රට වෙනුවෙන් සටන් බිමට පිවිස අබාධිත වූ රණවිරුවන් තිදෙනා එකම දිනයේ යුග දිවියට

“යුධ බිමේදී අනූනවයෙන් දිවිබේරුණු අබාධිත රණවිරුවන් තිදෙනෙකු එකම දිනයේ එකම පෝරුවේ විවාහ කරගත් යුවතිය තිදෙනා” මේ දිනවල සමාජ ජාලා ඔස්සේ පවා බොහෝ දෙන කතාවුන හරි සුන්දර විවාහ මංගල්‍යයක් තමයි මේ යුධ සමයේදී රට දය වෙනුවෙන් අමිලා මෙහෙයක් ඉටුකරමින් ජිවිත කාලය පුරාවටම අබාධිත වූ රණවිරුවන් තිදෙනෙක් එකම දවසේ එකම පෝරුවේ අතිනත ගත් ඒ සුන්දර විවාහ උත්සවයේ ඡායාරුප තමයි මේ

අපේ සිංහ පැටවුන්ගේ අනාගත විවාහ ජිවිතයට අපිත් Like එකකින් සුබපතමු නේද යාලුවනේ වැඩි විස්තර සහ ඡායාරුප සහිත වීඩියෝව පහතින් ඔබත්නරඹන්න

සිසුවියන්ට ලිංගික හිරිහැර, සිසුවියන්ගේ පපුවේ, කකුලේ පච්ච කොටලා, ගුරුවරුත් බයයි

චන්ඩීන් හා මැරවරයන් යනු ශිෂ්ඨ සමාජයක පැවැත්මට දැඩි අහිතකර නරුමයන්ය. මෙම නරුමයන්ගෙන් සැදුම් ලත් පාතාලය ශිෂ්ඨ සමාජයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කරන අතර ජනතාවට හිංසා පීඩා සිදු කරන මෙම නරුමයන්ගෙන් ජනතාවට වන පීඩාව නවතා ලීමට විටෙක නීතිය පවා අසමත්ය. මහජනතාවට හිංසා පීඩා සිදු කරමින් නීතිය කඩ කරන එවන් නරුමයන් මර්ධනය කිරීමට සිරගෙවල් සාදා තිබෙන අතර , මෙවන් චන්ඩීන් හා මැරයන් බිහි වීම වැළැක්වීමට , අධ්‍යාපනයෙන් මිනිසුන් යහමග යැවීමට පාසල් බිහිකර තිබේ,
” එක් පාසලක් සෑදීම මගින් සිරගෙවල් සියයක් වැසිය හැක” යන්න අපේ කාලයේ ජනප්‍රිය කියමනකි. කෙසේ වෙතත් දරුවන් පාතාලයන් වීම වළක්වා යහමග යැවීමට තිබෙනා පාසල් වලින් පාතාලයන් බිහිව තිබෙනා අදහාගත නොහැකි පුවතක් වාර්තා වෙනවා.

ඒ මාතර , අකුරැස්‌ස සහ තිබ්බොටුවාව ප්‍රදේශ වල පාසල් තුළින්ය. මෙම පාසල් වල සමහර සිසුන් පාතාල සාමාජිකයන් ලෙසින් හැසිරෙන බවට ප්‍රබල චෝදනාවක්‌ එල්ල වී තිබේ.

මෙලෙස චෝදනා එල්ල කරනුයේ මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ය. එම මන්ත්‍රීවරයා දකුණු පළාත තුළ ක්‍රියාත්මක වන පාසල් පාතාලය පිළිබඳ මාධ්‍යයට අදහස් දැක්වූ අතර එහිදි ඔහු කියාසිටියේ ,

“ඇත්තටම කියන්න කනගාටුයි මට පාසල් පාතාලය ගැන දැනගන්න ලැබුණේ දැනට දින කිහිපයකට ඉහතදී. මුලින්ම මම මේක විශ්වාස කළෙත් නැහැ. පස්‌සෙ හොයලා බලද්දී තමයි දැන ගත්තේ ඇත්තටම සමහර පාසල් තුළ පාතාලය ක්‍රියාත්මක වෙනවා කියලා…”

“මේ පාසල් පාතාලයට ශිෂ්‍යයෝ පමණක්‌ නොවෙයි සමහර ශිෂ්‍යාවෝ පවා සම්බන්ධයි කියලා මට දැන ගන්න ලැබුණා. නිවසින් ඉගෙන ගන්න කියලා එන මේ දරු දැරියෝ පාතාල සාමාජිකයන් ලෙස හැසිරෙන එක කොච්චර දරුණු අපරාධයක්‌ද? මෙහෙම ගියොත් රටේ අනාගත පරම්පරාවට මොනව වෙයිද කියලා හිතා ගන්න බැහැ.” “පසුගිය සතියේ 12 වැනිදා අකුරැස්‌ස ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්‌වීම තිබුණා. එහිදී මේ පාසල් තුළ ක්‍රියාත්මක වන පාතාලය ගැන සාකච්ඡා වුණා. අකුරැස්‌ස ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා තමයි මේ පිළිබඳව පළමුව පැමිණිලි කරලා තියෙන්නේ. ඉන්පසුව තවත් බොහෝ අය මේ පිළිබඳව පැමිණිලි කරලා තියෙනවා…”

“මාතර, අකුරැස්‌ස සහ තිබ්බොටුවාව ප්‍රදේශයේ පිහිටි සමහර පාසල්වල තමයි මෙම පාසල් පාතාලය ක්‍රියාත්මක වෙන්නේ. එම පාසල්වල සමහර සිසුන් පාතාල කල්ලි නායකයන් ලෙසින් තමයි හැසිරෙන්නේ. එම පාතාල සිසුන් පාසලේ සිටින අනික්‌ සිසුන්ගෙන් කප්පම් ලබා ගන්නවා. පාසල තුළට ගංජා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ගෙනැල්ලා අනෙක්‌ සිසුන්ට විකුණනවා.”

“තවත් සමහර පාතාල සිසුන් පාසල් වේලාව තුළදී මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සමහර ගුරුවරු පවා මේවා දන්නවා. ඒත් ඔවුන් සද්ද නැතිව ඉන්නවා. මොකද ඒ ළමයින්ට දඬුවම් කරන්න ගියොත් අන්තිමට නවතින්නේ ගුරුවරු ගුටි කාලා. නැත්නම් මානව හිමිකම් නඩුවකට පැටලිලා.” “මේ පාතාල සිසුන් විවිධ කල්ලි හදාගෙන තියෙනවා. එහි නායකයාගේ පාසල් බෑගය, කෑම පෙට්‌ටිය ආදී සියල්ල රැගෙන යන්න ඔහුට ආවතේව කරන්න වෙනම ගෝලයෝ ඉන්නවා. තම පාසල තුළදී මෙන්ම පිටතදීත් මේ ගෝලයෝ එම පාතාල සිසුන්ගේ ආවතේව කටයුතු සිදු කරනවා.”

“දිනපතාම පාහේ අහිංසක සිසුන් බය කරගෙන මොවුන් කප්පම් මුදල් ලබා ගන්නවා. තම පාසල්වල ආපන ශාලා ළඟ රැකගෙන ඉඳන් කෑම කන්න එන සිසුන්ගේ සල්ලි බලෙන් ලබා ගන්නවා. එම පාතාල සිසුන්ට තියෙන බයට කවුරුවත් මේ පිළිබඳව ගුරුවරුන්ට පැමිණිලි කරන්න යන්නෙ නැහැ…”

“මේ ළඟදි එක්‌ පාතාල සිසුවෙක්‌ පච්ච කොටන මැෂින් එකක්‌ පාසල තුළට අරගෙන ගිහිල්ලා, සමහර පාසල් සිසුන්ගේ අත්වල, පපුවේ පච්ච කොටලා. ඒ වගේම සමහර සිසුවියන්ගෙත් කලවා ප්‍රදේශයේ සහ ළැම ප්‍රදේශයෙත් පච්ච කොටලා. කොහොම හරි එක්‌ පාසල් සිසුවෙක්‌ මේ පිළිබඳව ගුරුවරයකුට ඔත්තුවකුත් දීලා.”

“සමහර පාතාල සිසුන් ලිංගික අඩම්තේට්‌ටම් පවා කරනවා කියලා ආරංචියි. ඒත් ඒවා ගැන හොයලා බලන්න කිසි කෙනෙක්‌ නැහැ. බොහෝ ගුරුවරු මේ පාතාල සිසුන්ට බයයි. ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය.”

“පාතාල සිසුන් එලෙස හැසිරෙද්දී එම ප්‍රදේශයේම සමහර පාසල්වල පාතාල සිසුවියන්ද සිටින බවට ආරංචියි. එම පාතාල සිසුවියන්ද හැසිරෙන්නේ පාතාල සිසුන් ආකාරයටමයි. සමහර සිසුවියන්ට ඔවුන් ලිංගික හිංසනයන් පවා සිදු කරන බවට රාවයක්‌ පැතිර යනවා.”

“මේ ළඟදී දවසක්‌ පාතාල සිසුවකු ගංජා සමඟ පොලිසියට කොටුවෙලා තියෙනවා. ඔහු පොලිසියෙන් බේරෙන්න නොයෙක්‌ බොරු කියලා තියෙනවා. ඒත් පොලිසියෙන් බේරෙන්න ඔහුට හැකිවෙලා නැහැ. ඔහුව උසාවියට පවා ඉදිරිපත් කරලා තියෙනවා.”

“මේ පාතාල සිසුන්ගේ හැසිරීම ගැන ඇත්තටම මට කනගාටුයි. රටට මේ වගේ තත්ත්වයක්‌ උදාවෙලා තියෙනවා කියලා හිතන්නවත් බැහැ. ඒ වගේම බොහෝ වගකිවයුතු නිලධාරින් මේ සිද්ධියේදී මඟහැරලා යනවා. ඒක නිසා තමයි පාතාල සිසුන් කිසිම බියක්‌ සැකක්‌ නැතිව මෙලෙස හැසිරෙන්නේ…”

“මම පසුගිය දින පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්‌වීමේදී කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකට, පොලිස්‌ නිලධාරීන්ට සහ තවත් වගකිව යුතු නිලධාරීන්ට කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමුකර නිසි පියවර ගන්න කියලා දැනුම් දුන්නා. ඒ වාගේම එම වගකිවයුතු නිලධාරින් වහාම මේ ගැන සොයා බැලිය යුතුයි” ලෙසය.

nethgossip.lk

අලුත් FACEBOOK UPDATE එකෙන් ලංකාවට කුඩම්මාගේ සැලකිලි ඇයි මේකට හේතුව

අලුත් FACEBOOK UPDATE එකෙන් ලංකාවට කුඩම්මාගේ සැලකිලි ඇයි මේකට හේතුව ඇත්තටම මේ දවස් වල හැමෝටම තියන ප්‍රශ්නයක් නේ page වල දාන ඒවා කොහාටද යන්නේ කියන්බ එක මෙන්න ලංකාවේ page වල දාන ඒවා දැන් වැටෙන විදිහ

රූ රැජිනක් අරාබියට සිය කන්‍යාභාවය අලෙවි කරයි හේතුව මෙන්න

කාන්තාවක් සතු තම පවිත්‍ර බව ඔප්පු කිරීමට ඇති එකම දෙය තමයි කන්‍යාභාවය කියන්නේ. නමුත් අද ලෝකයේ එයත් විශාල මුදල් වලට අලෙවිවන තැනට පත්වෙලා තියනවා. අපි මේ කියන්න යන්නේ අවරුදු 17දි රූ රැජිනක් වූ දැරියක් සිය කන්‍යා භාවය ඇති විශාල මුදලකට අරාබියේ සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකුට අලෙවිකළ පුවතක් ගැනයි

බලන්නකෝ මෙය මේ දේ කරලා තියෙන්නේ මොකටද කියලා වැඩි විස්තර සහ ඇයගේ ඡායාරුප සහිත වීඩියෝව පහතින් ඔබත් නරඹන්න

නිවසින් පිටව යනකොට ශීතකරණයට කාසියක් දමා යන්න හේතුව මෙන්න

ගමනක් යනකොට ශීතකරණයේ කාසියක් දමා යන්න” මෙහෙම කිව්ව ගමන් ඔබ හිතනවා අතේ මේ මොකද්ද මේ කියලා? ඔබ දන්නවද ඇමරිකාවේ මිනිසුන් පවා සිය සාමාන්‍ය ජීවිතයේදී මෙය උරුද්දක් කරගෙන තිබෙන බව. ෆ්‍රිජ් එකට කාසියක් දාලා ගියාම වෙන්නේ මොකද්ද කියලා ඔබත් බලනවා ඇති.

මෙන්න වීඩියෝව අද බලාගන්න එහෙනම්. මේ දේ කරොත් ඔබ ලෙඩ රෝග දහස් ගණනකින් ඔබේ ජීවිතය බේරගන්න පුළුවන් මෙන්න බලන්නකෝ වෙනදේ ඔයාලත් එහෙමනම්

හඳුන්කූරු විකුණන සක්විති රණසිංහගේ අම්මා මෙන්න පුතාගේ වැඩ නිසා අම්මා දුක් විඳිනවා

“අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ” කියලා වරෙක පිය ගුණ ගීයක් ගයමින් ටී. එම්. මහත්තයා අහනවා.
ඔව් එහෙම බුදු බව ලබනවා නම් ඒ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නේ අම්මලා කියලා බය නැතුව කියන්න පුළුවන් අම්මලා තවමත් මේ ලෝකේ දරු සෙනෙහස හිතේ දරාගෙන මැරෙනකම් මැරි මැරි ජීවත් වෙනවා. දරුවෙක් ගැන අම්මා කෙනෙක්ගේ හිතේ තියන සෙනෙහස ගැන වගේම මව් ගුණ ගැන ඕනෑවට වඩා ආලවට්ටං දාන්න ඕනේ නැහැ. වර්ණනා විස්තර සපයන්න ඕනෙත් නැහැ. මොකද කොච්චර කිව්වත් කියලා ඉවරයක් කරගන්න බැරි දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ අම්මාගේ ආදරේ. පසුගිය සතියේ දවසක වෙනත් පුවත්පතක සහෝදර මාධ්‍යවේදිනියක් එක්ක පුංචි පිළිසඳරක යෙදෙන වෙලාවක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කියන වචනයේ බර දරන්න පුළුවන් “අම්මා” කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා.

ඒ වෙන කවුරුත් නෙමෙයි මුළු රටම කාලෙකදී කළඹපු ආන්දෝලනාත්මක චරිතයක් වෙච්ච “සක්විති රණසිංහ”ගේ අම්මා. ඔව් ඒ වංචාකාරයාගේ අම්මා තමයි. නම දැක්ක ගමන් තරහෙන් පුපුරන අයටත්, කුතුහලයෙන් බලන අයටත්, “තුහ්– නොදකින්” කියලා සාප කරන අයටත් “අම්මා” කියන වචනයේ බර හිතේ තියාගෙන සාවධානව මේ කඳුළු කතාව අහන්න කියලා ඉල්ලා හිටිනවා.

ඉතින් කොහොමින් කොහොම හරි මේ අම්මාව හොයාගෙන යන්න තීරණය කළේ “සක්විතිගේ අම්මා බොරැල්ල හංදියේ හඳුන්කූරු, කපුරුබෝල විකුණනවා” කියලා ආරංචි වුණ නිසා.
ලැබුණු තොරතුරු දිගේ දවස් කීපයක්ම හවස්වරුවේ ඒ අම්මාව හොයාගෙන ගියත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙලා අන්තිමටම පසුගිය දවසක ලැබුණු ඔත්තුවකින් සක්විති රණසිංහගේ අම්මාව හොයා ගන්න අපිට පුළුවන් වුණා. වෙලාව හරියටම කීය ද කියලා කියන්න බැරි වුණත් රාස්සිගේ අව්ව වැටෙන හැන්දෑකරේ.

දවස පුරාම මහන්සි වෙලා හරි හරියට වැඩ කරපු කපුටන්, නිල් කොබෙයියන්, කහ කුරුල්ලන් ඇතුළු නේක වර්ණ කුරුළු කිරිල්ලියන් අත් ඔරලෝසුවේ වෙලාව බලන ගමන් ඇගේ හැප්පි හැප්පි කැදලිවලට පියාඹන වෙලාව. බේස්ලයින් පාරේ සුපුරුදු වාහන තදබදයත් එක්ක එන කර්ණ කඨෝර සද්දවලින් ඒ වෙලාවට මුළු බොරැල්ල නගරයම හරිම අවිවේකියි. හරියට බොරැල්ල මංසන්ධියේ සාප්පු සංකීර්ණයක් ඉදිරිපිට. බැරි බැරි ගාතේ අත් දෙකෙන්ම ලොකු මල්ලක් උස්සාගෙන හිමින් අඩිය තියන්නී, ආයිමත් මල්ල බිමින් තියා එයින් හඳුන්කූරු පෙට්ටි දෙකක් අරන් “අනේ මහත්තයෝ පුංචි උදව්වක් කරන්න” කියන්නි, රවා ගස්සා යන ලොකු සපත්තු දිහා ද, අඩි උස සෙරෙප්පු දිහා ද සුසුම්ලමින් නැවත හැරී බලන්නී, ඇය “අම්මා” නම් විය.

පරණ තාලයේ සාරියක් ඇඳලා ගෙන්දගං පොළොව හොඳට හුරුයි කියන්නාක් මෙන් දෙපා නිරුවත්ව හිමින් හිමින් අඩිය තියන මේ අත්තම්මා දිහාවට මම ගියේ ඇගේ කඳුළු කතාව ඇගෙන්ම දැනගන්නවා කියලා හිතාගෙන.

මාවත් ඉස්සර කරගෙන ජංගම දුරකතනය කණේ තියාගෙන ගියපු තරුණියක් හරි අමාරුවෙන් අඩිය තියන මේ ආත්තම්මාගේ ඇගේ හැප්පිලා පස්සවත් නොබලා කිසි ගාණක් නැතුව ගියා. ඇය ඇගේ හැප්පෙද්දිම අඩි දෙකක් පැත්තකට ගියපු මේ ආත්තම්මා නැවතත් තමන්ගේ වෙළදාම කරන්න වුණා. මේ අම්මාව කතාවට අල්ලගන්න ක්‍රමයක් කල්පනා කර කර ඇය ඉන්න පැත්තට ගියපු මට හඳුන්කූරු පෙට්ටියක් දික් කරලා “අනේ නෝනා එකක් අරන් මට උදව්වක් කරන්න” කිව්වා. “කීයද අම්මේ ගාන” කියලා අහද්දිම “රු.50 පුතේ” කිව්වා. අම්මගේ අතේ රුපියල් 50 තියලා හඳුන්කූරු පෙට්ටිය අරගෙන ඇගේ වෙළදාමේ යටගියාව හාරවුස්සන ගමන් ඇයත් සමඟ හිතවත් වෙන්න පුළුවන් වුණා.

“අම්මේ මුළු දවසෙම පාරෙ රස්තියාදු වෙලා මහන්සිත් ඇතිනේ යමු ද තේ එකක් බොන්න” කියලා කියන නියාවෙන්ම ඇගේ මුවඟට නැඟුණු කෘතඥතා පූර්වක සිනාවෙන්ම එයට කැමති විත්තිය මට තේරුණා. ඇයව පාර අයිනෙම තිබුණු අවන්හලකට එක්කන් ගියේ ඇයත් සමඟ නිදහසේ පිළිසඳරේ යෙදෙන්න බලාගෙන. අවන්හලේ කොනකට වෙන්න තිබුණ මේසය ඉදිරිපිට පුටුවේ වාඩි වුණු ඇය දැන් මගේ නෙත් ඉදිරියේ. මොහොතකින් අප කළ ඇණවුමෙන් ලද තේ කෝප්පය තොලගාන අතර ඇය මාත් සමඟ ඇගේ නිධාන කතාව දිග හරින්න වුණා.

ඇය නමින් හේවාතමාදූවගේ දොන් චන්ද්‍රලතා. කොම්පඤ්ඥ වීදියේ තමන්ගේ පොඩි කාලේ ගත කළ මේ අම්මා තමන්ගේ තාත්තාගේ ගම වෙන මාතර මාලිම්බඩට යන්නේ හත වසරේදීලු. කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වෙන ඇය හත වසරට වන තෙක් පමණයි අධ්‍යාපනය ලබලා තියෙන්නේ. හරි ආසාවෙන් නොනවත්වා තමන්ගේ කුඩා කාලේ මතකයන් ගැන කියාගෙන යද්දි කතාවට බාධා කරපු මම ඇගේ විවාහය ගැන විස්තර ඇහුවා.“මම කසාද බැන්දේ අවුරුදු පහලවෙන්. ඒ කාලේ දැන් වගේ බඳින්න වයසක් තිබ්බේ නෑනේ පුතේ.
පහලවෙන් කසාද බැඳලා අවුරුදු විසිදෙක වෙද්දි ළමයි පස් දෙනෙකුත් හැදුවා. එතනින් මගේ ලොකු පුතා මැරුණා.” කියලා අම්මා කියද්දිම මම ඉක්මනින් කතාවේ මාතෘකාව අදාළ කෙනා ගැන ඇහුවා,

“එතකොට අම්මේ සක්විති රණසිංහ කීවෙනි ළමය ද?” “සක්විති කියන්නේ පුතේ මගේ පස්වෙනි දරුවා. එයා තමයි පවුලේ බාලයා. හරිම කීකරුව හැදිච්ච දරුවෙක් එයා. හොඳට ඉගෙන ගත්ත දරුවෙක්. ශිෂ්‍යත්වෙන් පාස් වෙලා එයා ඩී. එස්. එකට ගියා. ඒ ගියපු පළවෙනි වාරෙම එයා පංතියෙන් පළවෙනියා වුණා.” කියලා. කවුරු කවුරුත් බනින කවුරුත් නොදන්න ඔහුගේ විත්ති කතාව අම්මා කියාගෙන යන්න වුණා.

“හොඳට හිටපු ළමයෙක් එයා. මං සක්විති ළඟ හිටියානං එයාට අද මෙහෙම වෙන්නේ නැහැ. එයාට තේරෙන කාලේ, මම ළඟින් ඉන්න ඕනේ කාලේ මම රට ගියානේ.
කුවේට්වලට ගියේ. ගිහින් මම අවුරුදු තුනෙන් එද්දි කොල්ලා ගෙදරින් ගිහිල්ලා..” කතාව මොහොතකට නතර විය. ඒ මොහොතේ තියන දුක්ඛ දෝමනස්සයන් ඔක්කොම එකට ගුලි කරලා බර හුස්මක් ඒ අම්ම වාතයට මුහු කළා. මේ වගේ ශෝකාලාප හිතේ හිර කරගෙන කියාගන්න බැරුව මේ ලෝකේ අම්මලා කීදෙනෙක්නං මේ වගේම කඳුළු බිබී ජීවත් වෙනව ද කියලා එවෙලේ මට හිතුණා.

කතාව වෙන අතකට හරවන්න හිතාගෙන සක්විති රණසිංහගේ විවාහය ගැන අම්මාගේ මතක හාරඇවිස්සුවා. කාලයක් ලංකාවේ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි උපකාරක පංති ගුරුවරයෙක් විදිහට හිටපු සක්විති එයාගෙම ගෝලයෙක් එක්ක හිතුවක්කාරකමට විවාහ වුණාලු. ඒත් තමන්ගේ විවාහ මංගල්ලෙට අම්මාව සහභාගී කරගත්තා කියලාත් අම්මා කිව්වා. මේ විස්තර කියාගෙන කියාගෙන යන අතරෙදී තමන්ගේ පුතාට සමාජෙ එල්ල කරපු බොරු චෝදනාවක් ගැනත් ඒ අම්මා කිව්වා.

“ඒත් බොරු කතාවක් උසාවියේ දැම්මානේ. දූෂණ නඩුවක් දැම්මා මගේ පුතාට මේ විවාහය ගාවලා. මමයි ඇත්ත කියලා ඒකෙන් බේරගත්තේ.” මේ වචනවල කොයිතරම් නම් වේදනා ගැබ් වෙලා ඇත් ද..? සමාජෙට කොතරම් වරදකරුවෙක් වුව ද ඇයට ඇගේ දරුවා දරුවාමය. අම්මා කොහොම පුතාව සාධාරණීකරණය කරන්න හැදුවත් සක්විති රණසිංහ අම්මට තියන ලැදියාව ගැන මට ඇති වුණේ සැකයක්.

“මගේ පුතා මට හොඳට සැලකුවා. බීපු කිරිවලටවත් ණය නැහැ. පුතා ඉස්සර රෑට ඇවිල්ලා ගෑණිට හොරෙන් මට පනස්දාහ, ලක්ෂෙ දීලා යනවා. ඒත් ඒක කවුරුත් දන්නේ නැහැ. හැමෝම කියන්නේ සක්විති අම්මට සැලකුවේ නෑ කියලා.” ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ අම්මාගේ වචනවල දරු සෙනෙහස දොරේ ගලනවා කියලා මට තේරුණා.
සක්විති රණසිංහ විතරක් නොව ඔහුගේ දරුවන් ද තමන්ගේ ආත්තම්මාට ඇති ලැදියාව ඇගේ වචනවලින්ම මට කිව්වා.
“ඉස්සර එයාලා බලන්න ගියහම මට ආපිට එන්න දෙන්නේ නැහැ. මට ඉන්නේ මුණුබුරෙකුයි, මිණිබිරියෙකුයි. මට හරිම ආදරෙයි. තවමත් එහෙමයි. එයාලා දැන් ඉන්නේ පරිවාසේ. නිතරම මම බලන්න යනවා එයාලාව.”

ඉපදිච්ච දවසේ ඉඳන් විඳින විඳවන තමන්ට හුරු පුරුදු දුක මියෙන තුරාවට තමන්ගේ තනිය මකන්න තමන් ළඟින් ඉන්නවා කියලා වටහා ගෙන වගේ හිතේ දුක හංගගෙන හිනා කටින් මේ අම්මා තමන්නේ කඳුළු කතාව කියනවා. හිතන්න, තමන්ගේ දරුවා ලෝකෙටම වරදකරුවෙක් වෙද්දි හව්හරණක් නැති මුණුබුරු, මිණිබිරියන් ඇස් පනාපිට පරිවාසේ ඉද්දි, මුළු රටක්ම තම කුසින් වදාපු දරුවාට චෝදනා කරද්දි අම්මා කෙනෙක්ට මොනතරම් වේදනාවක් ඇත් ද?

“පුතා පොලිසියෙන් අල්ල ගත්තා කියලා ආරංචි වෙද්දි මම මහරගම පොලේ හඳුන්කූරු විකුණනවා. රේඩියෝ එකේ කිව්වා කියලා ආරංචි වුණා. මගේ අතපය පණ නැතුව ගියා. හඳුන්කූරු බෑග් දෙකත් කඩේකින් තියලා මම මිරිහානට ගියා. පොලිසියේ මහත්තුරු පුතාව පෙන්නන්න බෑ කිව්වා. මම අඬ අඬා ඉද්දි එයාලා කිව්වා CID එකට එක්කන් ගියා කියලා.
මම එතනින් CID එකට ගියාම ඒ මහත්තුරු එක එක සහතික අරන් එන්න කිව්වා. ඒ ඔක්කොම සහතික ටිකත් එක්කාසු කරන් පහුවදා මම ගියාම පුතා පෙන්නුවා. මට මුකුත් කියාගන්න බැරිවුණා මම කෑගහලා ඇඬුවා හොඳටම.”

මොහොතකට කතාව නතර කළ අෑ තේ උගුරක් තොල ගාන්න වුණා. ඒ ඇසිල්ලෙන් කල්පනා ලෝකෙක අතරමං වුණ මට “අපි ජීවිතේ ගැන දන්නේ මොනාද” කියලා හිතුණා. ජීවිතේ ඇයට පාඩම් කියා දෙනවා ද නැතිනම් ඈ ජීවිතේට පාඩම් උගන්නන්න යනවා ද යන්න මට තවමත් උභතෝකෝටියක්. නැවතත් අෑ ඔහේ තම හදවතේ තෙරපෙන වේදනා වචනවලට මුදා හරින්නීය.
“මම මාසෙකට හතර,පස් සැරයක් යනවා සක්විතිව බලන්න. එයාට හරිම දුකයි. එයා පසුතැවෙනවා කරපු දේවල් ගැන. එයා නිදහස් වෙලා ආවාම ගත්ත සල්ලි පුළු පුළුවන් විදිහට දෙන්න හිතාගෙන ඉන්නේ.” කෝටි ගාණක මුදල් වංචා කරලා මුළු ලෝකෙටම වංචාකාරයෙක් වෙච්ච තමන්ගේ පුතාව රකින්න මේ අම්මා කොයිතරම් දේවල් නම් කියනවා ද? අම්මලා එහෙමය. මේ අම්මා තමන්ගේ ජීවිතේ ලද අත්දැකීම්වලින් පසක් කරගත් සමාජ අවබෝධය ඇගේ සෑම වචනයකම ගැබ්ව ඇත.

“මේ සමාජේ මගේ පුතාට තරම් වෙන කාටවත් මඩ ගහලා නැහැ. මේ සිද්ධිය ගාවලා නාට්ටි පවා රඟපෑවා. ඊට වඩා හොරකං කරපු දේශපාලකයෝ, පාතාලේ අයට මඩ ගහන්නේ නෑ බය නිසා. ඇයි මගේ පුතාට විතරක් මෙහෙම? මගේ වයස දැන් 73යි. මේ අවුරුදු 73ටම අහලා නෑ මේ වගේ මඩ කාපු කෙනෙක් ගැන” ඇය නොනවත්වා හිතේ අමාරුව එළියට දමන්නීය. ඇය කියූ එක වචන පෙලක් හිත ඇතුළේ කොහේදෝ තැනක තවමත් කොනහනවා. “ඇයි මගේ පුතාට විතරක් මෙහෙම?” ඇගේ මේ පැනය මුළුමහත් සමාජයටම ය.
තුවාලයක් වුණත් පාරන්න පුළුවන් ප්‍රමාණයක් ඇත. කතාවක් තියෙනවා තැලෙන යකඩේ උඩ පැන පැන තලන්න එපා කියලා.

ඒ නිසා කතාව වෙන පැත්තකට හරවන්න හිතාගෙන ඇගේ වෙළදාම ගැන වංහුං ඇහුවා. පිටකොටුවෙන් රු.15 ගානේ හඳුන්කූරු මිලදීගන්න අම්මා උදේ 10ට විතර දෙවන හරස් වීදියේ හඳුන්කූරු විකුණනවාලු. ඊට පස්සේ සවස්වරුවේ බොරැල්ල නගරයේ ද රාත්‍රියේ පිටකොටුවේ බස් නැවතුමේ ද වෙළදාම් කරන ඇය තවත් රෑ වුණු පසුව ගාලුමුව‍ෙදාර අභියස වෙළදාම් කරනවාලු. මේ විදිහට රෑට රෑට වෙළදාමේ යද්දි තුන්සැරයක් අම්මගේ සල්ලි හොරු අරන් ගිහින් තියෙනවා කියලත් දැන ගන්න ලැබුණා. මේ හැමදේම කරලත් දවසකට රු.1500ක් විතර හම්බු කරන මේ අම්මා තමා නවාතැන් ගන්න කොලොන්නාවේ සිංහපුරේ පිහිටි පුංචි නිවසට යන්නේ පාන්දර එකට විතරලු.

“ඉස්සර කළුතර, මාතලේ ගිහින් බිස්නස් කරනවා මම. දැන් ඒ වගේ දුර යන්න බැහැ. හැබැයි මම මැරෙනකං මේ රස්සාව කරනවා.” ඒ හිතේ හයිය, සාධාරණභාවය ඇය තම දරුවාට දායාද නොකළේ ඇයි කියන ප්‍රශ්නය තවමත් මට තියෙනවා. මේ හැම කතාවකම අවසානයේ ඇගේ අන්තිම බලාපොරොත්තුවත් මම ඇහුවා.
“මගේ දරුවා නිදහස් වෙනවා දැකලා මම හෙට මළත් මට කමක් නැහැ” ඒ ඇය ජීවත් කරන එකම බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව ඇයව ජීවත් කරනවා සේම ඉදිරියටත් දිරිමත් කරාවි. මිනිසුන් උපතේ සිට මැරෙන තුරාවට කුමක් හෝ දෙයක් හොයාගෙන හැල්මේ දුවති. විඩාපත්ව හතිලමින් නැවතත් හැරි නොබලමින් දුවයති. අවසන මියැදෙති. කතාවක් ඇත. “මිනිසුන් එති; වෙති; මියෙති” නමුත් ඔවුනට යම් දෙයක් මඟහැරී ඇති සෙයක් නොවැටහෙයි. ප්‍රවේශමෙන් ඔබටත් එය මඟ හැරීමට ඉඩ ඇත. අන් කිසිවක් නොව ඒ “අම්මා”ය.
ඒ විඩාබර නෙත් තවමත් පාර අයිනේ නෙත් යොමා සිටිනවා ඇති, බැරි බැරි ගාතේ දුබල දෙපා තබමින් පියමං කරනවා ඇති, හිතක් පපුවක් නැති කටවල්වලින් අඩත්තේට්ටම් විඳිනවා ඇති, ඒත් තවමත් ඇය ජීවිතය කිමෙක් දැයි හොයනවා ඇති, විමසිල්ලෙන් ඔබටත් ඒ හඬ මඟ දෙපස සිට ඇසෙන්නට පුළුවන්.

උපුටා ගැනීම – නිර්මාණි බණ්ඩාරනායක

ඇත්තටම ඇයි හොද නිර්මාණ වලට මේ රටේ තැනක් නැත්තේ ඉරාජ් නැවතත් වික්ටර් මහතාට කින්ඩියක් දාලා

ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද “දැනුනා” මියුසික් වීඩියෝව සමාජයේ දැඩි වෙවීචනයට ලක් වුණා. බොහෝ දෙනෙකු එම වීඩියෝව යූටියුබ් වෙතින් ඉවත් කල යුතු බවටත් සමාජජාල තුල ප්‍රභල මතයක් ගොඩනැගීමට උත්සාහ කලා.

එම වීඩියෝව නිකුත් වී දින කිහිපයකින්ම වික්ටර් රත්නායක මහතාද අලුත් ගීතයක් නිකුත් කලා. එය බොහෝ දෙනෙකුගේ ප්‍රසංශාවට ලක්වූ අතර සුභාවිත සංගීතයේ නව මානයකට ශ්‍රාවකයා රැගෙන යාමට සමත් වූ ගිතයක් බවට එය පත්වුණා.

අද (23) ඉරාජ් සිට ටුවිටර් ගිණුමේ මෙම ගීත ද්විත්වයේ Views සංඛ්‍යාව සංසන්දනාත්මක ලෙස දක්වමින් පණිවිඩයක් නිකුත් කර තිබුණා.

සමාජය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කල ඉරාජ්ගේ වීඩියෝව මිලියන තුනක් නරඹා තිබියදී සමාජය අගය කල වික්ටර්ගේ ගීතය නරඹා තිබෙන්නේ ලක්ෂ හතරකට ආසන්න පිරිසක් පමණයි.

ඇත්තටම අපේ සමාජයේ හොද දේවලට ඉඩක් ඇත්තේම නැද්ද?

වර්ෂය-1948 අසාධාරණයේ කතාවක්  මොහොතක් වැය කර මේ සංවේදි කථාව කියවන්න

වර්ෂය-1948 අසාධාරණයේ කතාවක්  මොහොතක් වැය කර මේ සංවේදි කථාව කියවන්න

මෙහිදී සිංහල කෝරාළ කෙනෙක් සිංහලයන්ට ඔත්තු සැපයූ කෑගල්ලෙන් පැමිණ සිටි තරුණයකු අල්ලා දුන්නේය. ඉංග්‍රිසීහු එවලේම සිරකරු යුද්ධාධිකරණය ඉදිරියට ගෙනාහ. සිරකරුට තම නිදහස වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥ සහයක් ලබාගත නොහැකි විය. යුද්ධාධිකරණයේ පිස්කල් නිලධාරිවරයකු වශයෙන් ක්‍රියා කිරීමට පවා කෙනෙක් සිටියේ නැත. මේ අවිධිමත් යුද්ධාධිකරණය තරුණයා පසුවදා උදේ 10.00ට එල්ලා මැරිය යුතු බව තීරණය කළේය. රාජද්‍රෝහී වීම ඔහුට එරෙහිව නැඟුන චෝදනාව විය. කිසිම වාර්තාවක හෝ යුද්ධාධිකරණ වාර්තාවක මේ තරුණයාගේ නමක් සඳහන් නොවේ. ඔහු හඳුන්වා ඇත්තේ කෑගල්ලේ තරුණ ත්‍රස්තවාදියා වශයෙන් පමණි. තරුණයාට අතවූ ඉරණම මුළු නගරයේම කතා බහට ලක්වී තිබිණි.

මේ තරුණයාගේ පියා සියාතු නැමැත්තෙකි. තම පුත්‍රයාට අත්වන්නට යන ඉරණම ගැන ඔහුටද දැනගන්නට ලැබිණි. තම පුත්‍රයා කුරුණෑගල ඒජන්ත තැම්පත් පවර් මහතාගේ මල්වත්ත රැක බලාගත්තකු බැවින් ඔහුට මෙවැනි ඉරණමක් අත් නොවිය යුතුබව සියාතු දැන සිටියේය. තම පුත්‍රයා කිසිදු කලබලකාරී ක්‍රියාවකට සම්බන්ධ නොවන අහිංසකයකු බව සියාතුට හොඳින්ම විශ්වාශය. සියාතු අප්‍රමාදව පවර් මහතා වෙත ගොස් මේ අවනඩුව ඔහුට කියා සහනයක් ඉල්ලා සිටියේය. තම පුතා අල්ලා දුන් කෝරාළ තමන් සමග සතුරුව සිටින හෙයින් මෙබන්දක් කරන්නට ඇතැයි කියමින් සියාතු පවර් ඉදිරියේ වැඳ වැටී කන්නලව් කළේය.

කුරුණෑගල සිංහල සේනා ප්‍රහාර එල්ල කළ දිනයේද සියාතුගේ පුතා මල්වත්ත රැක බලාගනිමින් සිටි බව පවර්ට මතකය. ඔහු තුළ අනුකම්පාවක් වැඩිණි. පවර් වහාම හමුදා නායක තැනට බාරදීම සඳහා ලිපියක් සකස් කළේය. මරණයට කැපවී සිටින තරුණයා චෝදනාවේ සඳහන් එම දින එම වේලාවේ තමාගේ මල් වත්තෙහි සේවය කළ බව සත්යකයක් බව ඔහු ලිපියෙහි සඳහන් කළේය. එම තරුණයා කුරුණෑගල සිංහල ප්‍රහාරයට කිසිසේත්ම සම්බන්ධ නැති බව අවධාරණය කළ පවර් සමාව දී මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන ලෙස දන්වා සිටියේය.
පසුවදා උදේ 10.00ට මොහොතකට කලින් කෙසේ හෝ මෙම ලිපිය හමුදා නායකයාගේ අතට පත් කළ යුතු බවද පවර් සියාතුට කීවේය. මෙම ලිපිය අනුව තම පුත්‍රයා නිදහස් වන බවට සියාතු තුළ සැකයක් නොවිණි. ඔහු කෑගල්ලේ ඒජන්ත බංගලාවේ සිට එවලේම කුරුණෑගල බලා හැල්මේ දුවන්නට විය. සියාතු දුක් අඳෝනා නගමින් දෙයියන් බුදුන් සිහිකරමින් රාත්‍රිය පුරාම දිව්වේය. ඔහු කුරුණෑගලට එන විට උදේ 9.30 ට ආසන්න විය. හෙතෙම කෙළින්ම හමුදා ප්‍රධානියා හමුවීමට හති නොබලා දෙපා දෙදණ වේදනා නොසලකා දිව්වේය.

දුවන සියාතුට වධක බෙර හඬක් ඇසිණි. සිරකරුවකු වධක භූමියට කැඳවාගෙන යන යුද්ධ භටයින් කිහිප දෙනෙකු ඔහුට පෙණින. කිට්ටුවී බලන කළ දෑත් පිටිකරහයා බැඳගෙන යනු ලබන තරුණයා තම පුතු බව සියාතු හැඳින්නේය. පුතා ඉතා දුක්මුසුව දෙපසින් හා පසුපසින් රැකවරණ සළසන යුද්ධ භටයන්ට මැදිව ගමන් කළේය. සියාතුගේ හුස්ම හිරවිය. වචනයකුදු පිටකර ගත නොහැකිව ඔහු බිම ඇද වැටිණි. යමකු ඇද වැටෙනු දැක ඉංග්‍රිසි භටයෝ කීප දෙනෙක් එතනට දිව ආහ. ඔහු කවරකුද කුමක් සඳහා පැමිණියකුදයි විමසන්නට එකදු භටයකු හෝ උනන්දු නොවිණි.

තරුණයා එල්ලා මරාදැමූ ඉංග්‍රිසි භටයෝ සිරුර පෝරකයේ පැද්දෙමින් තිබියදීම ආපසු එන්නට වූහ. ඔවුන් ආපසු එන විටත් සියාතු හොත්තැනම වැතිර සිටියේය. එක් හේවායෙක් මේ මහල්ලාට පයින් ඇන කතා කළේය. එහෙත් සියාතු කතා නොකළේය. මියගොස් සිටි ඔහුගේ අතේ යම් ලියැවිල්ලක් ඇතිබව දුටු හේවායා එය තමා අතට ගත්තේය. එය ලියා යොමුකොට ඇත්තේ තම ප්‍රධානියා නමට හෙයින් ඔවුහු එය විවිර නොකොට ගෙන ගියහ.
ලිපිය කියැවූ හමුදා ප්‍රධානියා සිදුවී ඇති අසාධාරණය ගැන හෝ ලිපිය පමාවී ලැබීම ගැන හෝ කම්පාවට පත්වූ බවක් දක්නට නොවීය. තම පුත්‍රයා එල්ලුම් ගසට ගෙනයනු දැක ළය පැලී මිය ගිය මහලු සියාතු වෙනුවෙන් හෝ ඔහුගේ දෑසට කඳුළක් නොනැගුණි. ඔහුට ඒ තවත් සිංහලයින් දෙදෙනෙකුගේ ජීවිත දෙකක් පමණි….!

(233-234 පිටු, සිංහලේ ජාතික සටන්, දයාවංශ ජයකොඩි, 2009)

අන්තර්ජාල පින්තූරය

විනිශ්චය මණ්ඩලය කණපිට පෙරලූ ගායනය මෙන්න කියන්න වචන නෑ ඒක නම් පහර

මේ දවස්වල සිරස නාලිකාවේ සෑම ඉරිදාම රාත්‍රී 9ට Sirasa Junior Superstar වැඩසටහන යනවා කියලා. අපේ රටේ පොඩ්ඩොන්ගේ සුපිරි දක්ෂතා මේ වනවිට මුළු ලංකාවට හඳුන්වාදෙන වැසටහනක් බවට මෙය අත්වෙලා ඉවරයි

ඊයේ දිනයේ විශේෂ සිදුවීම සිදුවුණා ඒ තමයි එක්තරා දක්ෂ දරුවෙක් විසින් ගීතයේ පද පේලියක් ගයන්නටත් පෙර විනිශ්චය මණ්ඩලය තමන්ගේ වසඟයට ගැනීමට සමත්වීමයි මෙන්න බලන්නකෝ ඒ සුපිරි අවස්ථාව පහතින් නරඹන්න

දෙන්නා එක වහලක් යට එක කාමරයකට එක ඇඳකට එනවා– නයනා කුමාරි

නයනා කුමාරි කියන්නේ අද වෙනකොට ලංකාවේ ඉන්න ජනප්‍රියම ටෙලි නිලියක්. කාලෙන් කාලෙට විවිධ පුවත් මවන නයනා පසුගියදා සති අන්ත පුවත්පතකට ආදරය විවාහය ගැන තමන්ට දැනේ දේ ගැන පවසා තිබුනා.

ඉස්සර පෙම්වතා කාලේ ඔහු හිටිය විදිය දැන් ඉන්න විදිය ගැන ඇය මාධ්‍යට පවසා තිබුනේ මෙන්න මේ ආකාරයටයි මෙන්න බලන්නකෝ ඇය පුවත්පතට කියපු දේවල් පහතින් ඔයාලත්