ඉන්දියාවට අමතක නොවන පාඩමක් උගන්වමින් සිංහයින් නිදහස් කුසලානය අරඹයි

නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුනා

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් රැස් කළා
වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කින්.
හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඊට ඇතුලත්  වුනා

මනීෂ් පාන්ඩේ 37 යි පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳහෙලුවා

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියා
පන්දු 37 කින් ඔහු ලබාගත් වේගවත් ලකුණු 66 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් ඇතුලත්වු නා
ධනුෂ්ක ගුණතිලක පන්දු 12 කින් ලකුණු 19 ක් ලබාගත්තා
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 11 ක් රැස් කලා
තිසර පෙරේරා ලකුණු 22 ක් වාර්තාකරමින් ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත්වුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *