අවුරුද්දට ගමේ ඇවිත් කොළඹ යමින් සිටි රූමත් හෙදියට බස් රථයකදී කාමාතුරයෙක් කරපු නරුම වැඩේ

29 හැවිරිදි හෙදිය ගැබිනියක්…..
එකවරම ඇගේ පපුව ස්‌පර්ශ කරලා…

අග නගරයේ රෝහලක සේවය කරන රූමත් හෙදියක්‌ අලුත් අවුරුද්දට ගමේ පැමිණ නැවත කොළඹ බලා යන අතුරතුරදී බස්‌රථයේ සිටි පුද්ගලයකු ඇගේ පපු ප්‍රදේශය ස්‌පර්ශ කර ඇති අතර එයට අකමැති වූ නිසා ඇගේ මැදඟිල්ල කරකවා කඩා බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

අකුරැස්‌ස හරහා මාතර බලා ගමන් ගන්නා බස්‌ රථයක්‌ තුළදී ඇය මෙම අකරතැබ්බයට මුහුණ පා ඇති අතර ඇය මේ වන විට මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙම හෙදිය 29 හැවිරිදි ගැබිනියක්‌ බව ද සැකකරු තමා අසල වාඩි වී ගිය බවද එකවරම පපුව ස්‌පර්ශ කර එයට විරුද්ධ වූ නිසා තදබල ලෙස බැණ වැදී ඇගේ ඇඟිල්ල කඩා දමා ඇති බවද පැවසෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි එච්. ජී. මාරපන මහතාගේ උපදෙස්‌ පරිදි මාතර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ධම්මික අමරසේන මහතා කාන්තා හා ළමා කාර්යාංශ ස්‌ථානාධිපතිනි රසිකා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනවා.

හයේ පාරවල් හතර අතට වනපු ක්‍රිස් ගේල්ව ප්‍රීති සින්ටා වර්ණනා කරපු හැටි

IPL තරඟාවලියේ ඊයේ(19) පැවති තරගය ලකුණු 15 කින් ජයගන්නට කිංස් එලෙවන් පංජාබ් සමත්වුණේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පරාජය කරමින්.
එහිදී තරගයේ වීරයා බවට පත්වෙමින් පංජාබය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ක්‍රිස් ගේල්.

ඔහු මෙවර තරගාවලියේ ක්‍රීඩකයකු රැස් කල පළමු ශතකයට හිමිකම් කියමින් ලකුණු නොදැවී ලකුණු 104ක් රැස්කළා.

මේ සුපිරි ඉනිම ගැන සුපිරි බොලිවුඩ් නිළියක් වන පංජාබ් කණ්ඩායමේ හිමිකාරියක් වන ප්‍රීති සින්ටා ට්විටර් පණිවිඩයක් මගින් මෙලස පවසා තිබුනා.

“මෙවර තරගාවලියේ පළමු ශතකය, තරගයේ වීරයා බවට ගේල් පත්වුණු දෙවැනි තරගය. දෙවියන්ට ස්තුති වනවා මේ දේ ගැන. ගේල් ප්‍රහාරයේදී මම හරි තැන හිටියා.”

ක්‍රිස් ගේල් මෙවර IPL වෙන්දේසියේ මුලික අදියරේදී කිසිදු කණ්ඩායමක් මිලදී නොගත් අතර ඔහු වෙන්දේසියේ දෙවන අදියරේදී පංජාබ් කණ්ඩායම වෙන්දේසියේ මුලික මුදලට මිලදී ගත්තා.

”සින්දු කියලා වේදිකාවෙන් බහින්න හදද්දී තමයි මට වේදනාව ලොකුවට දැනුණේ. එදානම් ඇත්තටම මට රිදුණා වගේම මම ගොඩාක් බය වුණා”

සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින ගායිකාවක් විදිහට නදිනි ප්‍රේමදාසව හදුන්වන්න පුළුවන්.
නදිනි දැන් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක්.
මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක පලවූ ලිපියක්.

කොහොමද නදිනි සිංහල අලුත් අවුරුද්ද හොඳට සැමරුවාද…?

ඔව්… ඔව්… මේ සිංහල අලුත් අවුරුද්ද අපි හොඳට සැමරුවා. පුතායි දුවයි ඉන්න නිසා ඒ දෙන්නත් එක්ක තමයි ඒ අවුරුද්ද සැමරැවේ.
කොහොමටත් මට ඉස්සර ඉඳන්ම අවුරුද්දේ ආසම කාලය තමයි සිංහල අලුත් අවුරුදු කාලය.
අපි ඒකට සූදානම් වෙන්නේ මාසයකට විතර කලින්නේ. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දෙත් එහෙම තමයි.

සිංහල අලුත් අවුරුදු කාලෙට අපේ රටේ ඉන්න කලාකරුවන්ට කලාකාරියන්ට හරිම කාර්යබහුල කාලයක්. විශේෂයෙන් ගායක ගායිකාවන්ට. නදිනිටත් ඒ කාර්යබහුල කමේ අඩුවක් නම් නැහැ වගේ…?

ඔව් අනේ… මේ කාලේම එකදිගට ප්‍රසංග වේදිකා තියෙනවා. අවුරුදු කාලේත් අපි ගොඩාක් කාර්යබහුල වෙනවා.
ප්‍රසංගවලට ගොඩාක් ඇරයුම් ලැබෙනවා. ඉතින් අප්‍රේල් මාසය කියන්නේ ගොඩාක් වෙලාවට අපි නිදි නැති මාසයක්.
මේ අවුරුද්දෙත් එහෙමම තමයි. එකදිගට ප්‍රසංගවලට සහභාගි වෙනවා.

විදෙස් ප්‍රසංගවලට සහභාගී වුණේ නැද්ද…?

කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒත්… ලංකාවේ බාරගත්තු ප්‍රසංග නිසා ඒ කිහිපයක්ම අතහැරලා දමන්න සිද්ධ වුණා.
හැබැයි එක ප්‍රසංගයකට මම සහභාගී වෙනවා. එදා දවසේ උදේ අබුඩාබි ගිහින් ඒ ප්‍රසංගයට සහභාගී වෙලා පසුවදා උදේන්ම ආයෙත් ලංකාවට එන්න ඕනේ. ඒකටත් හේතුව තමයි ලංකාවේ බාරගත්තු ප්‍රසංග තියෙන නිසා.

කාලයක් නදිනි නැති ප්‍රසංග වේදිකාවක් නැති තරම්. දැන් ඉස්සර තරම් නදිනි ප්‍රසංගවලට සහභාගී වෙන්නේ නැහැ නේද…?

ඉස්සර වගේ නෙමේ ප්‍රසංග බාරගද්දී මම දැන් මගේ චූටි දෙන්නා ගැන හිතන්න ඕනේ.
ඒ නිසා එක දවසට ප්‍රසංග තුන හතර බාර ගන්නේ නැහැ. ඉස්සර නම් සමහර අලුත් අවුරුදු කාලවලට මම ප්‍රසංග පහ හහක පවා සින්දු කියලා තියෙනවා.
දැන් එහෙම ගොඩාක් බාරගන්නේ නම් නැහැ.
හැබැයි මගේ වැඩවලට මගේ සැමියා වගේම මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
මගේ අම්මා හැමවෙලේම මගේ බබාලා දෙන්නව බලනවා. මම ප්‍රසංගවලට ගියාම අම්මා තමයි ඒ දෙන්නව බලන්නේ. ඉතින් වැඩ බාර ගනිද්දී දැන් ඒ දෙන්නා ගැනත් හිතනවා.

දැන් නදිනි දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් කොහොමද ඒ ජීවිතේ…?

ඒ ජීවිතේ ඇත්තටම හරිම සුන්දරයි. ඒ දෙන්නා එක්ක කාලය ගෙවෙද්දී අපිත් අපේ ළමා කාලයට යනවා වගේයි මට නම් හිතෙන්නේ. මගේ ලොකු පුතාට දැන් වයස අවුරුදු හතරයි. එයාගේ නම ආර්යන්. දෙවැන්නා චූටි දුවෙක්. එයාගේ වයස අවුරුද්දයි මාස තුනයි.
එයාගේ නම ආර්යානා. ඉතින්… වැඩිපුරම මගේ දැන් දවස ගෙවෙන්නේ ඒ දෙන්නත් එක්කම තමයි.

නදිනි ප්‍රසංග වේදිකාවේ දී දවසක් ඇද වැටුණා… කියලා ආරංචියි…?

අනේ ඔව්… අනේ… ප්‍රසංග වේදිකාවේදී නම් අමතක නොවන සිදුවීම් ගොඩාක් වෙලා තියෙනවා.
ඒ අතරින් සිද්ධ වෙච්චි දෙයක් තමයි ඔය. එක දවසක් මම ප්‍රසංගයකට ගිහින් මගේ නම කියලා කතා කරද්දී මාත් ප්‍රසංග වේදිකාවට නගින්න යද්දීම මාව ප්‍රසංග වේදිකාවෙන් බිමටම වැටුණා.
ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම ඊට පස්සේ නැගිටලා කොහොම හරි ගිහින් සින්දු කිව්වා.
හැබැයි සින්දු කියලා වේදිකාවෙන් බහින්න හදද්දී තමයි මට වේදනාව ලොකුවට දැනුණේ. එදානම් ඇත්තටම මට රිදුණා වගේම මම ගොඩාක් බය වුණා.
හැබැයි කොහොම හරි සින්දුත් කිව්වා.

පසුගිය දවස්වල අලුත් අවුරුදු උත්සවවල ආරාධිත අමුත්තිය විදිහටත් සහභාගී වෙන්න නදිනිට හැකි වුණා නේද…?

ඔව්… ආරාධනා නම් ගොඩාක් ලැබෙනවා. අවුරුදු උත්සවවලට වගේම ආයතනවල තියෙන උත්සවවලටත් ආරාධනා ලැබුණා.
හැබැයි ඒ ගොඩාක් උත්සව බාරගන්න බැරි වුණා. පුළු පුළුවන් විදිහට නම් මම ඒවාටත් සහභාගී වුණා.

ප්‍රසංගවලදී වැඩිපුරම ගායනා කරන්නේ ඔයාගෙම ගීතද එහෙමත් නැත්නම් ප්‍රවීණ ගායිකාවන්ගේ වෙනත් ගීතද…?

නැහැ… මම ප්‍රසංග වේදිකාවේ නම් දැන් ගායනා කරන්නෙම මගේ ගීතම තමයි. වෙන අයගේ ගීත ගායනා කරන්න කියලත් මට බොහෝ ඉල්ලීම් තියෙනවා. මම ඒවා නම් ගායනා කරන්නේ නැහැ. හැබැයි ප්‍රසංග වේදිකාවේදී සමහරු මගෙන් NONSTOP ගීත එකතුවකුත් ඉල්ලීම් කරනවා. ඒ වෙලාවට කිව්වට මම ප්‍රසංග වේදිකාවේ ගීත විදිහට ගායනා කරන්නේ මගේ ගීතම තමයි.

කොහොමද ගෙවුණු සිංහල අලුත් අවුරුද්ද…?

සිංහල අලුත් අවුරුද්ද හොඳයි. ආසාවෙන් ඒක සැමරැවා. මොන දේ තිබුණත් ඒ චාරිත්‍ර වාරිත්‍ර ගෙදර කළා. කෑම බීම කිහිපයක්ම ගෙදරදීත් අපි හැදුවා. ඒ දවස් දෙකේ අපි ගෙදරම තමයි වැඩිපුර හිටියේ. හැබැයි ඉතින් ඊට පස්සේ දිගටම කාර්යබහුලයි.

වැවක් මැදින් යතුරු පැදියක් පැදගෙන යන සුපිරි වැඩකාරයෙක් මෙන්න බලන්නකෝ

යතුරු පැදියක් ජලය මතින් ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස දිය මත යතුරු පැදිය ධාවනය කරන්නේ Luca Colombo නමැති සුපිරි ධාවකයායි.

අදාල වාර්තාව මොහු පිහිටුවන්නේ පසුගිය වසරේදීයි.

කෙසේ වෙතත් එහි ඇති සුවිශේෂත්වය හේතුවෙන් මේ වනවිට අන්තර්ජාලය පුරා එම වීඩියෝව විශේෂ කතාබහකට ලක්ව තිබෙනවා.

ජල මත ලිස්සා යාමට භාවිත කරන උපකරණ යතුරු පැදියට එක්කර තිබුනද එතරම් වේගයකින් සමබරතාව පවත්වාගනිමින් මෙලෙස Luca Colombo විසින් වැව තරණය කර ආකාරය සියල්ලන් පුදුමයට පත්කිරීමට සමත්වූවා.

එම සුවිශේෂ අවස්ථාව පහතින්.

 

අදටත් සිතාගත නොහැකි අද්භූත ලක්ෂණ සහිත භුමිය රාවණාගේ ගුවන්තොටුපලද?

රාවණ රජතුමාගේ ගුවන් යානාව වෙච්ච දඬුමොණරය ගොඩබෑමට එවකට භාවිතා කරන ලද ගුවන්තොටක් කියන එක. ඒ කියන්නේ කරත්ත පාර එහෙමත් නැතිනම් යානාවක් ගමන් ගත මාර්ගය කියන අර්ථය තමයි චැරියට් පාත් කියන්නේ. රාවණා රජතුමාගේ යානය මෙහි ගමන් ගත්තා කියන මතයයි බොහෝ දෙනෙක් දරන්නේ.

ශාරුක් ඛාන් ඩුබායි වලදි කරපු පට්ට surprise ටිකක් මෙන්න බලන්නකෝ මිනිස්සු හොල්මන්

ශාරුක් ඛාන් කියන්නේ ලෝකෙම ප්‍රසිද්ද ජනප්‍රිය නළුවෙක් කොටින්ම කිවුවොත් ශාරුක් ඛාන් දන් නැති කෙනෙක් නෑ. ශාරුක් ඛාන් ඩුබායි ගිහින් මිනිස්සු පුදුම කරලා තියෙනවා එම වීඩියෝ එක තමයි අද අපි පෙන්නන්න යන්නේ මේ බලන්නකෝ මිනිස්සු ටික හොල්මන් වෙන හැටි

Posted by A මේ අස්සෙන් – A Me Assen on Saturday, April 14, 2018

ඉන්දියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් කල වැඩක් නිසා මුළු ඉන්දියාව රත්වෙයි

මුම්බායි ඉන්දියන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් අතර පසුගියදා පැවති තරගයේදී අරුම පුදුම දෙයක් වී තිබෙනවා ඒ .ඉන්දියානු ප්‍රේක්ශකයෙක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් වෙනුවෙන් බෝඩ් එකක් ප්‍රදර්ශනය කර තිබේ. වැඩි විස්තර සදහා පහත වීඩියෝව බලන්න

යාපනයේ අර්ධද්වීපයේ තිබෙන පතුලක් නොමැති නීලාවරී ළිදේ නා ලොවට පාරක් තිබේද? නීලාවරී ළිද ගැන කිසිවෙක් නොකී රහස් මෙන්න

පතුලක් නැති ළිඳක් ඇති බව පිළිගැනීමට පවා ඔබ අකමැති වනු ඇත. පසුගිය යුද ජයග්‍රහණයෙන් පසු එතෙක් යාපනයේ අර්ධද්වීපයේ අප්‍රකටව පැවති මෙම පතුල නැති ළිඳ පිළිබඳව සුවිසල් ප්‍රසිද්ධියක් ලැබුණි.

යාපනය කන්කසන්තුරය මාර්ගයේ චුන්නාකම් අසලින් හෝ චාවකච්චේරිය සිට ගමන් ගන්නේ නම් සරසාලෙයි හරහා චුන්නාකම් අසලින් දිවෙන මාර්ගයේදී හමුවන පූතූර් නගරය අසල දී නිලාවරි ගම්මානය හමුවෙයි. මුළුමනින්ම පාහේ කෘෂිකාර්මික මුහුණුවරක් ගත් මෙහි පිහිටි පොකුණක ස්වරූපය ගත් මෙම පතුලක් නොමැති ළිඳ හැඳින්වෙන්නේ ‘නාවක්කන්නි’ ළිඳ යනුවෙනි.

‘නාවක්කන්නි’ යන දෙමළ වදනෙහි සිංහල අරුත ‘නාග කන්‍යාව’ යන්නය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් මෙහි ගැබ්ව තිබේ.

එමෙන්ම මිහිපිට වෙසෙන නාගයන්ට නාගලොවට යා හැකි දෝනාමාර්ගයක් හෝ පියගැට පෙළක් මෙම ළිඳ පත්ලෙහි ඇති බව කියනු ලැබේ.

මෙම නීලාවරී ළිඳ පිළිබඳව දෙ‍වන ජනප්‍රවාදය වන්නේ රාම රජු හා යුද කොට රාම කුමරුන් සීතා දේවිය රැගෙන ඉන්දියාවට යන ගමනේ දී ඇයට ඇති වූ දිය පිපාසය සන්සිඳවනු පිණිස රාමකුමරුන් තම ත්‍රිශූලයෙන් පොළවට ඇන මෙම ළිඳ කපා දිය මතු කර ගත් බවය.

එමෙන්ම බුදුරාජාණන් වහන්නේ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේට දිය පිපාසයක් දැනුණු බවත් එවිට ශක්‍රදේවේන්ද්‍රයා විසින් උන්වහන්සේට පැන් පානය කිරීමට මෙම ළිඳ නිර්මාණය කළ බවත් පැවසේ.

සාමාන්‍යයෙන් ළිඳක් යැයි ව්‍යවහාර වූවද බාහිර ස්වරූපය අනුව මෙය ළංවන්නේ පොකුණකටය. එම පොකුණට බැසීමට අඩි 20 ක පමණ පිය ගැට පෙළක් ද තනා තිබේ.

පැරණි සිතියම්ගත ලේඛනයන්හි වඩදිය බාදිය ළිඳක් (Tidel Well) ලෙස ප‍්‍රකට මෙම ළිඳ පිළිබඳව තවත් විවිධ ජනප‍්‍රවාද පවතී.

ඉතා නිල්වන් පැහැදිලි ජල වර්ණය (Astonishing aqua marine) මෙම ළිඳට අලංකාර ස්වභාවික පිහිටීමක් එක්කර ඇත. මෙම පත්ල නොමැති ළිඳ පිළිබඳව විවිධ අවස්ථාවන්හි විද්‍යාත්මක පර්යේෂණ පැවැත්විණි.

ඒ අතරින් 2013 වර්ෂයේ අගෝස්තු මස මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යාඥ කණ්ඩායමක් මගින් ගවේෂණයක් සිදුකිරීම කැපී පෙනේ. හත් දෙනෙකුගෙන් සමන්විත මුහුදු පුරාවිද්‍යාඥ කණ්ඩායමේ සාමූහික කැප කිරීම මත මෙතෙක් පැවැති ළිඳ සම්බන්ධ ගුප්ත විශ්වාසයන්ට තිත තැබිණි.

එනම් මෙම ළිඳේ පත්ල අනාවරණය කර ගැනීමයි. ඒ අනුව මෙහි උපරිම ගැඹුර මීටර් 50 ක් හෙවත් අඩි 164 ක ප‍්‍රමාණයක් වන බව නිගමනය කෙරුණි.

පතුලක් නැති ළිඳක් යනුවෙන් හැඳින්වෙන මෙම ස්ථානය පිළිබඳව භූ විෂමතා ආශි‍්‍රත සටහන් තුළින් හෙළිදරව් කෙරෙනුයේ හුණුගල් පාෂාණ සහිත ස්ථරයකින් නිර්මාණය වූ මෙම කලාපයේ මුහුදට සම්බන්ධ වන ප‍්‍රදේශයේ කබොල්ල පොළොව මට්ටමේ සිට මුහුදු මට්ටම දක්වා කැඞී යෑමෙන් හෙවත් ස්වභාවික ඛාදනයට ලක්වීමෙන් මෙම ගැඹුරු ආගාධය නිර්මාණය වී ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ (NARA) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් මහතා ප්‍රකාශ කරනුයේ මෙම ප්‍රදේශයේ පවතින හුණුගල් පාෂාණය කාලාන්තරයක් තිස්සේ සාමුද්‍රික බලපෑමට ලක්ව ඛාදනය වීම නිසා මෙම ළිදෙහි පත්ල සහ මුහුද අතර කුහර නිර්මාණය වී ජලජමය සම්බන්ධයක් ඇති බවයි.

ඒ අනුව මෙහි මතුපිට ජලය මිරිදිය ලෙසද පතුලෙහි ජලය කරදිය ලෙසද පවතිනු ඇතැයි ඔහු කීය.

එමෙන්ම මෙම ළිඳ සහ කන්කසන්තුරේ පිහිටි කීරමලෙයි පොකුණ අතර අන්තර් ජලජ සම්බන්ධතාවයක් ඇති බව යාපන වැසියන් ‍ප්‍රකාශකරන බව කී ආචාර්ය අරුලානන්දන් මහතා නීලාවරි ළිඳට දමනු ලබන දෙහි ගෙඩි, පොල් කැබලි ආදී පූජා භාණ්ඩ කිරමලේ පොකුණෙන් මතුවන පුවත එක් වරම විද්‍යතාත්මකව බැහැර කළ නොහැකි බව ද කීය.

යාපනය අර්ධද්වීපයේ කෝපායි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවක්කේනි ග‍්‍රාම නිලධාරි වසමේ මෙම පිහිටි මෙම ළිඳ ‘නීලාවරි’ පොකුණ වශයෙන් 1486/2007/02/23 ගැසට් පත්‍රය මගින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ලියාපදිංචි කොට තිබේ.මෙය මෙම ළිඳට අමතරව පුරාවිද්‍යාත්මක සාධක සහිත භුමියක් ද වෙයි.

පෘතුගීසි සමයේ යාපනයේ විසූ පිලිප් බැල්දියුස් දේවගැතිවරයාගේ දේශාටන වාර්තා අනුව මෙම ළිඳ ආසන්නයේ පැරණි බෞද්ධ විහාරයක් තිබූ බවත්, එම ස්ථානයේ සිංහල හා පෘතුගීසින් අතර සටනක් පැවැති බවත් සඳහන් කරයි.

එසේම 1917 වර්ෂයේ එවකට යාපනයේ දිසා විනිසුරුවරයාව සිටි පෝල් ඊ. පීරිස් විසින් යාපනය පිළිබඳව තබන සටහනේ ද මෙම ස්ථානය පිළිබඳව කරුණු දක්වා ඇත. ඒ අනුව ඉහත නම සඳහන් ළිඳට අමතරව බෞද්ධ නටබුන් රැසක් එහි තිබූ බව ද පවසයි.

මෙම ළිඳ සමීපයෙන් හමුවූ බුද්ධ ප‍්‍රතිමාවක් මේ වන විට යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. වර්තමානයේ වුව හුණුගලින් නිර්මිත දාගැබ් ද්විත්වයක නටබුන් ඒ අසල භූමියේ දැකිය හැකිය. එමෙන්ම මෙම ස්ථානයට යාබඳව පැරණි බෝධි වෘක්ෂයක් ද දැකිය හැකිය.

බැල්දියුස්ගේ දේශාටන වාර්තාවල සඳහන් මෙම ස්ථානයේ පිහිටියේ යැයි සඳහන් ඓතිහාසික විහාරය සිංහල රජ සමයේ ”බුද්ගමුව” නමින් හැඳින්වූ ගම්මානයට අයත්ය. කි‍්‍ර. ව. 1053 වර්ෂයේදී සොළීන් හා සටන් වැදුණු විජයබා රජු විසින් මෙම විහාරය ප‍්‍රතිසංස්කරණය කරවූ බව ඉතිහාසයේ එයි.

ඒ අනුව නාගග්‍රෝතික සහ රාම රාවනා පුරාවෘත්ත වල සිට බෞද්ධ ඵෙතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක සහිත ස්ථානයක් වශෙන් වැදගත් වන මෙම නිලාවරි ළිඳ ජාති ආගම් බේදයකින් තොරව අප කාගේත් පොදු උරුමයක් සේ සල කිය හැකිය.

උපුටා ගැනීම-http://www.lakbima.lk

දැන් කාලේ ගෑනු පිටි ගිලලා බකල් ගැහිලා මිනිහා දිහා රවාගෙන ඉන්නවා.මිනිහ ගැන සැකයි

කැකිරාව ගල්කිරියාගම ශ්‍රී සමාධි උපදේශණ මද්‍යස්ථානාධිපති ත්‍රිවිධ හමුදාවේ දේශක පාඨශාලාචාර්ය විචිත්‍ර කාලීන ධර්ම දේශක ගෞරව ශාස්ත්‍රපති කාගම සිරිනන්ද හිමියන් පවුලක් අතර තිබිය යුතු ලක්ෂණ පැහැදිලි කරන ආකාරය

තම ආදරණිය බිරිඳ හා දරුවන් සිව් දෙනා සමඟ සසුන්ගතවුන යතිවරයාණෝ

උන්වහන්සේ වැලිකන්ද, මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩවාසය කරන වලපනේ අභයරතන හිමියන්ය.

විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය මෙන්ම විහාරස්ථානයට පිවිසුම් පඩිපෙළ ඇතුළු අත්‍යවශ්‍ය කොටස් ඉදිකිරීමට තම දෑතින්ම බදාම සිමෙන්ති මිශ්‍ර කිරීම නිසා අභයරතන හිමියන්ගේ දෑතේ ඇඟිලිද තුවාල වී ඇති අයුරු අපට දක්නට ලැබිණි.

වලපනේ, නිල්දණ්ඩාහින්න ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. අබේසේකර සහ ජී.ඩබ්ලිව්. සිරියාවතී යන පින්බර යුවළට දාව උපන් දරුවන් සිවුදෙනාගෙන් තිදෙනෙක් 2004 වසරේදී පළමුව සසුන් කෙතට ඇතුළත් වූහ.

ඒ අලව්ව, වැදිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උස්සාපිටියේ පඤ්ඤාරංසි නායක හිමියන්ගේ උපදේශකත්වයෙනි.
වලපනේ ධම්මවංශ, වලපනේ අරියවිමල, වලපනේ පඤ්ඤාධීර නමින් ඔවුන් සසුන්ගත වී ඇති අතර මේ වන විට උන්වහන්සේ වයස අවුරුදු 24, 21 සහ 18 වියෙහි පසුවෙති.

අනතුරුව 2004 වසරේදී මහරගම පඤ්ඤාතිලක මහ පිරිවෙනේ අනුනායක විමලබුද්ධි නාහිමියන්ගේ අතින් වලපනේ අභයරතන, වලපනේ ධම්මචේතනා සහ වලපනේ සුබෝධි යනුවෙන් පියාත්, මවත්, බාල පුතුත් සසුන් කෙතට ඇතුළත් වූහ.

වලපනේ අභයරතන හිමියන්ගේ වයස අවුරුදු 49කි. වලපනේ ධම්මචේතනා මෙහෙණින් වහන්සේගේ වයස 44ක් වන අතර උන්නාන්සේ මේ වන විට කුරුවිට වාලුකාරාම ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ වාසය කරති. 14 වියෙහි පසුවන වලපනේ සුබෝධි හිමියෝ මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩ වාසය කරති.

“මහත්තයෝ මගේ මුළු පවුලම පැවිදි වුණා. බුදු දහම පවත්වාගෙන යෑම ඉතා වැදගත්. මම ගිහි කල හම්බ කරපු සියලු දේවල් ශාසනයට පූජා කළා. මගේ අයිතියට තිබූ නිවෙසත්, ගොඩ ඉඩමත් විකුණලා ඒ මුදල්වලින් මේ පන්සලේ අඩුපාඩු හදනවා. දැන් අවුරුදු 03ක ඉඳලා මේ පන්සලේ මම වැඩවාසය කරනවා. සිමෙන්ති බදාම අනලා මගේ අතත් තුවාල වුණා. මට මේසන් වැඩ, වඩුවැඩ හොඳට පුළුවන්. මේ පළාතේ දායකයන්ටත් තියෙන ආර්ථික ගැටලු නිසා මම හිතුවා මම ගිහි කාලේ හම්බ කරපුවා ශාසනයට පූජා කරන්න. ඒ නිසා මම දායකයන්ට කරදර නොකර බදාම, සිමෙන්ති අනලා බෝධි ප්‍රාකාරයයි, පන්සලේ අඩුපාඩු ටිකයි මමම හදනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම සේවය කරනවා.

දැන් ආරියවිමල හාමුදුරුවෝ රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. පඤ්ඤාධීර හාමුදුරුවෝත් විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නවා. මම විහාරස්ථන පහක හයක වැඩ වාසය කළා. සිංහරාජයේ වසර 04ක් වනවාසීවත් හිටියා. දැන් ඉතින් මේ දුෂ්කර පන්සල දියුණු කරගෙන වැඩ ඉන්නවා. මේ පළාතේ සමහර පන්සල්වල භික්‍ෂුන් වහන්සේට කිසි පහසුකමක් නැහැ. රජයේ අවධානය යොමු වුණොත් ලොකු පිනක්” වලපනේ අභයරතන හිමියෝ පැවැසූහ.