ආරම්භක පිතිකරණ යුගලයේ වෙනසක් සටනට ඇතුලත් කණ්ඩායම මෙන්න

නිදහස් කුසලාන තරඟාවලිය යටතේ පැවැත්වෙන පළමු තරඟය ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පැවැත්වෙන අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 7:00 ට පමණ ආරම්භ වීමට නියමිතය.

අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම ඉන්දීය කණ්ඩායමට ද එකලෙස වැදගත් වන අතර ,ඉන්දීය කණ්ඩායම තම නිත්‍ය නායකයා ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපයක් ම නැතිව ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමද කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් නොමැතිව ක්‍රීඩා කරයි .

2017 අමිහිරි පරාජයන් අමතක කර බංගලාදේශයේ දී නව වසරේ ලබාගත් ජයග්‍රහණ සමඟ නව පිබිදීමකින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රේක්ෂකයන් ඉදිරියේ කෙසේ ක්‍රීඩා කරනු ඇතිද යන්න අද සිට ඇරඹෙන තරඟාවලියෙදී දැකගත හැක.

අද ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ස්ථානය බොහෝ විට රිශාබ් පන්ට් ට හිමි විය හැකි අතර එසේ වුව හොත් දිනේෂ් කාර්තික්ට අවස්තාවක් හිමි නොවනු ඇත.

ක්‍රීඩා කල හැකි ඉන්දියා කණ්ඩායම

1.රෝහිත් ෂර්මා, 2.ෂිකර් ධවාන් 3. සුරේෂ් රයිනා 4. කේ.එල් රාහුල් 5. මනීෂ් පාණ්ඩේ, 6. රිෂාබ් පන්ට් , 7.වොෂිංටන් සුන්දර් , 8.යූස්වීන්ද්ර චහාල් 9 .ෂදූල් තකුර්, 10.අක්ෂා පටෙල් , 11 ජයදෙව් උන්දකාඩ්

ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය සමඟ ක්‍රීඩා කල අවසාන කණ්ඩායමට සුළු වෙනස් කම් සහිතව තරඟයට පිවිසිය හැකි අතර කුසල් පෙරේරා යළිත් වරක්‌ කණ්‌ඩායමට පැමිණීමත් සමඟ ආරම්භක පිතිකරු ස්‌ථානයට තුන්කොන් සටනක්‌ නිර්මාණය වී තිබේ. ඒ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්‌ සහ කුසල් පෙරේරා අතරය.

නමුත් අද තරගයේදී කුසල් යුගල ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළහොත් ධනුෂ්ක ගුණතිලකට අංක තුන දක්‌වා පල්ලම් බැසීමට සිදුවේ.සුරංග ලක්මාල් සමඟින් පන්දු යැවීම ආරම්භ කරන්නේ ඉසුරු උදානද නැතිනම් දුෂ්මන්ත චමීරද යන ප්‍රශ්නය ඇති අතර වමත් වේගපන්දු යවන්නෙකු වන ඉසුරු උදාන පිතිකරුවෙකු ලෙසද දක්ෂතා දැක්වීම ඔහුට කණ්ඩායමට එන්නට ඇති අමතර වාසියකි.

ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

1 කුසල් ජනිත් , 2.කුසල් මෙන්ඩිස් 3, උපුල් තරංග , 4 දසුන් ශානක , 5 දිනේෂ් චන්දිමාල්(නායක) , 6 ධනුෂ්ක ගුණතිලක , 7 තිසර පෙරේරා , 8 ජීවන් මෙන්ඩිස්, 9 අකිල ධනංජය 10. ඉසුරු උදාන , 11 සුරංග ලක්මාල්

ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ තණතිල්ල තරමක මන්දගාමී තණතිල්ලක් වන අතර වේගවත් අවට කලාපය සමඟ අද දිනයේ හොඳ තරඟයක් පැවැත්වෙනු ඇතයි අපට විශ්වාස කල හැක.

තරඟ කාල සටහන

මාර්තු 6: ශ්‍රී ලංකා vs ඉන්දියා

මාර්තු 8: බංගලාදේශය VS ඉන්දියා

මාර්තු 10: ශ්‍රී ලංකා VS බංගලාදේශය

මාර්තු 12: ඉන්දියා VS ශ්‍රී ලංකා

මාර්තු 14: ඉන්දියා VS බංගලාදේශය

මාර්තු 16: බංගලාදේශයVS ශ්‍රී ලංකා

මාර්තු 18: අවසන් තරඟය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *