ශී‍්‍ර ලංකා ක්‍රිකට් ආයතනයෙන් අසංක ගුරුසිංහ මහතාට නව තනතුරක්

ශී‍්‍ර ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව මේ දිනවල විවිධාකාර පුවත් වාර්තා වෙමින් තිබෙනවා. ඒ අතර, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ මහතා කි‍්‍රකට් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත් කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අසංක ගුරුසිංහ මහතා මේ මස 15 වනදා සිට එම ධුරයේ කටයුතු කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ.

සයිමන් විල්ස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්‍ෂතා කළමණාකරු තනතුර සඳහාද අසංක ගුරුසිංහ මහතා පසුගියදා පත් කෙරුණා. අසංක ගුරුසිංහ මහතා මේ වනවිට තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා.

හයේ පාරවල් හතර අතට වනපු ක්‍රිස් ගේල්ව ප්‍රීති සින්ටා වර්ණනා කරපු හැටි

IPL තරඟාවලියේ ඊයේ(19) පැවති තරගය ලකුණු 15 කින් ජයගන්නට කිංස් එලෙවන් පංජාබ් සමත්වුණේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පරාජය කරමින්.
එහිදී තරගයේ වීරයා බවට පත්වෙමින් පංජාබය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ක්‍රිස් ගේල්.

ඔහු මෙවර තරගාවලියේ ක්‍රීඩකයකු රැස් කල පළමු ශතකයට හිමිකම් කියමින් ලකුණු නොදැවී ලකුණු 104ක් රැස්කළා.

මේ සුපිරි ඉනිම ගැන සුපිරි බොලිවුඩ් නිළියක් වන පංජාබ් කණ්ඩායමේ හිමිකාරියක් වන ප්‍රීති සින්ටා ට්විටර් පණිවිඩයක් මගින් මෙලස පවසා තිබුනා.

“මෙවර තරගාවලියේ පළමු ශතකය, තරගයේ වීරයා බවට ගේල් පත්වුණු දෙවැනි තරගය. දෙවියන්ට ස්තුති වනවා මේ දේ ගැන. ගේල් ප්‍රහාරයේදී මම හරි තැන හිටියා.”

ක්‍රිස් ගේල් මෙවර IPL වෙන්දේසියේ මුලික අදියරේදී කිසිදු කණ්ඩායමක් මිලදී නොගත් අතර ඔහු වෙන්දේසියේ දෙවන අදියරේදී පංජාබ් කණ්ඩායම වෙන්දේසියේ මුලික මුදලට මිලදී ගත්තා.

මාලිංග හලපු මුම්බායි පිළට බ‍්‍රාවෝ ගෙන් පාඩමක් මාලිංගගේ අඩුව මුම්බායි පිලට දන්නෙන්න බ්‍රාවෝ කරපු වැඩේ

ඩෙවොන් බ්‍රාවෝගේ ප‍්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) පළමු තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී ඊයේ පැවැති තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකරගැනීමට වසර දෙකකට පසු අයි.පී.එල් තරගබිමට පැමිණි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

ලකුණු 166 ක ඉලක්කය හඹා යාමට පැමිණි චෙන්නායි කණ්ඩායමට දරුණුම හානිය කරමින් මුම්බායි කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක මයාන්ක් මර්කන්ඩේ කඩුලු 3ක් ලකුණු 23ක් පමණක් ලබාදෙමින් දවා ගැනීමත් සමඟ මුම්බායි ක්‍රීඩකයන්ට ජයග්‍රහණය පිළිබඳව ස්ථිර සහතිකයක් ලැබුණි.

ලෝකයේ T20 පන්දු යවන්නන් අතර ඉහලම නමක් දිනාගෙන ඇති මුශ්තෆීර් රහමාන් ,මිචෙල් මක්ලරගන් සහ ජෂ්ප්රිට් බුම්රා සහිත පන්දු බල ඇණියක් සමඟ අවසානයට සටනට ඉතිරි වුනේ ඩෙවොන් බ්‍රාවෝ පමණක් වූ අතර චෙන්නායි 8 වන කඩුල්ල බිඳ වැටෙන විට පන්දුවාර 16.3ක් අවසන් වී තිබුන අතර ලකුණු 47ක් පන්දු 18ක් තුල ලබාගන්නට බ්‍රාවෝ සමත් වේ යැයි සිතන්නට ඇත්තේ බ්‍රාවෝ පමණක් වන්නට ඇත.

18 වැනි පන්දුවාරයේදී තම සටන දියත් කළ බ‍්‍රාවෝ ප‍්‍රබලතම පන්දු යවන්නකු ලෙස නම් දරා සිටින මිචෙල් මැක්ලරගන් හට ප‍්‍රහාරයත් දියත් කරමින් ඔහුගේ පන්දු 06න් ලකුනු 20ක් උදුරා ගැනීමට සමත්විය.

ඉන්දියානු ජාතික කණ්ඩායමේ මෙන්ම මුම්බායි පිලේ ප‍්‍රබලතම පන්දු යවන්නා වන ජස්ප‍්‍රිත් බුම්රා 19 වැනි පන්දුවාරය ක‍්‍රියාත්මක කළ අතර ඔහුටත්ට පන්න පන්නා පහරදුන් බ‍්‍රාවෝ අවසන් පන්දුවේදී දැවී ගියත් එම පන්දුවාරයටත් ලකුණු 20ක් ලබා ගැනීමට සමත්වූයේ බොහෝ කලක් මෙවැනි තරගවල මුම්බායි කණ්ඩායම දිනවූ ලසිත් මාලිංගගේ අඩුව මුම්බායි කණ්ඩායමට මතක් කරමිනි.

ලකුණු 68ක් පන්දු 30 ක් තුල හයේ පහර 7ක් සමඟ ලබාගන්න බ්‍රාවෝ 19 වන පන්දුවාරයේ අවසාන පන්දු වාරයේදී දැවී යන්නේ තරඟයේ චෙන්නායි ඉනිම තුල අභාදයට ලක්වූ කෙදාර් යාදව් නැවත පිටියට කැඳවමින්ය.අවසාන පන්දු වාරය යැවීමට පැමිණෙන මුෂ්ටෆීර් රහමාන් පළමු පන්දු 3 තුල මුම්බායි කණ්ඩායමට නැවත බලාපොරොත්තු ලබාදෙන්නට සමත් වුනද අවසාන පන්දුවාරයේ 4 වන පන්දුවට හයේ පහරක් සහ 5 වන පන්දුවට හතරේ පහරක් එල්ල කරන යාදව් චෙන්නායි කණ්ඩායමට ජය ගෙන එන්නේ මුම්බායි ක්‍රීඩා ලෝලීනට අදහාගත නොහැකි තරඟයක අවසානයක් සටහන් කරමිනි.

පන්දු යැවීමේදී හර්දික් පාන්ඩේ සහ මර්කන්ඩ්ඩේ කඩුලු 3 බැගින් දවා ගන්නා අතර තරඟයේ වීරයා සම්මානය ඩෙවොන් බ්‍රාවෝට හිමි වන අතර ඉතා ඉහලින් ඇගයීමකට ලක්වී සිටි මුම්බායි වේගපන්දු බලකායේ කඩා වැටීම සහ මුම්බායි කණ්ඩායමේ දුර්වල අංශය ලෙස හඳුනාගෙන ඇති දඟ පන්දු අංශයේ නවකයෙකුගේ පිබිදීම මේ තරඟයේදී කැපී පෙනුනි.

කාසිය වාසිය අහිමි වීම සමඟ පළමුව පන්දුවට පහර දීමට පැමිණි මුම්බායි කණ්ඩායම තම පන්දුවාර 20 තුල ලකුණු 165/4 ලබාගත්තේ ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණි රෝහිත් ශර්මා සහ එවින් ලෙවිස් ඉක්මනින් පිටියෙන් ඉවත්වූ තත්වයකදීය.

තරඟය මුම්බායි කණ්ඩායම වෙත නැඹුරු කර ගනිමින් ඉශාන් ක්‍රිෂාන් සහ සුර්යකුමාර යාදව් දෙදෙනා ඉතා හොඳින් පිතිහරම්භයේ නිරත වූ අතර දෙදෙනාගේ දැවී යාම සමඟ පිටියට පැමිණි කර්නල් සහ හර්දික් පාන්ඩේ සහෝදරයන් දෙදෙනා තරඟයේ අවසාන කොටස ඉතා හොඳින් පන්දු යවන්නන්ට මුහුණ දුන් අතර අවසාන පන්දුවාරය ආරම්භ වන විට ලකුණු 160 ක් ලෙස තිබු මුම්බායි ඉනිම ලකුණු 165 කට සීමා කරන්නට ඩෙවොන් බ්‍රාවෝ සමත් වූ අතර පන්දු යැවීමේදී වොට්සන් කඩුලු දෙකක් ,චහාර් සහ තාහීර් කඩුල්ල බැගින් දවාගන්නට සමත් විය

සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයා සමුගනී – හොඳම ක්‍රීඩකයන්ගෙන් වැඩි සේවාවක් ලබාගැනීමට සහ ඔවුන් ආබාධවලට ලක්වීම වලක්වාගැනීමයි අරමුණ

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට අදහස් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වරයා මේ බව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.
හොඳම ක්‍රීඩකයන්ගෙන් වැඩි සේවාවක් ලබාගැනීමට සහ ඔවුන් ආබාධවලට ලක්වීම වලක්වාගැනීමේ අරමුණ ඇතිව ඇන්ජලෝ පන්දු යැවීමට සමුදෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඇන්ජලෝ ඉදිරියේදී පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

2014 ඊයේ වගේ දවසක ඉන්දියාවට ගහලා විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත්ත තරගය කාටද මතක මෙන්න එම තරගයේ විශේෂ අවස්ථා

2014 ඊයේ (6) වගේ දවසක තමයි අපේ සිංහ කොල්ලෝ ඉන්දියාවට ගහලා විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත්තේ ..කාටද මතක ඒ සොඳුරු අවස්තාව..එම තරඟයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝවක්

එක් පන්දුවකට ලකුණු 21 ක් ලබාගත් ලෝක වාර්තාවක් තැබූ තරගය ඔබට මතකද?

දකුණු අප්‍රිකාවයි ඔස්ට්‍රේලියාවයි අතර තිබුණු එක්දින තරගාවලියක එක පන්දුවකට ලකුණු 21 ක් ලබාගත් මොහොතක් පිලිබදව ඔබට මතකද පන්දු යවන්න විසින් දිගින් දිගටම නිපන්දු යැවීමයි මිට හේතුව උනේ මෙන්න එම අවස්ථාව පහලින් තිබෙන වීඩියෝව බලන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු ඉටුවෙයි..? ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් මහපුටු වෙනස් වෙයි..දයාසිරි – තිලංග ඉවතට..මාලිංග යලි ඇතුලට..

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ඉදිරියේ එම තනතුරු වලින් ඉවත් කර දමනු ඇති බව ඉන්දියාවේ වෙබ් අඩවියක් වන ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය අනාවරණය කරන අතර ඔවුන් මෙම ලිපිය පල කරන්නට හේතුවී තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාසභංගයේදී ආණ්ඩුව තුල සිටිමින් අගමැති වරයාට එරෙහි වීම නිසා දැන් රනිල් වික්‍රමසිංහ පාර්ශවය ජයග්‍රහණය ලබා තිබෙන තත්වයක ඔහුට විරුද්ධව කටයුතු කල පිරිස් ආණ්ඩුවෙන් ඉවත්වී යනු ඇති බවට නිගමනය කරමිනි.

එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමේ සිට රනිල් ඉවත්විය යුතු බවට හඬ නැගු පුද්ගලයෙකු ලෙස ක්‍රීඩා ඇමති දයාසිරි හඳුන්වාදී ඇති මෙම වෙබ් අඩවිය පවසන්නේ ඉදිරි දින කිහිපය තුල ඔහුගේ ඇමති ධුරය අහිමි වනු ඇති බවත් ඔහුගේ සමීපයතමයකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගේ තනතුරද මේ නිසා අවධානම් තත්වයකට පත්ව ඇති බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සමාජ ජාලා වෙඩ් අඩවි වාර්තා කරන්නේ දයාසිරි ජයසේකර මහතාගේ ක‍්‍රීඩා ඇමතිධුරට අහිමීවීමත් සමග ශ‍්‍රී ලංකා ජාතක කණ්ඩායමෙන් හේතුවක් නැතුව ඉවත්වී සිටි ප‍්‍රබල ක‍්‍රීඩක ලසිත් මාලිංග හට නැවතත් ජාතික කණ්ඩායමට එක්විය හැකි බවයි.

තවද අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් ද දැනුම්දී තිබේ.

ඊයේ (04දා) පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 38 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේනය කිරීම, කැබිනට් තීරණ විවේචනය කිරීම ආදී ආණ්ඩු විරෝධී ක්‍රියා හේතුවෙන් ඔවුන්ව මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

එහි පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද යොමුකර ඇත

ක්‍රිකට් පිත්ත දෙකට කැඩෙන්න බෝල දාපු පන්දු යවන්නන්ගේ සුපිරි වැඩ ටිකක් මෙන්න

ක්‍රිකට් කියන්නේ ලෝකේ බොහෝ දෙනෙක් ආදරය කරන සුපිරි ක්‍රීඩාවක්..ඉතින් අපිඅ අද කියන්න යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී වුන අපුරු සිදුවීම් ගැන පන්දුවට පහර දෙනකොට පිත්ත දෙකට කැඩෙන්න තරම් පහරක් වැදුණු අවස්ථා කිහිපයක් මෙන්න බලන්නකෝ

අපේ චමින්ද වාස් පිට්ටනියෙන් එළියේ මහාපාරට විසික් වෙන්න ගහපු සුපිරි 6යේ පාර මතකද?

චමින්ද වාස් කිවුවම හැමෝටම මතක් වෙන්නේ ඔහුගේ ඇති විශිෂ්ට පන්දු යැවීම. එත් චමින්ද වාස් කියන්නේ පිතිකරනයෙනුත් යම් තරමක් දක්ෂ ක්‍රීඩකයෙක්.ඔහු විසින් එල්ල කල දැවැන්තම 6 පහර කාටද මතක? මෙන්න බලන්නකෝ වීඩියෝව

චමින්ද වාස්ගේ මේ 6 පහර කාටද මතක?

චමින්ද වාස්ගේ මේ 6 පහර කාටද මතක? කෙලින්ම පාරටම 6 පහර

Posted by Sports Corner on Saturday, February 24, 2018

මහේල හා මාලිංග සමඟ දඟ පන්දු යවන පුංචි තරුව අකිල දනන්ජය මුම්බායි පිළට එකතු වුන විදිහ

2018 අයිපීඑල් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන අකිල ධනංජය එම කණ්ඩායම සමගින් එක්ව තිබෙනවා.අයිපීඑල් වෙන්දේසියේදී ඔහුව මිලට ගත් මුම්බායි පිලේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන විසින් හොබවන අතර ලසිත් මාලිංග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා මෙන්න වැඩි විස්තර සදහා පහත වීඩියෝව බලන්න