට සංචාරයක යෙදෙනවා.

විශේෂ හේතුව ?

ඇත්තටම මෙතෙක් මම තාත්තිගෙ මැණික් බිස්නස් එකට තමයි උදව් කළේ. මටත් මගේම ස්වාධීන ගමනක් යන්න ඕනෑ. ඉතින් ළගදීම අලුත් ව්‍යාපාරයක් අරඹන්න සූදානමින් සිටින්නෙ. ඒ ගැන දැනුවත් වෙන්න සහ විවේකයක් මට අවශ්‍ය වුණා.

කාලයකට පසුව නේද මැණික් චිත්‍රපටයකට දායකව සිටින්නෙ ?

කොහොමටත් මම හරි අඩුවෙන් තමයි නිර්මාණවලට එක්වන්නෙ. ඒත් දිගට රගපාන්න කැමැති නැහැ. හේතුව ඒකයි.

සේයා චිත්‍රපටයේ ඔබ රගපාන චරිතය ගැන කතා කරමු.

මිනීමැරුමක් සිද්ධ වෙනවා. ඒ මිනීමැරුම ගැන හොල්මන් වෙසින් ඇවිත් හෙළිදරව් කරන චරිතයක්. ඒක ඇත්තටම වෙනස්ම චරිතයක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරුන්ට මගේ ස්තූතිය පුදකරන්නට ඔ්නෑ.

සැබෑ ජීවිතයේදී හොල්මන් දැකලා තියෙනවද ?

නැහැ.

සේයා චිත්‍රපටයේ රගපෑමට ගොස් සිටියදී වෙච්ච දේ ගැන මතක් කළොත්.

රූගත කිරීම් තිබුණෙ රිවර්ස්ටන්වල. මම හිතන්නෙ මම වෙන්න ඇති වැඩියෙන්ම කන්ද උඩට සහ පහළට ආවේ. කේබල් දාලා තිබුණා. ඒත් ඕක හරි ත්‍රාසජනක අත්දැකීමක් වුණා. අනෙක මේ චිත්‍රපටයේ ඔක්කෝම කාන්තා රංගන ශිල්පිනියන් වීම නිසා ඒකත් හරි අපූරු අත්දැකීමක් වුණා.

කාන්තාවෝ ටික වැඩ කළ විදිය කොහොමද ?

හරිම සුහදශීලිව කටයුතු කළා. රිවර්ස්ටන් පළාතට සිග්නල් නැහැ. හරි අඩුයි. ඉතින් සතියක විතර කාලයක් දුරකතන ඇමතුම් නැතුව ගත කිරීමත් මනසට හරිම සැහැල්ලුවක් ගෙන දුන්නෙ.

සේයා – රූගත කළ ඉසව්වෙ ඇත්තටම හොල්මන් තිබුණාය කියන කතාවේ ඇත්ත මොකක්ද ?

අපි නවාතැන් ගෙන හිටපු බංගලාවේ එහෙම දේ සිද්ධ වෙන බව අහලා තිබුණා. කාමරවල අමුතු සද්ද එහෙම ඇහුණා. ඒත් අපි කට්ටිය එකට හිටපු නිසා බය වුණේ නැහැ.

සේයා නරඹන ප්‍රේක්ෂිකාවක ලෙස ඔබට එය දැනෙන්නෙ කොහොම ද ?

ඇත්තම කිව්වොත් හොද ප්‍රතිචාර ලැබෙන්නෙ. මෙය කුතුහලයෙන් නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තනිකරම වෙනස් හැඩයක් ගන්න වෙනස් චිත්‍රපටයක්.

මැණික්ට අවුරුදු මතකයන් එහෙම තියෙනවද ?

අපේ ළමා කාලයේ දී හරිම අපූරු සුන්දර මතකයන් තිබෙන්නෙ. අලුත් අවුරුදු කාලයේදී හරිම සුන්දරව ගත කළා. නමුත් අද කාලයේ දරුවන්ට ඒ සුන්දරත්වය අත් විදින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්. අපි විදි දේ ඔවුනට ලැබෙනවා අඩුයි.

මැණික්ගේ ජීවිතය මේ දිනවල ගෙවන විදිය ගැනත් කිව්වොත් ?

පසුගියදා යාළුවකුගේ පිරිත් ගෙදර ගිහින් එද්දි අනතුරකට ලක්වුණා. මගේ අත උළුක් වුණා. දැන් ඒකට ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඒ නිසා වැඩ මොනවත් බාර ගන්නෙ නැහැ.

 

ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ බිරිඳ Christina Sirisenaගේ සරාගී ඡායාරූප පෙළක්

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ගැන පසුගිය දවස්වල නිතරම වගේ කතාවුණා.
මහේලගේ සුරූපී බිරිඳ තමයි christina Sirisena.ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා එම නිසාම ඒ ඡායාරූප පෙළ ඔබවෙත ගෙන එන්න අපි හිතුවා..

සේවකයාගේ උපන්දිනේ දවසේ ජැක්ලින් සේවකයාට දුන්නු ලක්ෂ ගානක් වටින මෝටර් රථය

ජැක්ලින් ළඟ සිටින සේවකයකුගේ උපන්දිනය දවසේ ඔහුව පුදුම කරමින් ලබාදුන් ලක්ෂ ගණනක් වටිනා සුපිරි තෑග්ගත් ගැන මේ වෙනකොට හැමෝම වගේ කතාබහ වෙන්නට පටන් අරගෙන.ඇය මෙලෙස තෑග්ගක් ලබාදී තිබුනේ තමන්ව ලස්සන කරන වේශ නිරුපන ශිල්පියාටයි. සේවකයින්ට මෙහෙම සලකන්න ජකලින්ගේ අදායම කීයක් ඇති කියලා හිතාගන්න පුළුවන්නේ නේද මෙන්න බලන්නකෝ වීඩියෝව

”දිගටම රගපාන එක තීරණය වෙන්නේ මට ලැබෙන පුද්ගලයාගෙ තීරණය මත තමයි” – විනු උදානි

විනු උදානි කියන්නේ ලංකාවේ ඉන්න තරුණ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්..ඉතින් ඇය පසු ගිය දවසක සිය පුද්ගලික ජීවිතයේ තොරතුරු, විවාහය සහ කලා ජීවිතයේ නව තොරතුරු රැසක් මාධ්‍යට කියලා තිබෙනවා.

ඔබ මීට කලින් කියල තිබුනනෙ විවාහයෙන් පස්සෙ රංගනයෙන් ඉවත් වෙනව කියල. ඒ අදහස ආත්මාර්ථකාමී අදහසක් නෙවෙයි ද? ඔයාට ආදරය කරන ප්‍රේක්ෂකයන් අතරමං කිරීමක් නෙවෙයි ද?

මෙහෙමයි… තවම ඉක්මනට විවාහ වෙන්න අදහසක් නැහැ. තව අවුරුදු කීපයක් ඒකට කල් තියෙනවා. ඒ නිසා වැඩි අවධානයක් ඒ සඳහා යොමු කරල නැහැ. නමුත් එහෙම අදහසක් තියෙන්නෙ පවුල් ජීවිතය ගැන හිතල. ගොඩක් පිරිස අකමැතියි විවාහ දිවියට පස්සෙ රංගනය කරනවට. නමුත් මම විවාහ දිවියෙන් පස්සෙ රංගනයෙන් දායක වෙනවට අකමැති පුද්ගලයෙක් හමු නොවුනොත් මම හිතන්නෙ දිගටම රංගනයෙන් දායක වෙන්න පුළුවන්. ඉතින් ඒක ලැබෙන පුද්ගලයාගෙ තීරණය මත තමයි.

ඔබ කලා ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක් නම් කවදාවත් සහකරුවෙකු කර ගන්නෙ නෑ කියල මාධ්‍යවලට කියල තිබුනා. ඇත්තටම කලා කේෂේත්‍රයෙ අය ඒ තරම් නරක ද ?

නෑ..නෑ….නෑ…. ඇත්තටම එහෙම අර ගලේ කොටල වගේ තියෙන සම්මතයක් නෙවෙයි ඒක. අනිත් එක මම ඒක කිව්වෙ ක්ෂේත්‍රයෙ ඉන්න සහෝදර ශිලපීන්ට අපහාස කරන්නත් නෙවෙයි. ඒත් එක එක අයගෙ කැමැත්ත හා මත තියෙනවනෙ. මගේ දෙමව්පියන්ගෙ මතයත්, මම මේ ක්ෂේත්‍රයෙ ඉන්න නිසා වෙනත් ක්ෂේත්‍රයක නිරත වෙන කෙනෙක් මගේ සහකරුවා කරගන්න තියන එකයි. ඒ අදහස තමයි මම කිව්වෙ.

ජනප්‍රිය ගීත කිහිපයකම රූප රචනාවලට සම්බන්ධ වුනු කෙනෙක් විදියට මියුසික් වීඩියෝ ගැන මොකද හිතෙන්නෙ?

හොඳ කෙනෙක්ගෙ දෙයක් නම් තමයි මම භාර ගන්නෙ. ඒක ටෙලි නාට්‍යවලටත්, චිත්‍රපටවලටත් පොදුයි. එහෙම බලල මගේ ජීවිතයට බලපෑමක් නැත්නම් ඒ දෙයට දායක වෙනවා. ගීතයට ජිවයක් රූප රචනාවෙන් ලැබෙනවා කියලා මම හිතනවා.

වැඩියෙන් කොටට විලාසිතා කරන්නෙ විලාසිතාවලට තිබෙන කැමැත්ත නිසා ද? නැත්නම් ඒ තුළින් මාර්කට් එකක් හදා ගන්න ද?

මම කොටට ගවුම් අඳින්නෙ නෑ. ඒක මගේ මාර්කට් එකත් නෙවෙයි.

කටකතා හැදෙන්න මොකක් හරි සිද්ධියක් තියෙන්නම ඕන ද?

ඇත්තටම කටකතාවලට සිද්ධියක් තියෙන්න ඕනම නැහැ. එතැන දි ප්‍රසිද්ධිය තමයි බලපාන්නෙ. ප්‍රේක්ෂක අවධානය යොමු වෙනව වැඩියි නම්, කතා බහට ලක් වෙනව වැඩියි නම් ඔහුට හෝ ඇයට කට කතාවක් හැදෙනවා. ඒක වළක්වන්න අමාරුයි.

එතකොට ඔබයි අරවින්ද දොඹගහවත්තයි සම්බන්ධ කරල තියෙන කතාවත් කට කතාවක්ද ?

නෑ ! ඒකේ කිසිම සත්යතාවයක් නෑ. ( සිනා )….. මොකද අපි කාලෙන් කාලෙට අලුත් නිර්මාණවලින් අලුත් රංගනයන්ගෙන් එනකොට ඒ ඒ අය අල්ලල කටකතා හදන එකනෙ සිරිත.

ඒ කියන්නෙ ඔබ දෙන්න අතරට ඇත්තටම ප්‍රේම සම්බන්ධතාවයක් නෑ…..
ඔව් ! කටකත හැදුන හෝ නැතා හෝ අපි දෙන්නා අතර එහෙම සම්බන්ධයක් නෑ.

විනු ගොඩක් ආඩම්බරයි කියල කියන්නෙ රූප සුන්දරියක් නිසා ද?

අනේ නෑ…… මම ආඩම්බරයි කියල කියනව ඇත්තෙ මාත් එක්ක කතා නොකරපු අය වෙන්න ඕන. නමුත් මාත් එක්ක කතා කරපු අයනම් කවදාවක් එහෙම කියන්නෙ නෑ කියලා මම දන්නවා. හැබැයි මට කතා කරපු අය කියල තියෙනව ”ඔයත් එක්ක කතා කරන්න ඉස්සෙල්ල ඔයා හරි ආඩම්බරයි කියල හිතෙනව. හැබැයි කතා කරහම තමයි එහෙම නෑ කියල තේරෙන්නෙ” කියල. ගොඩක් අය මගේ රූපෙ දිහා බලල, මම ඉන්න විදිහ බලල තමයි ඔහොම කියන්නෙ. නමුත් මම කවදාවත්, කාටවත් ආඩම්බරකම් පාන්නෙ නෑ.

එක පාරටම ජනමාධ්‍ය ඉගෙන ගන්න හිතුනෙ ඔයාට තේරුනා ද ඔයාට රගපෑම හරියන්නෙ නැ කියලා.?
නෑ…නෑ…. එහෙම නෙවෙයි. මම රගපෑම වෘත්තියක් විධියට කරන්න බලාපොරොත්තුවක් නෑ. අනික ජන මාධ්‍ය කියන්නෙ කලාවෙම කොටසක්නෙ. මම හිතුවෙ ජනමාධ්‍ය ඉගෙනගෙන ජනමාධ්‍යට අදාළ රැකියාවක් කරන්න.

(උපුටා ගැනීමක්)