සියලු දෙනා කම්පා කල දින ගනනාවක් බිත්තිය ඇතුලෙන් ආ අමුතු ශබ්දය

නයිජීරියාවේ ඔන්ඩෝ කියන ප්‍රාන්තයේ ඔඩුදුව කියන නගරයේ. මෙහි වාසය කරලා තියෙනවා අවුරුදු 12ක දගකාර පුංචි පුතෙක්. මෙයාව බලා ගන්න ඉදලා තියෙන්නේ එයාගේ ආච්චි අම්මා.

ඉතින් පහුගිය දවසක මේ පුංචි පුතා තනියම ලග කඩේකට ගිහින් තියෙනවා. ගිහින් එන ගමන් එක්තරා නිවසක බිත්තියක් හා ඒ අසලම බැදලා තිබුණු තාප්පයක් අතර පුංචි හිඩැසකට මේ දරුවා රිංගලා.
යන්තම් රිංගලා ඇතුලට ගියපු පුංචි පුතාට ආයේ එලියට එන්න නම් බැරි වෙලා. ඒ තරමටම මේ හිඩැස ගොඩක් පටු තිරයක්. මේ විදියට ඔහු දින 3ක් මේක ඇතුලේ හිර වෙලා ඉදලා තියෙනවා.

බලාගෙන ඉන්නකොට හෙන ගහපු දුර්ලබ අවස්ථා කිහිපයක් මෙන්න බලන්නකෝ

අකුණක් කියලා කියන්නේ වලාකුලක ආරෝපණය වී ඇති ස්ථිති විද්‍යුත් ආරෝපණ ක්ෂණිකව විසර්ජණය වීමක් නිසා ඇතිවන ක්‍රියාවලියකටයි. එවගේම මෙයින් අතිවිශාල ශක්තියක් නිදහස් වන නිසා, අධික තාපයක් හා ශබ්දයක් ඇතිවෙනවා. මෙන්න බලන්නකෝ බලාගෙන ඉන්දැද්දිම ගහන හෙන පිස්සු හැදෙනවා

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වැරදි කරන ක්‍රීඩකයන්ට මහේල දෙන දඬුවම

“තවත් වැරැද්දක් කරනකම් මේ දඬුවම විදින්න වෙනවා”

“ඔව් එක මට හොදටම හරි යනවා”

IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන. ඔහු විසින් මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයින් සිදු කරන වැරදි සඳහා අපුරු දඬුවමක් හදුන්වා දී තිබෙනවා.

මේ අනුව බස් රථයට පැමිණීමට ප්‍රමාද වන වැනි කණ්ඩායමේ තුල සිදු කරන අතපසුවීම් සහ වැරදි සඳහා මහේල මේ දඬුවම නිර්මාණය කර තිබෙනවා.
මේ දඬුවම විදීමට සිදුවන ක්‍රීඩකයාට විශේෂිත ඇඳුමක් නිර්මාණය කර ඇති අතර කණ්ඩායම සමග සංචාරය කරන සෑම අවස්ථාවකදීම ඔහු එම ඇඳුම ඇදගෙන යා යුතු වනවා.

පළමු වරට මේ වරදට හසු වී ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සූරියකුමාර් යාදව්. වෙනත් ක්‍රීඩකයකු වරදක් සිදු කරන තෙක් එම ක්‍රීඩකයා මේ දඬුවම් ඇඳුමෙන් සැරසී සෑම ගමනක් සඳහාම එක්වීමට සිදුවන බවයි මහේල පවසන්නේ.

මේ දඬුවම පළමු වරට විදින සූරියකුමාර් යාදව් පවසන්නේ දඬුවම් ඇඳුම තමන්ට හොදටම ගැලපෙන බවයි.

අවුරුද්දට ගමේ ඇවිත් කොළඹ යමින් සිටි රූමත් හෙදියට බස් රථයකදී කාමාතුරයෙක් කරපු නරුම වැඩේ

29 හැවිරිදි හෙදිය ගැබිනියක්…..
එකවරම ඇගේ පපුව ස්‌පර්ශ කරලා…

අග නගරයේ රෝහලක සේවය කරන රූමත් හෙදියක්‌ අලුත් අවුරුද්දට ගමේ පැමිණ නැවත කොළඹ බලා යන අතුරතුරදී බස්‌රථයේ සිටි පුද්ගලයකු ඇගේ පපු ප්‍රදේශය ස්‌පර්ශ කර ඇති අතර එයට අකමැති වූ නිසා ඇගේ මැදඟිල්ල කරකවා කඩා බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

අකුරැස්‌ස හරහා මාතර බලා ගමන් ගන්නා බස්‌ රථයක්‌ තුළදී ඇය මෙම අකරතැබ්බයට මුහුණ පා ඇති අතර ඇය මේ වන විට මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙම හෙදිය 29 හැවිරිදි ගැබිනියක්‌ බව ද සැකකරු තමා අසල වාඩි වී ගිය බවද එකවරම පපුව ස්‌පර්ශ කර එයට විරුද්ධ වූ නිසා තදබල ලෙස බැණ වැදී ඇගේ ඇඟිල්ල කඩා දමා ඇති බවද පැවසෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි එච්. ජී. මාරපන මහතාගේ උපදෙස්‌ පරිදි මාතර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ධම්මික අමරසේන මහතා කාන්තා හා ළමා කාර්යාංශ ස්‌ථානාධිපතිනි රසිකා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනවා.

තම ආදරණිය බිරිඳ හා දරුවන් සිව් දෙනා සමඟ සසුන්ගතවුන යතිවරයාණෝ

උන්වහන්සේ වැලිකන්ද, මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩවාසය කරන වලපනේ අභයරතන හිමියන්ය.

විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය මෙන්ම විහාරස්ථානයට පිවිසුම් පඩිපෙළ ඇතුළු අත්‍යවශ්‍ය කොටස් ඉදිකිරීමට තම දෑතින්ම බදාම සිමෙන්ති මිශ්‍ර කිරීම නිසා අභයරතන හිමියන්ගේ දෑතේ ඇඟිලිද තුවාල වී ඇති අයුරු අපට දක්නට ලැබිණි.

වලපනේ, නිල්දණ්ඩාහින්න ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. අබේසේකර සහ ජී.ඩබ්ලිව්. සිරියාවතී යන පින්බර යුවළට දාව උපන් දරුවන් සිවුදෙනාගෙන් තිදෙනෙක් 2004 වසරේදී පළමුව සසුන් කෙතට ඇතුළත් වූහ.

ඒ අලව්ව, වැදිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උස්සාපිටියේ පඤ්ඤාරංසි නායක හිමියන්ගේ උපදේශකත්වයෙනි.
වලපනේ ධම්මවංශ, වලපනේ අරියවිමල, වලපනේ පඤ්ඤාධීර නමින් ඔවුන් සසුන්ගත වී ඇති අතර මේ වන විට උන්වහන්සේ වයස අවුරුදු 24, 21 සහ 18 වියෙහි පසුවෙති.

අනතුරුව 2004 වසරේදී මහරගම පඤ්ඤාතිලක මහ පිරිවෙනේ අනුනායක විමලබුද්ධි නාහිමියන්ගේ අතින් වලපනේ අභයරතන, වලපනේ ධම්මචේතනා සහ වලපනේ සුබෝධි යනුවෙන් පියාත්, මවත්, බාල පුතුත් සසුන් කෙතට ඇතුළත් වූහ.

වලපනේ අභයරතන හිමියන්ගේ වයස අවුරුදු 49කි. වලපනේ ධම්මචේතනා මෙහෙණින් වහන්සේගේ වයස 44ක් වන අතර උන්නාන්සේ මේ වන විට කුරුවිට වාලුකාරාම ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ වාසය කරති. 14 වියෙහි පසුවන වලපනේ සුබෝධි හිමියෝ මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩ වාසය කරති.

“මහත්තයෝ මගේ මුළු පවුලම පැවිදි වුණා. බුදු දහම පවත්වාගෙන යෑම ඉතා වැදගත්. මම ගිහි කල හම්බ කරපු සියලු දේවල් ශාසනයට පූජා කළා. මගේ අයිතියට තිබූ නිවෙසත්, ගොඩ ඉඩමත් විකුණලා ඒ මුදල්වලින් මේ පන්සලේ අඩුපාඩු හදනවා. දැන් අවුරුදු 03ක ඉඳලා මේ පන්සලේ මම වැඩවාසය කරනවා. සිමෙන්ති බදාම අනලා මගේ අතත් තුවාල වුණා. මට මේසන් වැඩ, වඩුවැඩ හොඳට පුළුවන්. මේ පළාතේ දායකයන්ටත් තියෙන ආර්ථික ගැටලු නිසා මම හිතුවා මම ගිහි කාලේ හම්බ කරපුවා ශාසනයට පූජා කරන්න. ඒ නිසා මම දායකයන්ට කරදර නොකර බදාම, සිමෙන්ති අනලා බෝධි ප්‍රාකාරයයි, පන්සලේ අඩුපාඩු ටිකයි මමම හදනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම සේවය කරනවා.

දැන් ආරියවිමල හාමුදුරුවෝ රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. පඤ්ඤාධීර හාමුදුරුවෝත් විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නවා. මම විහාරස්ථන පහක හයක වැඩ වාසය කළා. සිංහරාජයේ වසර 04ක් වනවාසීවත් හිටියා. දැන් ඉතින් මේ දුෂ්කර පන්සල දියුණු කරගෙන වැඩ ඉන්නවා. මේ පළාතේ සමහර පන්සල්වල භික්‍ෂුන් වහන්සේට කිසි පහසුකමක් නැහැ. රජයේ අවධානය යොමු වුණොත් ලොකු පිනක්” වලපනේ අභයරතන හිමියෝ පැවැසූහ.

රාගයට ලොල් වෙලා අකාලේ ජීවිතය නාස්ති කරගන්න තරුණ කෙල්ලන්ට අපුරු පාඩමක්

හිතට දැනෙන සිතුවිලිවලට සීමාවක් නෑ..හිතන්න ගත්තොත් කොතනින් නතර වෙයිද අපි ඉන්නේ කොහෙද…කරන්නේ මොකක්ද කියලවත් දැනෙන්නේ නැති තරමට සිතුවිලිවලට ලොකු දුරක් යන්න පුළුවන් කියලා අපි හොඳට දන්නවා.ඒවිදිහට එළියට ආපු ලස්සන සිතුවිල්ලක් ගැනයි වෙබ් ගොසිප් අපි මේ කියන්න යන්නේ..බස් එකේ යද්දි පිටිපස්සේ සීට් එක මුල්ලේ නංගී කෙනෙක් තරුණයෙක් සමඟ පෙමින් වෙලුනු හැටි දැකලා එළියට ආපු අපූරු සිතුවිල්ලක් තමයි මේ…සමහර තැන්වලට රිදෙයි, ටිකක් කැතයි කියලත් හිතෙයි. ඒත් තිත්ත වුණත් ඇත්ත මේකයි…

නංගි…
කෙල්ලෙක් අවුරුදු දොළහක් දහතුනක් වෙනකොට හෝමෝනවල බලපෑම නිසා උඹ තැඹිලි ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා.
වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන්ට කතා කරන්න උඹ ගැන.ඒ ඇරෙන්න වෙන මාතෘකාවක් හොයා ගන්නම බෑ.
ඒ කෙල්ල ඒ කියන්නෙ උඹ ලොකු ළමයෙක් වෙච්ච දවසට අදුරන නෑදෑ කොල්ලෙක් එක්ක සෙට් වෙලා උන් උඹගෙ පාටියෙනුත් කනවා.
ඊට පස්සෙ ඉතින් උඹට මෙච්චර කල් නැති ලැජ්ජාවක් ..පාරෙ යන්නෙ බිම බලාගෙන.
“ලස්සනයි..”
ඒකි ළගින් යනකොට කාටත් නෑහෙන්න ඒකිට විතරක් ඇහෙන්න මුමුනන්න කොල්ලන්ට තියෙන්නෙ මාර හැකියාවක්.අපි ඒකට පට්ටයි කියමු.
ඊට පස්සෙ හොටු පෙරාගෙන කෙල්ල පස්සෙ වැටෙනවා කොල්ලො…පෝලිමේ..උදේට එකෙක් පස්සෙන් එනවා..හවසට තව එකෙක්
කෙල්ලටත් ඊට වඩා දෙයක් නෑ..මම තමයි ලස්සනම…
ඊට පස්සෙ කෙල්ල කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇගටම ඇලිච්ච ලෙගින් එකයි ටී ෂර්ට් එකයි බෑග් එකයි ෂූස් දෙකයි කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳ ගන්නවා..
ඊට පස්සෙ නංගි වටේ කොල්ලො උඹ දැක්කම කියන්නෙ “පට්ට කෑල්ලක්..” කියලා..
එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි උඹව යාළු කර ගන්නෙ අනුන්ගෙ ඩෙනිම ඇදන් ඇවිත් කියලා උඹ දන්නවනම්…
ඊට පස්සෙ පංති යනවා කියලා මගට ආවම උන් අහන්නෙ,
“ඔයාට මාව විස්වාස නැද්ද..??හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද්..??පොඩ්ඩක් නිදහසෙ කතා කරන්න නැද්ද්..?”
අනේ අහින්සක උඹත් ඒ වචන වලට රැවටෙනවා..නෑ උඹ මෝඩයි..ඒකයි…
ඊට පස්සෙ බස් එකේ මුල්ලට උනාම උඹලා උඹලගෙම ලෝකෙ..උස ශීට් බස් එකට නැගලා ඌ උබව ඉබින්න ගත්තම උබටත් මෙලෝ සිහියක් නෑ.
අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක උඹගෙ හැට්ටෙ බොත්තම් දෙක තුනක් ගැලවෙලා බස් එකේ කොන්දොස්තර වගේම නගින බහින හැම කොල්ලෙක්ම උඹේ පීදෙන පපුව දිහා බලනවා කියලා උඹ දන්නෙ නෑ..අරූගෙ පහසට උඹ ඒ තරම් මත් වෙලා..
ඊටත් පස්සෙ,
ඒ පහස එක වරක් දැනුනම…පිස්සු වගේ..
කොල්ලා කාමරේකට යන් කියන්නෙ කීයටද කියලා උඹ බලන් ඉන්නෙ..කියපු ගමන් හා..ඒ පහසට ඒ තරම් කැමති..
ඊටත් පස්සෙ,
පළවෙනි දවසෙ උඹෙ ගෑණු කම ඌ ලග දිය වෙනකොට ඒ පුන්චි ඇගට දැනුන අමාරුව …
ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ..
ටිකදවසක් යනකොට උඹලා අතර ආදර කතාබහක්වත් නෑ..අවශ්‍යතාව විතරමයි…
රණ්ඩු වෙනවා බැන ගන්නවා..
ඒ අතර මාස දෙකක් යද්දි දෙළොව රත්වෙනවා..අරූට කියන්නත් බයයි…ඇයි ඌ දැන් රණ්ඩු වෙනවා..
යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න.උඹලගෙ වයසෙ උන් මොන ලෙඩේට ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් චෙක් කරනවා..උබලා ඒ තරම් ශුවර් කියලා ඩොක්ටර් දන්නවා..
ඊටත් පස්සෙ,
ප්‍රෙග්නන්ට් ..
කොහොමද ගෙදරට කියන්නෙ..
“අයියෙ මම ප්‍රෙග්නන්ට් ..”
“මම කොහොමද දන්නෙ මගේ කියලා.මාත් එක්ක කියුව ගමන් ආවා වගේ තව කීයක් එක්ක යන්න ඇතිද..?අර රමේශයත් පස්සෙන් ආවෙ..ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට නොගිහින් බේරිලා නෑ..”
“අනේ ඇයි ඔහොම..??”
“මේ වදයක් වෙන්න එපා..”
“කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්..”
ඒ යාළුවො ..
දරුවා නැති කරන්න යනවා..ඒක කුකුල් ෆාම් එක වගේ…දොර ගාවදි වමනෙ යන්න එනවා..
ඒ තරම් පිරිසිදුයි…
අනේ උබලගෙ පව්කාර කම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා..බලු පැටියෙක් වගේ..
ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ.
දවස් ගානක් යනකොට උණ..බඩේ කැක්කුමක් තියනවා දරා ගන්න බැරි..අනේ අම්මා බය වෙලා..එක්කන් යනවා බෙහෙත් ගන්න..
“මේ දරුවගෙ ගර්භාෂට විසබීජයක් ගිහින්…ගර්භාෂෙ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි..”
“ඒත්…”
අම්මට ඕනි උඹෙ ජීවිතේ රැක ගන්න..
“හා ඩොක්ටර් මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරලා දෙන්න…”
“හැබැයි ලක්ෂ පහළවක් යනවා..”
“කමක්නෑ මහත්තයෝ ..අපි ඉඩම උකස් කලා..”
අන්න..ඒකයි නංගියෝ කියන්නෙ…දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න..

අද බස් එකෙ මුල්ලක ආපු පොඩි නංගි කෙනෙක් දැකලා ලියන්න හිතුනෙ..ඒ තරම් අශෝබනයි…අනේ වදින්නම්….මල්ලියේ කෙල්ලට ආදරෙයිනම් එහෙම හැසිරෙන්න එපා…පව් උන්…

පිටරට ඉදන් ගේන රත්‍රං වලට පසුගිය 17 රෑ ඉදන් සිද්ධ වෙන දේ

රත්තරං මිලදී ගන්න පාවිච්චි කරන්න හුග දෙනෙක් කැමතියි. එකත් ටිකක් අඩු මිලට ගන්න තියෙනවානම් තවත් කැමතියි. නමුත් අපි මේ කියන්න සූදානම් වන්නේ සතුටුදායක ආරංචියක් නම් නෙවෙයි. ඒ ආනයනික රත්‍රං මත වටිනාකමින් සියයට 15 ක තීරු බද්දක් පැනවීමට රජය තීරණය කර තිබෙන බවයි. අප්‍රේල් මස 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ.

මේ වනතුරු ආනයනික රත්‍රං සඳහා වටිනාකම මත බද්දක් අය කරන ක්‍රමවේදයක් පැවතුණේ නැහැ.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කෑවේ දේශපාලකයෝ. උන් ඕනේ දේටයි එපා දේටයි අත දැම්මා” – මුරලි

දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

ඉන්දියාවේ ‘ද ඉකොනොමික්ස් ටයිම්ස්’ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ඊයේ (17දා) පවසා තිබේ.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අවුල් ජාලාවක තිබෙන්නේ. දේශපාලකයන් ක්‍රීඩාව පාලනය කිරීමට පටන් අරගෙන තිබෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවම දැනුමක් සහිතව හෝ දැනුමක් නොමැති මේ අය ගතවන සෑම දිනයකම එය විනාශ කරමින් තිබෙනවා. ක්‍රිකට් කියන්නේ විශ්වාසයයි. ක්‍රීඩකයන්ට දක්ෂතා දැක්වීමට විශ්වාසයක් ගොඩ නැගිය යුතුයි.

ශ්‍රී ලංකා වර්ණ ඇඳුම අඳින විට ඔවුන්ට ගෞරවයක් ඇති විය යුතුයි. මම දිනකින් හොඳ පන්දු යවන්නෙක් වුණේ නෑ. අවුරුදු 4-5ක් අර්ජුන මට විශ්වාසය දුන්නා. දැන් පිතිකරුවන් පන්දුවට පහරදීමට යන විට කියන්නේ ඔබ ලකුණු රැස්කළ යුතුයි නැති නම් අපි ඔබව බංකුවේ තබනවා කියලා. පන්දු යවන්නන්ටත් මේ දේමයි.

හැම අංශයකින්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 60ක් පමණ අත්හදා බලා තිබෙනවා. අවුරුද්දකට ක්‍රීඩකයන් 60? මෙය අතාර්කිකයි. මෙයින් පේනවා දැක්මක් නැතිකම. සෑම අවස්ථාවකම සිදුකරන වෙනස්වීම්වලින් අනාගතයේදී ක්‍රීඩාව වෙනස් වෙනවා.”

 

ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් තරුව සචින් තෙන්ඩුල්කාර් මහපාරේ ක්‍රිකට් ගහයි

සචින් කියන්නේ ඉන්දියාවෙන් බිහිවු සුපිරිම ක්‍රිඩකයෙක් ඉතින් සචින් මුම්බායි නුවර සවස් කාලයේ ගමන් කරමින් සිටියදි විදියක ක්‍රිඩාකරන පිරිසක් දැක ඔවුන් ස්මග මද වෙලාවක් ක්‍රිකට් ක්‍රිඩාවේ නිරතවි තිබෙනවා. මෙන්න බලන්නකෝ එම වීඩියෝව

මාතර සිදුවූ මාරක රිය අනතුරින් තුවාල ලැබූවන් ජීවිතය ඉල්ලා හඬා වැටෙද්දී මිනිස්සු සෙල්ෆි ගහලා

තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මිරිජ්ජවිල මංසන්ධියේ දී ඊයේ උදෑසන 9.30ට පමණ කොළඹ සිට හම්බන්තොට බලා යමින් සිටි බස් රථයක් හම්බන්තොට දෙස සිට පැමිණි ත්‍රීවිල් රථයක ගැටීමෙන් එම අවස්ථාවේ දී ත්‍රීවිල් රථය සහ බස් රථය ගිනි ගෙන ත්‍රීවිල් රථයේ ගමන් ගත් හතර දෙනෙකු පිළිස්සීමෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට පත් ත්‍රීවිල් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබුණා.මෙම සිද්ධියෙන් බස්රථයට ද අලාභහානි සිදු වී ඇති අතර බස් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

මෙසේ අනතුරින් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ එකම පවුලේ මව, පියා, සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන අතර ඔවුන් වයස අවුරුදු 1ක හා අවුරුදු 8ක් පමණ වන වයස්වල පසු වන කුඩා දරුවන් දෙදෙනෙක්.

අනතුරට පත් ත්‍රීවිල් රථය හසලක ප්‍රදේශයට අයත් එකක් වන අතර බස් රථයේ රියදුරු පොලීසියට භාර වී තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට පොලීසිය මඟින් සිදු කරනු ලැබේ.

කෙසේ නමුත් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසින් මෙන්ම අනතුරටපත් අයගේ ජිවිත බේරාගැනීමට කටයුතු කළ අය පවසා සිටියේ මිනිසුන් ගින්නට හසුවී සිටින විටත් එතනට පැමිණි බොහෝ පිරිස් ඔවුන් බේරාගැනීමට කටයුතු නොකර ජංගම දුරකථන මඟින් ඡයාරුප ගනිමින් සිටි බවයි.

එමෙන්ම මෙම අනතුර සිදු වූ මිරිජ්ජවිල නව මාර්ගය සම්බන්ධවන මංසන්දිය තුළ රිය අනතුරු රාශියක් මේ වන තෙක් සිදු වී ඇති බවත් එම නිසා එම ස්ථානයට නිසි වටරවුම් මාර්ගයක් සැකසිය යුතු බවයි.