ඉතිහාස ගතවෙන වැඩක් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පිල කැරැල්ලක් අරඹයි

ක්‍රීඩකයින් රැකබලා ගැනීම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව පවසමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ගේ අස්සනින් යුතු ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ (21) භාර දී තිබේ. මෙය ක්‍රිකට් ක්‍රීඩකයින් විසින්ම තමන්ව රැක දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කරන ලද පළමු අවස්ථාව වශයෙන්ද ඉතිහාසගත වෙයි.

නීතිඥවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ සකසන ලද එම ලිපිය ටෙස්ට් සහ එක්දින නායකයන් දේපල වැන් දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග විසින් ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට ලබා දී තිබෙන අතර, ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාද එම අවස්ථාවට එකතු වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ප්‍රධාන පෙළේ කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 30 දෙනාද ඇතුළුව ඉකුත් දා ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වූ සිම්බාබ්වේ සහ ඉන්දීය තරඟවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ක්‍රීඩකයන් 11 දෙනෙකු එම ලිපියට අත්සන් යොදා තිබීම විශේෂත්වයකි.වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉලක්ක කර ගනිමින් ඇතැම් පුද්ගලයන් දිගින් දිගටම එල්ල කරනු ලබන විවේචනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන බලධාරීන් මුනිවත රකිම මෙම ලිපිය යොමු කිරීමට ප්‍රධාන හේතුව වී තිබේ.

ඇතැම් මාධ්‍ය උපයෝගී කර ගනිමින් ක්‍රීඩකයන්ගේ කීර්ති නාමයට හානි පමුණුවනවා සේම මානසිකත්වයද බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කටයුතු කලද ඒ සම්බන්ධව මේ වන තෙක් නීතිමය පියවර ගැනීමට හෝ ක්‍රීඩකයන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරීම සඳහා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු නොකිරීම සම්බන්ධව ක්‍රීඩකයෝ දැඩි කනස්සල්ල සහ අප්‍රසධය පළ කර සිටිති.

පසුගියදා නිමවා දුටු සිම්බාබ්වේ සහ ඉන්දීය තරඟ අතරතුරදී ගනු ලැබූ තීරණ සම්බන්ධව 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජිකයන් දේපොලක් වන ප්‍රමෝදය වික්‍රමසිංහ සහ රවින්ද්‍ර පුෂ්පකුමාර ඇතුළු බාහිර පාර්ශවයන් එල්ල කරන ලද පදනම් විරහිත සහ සාවධ්‍ය ප්‍රකාශයන් බොහොමයක් සමාජගත වූ බැවින් එම තත්ත්වය හරහා නායකයන් ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයෝ දැඩි නායකයන් ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයෝ දැඩි අපහසුතාවයකට පත් වූහ.

මෙවැනි ප්‍රකාශ දිගින් දිගටම එල්ල වුවහොත් ඉදිරියේදී තරගය අතරතුර අවදානම් තීරණ සහ තීන්දු ගැනීමට නායකයා සහ කණ්ඩායම පසුබට වන තත්ත්වයක් උද්ගත වීමේ ඉඩකඩක් නිර්මාණය වන බව ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට හිතැති ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහස වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් දින කිහිපයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යනවා

ඒ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම එක්ක පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙන්න.

මේ තරගාවලියේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයට ලහිරු තිරිමාන්න නවක තේරීම් කමිටුව විසින් නම් කරලා තියෙනවා.

එම පත්වීමත් එක්ක ලහිරු තිරිමාන්න මේ තරගාවලිය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් ගැන කතා කළා.

මෙන්න එම ඉස්තර ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න

ඔබේ මතකය ඈතට ගෙනයන අජන්ත මෙන්ඩිස්ගේ පළමු තරඟයේ පළමු විකට්ටුව ලබා ගත් මොහොත මෙන්න

ඔබේ මතකය ඈතට ගෙනයන අජන්ත මෙන්ඩිස්ගේ පළමු තරඟයේ පළමු විකට්ටුව ලබා ගත් මොහොත මෙන්න බලන්නකෝ ඇත්තටම මේ වගේ  දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න මේ පුංචි රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවද කියන එක ගැන නම් සැකයක් තියනවාමයි මෙන බලන්නකෝ අජන්තගේ දස්කම්

අජන්තගේ පළමු ටෙස්ට් තරඟය

Posted by Sri Lankan Cricketers on Tuesday, September 19, 2017

ලොකු මැජික් එකක් කරලා තරංග ලෝක කුසලානය අපේ රටට ගෙන්නලු යන්නේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගවලදී සෑම අවස්ථාවකදීම පවා ශ්‍රී ලංකාව විශේෂ දක්ෂතා දක්වා ඇති බවත් එළැඹෙන 2019 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාව එය සිදු කිරීමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංග පවසයි.

එංගලන්ත හා කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් තරංග මේ බව පවසා ඇත.

“ මේ වන විට ශ්‍රී ලංකාව අමාරු අවස්ථාවක් පසු කරන්නේ. එය රහසක් නෙමෙයි. නමුත් අප කෙරෙහි විශ්වාසය තබන ප්‍රේක්ෂකයන්ට මම ස්තුති කරන්න ඕන. අයි.සී.සී. තරගවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෑම විටම මැජික් දර්ශනය (දක්ෂතා දැක්වූවා) පෙන්වූවා. මම එය නැවත වරක් ඔප්පු කර පෙන්වීමට සූදානම්.

අපිට ලෝක කුසලානයට පැහැදිලි සැලසුමක් තිබෙනවා. අපි එහි හැම පියවරක්ම ළඟා කරගැනීමට මහන්සියෙන් වැඩ කරනවා. අපි ක්‍රීඩා විවේකගාරයේදී කියන්නේ කුඩා ජයග්‍රහණ ලෙකු ජයග්‍රහණ ගෙනෙනවා කියලයි. ඔබට ශ්‍රී ලංකා ක්‍රිකට් අනන්‍යතාව ඉතාමත් ඉක්මනින් දැක ගැනීමට හැකියාවක් ලැබෙයි.” යැයිද පවසා සිටියි.

 

 

කොදෙව්වන්ගේ පිහිටෙන් ලංකාව 2019 ලෝක කුසලානයට තේරුණේ මෙන්න මෙහෙමයි

පසුගිය කාලය පුරා පැවති තරඟ සියල්ලම පාහේ පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2019 ලෝක කුසලානය සඳහා සුදසුකම් ලැබීමේ අවස්ථාවේ ගිලිහීයාමේ වැඩි ප්‍රවනතාවක් පැවතියා.

ඔවුන්ගේ අවසන් තුරුම්පුව වූයේ කොදෙව්වන් එංගලන්තය හමුවේ පරාජය වන අයුරු බලා සිටිම වන අතර ඒ අනුව ඊයේ (19) පැවති තරඟයෙන් එංගලන්තය කඩුලු 7කින් ජයගැනීමත් සමඟ ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලානය සඳහා සුදසුකම් ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට තෝරාගැනීමේ තරඟ සඳහා ඇෆ්ගනිස්ථානය වැනි කණ්ඩයායම් වලට මුහුණදීමේ අවශ්‍යතාවක් නොමැති වනවා සේම කොදෙව්වන්ට 2019 ලෝක කුසලානයට සුදසුකම් ලැබීමටනම් එම කණ්ඩායම් සමඟින් තරඟ වැදීමට සිදුවනවා.

ලංකාව ශ්‍රේණිගතකිරීම්වල 8වන ස්ථානයේ මේ වන විට සිටින අතර හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛාව 86ක්.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි