ශී‍්‍ර ලංකා ක්‍රිකට් ආයතනයෙන් අසංක ගුරුසිංහ මහතාට නව තනතුරක්

ශී‍්‍ර ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව මේ දිනවල විවිධාකාර පුවත් වාර්තා වෙමින් තිබෙනවා. ඒ අතර, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ මහතා කි‍්‍රකට් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත් කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අසංක ගුරුසිංහ මහතා මේ මස 15 වනදා සිට එම ධුරයේ කටයුතු කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ.

සයිමන් විල්ස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්‍ෂතා කළමණාකරු තනතුර සඳහාද අසංක ගුරුසිංහ මහතා පසුගියදා පත් කෙරුණා. අසංක ගුරුසිංහ මහතා මේ වනවිට තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *